ඔහු ක්වීන්ටින් ටැරන්ටිනෝ නම් විය

කේ. සංජීව
සුමුදු අතුකෝරල

ඔහුගේ නම ක්වින්ටීන් ටැර න්ටිනෝ. ඉප දුණේ 1963 මාර්තු 27 ඇමරිකාවේ ටෙනිසිවල නොක්ස්වීල් කියන ගමේ. අද ඔහු වයසට ගිය හැඩකාර තරුණයෙක්. ජීවිතය සහ සිනමාව වෙන් කරන්න බැරි තරමට එකට ළං කර ගත්ත සිනමාකරුවෙක්. ටැරන් ටිනෝගේ් නික් නේම් එක තමයි කිව් ටී. කිව් ටීගේ ජීවිතය සමානයි සිනමාවට. එහෙම තමයි කියන්න වෙන්නේ. ටැරන්ටිනෝගේ අම්මා නර්ස් කෙනෙක්. තාත්තා ඇක්ටර් කෙනෙක්. අම්මා සහ තාත්තා අතර බැඳීම එතරම් හොඳ නැහැ. මේ නිසාම පුංචි ටැරන්ටිනෝ අවුරුදු හතරෙදි කැලිෆෝර්නියාවලට යනවා අම්මත් එක්ක. ටැරන්ටිනෝ අවුරුදු 15දි පාසලට සමුදෙනවා. පස්සේ ජේම්ස් බේස්ට් තියර්ටර් කම්පැණි එකේ රංගන පාසලකට ඇතුළු වෙනවා. ටැරන්ටිනෝ මුලින්ම හිතාගෙන ඉඳලා තියෙන්නේ හොඳ නවකතා රචකයෙක් වෙන්න. අම්මත් එක්ක ඉන්න මේ කාලේ ටැරන්ටිනෝ ෆිල්ම්වලට එක්කරගෙන ගිහින් තියෙන්නේ අම්මාගේ බෝයි ෆ්‍රෙන්ඞ්.

පළමු රැකියාව

රංගන පාසලේ අවුරුදු දෙකක් ඉඳලා ටැරන්ටිනෝ රැුකියාවකට යනවා. මුලින්ම වැඩ කරන්නේ වීඩියෝ කුලියට දෙන ආයතනයක මෑන්හැටන්වල. එතන සිනමාපට විශාල සංඛ්‍යාවක් සංසරණය වෙන තැනක්. ටැරන්ටිනෝ චිත‍්‍රපටි බලනවා. ඒ විතරක් නෙවෙයි වැඩිපුර මිනිස්සු බලන්න කැමති මොන වර්ගයේ චිත‍්‍රපටිද කියලා අධ්‍යයනයක් කරනවා. ටැරන්ටිනෝට රංගන පාසලට වඩා මේ රැුකියාව බලපාන්න ඇති. පස්සේ කාලෙක ඔහු කියනවා මම ෆිල්ම් ස්කූල් එකකට ගියේ නැහැ. මම ගියේ ෆිල්ම්වලට කියලා.

පල්ප් ෆික්ෂන්(Pulp Fiction)

ටැරන්ටිනෝ 1992 පළමු චිත‍්‍රපටිය හදනවා. ඒකේ නම රිසවර් ඩෝග්ස් (Reseroir dogs) මේ චිත‍්‍රපටිය ගැන ගොඩක් අය කතා කරනවා. හොලිවුඩය ටැරන්ටිනෝව අඳුරා ගන්නේ මේ චිත‍්‍රපටියෙන්. සන්ඩාන්ස් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ සම්මානයට රිසවර් ඩෝග්ස් නොමිනේට් වෙනවා. ටැරන්ටිනෝ සිනමා ලෝකය අඳුර ගන්නේ පල්ප් ෆික්සන් කියන චිත‍්‍රපටියෙන්. පල්ප් ෆික්සන් සිනමා කෘතිය කාන් සිනමා උළෙල දිනනවා. ටැරන්ටිනෝ එක රැුයකින් සිනමා ලෝකයේ වීරයා වෙනවා. පල්ප් ෆික්සන් කියන්නේ සිනමාවේ හැරවුම් ලක්ෂයක් කියුවොත් ඒක නිවැරදියි. පල්ප් ෆික්සන් හරහා ටැරන්ටිනෝ ඔහුගේ සිනමාව සොයා ගන්නවා. මිනීමරනවා කියන්නේ මනුෂ්‍ය ආසාවකට. මේ මනුෂ්‍ය ආසාව ලස්සනටම සිනමාවට ගෙනාවේ හිච්කොක් කියන සිනමාකරුවා. ටැරන්ටිනෝ මේක තව තවත් වර්ධනය කරනවා. හිච්කොක්ගේ චිත‍්‍රපටියක් බැලූවහම කෙනකුට මිනිහෙක් මරන්න ආසාවක් ඇතිවෙන්න පුළුවන්. ඒත් ටැරන්ටිනෝගේ සිනමා භාවිතාව ඇතුළේ මිනීමරන එක මොන විකාරයක්ද කියලා හිතෙනව. සමහර වෙලාවට මිනීමරන එක ගැන අපිට හිනා යනවා. ටැරන්ටිනෝ එයාගේ චිත‍්‍රපටි ඇතුළෙ මත්ද්‍රව්‍ය, මිනීමැරීම, හොරකම වගේ දේවල්වලට හිනා වෙනවද කියලත් අපිට හිතෙනවා. ටැරන්ටිනෝ ගොඩනගන සමහර චරිත මත්ද්‍රව්‍ය ගත්තහම හැසිරෙන අයුරුව හරිම නාට්‍යකාරයි. ඒ අංග චලන රිද්මයන්වලට අපිට හිනා යනවා. බලන්න පල්ප් ෆික්ෂන් චිත‍්‍රපටියේ නැටුම් තරගයට යන උමා තුර්මන් නටන අයුරුව. ඒ චලනයන් සිනහවක් ඇති කරනවා. තරුණ සිනමාකරුවෙක්ගේ චිත‍්‍රපටියක් කාන් දිනනවා කියන්නේ ලොකු වැඩක්. සමහර අධ්‍යක්ෂවරු කාන් දිනුවහම වඩා පරිස්සම් වෙනවා. හික්මෙනවා. ඒ ලබාගත්ත ප‍්‍රසිද්ධිය කිළිටි නොකරගෙන තවත් පවත්වා ගන්න මහන්සි වෙනවා. ඒත් ටැරන්ටිනෝ ඊට වඩා වෙනස්. ටැරන්ටිනෝ පල්ප් ෆික්ෂන්වලට පස්සේ කරන්නේ කිල් බිල් කියන කොටස් දෙකක චිත‍්‍රපටිය. මේක ක‍්‍රියාදාම චිත‍්‍රපටියක්. හැබැයි මේ ක‍්‍රියාදාම සිනමාව ඇතුළට ඔහු ලස්සනට ෆිල්ම් ආර්ට් කියන එක එන්නත් කරනවා. අපිට සමහර වෙලාවට හිතෙනවා ටැරන්ටිනෝගේ ෆිල්ම් ස්ටයිල් එක ඒකද කියලා.

ඉන්ග්ලෝරියස් බාලාස්ට‍්‍රඞ්

ටැරන්ටිනෝ කරපු චිත‍්‍රපටි අතරින් වඩාත්ම දේශපාලනික චිත‍්‍රපටිය මේක කියලා කියන්න පුළුවන්. හිට්ලර් ගැන යුරෝපයේ ඇමරිකාවේ ඕනිතරම් චිත‍්‍රපටි කරලා තියෙනවා. හැබැයි ඉන්ග්ලෝරියස් බාලාස්ට‍්‍රඞ් හරහා ටැරන්ටිනෝ බරපතළ විවේචනයක් ගේනවා. පළිගැනීම කියන මිනිස් ආසාව ටැරන්ටිනෝගේ චිත‍්‍රපටිවල ලොකු වැඩ කොටසක් කරනවා. ඉන්ග්ලෝරියස් බාලාස්ට‍්‍රඞ් චිත‍්‍රපටියේ තියෙන්නෙත් පළිගැනීම. හිිට්ලර්ට විරුද්ධව පුංචි කණ්ඩායමක් වැඩකරන්නේ කොහොමද කියන එක. හිට්ලර්ට මග හැරුණු පුංචි කෙල්ලක් ලොකු වෙලා. හිට්ලර්ව විනාශ කරන්නේ කොහොමද කියන එක. මේ චිත‍්‍රපටිය ඇතුළේ තමන් වර්ධනය කරගෙන ආපු සිනමා භාවිතාව ටැරන්ටිනෝ ටිකක් මෘදු සුමුදු කරනවා. සිනමා සෞන්දර්යය වැඩි කරනවා. ටැරන්ටිනෝ ඉන්ග්ලෝරියස් බාලාස්ට‍්‍රඞ්වලට පස්සේ කරන්නේ ජැන්ගෝ කියන චිත‍්‍රපටිය. මේක වර්ණ භේදවාදය ගැන කතා කරන චිත‍්‍රපටියක්. වහලෙක් වුණු කළු ජාතිකයෙක් සුදු ජාතිකයන් තුළින් නිදහස් වෙන්නේ කොහොමද කිය එක තමයි කතාව. මේ කතාව ටැරන්ටිනෝ ගොපළු චිත‍්‍රපටි ආකෘතිය ඇතුළෙ තමයි නිර්මාණය කරන්නේ. ටැරන්ටිනෝගේ චිත‍්‍රපටි අතරින් වඩාත්ම පේ‍්‍රක්ෂක විචාරක ආකර්ෂණය දිනාගත්ත චිත‍්‍රපටියත් මේකම තමයි.

කාන්තාව

ටැරන්ටිනෝගේ චිත‍්‍රපටි තුළින් අපි අතරට එන කාන්තාව හරිම ප‍්‍රබලයි. දැන් ඔහු නිර්මාණය කළ ඩෙත් පවර්පූරූෆ් කියන චිත‍්‍රපටිය ස්ත‍්‍රීවාදී ලක්ෂණ තියෙන චිත‍්‍රපටියක්. මේක 2005දී හොඳම චිත‍්‍රපටියට කාන් සිනමා උළෙලේ නිර්දේශ වෙනවා. පල්ප් ෆික්ෂන් චිත‍්‍රපටියේ උමා තුර්මන් රඟන චරිතය හරිම නිදහස්කාමී ප‍්‍රබල ස්ත‍්‍රී චරිතයක්. මේ චරිතය පාතාල මැරයන් වැනි ප‍්‍රබල පිරිමි චරිත අතරින් මතුවෙලා පෙනෙන ආකාරය හරිම සුවිශේෂයි. ඩෙත් පෲරූෆ් චිත‍්‍රපටියේ මැරයා පළමු ගැහැනු ළමුන් පිරිස මැරුවට පස්සේ අපිට හිතෙනවා දෙවැනි ගැහැනු ළමුන් කණ්ඩායමත් මරාවිය කියලා. ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඔවුන් හැරී ශක්තිමත්ව මැරයාට පහරදීලා ඔහු විනාශ කරනවා.

සිනමාව සහ සංගීතය

ටැරන්ටිනෝගේ සිනමාවේ සංගීතය හරිම ප‍්‍රබලයි. සිනමා කෘතියක් සඳහා අදහස සිතට ආපු වෙලාවට ඒ ගැන සංගීතය සමගින් කල්පනා කරනවා කියලා තමයි ඔහු කියන්නේ. තිර රචනය ලියන්නත් කලින්ම ඔහු සංගීතය නිර්මාණය කරනවා. ඒ සංගීතය මත තමයි ඔහු තිර රචනයේ වැඩ පටන් ගන්නේ. මේ නිසාම වෙන්න ඇති ටැරන්ටිනෝගේ සිනමාවේ සංගීතය සිනමාවෙන් ගලවලා ගන්න බැරි. කිල් බිල් චිත‍්‍රපටිය ගත්තොත් ඒක සමුරායිවරුන්ගේ සටන් කලාව ආශ‍්‍රිත චිත‍්‍රපටියක්. මේ චිත‍්‍රපටය පුරාවටම අපිට ඇහෙන සංගීතය ජපානයට ළඟයි. පොප්, ජෑස්. රොක් වගේ සංගීත ශානරයන් ටැරන්ටිනෝ ලස්සනට චිත‍්‍රපටිවලට පාවිච්චි කරනවා.

සිනමාව සහ ජීවිතය

මුලින්ම කිව්වා වගේ ටැරන්ටිනෝගේ ජීවිතය සහ සිනමාව වෙන් කරන්න බැහැ. අවුරුදු 60න් පස්සේ සිනමාවෙන් සමුගන්න බලාගෙන ඉන්න මේ සිනමාකරුවා ඊට පස්සේ චිත‍්‍රපටි හෝල් එකක තමන් කැමතිම චිත‍්‍රපටි පෙන්වමින් ජීවිතය ගෙවා දමන්න සැලසුම් කරලා. සිනමාව කියන්නේ සීනේ. ඩිජිටල් නෙවෙයි ඔහු කියනවා. හැම දෙයක්ම ඩිජිටල් වුණු දවසට අවුරුදු 60ක් නොවුණත් ටැරන්ටිනෝ සිනමාවෙන් සමුගන්නවා. කවදාවත් ඩිජිටල් ෆිල්ම් කරන්නේ නැහැ. ඔහු කියනවා. කසාදයක් බඳින්න ළමයි හදන්න වුණත් අවුරුදු 60 වෙනකම් අවස්ථාව තියෙනවා. එහෙත් මුළු ජීවිතයම චිත‍්‍රපටි වෙනු වෙන්ම ගෙවා දමන්න ඔහු කැමතියි. කවදාහරි දවසක මිනිස්සු දැට් මෑන් ඕල්ඞ් ෆිල්ම් ගයි කියලා කියනවා අහන්න තමයි ඔහු කැමති. ඒ මොකද ඔහුගේ ජීවිතය සමානයි ඔහුගේ සිනමාවට. සැලසුමට අනුව ඔහු දැනටමත් සිනමා ශාලාවක් සල්ලිවලට අරගෙන.

තරු ලකුණ

හොලිවුඞ්වල තරු ලක්ෂණය තියෙන අධ්‍යක්ෂවරු හිටියා. ඇල්ෆ‍්‍රඞ් හිච්කොක්. ඬේවිඞ් ලින්ඞ් වගේ. දැනට ඉන්න අයගෙන් ටැරන්ටිනෝ තරු අධ්‍යක්ෂවරයෙක්. ඔහු බොහොම කැමැත්තෙන් සහ අරමුණක් ඇතුව මේ තරු ලක්ෂණය ගොඩනගා ගන්නවා. ඒ වගේම ඒක පවත්වාගෙන යන්න මහන්සි වෙනවා. හැමවෙලාවෙම වගේ කේන්තියෙන් ඉන්න ස්වභාවයක් තියෙනවා. රූපවාහිනී සාකච්ඡුාවකදී වුණත් දෙපාරක් නොසිතාම හරිම ආන්දෝලනාත්මක දේවල් කියනවා. මෙවැනි චර්යා තරු ලක්ෂණය ගොඩනගා ගැනීම සඳහාම ඔහු පාවිචචි කරන දේවල්ද කියලත් හිතෙනවා. අනෙක තමයි තාරුණ්‍යය. ඔහු හැමදාම තරුණයි. පල්ප් ෆික්ෂන් චිත‍්‍රපටියට කාන් සම්මානය ලැබිලා. අවුරුදු 20 සමරන්න ඔහු කාන් එනවා. තරුණයෙක් වගේ තමයි රතු පලස මත හැසිරෙන්නේ. ටැරන්ටිනෝ හැමදාම තරුණයි. මේ හින්ද වෙන්න ඇති ඔහු නිර්මාණය කරන චිත‍්‍රපටිත් හරිම නැවුම්, අලූත්.

රාගයෙන් තොර පේ‍්‍රමයක්

ටැරන්ටිනෝටත් හොලිවුඞ්වල අනෙක් අධ්‍යක්ෂවරුන්ට වගේම පේ‍්‍රම සම්බන්ධතා ගොඩාක් තිබිලා තියෙනවා. ඒ අතරින් සොපියා කපෝලා, මරියා සර්විනෝ, ඇලිසන් ඇන්ඩ‍්‍රස්, ජුලියා ඩ‍්‍රරයිෆවුස් සුවිශේෂයි. හැබැයි මේ හැමෝමත් සමග ගොඩනැගුණු කතාබහට වඩා වෙනස් කතාබහක් තමයි ප‍්‍රසිද්ධ නිළි උමා තුර්මන් එක්ක ඔහුට තිබුණේ. ටැරන්ටිනෝගේ හැම චිත‍්‍රපටියකම වගේ උමා රඟපෑවා. මම උමාට ආදරෙයි. ඒ බැඳීම වෙනස්. අපි අතර රාගයෙන් තොර බැඳීමක් තමයි තියෙන්නේ. උමා ගැන අහන වෙලාවට ටැරන්ටිනෝට තියෙන්නේ එවැනි උත්තරයක්. ටැරන්ටිනෝ හැමදාමත් තරුණයි. ඔහුගේ සිනමාවත් හරිම තරුණයි. ඔහුගේ ජීවිතය සහ සිනමාව වෙන් කරන්න බැහැ. ඒ නිසාම ටැරන්ටිනෝ සිනමා මිනිසෙක්. මේ නිසාම ඉන්දියාව වගේ රටවල තරුණ සිනමාකරුවෝ ඔහුගෙන් උත්තේජනය වෙලා. අනුරාග් කාෂ්‍යප් ඒ වගේ අධ්‍යක්ෂවරයෙක්. ටැරන්ටිනෝ වයස 60දී සිනමාවෙන් සමුගත්තත් ඔහු සිනමා ලෝකයේ හැමදාම හිඳීවි.