සැළෙන නළියන ගඟුල මත පතල් ජීවිත

මම දැන් ඉන්නේ හංගමුව ග`ග අසල. මගේ හිත අතීත කාමයක පැටළිලා. අප මෙතනින් තමයි ග`ගට පැන්නේ. ආයි ගොඩ ආවේ. ග`ග මැද කුණ්ඩලියක් තිබුණා. එයාගේ ඇ`ග උඩ ලස්සන කුඹුක් ගහක් තිබුණා. අද කුණ්ඩලියත් නැහැ කුඹුක් ගසත් නැහැ. ග`ගට කේන්ති ගිහිල්ලා. දෙන්නම මුහුදට අරගෙන ගිහිල්ලා. ග`ග දිගටම තිබුණු කුඹුක්, බට පඳුරු කෙකටිය ග`ග පහළට අරගෙන ගිහිල්ලා. අපි පුංචි කාලේ කුඹුරු උදළු තලවලට දිග මිටි ගහගෙන ග`ග ඇද්දා. ග`ග මැද පලංචියක් ගහගෙන දිය යට කිමිදිලා ගෙදර තිබුණ ඇලූමීනියම් නෑඹිලියට කළුපාට වැලි උඩට ගෙනාවා. මැණික් වට්ටියේ දාලා ගැරුවා. ඔට්ටු, ගෙව්ඩ, පැන්සි, රතු, නිල් දළන් කෑළි වගේ මැණික් එකතුකරලා සීයට දෙසීයට මැණික් මුදලාලිලාට විකුණලා ඉස්කෝලේ ගිහින් හොඳ හැටි විනෝද වුණා. ?ට රත්නපුරට බයිසිකල් පැදලා ඉම්පීරියල් එකේ ෆිල්ම් බැලූවා. ඒ පුංචි කාලේ අපි පුංචියට කළ ගෙ`ග් පතල් .. රත්නපුරේ මිනිස්සු මැණික් කර්මාන්තය නිසා පොළොව යට වගේම ගංගා පතුලත් ජය අරගෙන. මට හිතුණා ගංගා පතුළ ජය ගත්ත ඒ කතාව ඔබත් එක්ක බෙදා ගන්න. මේ පතල් ක‍්‍රමයට කියන්නේ ගෙ`ග් පතල් නැත්නම් ඇදුම් පතල්. නැත්නම් අදින පතල් කියලා. ඇයි මේ අදින පතල් කියලා කියන්නේ. උදළුතලවලින් ගංගාව හාරලා පතුලේ තියෙන මැණික් ඉල්ලම උදළුතලවලින්ම ගංගාවේ මතුපිටට අදින නිසා. මේක රත්නපුරටම සුවිශේෂ වුණ පතල් සම්ප‍්‍රදායක්. ගොඩබිමට වඩා පිරිසිදු මැණික් තියෙන්නේ ගංගාවල කියලා රත්නපුරේ මිනිස්සු විශ්වාස කරනවා. ඒ නිසා ඔවුන් කාලයක් තිස්සේ රුදුරු ජල පාරත් එක්ක සටන් කරලා සොයා ගත්ත ක‍්‍රමයක් මේක.

ඇදුම් පතල

ඇදුම් පතලකට ඕන උපකරණ මොනවද? මම පේ‍්‍රමරත්න මාමාගෙන් ඇසුවා. පේ‍්‍රමරත්න මාමා දැනුට අවුරුදු 20ක ඉඳලා මේ රස්සාව තමයි කරන්නේ.
අපි මේකට ගන්නවා උදළු තල. කුඹුරු උදළු තලයට වඩා දිගයි පළලයි දෙකම වැඩියි. බරත් වැඩියි. පිරිසිදු වානේ. ඒකට හොඳට හැඩ තියෙලා දිග මිටක් ගහනවා. උදළු තලයට මිට ගහනකොට අපි උණ ලීයේ ගැටවලින් තමයි හැඩයත් මිට උදළු තලයෙන් ගැල නොවෙන්න සවි ශක්තියත් ගන්නේ. මේ උදළු මිටට අපි ගැට තියෙන ලී ජාති ගන්නේ නැහැ. ගොඩක්ම කැළෑ කෝටු හොර ලී වගේ දේවල් තමයි ගන්නේ. මාමා කතාව කියාගෙන යනවා. ඇත්තටම ග`ග හාරන්න ගන්න මේ උදළු තලය පාරම්පරික කුඹුරු උදැල්ලට වඩා ටිකක් පළලයි. අඩියක් නැත්නම් එක හමාරක් විතර ඇති. උස අඩි භාගයක් විතර වෙනවා. උදළු තලය ටිකක් වක‍්‍රකාරයි. මුලින්ම උදළු තලයට ගහන මිට එච්චර උස නැහැ. අඩි පහක් විතර. හැබැයි මේ උදළු මිටේ කෙළවර පුරුකක් කපනවා. ඒ තවත් මිටි කෑල්ලක් පුරුද්දන්න අඩි 50ක් විතර ගැඹුරට වළ හැරෙනකොට උදළු මිටත් අඩි 60ක් 65ක් විතර දිගු වෙනවා. උදළු මිටට පුරුක්ලන මේ කෑලිවලට කියන්නේ හන්දි කියලා. කෙළවරේම හන්දියට කියනවා අග්ගිස් කෝට්ට කියලා. අග්ගිස්සට යන්න යන්න පුරුක්ලන හන්දිවල මහත අඩුවෙනවා. හීනි වෙනවා. මේ හැම ලී කැබැල්ලක්ම අතට පහසුවෙන්න හොඳට පෙරන් ගාලා සුමුදු කරගන්නවා. මේ විදිහට හන්දි ගැටගහන්න ගන්නේ රබර් ටියුබ් කපලා ගන්න පටි.

උදැල්ල ගගට දැමීම

උදැල්ල ග`ගට දාන එකත් හරි අමාරුයි. හැමෝටම කරන්න බැහැ. හොඳට පුරුදු වෙන්න ඕන. උදළු තලය දිය මතුපිට පාකරලා ලිස්සවලා ඉහළට තල්ලූ කරලා තමයි වළ පතුලට යවන්නේ. පේ‍්‍රමරත්න මාමා ආයෙත් කතා කරනවා. ග`ග අදින්න පටන් ගන්න කොට ඒ අදින තැන ගැඹුර වැඩිනම් පලංචියක් ග`ග මැද හිටවලා එක් උඩ ඉඳලා තමයි අදින්නේ. එහෙම අදිනකොට ග`ග මතුපිටට එන වැල්ලෙන් අර පලංචියට යට කොටස උඩට පිරිලා මතුවෙනවා. එතකොට ඒකට කියනවා හිටි අඩිය කියලා. ඊට පස්සේ පලංචිය ගලවලා හිටිඅඩිය උඩ ඉඳලා තමයි අදින්නේ. මෙහෙම ග`ග දවස් දෙකක් අදිනකොට වැලි දිගට පිරෙනවා. මේ පිරෙන වැලි දල්ල ග`ග පහළට කඩාගෙන යන එක වළක්වන්න පොඩි වැටියක් ගහනවා. ඒකට කියන්නේ පාවැටිය කියලා. කැලෑ කෝටු කපාගෙන ඇවිල්ලා ඒවා හොඳට උල්කරලා ගං පතුළට සවිකරනවා. කුළු ගෙඩියකින් ගහලා තමයි මේක කරන්නේ. පස්සේ පොල් කොළ පුවක් කොළ දාලා වැලි දල්ල නතර කර ගන්නවා. ගෙ`ග් පතල් කරනකොට තව හිස් වැටිය කියලා පතළට උඩිනුත් අර විදියටම වැටියක් ගහනවා. ඒ වළට වැලි පිරෙන එක නතර කරන්න. ගෙ`ග් මේ විදියට ඇදුම් පතල් කරනකොට වළෙන් මතුපිටට අදින උදැල්ල හැම ඇදුම් වාරයකටම පස්සේ සෝදන්න ඕන. ඒකට සැඩපහර ටිකක් සැරට තියෙන්න ඕන. ග`ග අදිනකොට හිටි අඩියේ වතුර පහර සැර නැත්නම් වතුර වැටිය කියලා එකක් ගහලා හිටි අඩියට වතුර පාර හරවා ගන්නත් මෙයාල හරිම දක්ෂයි.

මේ විදියට ගෙ`ග් පතල් වළක් ආරම්භ කරලා ටික දවසක් ගියාට පස්සේ ගෙ`ග් පතළ මතුපිට පලංචියක් ගහනවා. වී අතුරේ හැඩයට ශක්තිමත් ලී කැබලි හතරක් ග`ග පතුළ විනිවිද යන විදියට සවිකරලා ඒක උඩින් හරස් අතට පුවක් කඳක් දාලා හරියටම ඒක මැදින් දිග අතට හිස් කඳ කියලා ලොකු කඳක් දාලා. මේ කඳට ගොඩක් වෙලාවට ගන්නේ කොට්ටම්බා, ගැ`ඩුඹ වගේ දියමත පාවෙන ලී වර්ගයක්. මේ හිස් කඳදිගේ කෙනකුට පහසුවෙන් ඉහළ පහළ යන්න පුළුවන්. වළ පෑදුණාට පස්සේ කවුරුහරි වළට බහිනවා නම් මේ හිස් කඳ දිගේ ගිහිල්ලා තමයි බහින්නේ. මේ හිස් කඳයි මැණික් ඉල්ලමයි දෙකම යාවෙන්න ලොකු කඳක් හිටවනවා. මේකට කියන්නේ මාලා ඉන්න කියලා. ග`ග පතුලේ තියෙන ඉල්ලම් කඩන්න. උදැල්ලක් පැටලූණාම බේරෙන්න මේ මොකට වළට බැස්සත් මේ මාලා ඉන්න අල්ලගෙන තමයි කිමිදෙන්නේ.

මේ විදියට හෑරෙන ගෙ`ග් පතලයක් සමහර වෙලාවලට අඩි 60-70 ගැඹුර වෙනවා. එතකොට උදළු මිටිවල දිගත් වැඩිවෙන නිසා උදළු මිටි රඳවාගෙන තියාගන්න හිටි අඩිය තියන සීමාවේ පහළින් තවත් පලංචියක් ගහනවා. මේකට කියන්නේ උදළු පලංචිය කියලා.

සූරය

මොකක්ද මේ සූරය. අපි කරේ බඳින සුරය වගේ ලොකු බර එකක්. හදන්නේ වාහන ඇක්සලවලින්. ගෙ`ග් ඇදුම් පතල් කරනකොට දිය යට ලොකු කුඩා ගල් කැට තියෙනවානේ. ගල් ගලවන්න පාවිච්චි කරන්නේ මේ සුරය. ගොඩබිම වැඩවලදී අලවංගුව කරන වැඬේම තමයි සුරය දිය යටදී කරන්නේ. මේ සුරය ඇක්සලයක් කම්මලකට දීලා හදා ගත්තට පස්සේ ඒකට බර කඳක් සවිකරනවා. වළේ ගැඹුරත් එක්ක මේ කඳේ උස වැඩිවෙනවා. සුරයකින් වැඩකරන එක හරිම අමාරුයි. පලංචිය මත තියෙන හිස් කඳේ බැලන්ස් එකට හිටගෙන මෙවැනි සුරයකින් නොපෙනෙන ගැඹුරක තියෙන ගලක් ගලවන එක ගැන ටිකක් සිතන්න. හැබැයි රත්නපුරේ ගෙ`ග් පතල් රස්සාව කරන කම්කරුවාට ඒක කජු කනවා වගේ වැඩක්. ඔවුන් දිය යට නොපෙනෙන මැණික පසුපස යනවා. ඒ හැම තැනකම ජීවිතය දුෂ්කරයි. සමහර වෙලාවට බියකරුයි.

පත්ත

පත්ත කියන්නෙත් සුරය වගේම ආයුධයකට. හදන්නේ වාහන දුණු කොළයෙන්. දොදොල් හැඳිගාන පත්තට සමානයි. දියයට ගැඹුරට පැනල හාරගෙන යනකොට සමහර ගංගා පතුල්වල මැටි තට්ටු වශයෙන් තියෙනවා. ඒවා හරිම තදයි. මේ මැටි තට්ටු කඩන්න තමයි පත්ත පාවිච්චි කරන්නේ. ඒකටත් සුරයට වගේම ලොකු ලීයක් ගහනවා. ගෙ`ග් පතල්වලදී සමහර ඉසව්වලදී හමුවෙන මේ විදිහේ මැටි තට්ටු බිඳින්න දවස දෙක වැඩ කළත් මදි කියලා කියනවා. ඒක ඒ තරම්ම අමාරුයි.

ජපන් ගැසීම

මේ විදිහට ග`ග ඇදලා වළ පතුලේ ඉල්ලම් නැත්නම් මැණික් පස් තට්ටුව මතුකර ගත්තට පස්සේ සමහර අය නම් ඒ මැණික් ඉල්ලමත් හිටි අඩියටම ඇදලා දානවා. මේකට කියන්නේ හිටි අඩියට කපනවා කියලා. සමහරුන් නම් එහෙම කරන්නේ නැහැ. ජපන් ගහනවා. මොකක්ද මේ ජපන් ගහනවා කියන්නේ. තරුණ පතල් කම්කරුවෙක් වන පියල් සංජීවගෙන් මම ඇසුවා.
මැණික් ඉල්ලම ගෙ`ග් වළ පතුලේ මතු වුණාට පස්සේ දියයට කිමිදිලා ඒ මැණික් ඉල්ලම බාල්දියට පුරවගෙන අරගෙන එනවා. මේකට තමයි ජපන් ගහනවා කියලා කියන්නේ. ඔක්සිජන් මොකුත් නැතුව හුස්ම හිරකරගෙන දියයට ගිහින් බාල්දිය පුරවගෙන ගොඩට එන්න ඕන. පලංචියේ හිස් කඳ උඩ මේ බාල්දිය ගන්න එක්කෙනෙක් ඉන්නවා. මේ විදියට ඔක්සිජන් නැතුව අඩි 18-20ක් විතර කිමිදෙන්න පුළුවන්.
ඇදුම් පතල්වල මුල් කාලේ තමයි මේ විදියට ජපන් ගැහැව්වේ. තවමත් නොගැඹුරු පතල් වළවල්වල මේ ක‍්‍රමය භාවිත කරනවා. දැන් කිමිදුම් කට්ටල ඔක්සිජන් සිලින්ඩර වගේ දේවල් මේ පතල් කර්මාන්තයට ඇවිල්ලා.

ඔව් ඔක්සිජන් තියෙනවා නම් අපි අඩි 50 – 60 ගැඹුරු තැන්වලත් කිමිදෙනවා. දැන් ඔක්සිජන් තියෙන නිසා කිමිදුම් ඇඳුම් තියෙන නිසා අපි දියයට ගියාට පස්සේ වරුවක් විතර එක දිගට යට ඉන්නවා. බාල්දියට ඉල්ලම පුරවලා සන් කළාම ගොඩට අදිනවා. මුහුදේ කිමිදෙන්න නම් ලයිසන් එකක් ගන්න ඕන. කිමිදීම කියන්නේ විද්‍යාවක්. ඒක ඉගෙන ගන්නත් ඕන. රත්නපුරේ මේ පතල් කම්කරුවෝ අත්දැකීමෙන්ම ඒ හැමදෙයක්ම ඉගෙනගෙන.

ගැඹුරු වළවල්වල අඩියට එකපාරට කිමිදෙන්න බැහැ. එක පාරට ගොඩ එන්නන් බැහැ. එහෙම කළොත් කණ් අඩි පුපුරනවා. නහයෙන් ලේ එනවා. ලොකු ගැඹුරු වළවල්වල කට්ට තුනකට තමයි වගුර තියෙන්නේ. පීඩනය එන්න එන්නම පහළට යනකොට වැඩියි. කණ පුපුරන්න වගේ ආවහම අපි මග නතර වෙලා හොඳ හුස්මක් අරගෙන නාසයයි කටයි දෙකම තදින් වහගන්නවා. එතකොට කණ් දෙකෙන් පීඩනය පිට වෙනවා. ඊට පස්සේ ආයෙත් යනවා. ආයේ නතර වෙනවා. අඩියට ගියාම ඉතින් පැය 5 -6 ක් පොළව උඩ වගේම වැඩකරනවා. පියල් ආයෙත් කතා කරනවා. දියයට පතල් කෙරුවාව හරිම අමාරුයි. ඒත් වටින මැණිකක් ගොඩට ගෙනාවහම ඒ අමාරුකම් කොහේ යනවද දන්නේ නැහැ.

ගල් පෙරළීම

ඇදුම් පතල් කරගෙන යනකොට ග`ග පතුලේ තියෙන ලොකු ගල් පතල් කම්කරුවාට බාදාගෙන එනවා. ලොකු කඳන් වුණත් ගංගා පතුලේ තිබිලා බාධකයක් වෙන්න පුළුවන්. එහෙම තැන්වල උදළු තල පැටලෙනවා.

ලොකු ගලක් හමුවුණාම මොකක්ද ඉතින් කරන්නේ බෝරයක් ගහනවා. ගෙ`ග් යට තියෙන ගලේ ඉඳලා දිය මතුපිටට උස බෝර කට්ටක් ගෙනල්ලා ගල සිදුරු කරනවා. සමහර පතල්වලදී අපි අඩි 50 උස බෝරකටු පාවිච්චි කරලා තියෙනවා. දියයට වෙඩි බෙහෙත් දාන්න බැහැනේ. සේව නූල දිගට තියෙලා ඩයින එකක් පත්තුකරගෙන කිමිදිලා බෝර වළ ඇතුළට ඩයින එක දාලා ටක් ගාලා ගොඩට එනවා. එහෙමයි ගල් කඩන්නේ. පස්සේ බොලොක්කෙන් නැත්නම් ජැක් එකෙන් ගල අදිනවා. මේක හරිම අවදානම්. ඒත් ඔවුන් ඒක කරනවා. ඒක තමයි පතල් ජීවිතය. ගෙ`ග් පතල්වල දියයට හොඳට කිමිදිලා වැඩ කරන්න පුළුවන් කෙනා තමයි බාස් වෙන්නේ. සමහර පතල්වලදී ගල් කොටන් වගේ දේවල් හම්බ වුණාම ඒවට මුක්කු ගහලා අඩ තියලා ඇතුළෙන් කිමිදිලා ජීවිතයත් අවදානමක දාගෙනම මැණික් ඉල්ලම ගොඩට ගේන වෙලාවල් තියෙනවා.

ඇදුම් පතලේ ඉතිහාසය

මම හිතන්නේ මේ ග`ග අදින පතල් ක‍්‍රමය 70දී විතර තමයි පටන් ගන්න ඇත්තේ. මුලින් අර පැරණි කුඹුරු උදැල්ල තමයි මිනිස්සු පාවිච්චි කරන්න ඇත්තේ. මම 80 දී තමයි මේ පතල් ක‍්‍රමය හංගමුව ග`ගට ගෙනාවේ. මම හිතන්නේ ඇන්දාන, ගම්බෙල දෙල්වල කන්ඳ වගේ පැතිවල මිනිස්සු තමයි මේ පතල් ක‍්‍රමය ඒ කාලේ කළේ. දැන්නම් රත්නපුරෙන් හංගමුව ගෙ`ග් තමයි මේ පතල් ක‍්‍රමය ජනපි‍්‍රය. ඇදුම් පතලේ ඉතිහාසය ගැන කතාව පටන් ගත්තේ මැණික් වෙළෙන්දෙක් වන කේ.ඊ ජයරත්න මහත්තයා. රත්නපුරේ හංගමුවේ ගෙ`ග් මේ පතල් ක‍්‍රමය ජනපි‍්‍රය වුණාට කළු ග`ග, වේ ග`ග, කුරුග`ග, දෙනවක ග`ග, නිරිඇලි ග`ග වගේ රත්නපුර ප‍්‍රදේශයේ තියෙන අනෙක් ගංගාවලත් මේ පතල් ක‍්‍රමය භාවිත කරනවා. ඒ විතරක් නොවෙයි කැලණි ග`ග වගේ මැණික් හමුවෙන අනෙක් ගංගාවලටත් මේක දැන් පැතිරිලා ගිහිල්ලා.

සකර් මැෂිම

ග`ග ඇදීමේ පතල් සම්ප‍්‍රදාය සකර් මැෂිම ආවාට පස්සේ මඳකට හරි වෙනස් කළා කීවොත් ඒක හරි. උදළු තලය කරපු වැඬේම වැඩි කාර්යක්ෂමතාවකින් සකර් මැෂිම කරනවා. කිමිදුම්කරුවාට තියෙන්නේ දියයට දිමිදිලා හෝෂ් කට මැණික් ඉල්ලමට අල්ලගෙන ඉන්න. එතකොට මැණික් ඉල්ලම. නිකම්ම ගොඩට පොම්ප වෙනවා. ඇදුම් පතලට නවීන තාක්ෂණයේ පැමිණීම තමයි සකර් මැෂිම. හැබැයි සකර් මැෂිම ආවා වගේම ඉක්මණින් යන්නත් ගියා. ඒ පරිසර දූෂණය වැඩි නිසා. අනෙක ඒ ක‍්‍රමය හරිම අනාරක්ෂිතයි. දියයට කිමිදිලා ඉල්ලම් ගොඩට පොම්ප කරමින් ඉන්නකොට පස් කඳුවලට වගේම මහ ගල්වලට යට වෙලා ගොඩක් අය මැරුණා. දැන් සකර් මැෂිම ගංගාවල පාවිච්චි කිරීම තහනම්. අනෙක තමයි ඇදුම් පතල්වලට වැඩිය වේගයෙන් ගංගා ඉවුරු මේ ක‍්‍රමය නිසා ඛාදනය වීම. අද දේශපාලකයෝ ටික දෙනෙක් විතරක් නීතියට පිටින් මේ පතල් ක‍්‍රමයේ නිතර වෙනවා.

මැණික් හොකරම

දිය ගොඩ කියලා නැහැ හැමතැනම දීම මිනිස්සු මැණික් හොරකම් කරනවා. සමහරු දියයට කිමිදිලා ඉල්ලම් කඩන කොටත් මැණික් තෝරන්න තරම් දක්ෂ වෙලා. මැණික් ගල සෙවලයි අනෙක් ගල් කැටවලට වඩා බරයි. ඉතින් සමහරු හොඳට කැට තියෙන ඉල්ලම්වලදී අතින් අල්ලා බලලා දිය යටදී මැණික් තෝරනවා. සමහරු හිටි අඩියේදී මැණික් හොරකම් කරනවා. සමහරු ගරනකොට කැට අයින් කරනකොට ඉනේ ගහ ගන්නවා. පියල්ට මැණික් හොරකම ගැන කියන්න තියෙන්නේ ඒ වගේ කතාවක්. ගෙ`ග් තියෙන මැණික් ගොඩ තියෙන මැණික්වලට වඩා පැහැදිලියි. කොහොම හරි ගොඩ පතල් කර්මාන්තයේදී වගේ නොවෙයි ගෙ`ග් පතල් කර්මාන්තයේදී මැණික් කැටයක් විකුණවාම කම්කරුවාට ලැබෙන මිල වැඩියි.
කවුරු හරි මුදලාලි කෙනෙක් ගෙ`ග් පතලයකට වියදම් කළේ නැත්නම් මැණික් ගලේ මුළු වටිනාකමම සාමාජිකයන් ප‍්‍රමාණය අතර බෙදෙනවා. ගෙ`ග් පතලක සාමාන්‍යයෙන් මැණික් පතල් කම්කරුවන් 5-10ත් අතර ප‍්‍රමාණයක් තමයි වැඩ කරන්නේ. සමහර පතල්වලට නම් මැණික් ව්‍යාපාරිකයෝ වියදම් කරනවා. එහෙම තැනකදී පස් දෙනෙක් වැඩකළොත් මැණික් ගලේ වටිනාකම දහයකට බෙදෙනවා. ඒක තමයි ක‍්‍රමය.

පරිසර දූෂණය

ගග අදින රස්සාව සාම්ප‍්‍රදායික පතල් කර්මාන්තයක් වුණාට මේ නිසා ලොකු පරිසර හානියක් සිද්ධ වෙනවා. ගංගා ඉවුරු ඛාදනය වෙලා ගංගා පළල් වෙනවා. මේ පතල් කර්මාන්තය කරන රත්නපුරේ ප‍්‍රධාන ගංගා රැුසක ඉවුරු මත තිබුණ කුඹුක්,බට, බටදොඹ වගේ ගස් අද දකින්න නැහැ. කෙකටිය, පන් වගේ ජලජ ශාකත් අද දකින්න නැහැ. රොන් මඩ නිසා අතීතයේ හිටිය මාළු බාගෙට බාගයක් අද මේ ගංගාවල දකින්න නැහැ. කොහොම වුණත් රත්නපුරේ මැණික් නිසාම ජීවිතය ගැටගහ ගන්න මේ මිනිස්සුන්ට වෙන විකල්පයකුත් නැහැ. ඒ නිසා මොන බාධකය ආවත් ගංගාවල පවතින මේ ඇදුම් පතල් සම්ප‍්‍රදාය තව බොහෝ කලක් රැකී තිබේවි.