මහින්දානන්ද සහ රංජනී

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහරගේ දුක්ගන්නා රාලගේ රංජනී ජයකොඩි මහත්මිය විසින් අත්තනෝමතික ලෙස බලය අයුතු ලෙස භාවිතකොට මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් සිදුකරන නීති විරෝධි ගනුදෙනු ගැන වහා විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි කී‍්‍රඩා අමාත්‍යාංශයේම ප‍්‍රධාන විගණක එම්.ඞී.එස් පෙරේරා කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීම ගැන සලකා බලනවාද නැද්ද යන්න සිතීමට පෙර ලේකම් අනුර ජයවික‍්‍රම ඉවත්කොට ඇත්තේය. ඒ අනුව පැහැදිලි වන එක කරුණක් වන්නේ රංජනී ජයකොඩි සහ කී‍්‍රඩා අමාත්‍යවරයාට එරෙහිව කී‍්‍රඩා අමාත්‍යාංශය ඇතුළතින්ම කැරැුල්ලක් නිර්මාණය වී ඇති බවය. කී‍්‍රඩා අමාත්‍යාංශයේම විගණකගේ චෝදනාව කියනුයේ එයය. එහිදී අහවලා මාරයි කියන ප‍්‍රලාපයේ අපි නොඑල්ලෙමු.

කී‍්‍රඩා අමාත්‍යවරයා පසුගිය සති අන්තයේ පුවත්පත් සාකච්ඡුාවක් ලබා දෙමින් කියා තිබුණේ තමන්ට කී‍්‍රඩා ඇමති ධුරය දාලා යන්න හිත ඇති බවයි. සිතන දේ මෙන්ම කියන දේද කි‍්‍රයාවට නොනැ`ගීම කී‍්‍රඩා ඇමතිවරයාගේ උපන් ගතියක් සේ වන බැවින් එකී කතාව හරහා කී‍්‍රඩාවට සෙතක් වේ යැයි අංශුමාත‍්‍රයක හෝ බලාපොරොත්තුවක් තබා ගැනීමට අපට නොහැකිය.
කී‍්‍රඩා අමාත්‍යවරයාට අනුව හිටපු ලේකම් තැන නොවටී. ඔහු බොහෝ දේ අතහැර ඇත. ඇමතිගේ කණ්ණාඩියෙන්ම මූණ බලන අයට ලේකම් පේන්නේ ඇල්වතුර මෙනි. ඒ විකාර වෙනම විකාරය. අපට කෙසේවෙතත් කී‍්‍රඩා අමාත්‍යවරයාට වුව එකී විකාර කියවන විට ලැජ්ජා නොවුණා නම් පුදුමය. ශාස්ත‍්‍රපති හර්ෂ අබේකෝන් වුව තමාගේ වැඬේ වෙනකෙකු දුව දුව කරන විට ලැජ්ජා නොවී සිටිනවා පුදුම සහගතය. ඒ අතුරු කතාවකි. ලිපියට යන අතරතුර දැමූ දැන්වීමක් බව සලකන්න.

කී‍්‍රඩා අමාත්‍යවරයා තවමත් වේගයෙන් දිව යන්නේ ඇයි? තරගය මැරතන් එකක්ද? මීටර 100 ද යන්න. තුන්වසරක් තිස්සේ වටහාගන්නට බැරි වූ බොළඳ කී‍්‍රඩා ඇමතිවරයා හැමදා මගේ වේගයෙන් එන්නැයි ළාමක වන්නේ ඇයි? පිට්ටනි හදනවා යැයි කියමින් පිට්ටනිවලින් හැදෙනවා ඇරෙන්න මේ ඇමති වසර තුනක් තිස්සේ කළේ කුමක්ද? අපි සරලව මෙලෙස කියමු. අපගේ නොදැනුවත්කම් වුව දුරුකරලනු වස් මේ කී‍්‍රඩා ඇමති මාරයි මාර වැඩකාරයා කියන අය මේ ඇමති කී‍්‍රඩාවට කළ දේ මේ යැයි සටහන් කර තබන්න. එකී කී‍්‍රඩාමය වගකීම කර පෙන්වන්න.
රංජනී ජයකොඩි මහත්මිය ජාතික මහා කී‍්‍රඩා උළෙල පවත්වනවා යැයි කියමින් මං සුදනා චරිතය ර`ගපෑවේ විගණකගේ තීන්දුවට පිළිතුරු දෙමිනි. මේ හදිසිය ඇයි? බලය නිසි ලෙස භාවිත කිරීම ගැන ආඩම්බර වන ඇය එකී ආඩම්බරකම රටට පෙන්වන්නේ ඇයි? මේ ආණ්ඩුවේ කාට හෝ විරුද්ධව කළ පරීක්ෂණයක් ඇත්ද? කී‍්‍රඩා ඇමතිගේ දේපළ වත්කම් ගැන කතා කරද්දී ඇද බෑ ගජ බින්න රට්ටු විශ්වාස කරනවා යැයි සිතන්නේ කවුද? විශේෂයෙන්ම නාවලපිටිය ජනයා මැරී ඉපදුණ අයද? රංජනී ජයකොඩි එළවන්නැයි කී‍්‍රඩා නිලධාරීහු ප‍්‍රසිද්ධියේ නිවේදන නිකුත් කරති. මේ ඇයි? රංජනී ජයකොඩි සියල්ල කරනුයේ කී‍්‍රඩා ඇමතිට අවැසි දේය. ඒ අතර තමාගේ බලය පාවිච්චි කොට යමක් කිරීම වෙනම දෙයකි. එසේනම් මේ චෝදනා සියල්ලෙහි යටි අරමුණ මේ කී‍්‍රඩා ඇමතිවරයා එපා කීම නොවේද?

කී‍්‍රඩා අධ්‍යක්ෂවරිය කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම්වරයාට වඩා ඉහළින් යනවිට ඇමති පදේට නටපු ලේකම්ට තමා අධ්‍යක්ෂවරියගේ පදයටද නටන බව පසක් විය. ඒ අනුව ඔහු යටින් නූල් සූත්තර අදින්නට පටන් ගත්තේ ඇමති වෙනුවට අධ්‍යක්ෂවරියට පහරදීම ඇමතිට පහර දීමට ඇති හොඳම ක‍්‍රමය ලෙස තෝරා ගනිමිනි. ඒ අනුව කී‍්‍රඩා අමාත්‍යාංශයේ විගණකවරයා කාගේ හෝ ගැටයකට හසුවී නම් ඒ කවුද යන්න නොරහසකි.

රංජනී ජයකොඩි මහත්මිය මේ තැනට එන්නේ නිකන්ම නොවේ. ඒ නාවලපිටියේදී සහකාර ප‍්‍රාදේශීය ලේකම් තැන සිටම මහින්දානන්ද අමාත්‍යවරයාට කළ පෙර පින් බලේ මහිමයෙනි. කී‍්‍රඩා අමාත්‍යාංශයේ අමාත්‍යවරයාට ඇති විශ්වාසවන්තම තැනැත්තිය මේ අධ්‍යක්ෂවරියය. ඇය සියලූ දේ කරනුයේ ඇමති වුවමනාවටය. ඒ අනුව ඕනෑම බාධකයකදී ඇමති ඇය ආරක්ෂා කර ගන්නා බව ද ඇය දනී. ලේකම්ට අහකට වන්නට සිදුවන්නේ ඒ අනුවය.

කී‍්‍රඩා අධ්‍යක්ෂවරිය වැරදි නැතැයි අපගේ හැ`ගීමය. ඇය කරනුයේ කී‍්‍රඩා අමාත්‍යවරයාට අවැසි දේය. වැරදි නම් එහි පළමු චෝදනාව එල්ල විය යුත්තේ ඇමතිවරයාටය. එහෙත් මේ සියල්ල දක්වන්නට උත්සාහ කරනුයේ රංජනී ජයකොඩි මහත්මිය පමණක් වැරදි බවය. අවසානයේ මේ කාටවත් වැරදුණේ නැත. වැරදුණේ කී‍්‍රඩාවටය. කී‍්‍රඩකයන්ටය.
කී‍්‍රඩා අධ්‍යක්ෂවරිය ජනපති ලේකම්වරයාගේ නියෝග පවා උල්ලංඝනය කරන බව විගණකගේ ලිපියේ සඳහන්ය. ඇයගේ නීති විරෝධී ගනුදෙනු අනුමත කිරීම තමන් ප‍්‍රතික්ෂේප කළ විට කී‍්‍රඩා අමාත්‍යවරයා ලවා බලපෑම් කරමින් තමන් ලවා එම ගෙවීම් අනුමත කරවා ගැනීමට තැත්කරන බැවින් තමන්ට සුදුසු වාතාවරණයක් සකස් කරදෙන්නැයි විගණකවරයා ඉල්ලා සිටියේ අමාත්‍යාංශ ලේකම්ගේ තැනද නොරැුකුණේය. දැන් විගණකවරයා හෙට ඉවත් විණැයි කීවද පුදුම විය යුතු නොවේ. තත්ත්වය එබඳුය.

කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරියගේ කි‍්‍රයාකලාපය ගැන දීර්ඝව ලියන චෝදනා කරන විගණකවරයා මේ දේවල් කියනුයේ නිකංම නොවිය හැකිය. එය රජයට ආදරයෙන් ද විය නොහැකිය. කුමන අදහසින් හෝ මේවාට එරෙහි වීම අගනේය. එහෙත් ඒ එරෙහි වීම තුළ ප‍්‍රතිඵලයක් ඇද්දැයි යන්න බැලීම වැදගත්ය.

නව ලේකම්වරයා කවුරු වුව ඔහුට වැඩ ඇල්ලීමට මේ චෝදනා ලැයිස්තුවම පදනම් කර ගත හැකිය. එවිට කී‍්‍රඩා අමාත්‍යාංශය ගැන නියම අදහසක් ඔහුට ජනිත කර ගත හැකිය. කාගේ කාගේත් වේගය තීරණය කළ හැකිය. අවැසි නම් ලේකම් ධුරයෙන් ඉවත්වීමටද හැකිය. මක්නිසාදයත් කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම් ධුරය වැඩකට නැති ලේකම් ධුරයක් වන බැවිනි.