Frangipani ෆ‍්‍රැන්ජිපැනි: ආදරය කිරීමට ඇති අයිතිය දඬුවමක් වූ කල

 

කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඔක්තෝබර් මාසයේ සිනමා හමුවේදී ප‍්‍රදර්ශනය වූයේ විසාකේස චන්ද්‍රසේකරම් රචනා කර අධ්‍යක්ෂණය කළ, ෆ‍්‍රැන්ජිපැනි ත්‍ර්බටසච්බස චිත‍්‍රපටයයි. චිත‍්‍රපට ප‍්‍රදර්ශනය අවසානයේ සංවාදයක් පැවති අතර, සුදර්ශන ගුණවර්ධන, විසාකේස චන්ද්‍රසේකරම්, ජෙහාන් ශ‍්‍රීකාන්ත ඊට සහභාගි වූහ. සංවාදය මෙහෙයවූයේ අනෝමා රාජකරුණාය. මෙම සටහන එම සංවාදයෙන් උපුටා ගන්නා ලද්දකි. ලිව්වේ චමිල ප‍්‍රියංක.

අනෝමා රාජකරුණා: ලංකාවේ සමකාමීන්ට තමන්ගේ ආදරයට ඇති අයිතියට තිබෙන නීතිමය බාධා සහ සමාජයේ ආකල්ප නිසා ඔවුන්ගේ ජීවිතය තීරණය වන්නේ කෙසේද යන්න පිළිබඳව සිනමා කෘතියක් නිර්මාණය කිරීමේ විවිධ ආකෘතීන් සිනමාව තුළ තිබියදී, වඩා සූක්ෂ්මව ජනප‍්‍රිය ආකෘතියක සිට මෙම චිත‍්‍රපටය නිර්මාණය කිරීමේ උත්සාහය කොයිතරම් දුරට පහසු වුණාද? විශේෂයෙන්ම තිරරචනා අවධියේදි මෙම සමාජීය සහ මානුෂික කාරණා ගොනුකිරීමේදී උත්සාහය කොයිතරම් දුෂ්කර වුණාද?

විසාකේස චන්ද්‍රසේකරම්: විවාහය නමැති ආයතනය තුළ එක් අයෙකුට හෝ දෙදෙනාටම යම්කිසි ආකාරයක කලකිරීමක් සිදුවීමට ඉඩ තිබෙනවා. එවිට එම ආයතනයේ පැවැත්ම සකසාගැනීමට අපහසු විය හැකියි. මෙබඳු කාරණා සමකාමී සමාජයටද පොදුයි. මා සහ මා වටා සිටින මිත‍්‍රයන්ගේ අත්දැකීම් එකතු කර ඒවා යම්කිසි ආකාරයකට වටහාගැනීමට උත්සාහ කළහොත් පිටපත සකසා ගැනීම එතරම් දුෂ්කර වෙන්නේ නැහැ. නමුත් මෙම චිත‍්‍රපටය තුළ වැරදි ආකාරයට අර්ථ නිරූපණය කිරීමට ඉඩ නොදිය යුතු කාරණා කිහිපයක් තිබුණා. එකී කාරණා ඉදිරිපත් කිරීම තුළ යම්කිසි ස්ථානවලදී අමු බවක් චිත‍්‍රපටය තුළට පැමිණීම වැළැක්විය නොහැකි කාරණාවක් වුණා. හොඳම උදාහරණය තමයි ‘ගවුම් අඳින්නෙ ගෑනු වෙන්න නෙමෙයි’ කියන දෙබස. එය බොහොම අමු දෙබසක්. නමුත් එය මට යෙදීමට හේතුවුණු කරුණු තිබුණා. එය සමකාමී උපසංස්කෘතියේ කොටසක්. ඒ ආකාරයටම සංස්කෘතියේ තව කොටසක් ගෑනු වීම සඳහාම ගවුම් අඳිනවා. මෙබඳු කාරණා පිළිබඳව අදහසක් සැපයීමේදී යම් අවස්ථාවල උපක‍්‍රම යෙදීමට සිදුවුණා. මෙම චිත‍්‍රපටයේ භික්ෂුව ඇවිල්ලා මල්ලිව ගමෙන් පිටතට රැුගෙන යෑම සැලකුවොත්, බෞද්ධ වටිනාකම් සහ ඉගැන්වීම් අනුව මල්ලිගේ ලිංගිකත්වය භික්ෂුවට ප‍්‍රශ්නයක් නෙමෙයි. භික්ෂුවට මල්ලිව බේරාගැනීමට අවශ්‍ය වෙනවා. මෙබඳු කාරණා සාකච්ඡි කර අවසන් කරලා ඒවාට නැවතීමේ තිත තබා ඒවා සම්බන්ධයෙන් ගොඩනැගෙන එබඳු වූ සාකච්ඡුාවන් අවම කිරීම අවශ්‍ය නිසා යම් ආකාරයේ උපක‍්‍රම යෙදීමට සිදුවුණා. එම උපක‍්‍රම නිසා කතාන්දරයේ ගලායෑම්වල ගැටලූ ඇතිවීමට ඉඩ තිබෙනවා. නමුත් මට එවැනි කාරණා පිළිබඳව ගැටලූවක් නැහැ.

අනෝමා: ආදරය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සාකච්ඡුා කරන විසාකේසගේ චිත‍්‍රපටය සමග බැලූවිට ලංකාව වැනි රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ආදරය සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන් මානව හිමිකම් ක‍්‍රියාධරයෙක් සහ නීතිඥයෙක් වශයෙන් ඔබේ අදහස මොකක්ද?

සුදර්ශන ගුණවර්ධන: සමාජ ක‍්‍රියාකාරිකයෙකුගේ දෘෂ්ටිකෝණයෙන් බලන විට ආදරය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තරමක භයානක මාතෘකාවක්. මම හිතන විදියට එක්ස් කණ්ඩායම තමයි පළමුවෙන්ම ‘මාතොට’ සහ අනෙකුත් සඟරාවලින් මේ පිළිබඳව සාකච්ඡුා කළේ. ආදරයට තිබෙන ප‍්‍රධාන බාධාව තමයි අනෙකාගේ සෝදිසියකට යටත් වීම (Surveillance). කිනම් ආකාරයේ ආදරයක් වුවත් සෝදිසියකට යටත් වීමේ සීමාවේ සිට තමයි ආදරය කිරීමට සිදුවන්නේ. අපි සියලූ දෙනා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සාකච්ඡුා කරනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ බහුතරයේ කැමැත්ත පිළිබඳ අදහස ඉදිරිපත් කරනවා. ඒ තුළ සුළුතරයේ අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡුා කරනවා. පුද්ගලික අවකාශය තුළ අපි සියලූදෙනා මේ පිළිබඳව කතා කරනවා. නමුත් පොදු අවකාශය තුළ එසේ සිදුවන්නේ නැහැ. කතා කිරීමට දේවල් තිබුණත් කතා කිරීමට බය බව සමහර අය පවසනවා. අනෙකාගේ සෝදිසියට යටත් වන බව එයට හේතුව ලෙස දක්වනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ගත් විට සියලූම දෙනා එකඟවන තත්ත්වයක් තිබෙනවා. ඒ ආකාරයටම ආදරය පිළිබඳ සියලූදෙනාම එකඟවන තත්ත්වයක් තිබෙනවා. නමුත් ප‍්‍රායෝගිකත්වය තුළ එසේ සිදුවන්නේ නැහැ. ඉතින් මෙම අර්ථයෙන් ගත්විට ආදරය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතර සම්බන්ධයක් තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැවතීමට අවශ්‍ය වාතාවරණය නොතිබුණොත්, සියලූම දේ රජය විසින් පාලනය කළහොත්, එබඳු වූ පාලනයක් තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහසකට පැවතීමට නොහැකියි. එබඳු තත්වයක් තුළ ආදරයට තිබෙන ඉඩකඩ ඉතාම සීමාකාරියි. ආණ්ඩුව නියම කරනු ලබන දේ පමණක් සිදුකළ යුතුයි. වෙනත් දෙයක් සිදුකිරීමට අවශ්‍ය ද්‍රව්‍යමය පදනමක් නැහැ.

අනෝමා: ජෙහාන්, ඔබත්, දසුනුත් මේ රංගනයට එකතුවීම පිළිබඳව කතා කළොත්. තිරරචකයා සහ අධ්‍යක්ෂවරයා ලෙස විසාකේස සමග වැඩකිරීම ඔබ දකින්නේ කොහොමද? එක්තරා ආකාරයකට මෙම අවස්ථාව ලෝක දෙකක් ලෙස හැඳින්වීමට හැකියි. ඔබට එක් අවස්ථාවක සාම්ප‍්‍රදායික පෙම්වතෙකුගේ චරිතයත්, අනෙක් අවස්ථාවේදී සමකාමී පෙම්වතෙකුගේ චරිතයත් රඟපෑමට සිදුවෙනවා. මෙම අවස්ථාව තරමක් අසීරුයි.

ජෙහාන් ශ‍්‍රීකාන්ත: මට විසාකේස සමග මෙම චිත‍්‍රපටය පිළිබඳව විශාල සාකච්ඡුාවක් තිබුණා. මොකද මේක දේශපාලනික වැඩක්. මට ඒ අවස්ථාවේදී ආ ගැටලූ සංකීර්ණයි. විසාකේස සමග අපි වැඩමුළු කිහිපයක් කළා. මෙම රංගනය අපි කරාවිද කියලා විසාකේසට දැනගැනීමට අවශ්‍ය වුණා. චිත‍්‍රපටය තුළ අප සියලූ දෙනාම බොහෝම ආදරයෙන් කටයුතු කළා. විසාකේස සිදුකරන මේ මැදිහත්වීමට අපි සියලූ දෙනාම ගරුකළා. ඔහු පෙනී සිටින දේ පිළිබඳව අපටත් පෙනී සිටින්න ලැබීම ලොකු භාග්‍යයක්. හැබැයි ඔළුව හදාගන්න එක එච්චර ලේසි නැහැ. හරි සංකීර්ණ තත්ත්වයක හිටියේ. නමුත් හැම තිස්සෙම විසාට අපි ආදරය කරන නිසා, වැඬේට අපි ආදරේ නිසා, විසා අපිට හුඟක් ආදරේ කරන නිසා ලොකු ප‍්‍රශ්නයක් ආවේ නැහැ.

විසාකේස: නිර්මාණය සිදුකරන්න අපි ගත්ත මහන්සිය මට හරි වැදගත්. මිත‍්‍රයන් සමග ඇතිකරගත් සම්බන්ධතා සහ ඒ සම්බන්ධතා සමග අප එකිනෙකා ආදරය කළ ආකාරය සහ තවමත් ආදරය කරන ආකාරය අපට හරි වැදගත්. මේ චිත‍්‍රපටයෙන් පසුව මට ඉතිරිවන මිත‍්‍රයො මගේ ඉතාමත් කිට්ටුම මිතුරු කැළක් වෙනවා. ඒ තුළින් තමයි මේ වැඬේ පහසු වෙන්නේ.

අනෝමා: විසාකේස ආදරයට ඇති අයිතිය සමාජගත කිරීම සඳහා මෙම චිත‍්‍රපටය භාවිත කරනවා. විශේෂයෙන්ම ලංකාවේ සිනමාව භාවිතාවන ආකාරය සහ ඒ සඳහා ඇති හැකියාවට සාපේක්ෂව, මෙවැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහසක් සමාජගත කරන්න චිත‍්‍රපටය කියන ජනප‍්‍රිය මාධ්‍ය භාවිත කිරිම පිළිබඳව, සුදර්ශන ඔබ මානව හිමිකම් ක‍්‍රියාකාරිකයෙක් වශයෙන් මොකද හිතන්නේ?

සුදර්ශන: මේක අගය කළ යුතු උත්සාහයක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැනි මාතෘකා අප විසින් සාමාන්‍යයෙන් කතා කරන්නේ වේදිකාවල පමණයි. මෙතන පිරිසක් ඇවිත් මෙම චිත‍්‍රපටය රසවිඳලා ඒ තුළින් අලූත් සාකච්ඡුාවක් සහ නව මානයක් ඇති කරනවා. ‘මෙය තුවක්කුවක් නොවේ’ වේදිකා නාට්‍යය මෑතකදී වේදිකාගත කළ අවස්ථාවෙත් මෙවැනි තත්ත්වයක් ඇති වුණා. මෙහිදී මුණගැසෙන ප‍්‍රධාන ගැටලූව වන්නේ වාරණයයි. අද ලංකාවේ වාරණය ක‍්‍රියාත්මක වන ආකාරයට අනුව බැලූ විට ඒ තුළින් රිංගන්න අවශ්‍ය වෙනවා. එහිදී කලාකරුවාට යම් ආකාරයක සීමාවන් පනවා ගැනීමට සිදුවෙනවා. මෙම අර්බුදය ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් පිළිබඳ සාකච්ඡුා කරන අපිටත් වෙනවා. වාරණය නිසාම අපිත් වාරණයක් සකසා ගන්නවා. සමහර දේවල් කතා නොකර ඉන්නවා. වාරණය නිසාම සමහර මාතෘකා කැපෙනවා. ඒ කැපීම තුළ කොහොමද අවශ්‍ය අරමුණ ඉෂ්ට කරගන්නේ කියන එක අභියෝගයක්. කලාව ඇතුළේ ස්වයංවාරණයක් කිරීම මිස, පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතුළේ මේ ගැටලූවට විසඳුම් සෙවීම මගහරිනවා. එබැවින් අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මැදිහත් විය යුතුයි. මෙය කරන්නේ කෙසේද යන්න අද දවසේ අපට තිබෙන අභියෝගයක්. මෙවැනි කෘතියක් නිෂ්පාදනය කිරීමේදී එම කණ්ඩායමට විකල්පයක් සොයන්න අවශ්‍ය වෙනවා. මෙම ශාලාවෙන් පිටතට මෙම චිත‍්‍රපටය රැුගෙන යන්නේ කෙසේද? නඩු නොමැතිව මාසයක් පුරා සිරභාරයේ සිටින කෙනෙක් වෙනුවෙන් මෑතකදී කොළඹ කොටුවෙ උද්ඝෝෂණයක් සංවිධානය වුණා. නමුත් ඊට එහා පැත්තෙන් අප කිහිපදෙනෙකුගෙ මුහුණු දාලා, ‘මොවුන් දේශද්‍රෝහියො’ කියලා නම් කරලා තවත් උද්ඝෝෂණයක් සංවිධානය වෙනවා. මෙම අභියෝගය විසාටත් පැමිණීමට නියමිතයි. එහා පැත්තේ සිටින පිරිසට මුහුණ දීමට අපට පුළුල් වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා.

අනෝමා: ලංකාව වගේ සමාජයක නිර්මාණකරුවන්ට පවතින දේශපාලන වාතාවරණය තුළ ස්වයං වාරණය බලපාලා තියෙනවා. ඔබ මේ පිළිබඳව මොකද හිතන්නේ?

විසාකේස: එවැනි දෙයක් සිදුවෙනවා. නමුත් මම ඒ දේ කරන්නේ කාටවත් තිබෙන බය නිසා නෙමෙයි. මට යන්න ඕනෑ පේ‍්‍රක්ෂකාගාරය නිසා මට එලෙස කිරීමට සිදුවෙනවා. කියන්නට මට අවශ්‍ය දෙය සුදු විය යුතුද රතු විය යුතුද කියන කාරණාව මත තමයි මම වාරණයකට ගමන් කරන්නේ. එය යම්කිසි නෛතික රාමුවකට තිබෙන බය මත සිදුවන වාරණයක් නෙමෙයි.
සුදර්ශන: අද වාරණයක් තිබෙනවා. නමුත් එම වාරණයට වඩා නිර්මාණකරුවන් ස්වයංවාරණයක් පනවා ගෙන තිබෙනවා. අපට පැවසීමට අවශ්‍ය දේ පැවසීමට නොහැකි යැයි අපි සිතනවා. අප පැවසීමට සිතන දේ නිවැරදි බව අපි දන්නවා. නමුත් පිටත සිටින්නා එම දේවල් පිළිබඳ දැනුවත් නැහැ කියලා තරමක් කුඩා කරලා කියනවා. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නයකටත් වඩා වෙනස් තත්ත්වයක් ලෙස මම දකිනවා. සියලූම දෙනා අල්ලස සහ දූෂණය සම්බන්ධයෙන් කතාකරන්න කැමතියි. අල්ලසට සහ දූෂණයට කවුරුත් විරුද්ධයි. නමුත් ප‍්‍රශ්නයක් ඇති වෙයි කියලා සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කතා කිරීමට බයයි. ප‍්‍රතිරූපයට හානිවෙයි කියලා සමකාමීන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතා කරන්න කැමති නැහැ. මෑතදී වාරියපොළ තරුණියකව, තරුණයෙක් විසින් වාචික අපවාදයට ලක්කරනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස තරුණිය තරුණයාට පහර දෙනවා. සියලූදෙනාම තරුණයාට පහරදීම පිළිබඳ කතා කරනවා. නමුත් අපවාදයට ලක් වූ තරුණිය වෙනුවෙන් කතා කිරීමට කවුරුවත් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කතාකළාට ප‍්‍රමාණය ඉක්මවා යන දේවල් පිළිබඳ කතා කරන්න කැමති නැහැ. ජාතික ප‍්‍රශ්නය ගැන කතා කරන්න ගියොත් ඒක අවශ්‍ය නැහැ. සමකාමීන්ගේ ප‍්‍රශ්නය පිළිබඳව කතා කරන්න කිව්වොත් ඒක අවශ්‍ය නැහැ. මේ ආකාරයට එබඳු දේ අවශ්‍ය නැහැ කියලා අයින් කරනවා. වාරණය පැමිණෙන්නේ රාජ්‍යයෙන් පමණක් නෙමෙයි. අද ෆේස්බුක් තුළින් පවා එනවා. අද අපට සිතෙන මොනයම් දෙයක් හෝ ලිව්වොත්, හෙට ෆේස්බුක් එකේ ඒ සම්බන්ධයෙන් විශාල විරෝධයක් දකින්නට ලැබෙනවා. අද ලංකාවේ පොදු ජන සමාජය ක‍්‍රියාත්මක වන්නේ ඒ ආකාරයටයි.

අනෝමා: මේ සාකච්ඡුා මණ්ඩපයට ආරාධනා කළ කිහිපදෙනෙක් මෙයට සම්බන්ධ නොවී ඉන්න තීරණය කළා. ඒකත් අපි අද සාකච්ඡුා කරන මාතෘකාවට හා චිත‍්‍රපටයට සම්බන්ධයි. මේ සාකච්ඡාවට සම්බන්ධ වීම හරහා සමාජයේ තමන්ගේ ප‍්‍රතිරූපය සම්බන්ධයෙන් ගැටලූවකට මුහුණපායි කියලා ඒ අය හිතුවා.

ප්‍රේක්ෂකයෙක්: මෙම චිත‍්‍රපටය තුළ ස්වභාවධර්මයෙන් උරුමවෙලා තිබෙන ලිංගිකත්වය පිළිබඳව සාකච්ඡුා කෙරෙනවා. මිනිසුන්ගේ ජීව අවශ්‍යතාවන් සමාජ සම්මුතිය හමුවේ යටකරගෙන සිටීමට පුළුවන්කමක් නැහැ. මෙම ලිංගිකත්වය යම් පුද්ගලයෙක් විසින් හෝ යම් කණ්ඩායමක් විසින් නිර්මාණය කරන දෙයක් නෙමෙයි. එය ස්වභාවධර්මයටම අයිති දෙයක්. චිත‍්‍රපටයේ භික්ෂුව මේ තත්ත්වයට විරෝධයක් දැක්වූයේ නැහැ. බෞද්ධ දර්ශනයේත් එය තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. බෞද්ධ දර්ශනය තුළ යථාර්ථය තේරුම් ගත්තා. මෙම චිත‍්‍රපටය මට පැහැදිලි වුණේ ඒ ආකාරයටයි. භික්ෂුව විසින් පිරිත් නූල් ගැටගැසීම, සමකාමීන් ඉදිරිපිට භික්ෂුව හැසිරෙන ආකාරය, වෙසක් කූඩු පත්තු කරන දර්ශනය වගේ දේවල් තුළ ලිංගිකත්වයට එහා ගිය මනුස්සකමක් මම දුටුවා. මෙම චිත‍්‍රපටය තුළින් ලිංගිකත්වයට එහා ගිය දෙයක් මතුකරන්න උත්සාහ කළාද කියන එක මම දැනගැනීමට කැමතියි.

විසාකේස: එවැනි ආස්ථානයකට යෑමට මට අවශ්‍ය වුණා. සමාජය තුළ නෛතික වශයෙන් තිබෙන සීමාව තුළ එම සම්බන්ධතාව ගොඩනැගුණේ කොහොමද කියන එක මට මතුකරන්න අවශ්‍ය වුණා. අනිත් කාරණය තමයි ස්වභාවයෙන්ම යම් පුද්ගලයෙක් තුළ ආදරය කිරීමට ඇතිවන වුවමනාව සහ යම්කිසි විදියක ලිංගික ආකර්ෂණයක් ඇතිකරගැනීමට ඇති වුවමනාව කොයිතරම් දුරට එම පුද්ගලයාගේ ඇතුළත ප‍්‍රබල වෙනවාද කියන එක මට මතුකිරීමට අවශ්‍ය වුණා. අප යන්නේ ගමනක්. එම ගමනේදී අනික් පැත්තේ සිටින්නෙ ගැහැනියෙක්ද පිරිමියෙක්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ අප ජීවිතයට එකතු කරගන්න දේවල්. ‘ලොකු වන්දනා ගමනක් ගිහිල්ලා ආපහු හිටපු තැනටම ආවා වගේ’ කියලා චිත‍්‍රපටය තුළ කියන්නේ එම නිසායි.

පේ‍්‍රක්ෂිකාවක්: අපේ සමාජය තුළ අපිට දැනෙන දේ නිවැරදියි කියලා තීරණය කරන්නේ පුංචි රාමුවක් තුළ. එම රාමුවෙන් පිටතට පැමිණියොත් ඒ අයව සමාජ සම්මතයෙන් කොන්වෙනවා සහ ඈත්වෙනවා. ආදරයට කිසිම ලිංග භේදයක් නැහැ. සාමාන්‍යයෙන් අපි කොල්ලෙක් කොල්ලෙකුට ආදරය කරන එක ගැන කතා කරන්නේ නැහැ. ඒක තුළ සත්‍යයක් දැක්කත් ඒක මගහරිනවා.
පේ්‍්‍රක්ෂකයෙක්: මේ චිත‍්‍රපටය තුළ ලංකාවේ සමාජයේ සාකච්ඡුා නොකෙරෙන මානුෂික සම්බන්ධතා ප‍්‍රදේශයක් පිළිබඳ සාකච්ඡුාවට ගිහිල්ලා තිබෙනවා. නමුත් චිත‍්‍රපටයේ අවසන් දර්ශනයත් සමග චිත‍්‍රපටය තුළ ගොඩනගපු සමස්ත උපසංස්කෘතික දේශපාලනය අවසාන මොහොතේ බිඳවැටෙනවා කියලා මට හිතෙනවා. මට හිතෙන්නේ මේක ව්‍යාජ මානවවාදයක් සහ ව්‍යාජ දේශපාලන උත්සාහයකින් අවසන් වනවා කියලයි. එයින් චිත‍්‍රපටය දුර්වල තැනකට ඇදවැටෙනවා. ලංකාවේ මේ වන විට අවසන් කරලා නැති ප‍්‍රශ්නයක් ඊනියා මානවවාදී තැනකින් චිත‍්‍රපටය තුළ නවතිනවා කියලා මට හිතෙනවා.

විසාකේස: මම මේ චිත‍්‍රපටය හැදුවේ සමකාමීන් ගෙදර ගිහිල්ලා වහ බොන තැනකට යොමු කිරීමට නෙමෙයි. අපට බලාපොරොත්තුවක් අවශ්‍ය වෙනවා. මේ රටේ ජීවත්වන සමහර ගැහැනුන් සහ පිරිමින් ගතකරන ජිවිතවල අර්බුද සහ දුක්ගැහැට ගැන දැනුමක් බොහෝ අයට නැහැ. එවැනි දුක්ගැහැට විඳින සහ නිරන්තරයෙන් ප‍්‍රශ්නවලට මුහුණ දෙන අය මේ චිත‍්‍රපටය බලලා වහ බොනවා නම් මට එවැනි තැනකට එකඟ විය නොහැකියි. ඒක යථාර්ථයෙන් තොරද, යථාර්ථය තුළද කියන එක මට අදාළ නැහැ. මගේ ෆැන්ටසිය තමයි ඔබලා දුටුවේ.

පේ‍්‍රක්ෂකයෙක්: වාරණයක් තියෙන නිසා අපි ගෙවල්වලට වෙලා බයවෙලා වකුටුවෙලා සිටිනවාද? නැත්නම් අපේ යුතෝපියානු ලෝකයකට ගිහිල්ලා ඒකෙ සුන්දරත්වය විඳිනවාද? අපි සෑමදේටම බයවෙලා ගෙදරට ගිහිල්ලා ඉන්න එකද, එහෙම නැතිනම් මෙවැනි සුභවාදී අවසන් වීමකින් නැගිටිනවාද කියන එක පිළිබඳව සිතිය යුතුයි. මම හිතන්නේ එවැනි ලෝකයකට ගිහිල්ලා, ඒක විඳලා, ඒකට මාර්ගය සකසගන්නේ කොහොමද කියන දේට අපි උත්සාහ කළ යුතුයි.

පේ‍්‍රක්ෂකයෙක්: මේ සම්බන්ධව මට බොහෝ අත්දැකීම් තිබෙනවා. කුඩා කාලයේ සිදුවුණු අමුතු අත්දැකීම් සමග මම අමුතු පුද්ගලයෙක් කියලා හුඟක් බය වුණා. අනිත් අයගේ ජීවිත දිහා බැලූවාම මට මොකද වෙන්නේ කියලා තේරුණේ නැහැ. මම මානසිකව පීඩා වින්දා. කොළඹට ආවාම මේ තත්ත්වය සාමාන්‍යකරණය වුණා. කතා කරන්න අය සිටියා. බොහෝ අයට මේ දේ ගැන පැහැදිලි නැහැ. ඒක ඒ වෙලාවට ඉවරයි කියලා තමයි හිතන්නේ. නමුත් මේක තුළ තියෙන ආදරය, ගැටුම් බොහෝ අය දකින්නේ නැහැ. සමහර අය දන්නේ නැති වුණාට සාමාන්‍ය ගැහැනු පිරිමි අතරේ වගේම මේ අය අතරත් ගැටුම් ඇතිවෙනවා. ඒ වාගේම මේ සම්බන්ධතා තුළ තියෙන පුදුමාකාර ආදරය කවුරුවත් දන්නේ නැහැ. සියලූ දෙනාම කතා කරන්නේ ගැහැනු පිරිමි ආදරය ගැන පමණයි. නමුත් මෙබඳු සම්බන්ධතා අතර තිබෙන ආදරය ස්වභාවධර්මයෙන් පැමිණෙන ආදරයක්. අවසානයේ විසාකේස මේ වාගේ චිත‍්‍රපටයක් කරලා කිහිප දෙනෙකු අතරෙ හරි විසුරුවලා අත්දැකීමක් බවට පත්කළ එකට ගොඩක් සතුටුයි.

පේ‍්‍රක්ෂිකාවක්: චිත‍්‍රපටය නරඹලා මේ සාකච්ඡුාවට සවන්දීමෙන් අනතුරුව අපට ආදරය කිරීමට තිබෙන අයිතිය පිළිබඳව සිිතෙනවා. අද පවතින සමාජ, දේශපාලන ක‍්‍රමයත් සමග මෙම මාතෘකාව සම්බන්ධයෙන් ක‍්‍රියාකාරීව මැදිහත් වන පිරිසේ යම් පසුබෑමක් තියෙනවා. 1990 දශකයේ අගභාගයේ අයිතිවාසිකම් පිළිබඳව තිබූ උනන්දුව අඩුවෙමින් පවතින අවස්ථාවක විසාකේස උත්සාහ කරන්නේ එහි ක‍්‍රියාකාරීත්වය නැවත ගොඩනගන්නද? එසේත් නැත්නම් මෙය චිත‍්‍රපටයක් ලෙස රසවිඳලා අවසන්කිරීමටද?

විසාකේස: මේක චිත‍්‍රපටයක් තමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු මහපිරිසගෙන් සුළුපිරිස ආරක්ෂා කරගැනීමයි. වෙනස් වන තත්ත්වයන් යටතේ ක‍්‍රියාකාරිකයන් විදිහට මෙම ගැටලූ සම්බන්ධයෙන් වෙනත් ආකාරයේ රාමු සෙවිය යුතුයි. අප සියලූම දෙනා එකතුවෙලා කළ යුතු වැඩක් මේක. අනිත් කාරණය තමයි මේ ගැටලූ පිළිබඳ මැදිහත්වීමේදී බල ධුරාවලියක් සකසා නොගත යුතුයි. බල ධුරාවලියක සිට මේ ගැන සාකච්ඡුා කිරීම තුළ සිදුවන්නේ නැවත වතාවක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිවීමයි. අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවේ එකම මට්ටමක සිටිමින් සාකච්ඡා කළ යුතුයි.