රාවය

මහින්දට නුසුදුසුකම් වැඩියි – ඉරාන් වික‍්‍රමරත්න එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර

මහින්දට නුසුදුසුකම් වැඩියි – ඉරාන් වික‍්‍රමරත්න එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර

තරිඳු උඩුවරගෙදර

අවස්ථාව ජනාධිපතිවරණයක් පැවැත්වීමට සුදුසු යැයි ඔබ හිතනවාද?

රටේ ජනතාවගේ පැත්තෙන් ගත්තාම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු අවස්ථාවක් නෙවෙයි මේක. මේක සම්පූර්ණයෙන්ම තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අවශ්‍යතාවට. මගේ මතය ජනාධිපතිවරණය පවත්වන්නේ ජනතාවගේ තාවකාලික විශ්වාසය යම්කිසි පුද්ගලයෙක්ට පැවරීම සඳහා. ඒක පවරනකොට යම්කිසි නිශ්චිත කාලයකට පවරන්නේ. ජනතාවගේ ස්වෛරීත්ව බලය නිශ්චිත කාලයකට නිශ්චිත කාර්යභාරයක් ඉටුකිරීම සඳහා පැවරුවාට පස්සේ ඔහුට එය කරන්න බැරිනම් ඔහු අයින්වෙන එක වෙනම දෙයක්. එහෙත් ඔහුට අයිතියක් නෑ ඊට කලින් ඇවිත් ස්වෛරීත්ව බලය අපෙන් ඉල්ලන්න. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ජනතා ඡුන්දයෙන් පත්වන ජනාධිපතිවරයකුට ධුර කාලයේ, කාර්යභාරයේ වගේම පත්විය හැකි නිශ්චිත වාර ගණනකුත් තිබෙනවා. ඒකාධිපති පාලකයන් නොමැති ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල විධායක ජනාධිපති ධුර කාලය වසර දෙකයි. ඒක සීමාවක්. මෙහෙම පසුබිමක ජනාධිපතිවරයා තවත් ධුර කාලයක් සඳහා නියමිත කාලයටත් පෙර ජනාධිපතිවරණය පැවැත්වීම සුදුසු නෑ,

එහෙත් මැතිවරණ පැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හොඳයි කියලා තර්ක කළ හැකියි නේද?

ඇත්තටම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ බහුතරවාදය අතර වෙනසක් තියෙනවා. මේ වෙනස හු`ගක් අය තේරුම් ගන්නේ නෑ. මේ අය ජනතාව හමුවේ ඉදිරිපත් කරන තර්කය ඕනෑ නම් දෙකක් නොවෙයි සීයක් ආවත් කමක් නැහැ කියන එක. බහුතරයක් ඡුන්දය ලැබුණොත් ඔක්කොම හරි කියලා හිතනවා නම් ඒ සංකල්පයම වැරදියි. බහුතරවාදය නම් උත්තරීතර සංකල්පය, අපට අධිකරණයක් අවශ්‍ය නැහැනේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මූලික පදනමක් තියෙනවා. ඒ පදනමින් පිට අපට ඕනෑ විදියට නීති කඩකරමින් යන්න බැහැ. ඉතින් මේ පදනමින් පිට තමයි මේ ගිහිල්ලා තියෙන්නේ. අධිකරණයෙන් කියනවා ඔයාට මෙච්චර කාලෙකට ජනවරම දුන්නා. ඔයා ඊට කලින් ඡුන්දය තිබ්බා. ඉතින් අපි කලින් කාලසීමාව අවුරුද්දක් මේකට එකතු කරනවා. ඒ වගේ ක‍්‍රමයක් අපට තියෙන්නේ. ලෝකේ කොහෙවත් නැති මේ පදනම් විරහිත ක‍්‍රමය විහිළුවක්. බහුතරවාදයට අනුව කටයුතු කරමින් ඉඳලා කියනවා අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුව වැඩකරනවා කියලා. මේක නීතියේ ආධිපත්‍යයෙන් කි‍්‍රයාත්මක වෙන්න ඕනෑ. එංගලන්තයේ ලිඛිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පවා නැතිව අර මූලික පදනමට අනුව නීතිය කි‍්‍රයාත්මක වෙනවා.

කොහොම වුණත් නැකැත්කරුවන් ජනාධිපතිවරණයට දින පවා නියම කර තිබෙනවා. තමන් දිනය දන්නවා නමුත් කිව නොහැකි බව ඇමති කෙහෙළිය කියනවා. ඔවුන්ට මෙහෙම දින නියම කරන්න පුළුවන්ද?

අපි පැහැදිලිවම දන්නවා නැකැත්කරුවන්ගේ නැකතින් මේක තීරණය කරන්න බැහැ. කාගේ නැකතද ස්වෛරීත්වය කියන්නේ. මේක සම්පූර්ණයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැරදි අදහසක් සහ කි‍්‍රයාවක්.

මෙතැනදී මැතිවරණ කොමසාරිස්වරයාටත් බලවත් වගකීමක් තියෙනවා නේද?

මෙතැන ප‍්‍රකාශ කිරීමේ දිනය, නාමයෝජනා ලබා ගැනීමේ දිනය සහ ඡුන්දය පවත්වන දිනය තියෙනවා. මැතිවරණය කලින් තියෙනවා නම් එය ප‍්‍රකාශ කරන්න ජනාධිපතිවරයාට නීතියෙන් බලයක් ලැබිලා තියෙනවා. ප‍්‍රකාශ කළාට පස්සේ දවස් 16-21ත් අතර දිනයක කාලයකින් පස්සේ නාමයෝජනා භාර ගන්නා දිනය ප‍්‍රකාශ කරනවා. දවස් කීයක් ලබාදෙනවාද කියලා තීරණය කරන්නේ කොමසාරිස්වරයා. ඊට පස්සේ මැතිවරණය සති 4-6 අතර කාලයකින් අවසාන කරන්න ඕනෑ. ඒ කාල සීමාව තීරණය කරන්නෙත් කොමසාරිස්වරයා. ප‍්‍රකාශ කරන දිනය හැරුණාම වෙන කිසිම තීරණයක් ගැනීමේ බලය ජනාධිපතිවරයාට නැහැ. ඒක නැකත අනුව තීරණය වෙනවා නම් ඒකෙන්ම පේනවා මැතිවරණ කොමසාරිස් ස්වාධීන නැහැ කියලා.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනයට පස්සේ වුණත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තෙවැනි වාරයට බලයක් නැහැ කියලා කියනවා.
පක්ෂයක් හැටියට අපි ඒ තර්කය පසුපස ගියේ නැහැ. ඒ ප‍්‍රධාන හේතුවක් නිසා. අපි මුළු 18 වැනි සංශෝධනයම ප‍්‍රතික්ෂේප කරනවා. අපි ඒ සංශෝධනය ගැන වාද විවාද කරන්නවත් ගියේ නැහැ. අපි බොහොම පුදුම වුණේ 18 වැනි සංශෝධනයට අධිකරණ අනුමැතිය දුන් වෙලාවෙදියි. 18 මූලික වශයෙන්ම වැරදියි. අපි 18න් පැනනගින අවුලක් ගැන කතා කරනවා නම් අපි මේ සංශෝධනය පිළිගත්තා වෙනවා. අනෙක් අතට අපි මැතිවරණය සඳහා තරග කළ යුතුයි. අපි මැතිවරණයට සංවිධාන කටයුතු කරගෙන යනවා.

නීතිමය කාරණා ඇරුණාම මහින්ද රාජපක්ෂ තවත් ධුර කාලයක් සඳහා නුසුදුසුයි කියන්නේ ඇයි?

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් තුළ පුද්ගලයකුට සීමාවක් තියෙන්න ඕනෑ. පුද්ගලයෙකුට අසීමිත අසම බලයක් ලබා දුන්නාම එය අවසාන සංවරණය තමයි වාර ගණනේ සීමාව. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලන කාලයේ තියෙන ප‍්‍රශ්න මොනවාද කියලා ඇහුවොත් හු`ගක් පිළිතුරු තියෙනවා. ඉන් ප‍්‍රධානම දේ විදියට මම දකින්නේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම. බරපතළම වැරැුද්ද 18 වැනි සංශෝධනය. මෙය සංශෝධනය කළේ හදිසි නීතියක් හැටියට. ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුව ගේන්න කලින් ජනතාව අතර සංවාදයක් ඇතිවෙන්න ඕනෑ. විද්වතුන්ගේ අවධානයට ලක්වෙන්න ඕනෑ. එහෙම සාකච්ඡුාවකින් පස්සේ තමයි පාර්ලිමේන්තුවට එන්නේ. මෙතුමා සම්පූර්ණයෙන්ම ඒ සිද්ධාන්තයට පයින් ගහලා තියෙනවා. ඊට පස්සේ රජයට අකමැති තීරණයක් දුන්නු අගවිනිසුරුවරිය පන්නලා දැම්මා. ඒක කළේ අධිකරණ ක‍්‍රමවේදයක් නොමැතිව. සාමාන්‍ය පුද්ගලයෙක්ට වුණත් ද`ඩුවම් කරන්නේ අධිකරණයකින්. පාර්ලිමේන්තුවට තීරණයක් ගත හැකියි. එහෙත් කෙනෙක් පිළිබඳව අධිකරණමය තීන්දුවක් ගන්න බෑ. අධිකරණය විතරක් නොවෙයි මේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයත් දුර්වල කළා. අපි ඒ ගැන කතා කරන අනෙක් තර්ක ඇරුණාම මහින්ද රාජපක්ෂ ඇමතිවරු 108ක් පත්කරලා ඔවුන් විධායකයේ කොටසක් බවට පත්කළා. ඔවුන් හිතන්නේ විධායකය විදියට මිසක් ව්‍යවස්ථාදායකය විදියට නොවෙයි. විධායක බලය සංවරණය කරන්න ඕනෑ ව්‍යවස්ථාදායකය වුණත් මහින්ද රාජපක්ෂ මහත්මයා බලතල වෙන්වීමේ න්‍යාය සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මා.

රාජ්‍ය සේවයත්, පොලිස් සේවයත් සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා. කටුනායක සිදුවීම නිසා ඉල්ලා අස්වූ හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහත්මයාට නැවතත් පොලිස් සේවය භාරදෙනවා. මේ දේශපාලනීකරණය පිටිපස්සේ ඉන්නේ මහින්ද රාජපක්ෂ. රාජ්‍ය සේවකයන් ගස් බඳිනවා. ගුරුවරුන්ව දණගස්සනවා. රාජ්‍ය සේවකයන්ව ගස් බඳින දේශපාලඥයන්ට ඇමතිකම් දෙන්නේ මහින්ද රාජපක්ෂ. ඔහු වැරදි කරපු අයට ඕනෑතරම් උසස් වීම් ලබාදීලා තියෙනවා. මහින්ද රාජපක්ෂට කිසිම ප‍්‍රතිපත්තියක් නෑ. මෙවැනි නුසුදුසුකම් ගොඩක් ඔහුට තියෙනවා.

ජනාධිපතිවරණය ලබන වසරේ අයවැයට කෙතරම් බලපෑම් කරලා තියෙනවාද?

මුලින්ම අයවැය විවාදයේ දින ගණන සීමා කරන්න උත්සාහ කළා. මෙතැනදී කියන්න ඕනෑ අද ලෝකයේ විශාලම අමාත්‍යාංශ තියෙන රට ලංකාව. එහෙම ක‍්‍රමයක් ගෙනියනවා නම් හැම අමාත්‍යාංශයකම වියදම් ගැන බලලා තර්ක කළ යුතුයි. ඇත්තටම ඒ සඳහා දිගු කාලයක් අවශ්‍යයි. අනෙක් කාරණය පාර්ලිමේන්තුවේ නැති ජනාධිපතිවරයෙක් රටේ මුදල් ඇමති වෙන එක සුදුසු නැහැ. ව්‍යවස්ථාවේ 149 වගන්තියට අනුව මුදල් පාලන බලය තියෙන්නේ පාර්ලිමේන්තුව සතුව. පාර්ලිමේන්තුවේ වැඩිපුරම කතා කරන්නේ මුදල් සම්බන්ධයෙන්. එහෙත් මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ නෑ. අනෙක් අතට විධායක බලය පාලනය කරන කෙනාට මුදල් ගැන කටයුතු කරන්න වෙලාවක් නෑ. අමාත්‍යාංශ කීයක් ඔහුට තියෙනවාද? කොහෙන්ද ඔහුට වෙලාවක්.
මෙවර අයවැයෙන් දැනගන්න ලැබිලා තියෙන හැටියට සහන රැුසක් දෙනවා.

මේ අයවැය තාවකාලික සැපක්. ණය සීමාව 22%කින් ඉහළට ගිහින් තියෙනවා. වියදම 17%කින් වැඩි වෙලා තියෙනවා. එතකොට සමස්තයක් හැටියට ලබන අවුරුද්ද අවසානයේ ණය ප‍්‍රමාණය 16%කින් 17%කින් වැඩිවෙයි. මෙතන තියෙන ගැටලූව මෙහෙම වියදම් කරන්න ආදායමක් කොහෙන්ද කියන එක. අද දළ දේශීය නිෂ්පාදනය 11%යි. මේ ඉතිහාසයේ පහළම අවස්ථාව. තවත් බඩු භාණ්ඩ බෙදලා මිනිස්සුන්ගේ ඡුන්ද කොල්ල කන්න යනවානම් අයවැයෙන් ඇතිවන පරතරය පියවන්න බදු ගහන්න වෙනවා. කියන අයවැය පරතරයට වඩා වැඩි අයවැය පරතරයක් ඇතිවෙනවා. මම දැන් ප‍්‍රකාශ කරනවා ලබන අවුරුද්දේ මැද හරියට අනිවාර්යයෙන්ම තවත් අයවැය සම්මත කිරීමක් අවශ්‍ය වෙනවා.

සම්පූර්ණ ආයතන ක‍්‍රමයේ කඩා වැටීම වළක්වන්න එජාපය කරන ප‍්‍රතිසංස්කරණ මොනවාද?

අපි මේ ආණ්ඩුක‍්‍රමය වෙනස් කරන්න ඕනෑ. එහෙම කරන්න නම් විධායකයේ බලතල අඩු කරන්න ඕනෑ. ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට යෝජනා වෙලා තියෙනවා. එය සිදුකළත් විධායකය ආයතන පද්ධතියට ඇ`ගිලි ගසන්න ඉඩ තියෙනවා. එය වැළැක්වීමට ස්වාධීන අධිකරණයක් සහ ආයතන පද්ධතියක් ඇති කළ යුතුයි. විධායකය ව්‍යවස්ථාදායකයට වගකියන ක‍්‍රමයක් ඇති කළ යුතුයි. එජාපයේ පමණක් නොවෙයි මෙය අනෙක් පක්ෂ සහ සිවිල් සංවිධාන අතරත් ගෙනයන වැඩපිළිවෙළක්. මේ හදාගෙන යන පොදු වැඩපිළිවෙළ සහ පොදු වේදිකාව අනුව තමයි එජාපය යන්න බලාපොරොත්තු වෙන්නේ. පාලකයා පමණක් මාරු කිරීම නොවෙයි ක‍්‍රමයේ වෙනසක් ගැන අපි කතා කරනවා. ඉන් පසුව බහුපක්ෂ ආණ්ඩුවක් හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් තුළින් රට ඉදිරියට ගෙනියන්නත් අපි සූදානම්.

ඒ වෙනස සිදුකරන්න බලයක් ලබාගත හැකිවේද?

ජනාධිපතිවරණයෙන් පොදු විපක්ෂයක් යටතේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ඉදිරිපත් කරනවා. දැන් විධායක ජනාධිපති බලය විරුද්ධ පාර්ශ්වය සතු නිසා දැන් ආණ්ඩු පක්ෂයේ බහුතර අනුමැතියකින් ඒ වෙනස සඳහා ලබාගන්න පුළුවන්. ඒ නිසා ක‍්‍රමය වෙනස් කරලම මහමැතිවරණයට යන්න පුළුවන්.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;