කණ්ඩායම ඉන්දියාව බලා යනු…

 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් වැටී ඇති මූල්‍යමය ආගාධයෙන් ගොඩ ගැනීමට නැවත වතාවක් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වෙත වගකීම පැවැරී ඇත. ඒ ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් පැවති පුහුණුවද අතරමග නතර කරමිනි. බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩකයන් ඉන්දීය තරග සංචාරය හැර දමා සිය රට ගිය හෙයින් එහි හිස්තැන් පිරවීමට ආරාධනා කරන්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායමටය. හදිසියේ මතුව ආ මෙම තරගාවලිය හේතුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට හිමිවන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 8ක් බැව් පැවැසේ. එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 104කි.
මේ තරගාවලිය හේතුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තරග කාලසටහනද යම් වෙනසකට ලක් කිරීමට පාලකයන්ට සිදුව තිබේ. ‘ලබන වසරේ දී ඉන්දීය කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට එක`ගව තිබුණා. ඒත් අපි මේ තරග සංචාරයේ යෙදෙන නිසා ඔවුන් දැන් එන්නේ ටෙස්ට් තරග තුනක තරගාවලියකට පමණයි…’ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබුණි. ඉහත කී රන් කහවණු ලැබෙන්නේ මේ තරග සංචාරය හේතුවෙනි.

කුමක් කෙසේ ලැබුණ ද මෙම තරග සංචාරය මේ අවස්ථාවේ උචිත නොවේ ය යන්නය තැන තැන කියවුණේ. එසේම තරගාවලියට සහභාගිත්වය ස්ථිර කිරීම ද ආඥාදායකයෙකුගේ තත්ත්වයෙන් සිදුවූවක් බැව් ද පැවැසෙන කතා තැන තැන ය. එය මාධ්‍ය උණුසුම් කළේ ය. එහෙත් තරග සංචාරය ස්ථිර කළ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග හැර කරලියේ ර`ගන්නට පැමිණි කිසිවකුත් නැත. සියල්ලෝම කරලියෙන් පිටත සිට පෙළ මතක් කරන්නාගේ භූමිකාවේ හිරව සිටිති.

නිශාන්ත රණතුංග ඉන්දීය සංචාරය උදෙසා ගත් තීරණය වැරදි නම් ඊට පළමුව විරෝධය දැක්විය යුතුව ඇත්තේ ක‍්‍රිකට් සභාපතිවරයාය. එහෙත් ඔහු මේ වන තෙක් කිසිවක්ම කී බවක් අප ඇසුවේ හෝ දුටුවේ නැත. ඒ අනුව ඔහුගේ භූමිකාවේ වපසරියද කෙතෙක් දැයි අපට සිතාගත හැකි ය. ඔහුගේ තත්ත්වය එසේ නම් විධායක කමිටු අන් සාමාජිකයන් ගැන කුමන කතාද? එනිසා ඔවුන් කළයුත්තේ තැන තැන වහසිබස් දොඩවමින් විහි`ඵකාරයන් වීම නොව තම තත්ත්වයන් හ`දුනාගෙන නිහ`ඩව සිටීම ය. එය තම පැවැත්මට හිතකර ය.
මේ තත්ත්වයෙන් යම් තරමකට හෝ බැහැරවීමට ඉදිරිපත්ව සිටියේ හිටපු නායක කුමාර සංගක්කාර පමණි. ‘සති හයක අපගේ ශාරීරික යෝග්‍යතා පුහුණුව හිටි හැටියේ ම අවසන් විය. මාස ගණනාවක් අවශ්‍ය වන කුසලතා පුහුණුව ඉන්දීය සංචාරයට පෙර සතියක් තුළ සිදුකළ යුතුයි…’ ඔහු තම ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියේ සටහන් තබා තිබුණේ එම පුහුණුව අතරමග අහිමිව යෑම ගැන ඇතිවූ කනස්සල්ලෙන් විය යුතුය.

සංගක්කාරගේ මෙම සටහන ක‍්‍රීඩකයන් බොහෝ දෙනෙකු ම අනුමත කළ බැව් ක‍්‍රිකට් ආරංචි මාර්ග පවසයි. සංගක්කාර මෙන් එළිපිට අදහස් දැක්වීමට බිය ඒ හැමගේ ම අදහස වූයේ මෙම තරග සංචාරය අවදානම් සහගත බවයි. ඊට හේතූන් ලෙස ඔවුන් දක්වන්නේ ඉන්දීය තරග සංචාරයත් එංගලන්ත තරග සංචාරයත් එක දිගට යෙදීමත් සහ දීර්ඝ තරග කාලසටහනකින් යුත් ලෝක කුසලාන තරගාවලිය ද නුදුරේ දී ම පැවැත්වෙන බැවින් ඔවුන්ට ඉතා වෙහෙසකර කාලයක් නිර්මාණය වන බැවිනි.
ඉන්දීය සංචාරය නොවැම්බර් මස 01 වැනිදා සිට 15 වැනිදා දක්වා දක්වා පැවැත්වෙන අතර ඉන් අනතුරුව එංගලන්ත කණ්ඩායමේ එක්දින තරග 7කින් යුත් ශ‍්‍රී ලංකා සංචාරය නොවැම්බර් මස 26 වැනිදා සිට දෙසැම්බර් මස 16 දක්වා පැවැත්වේ. ඉන් අනතුරුව ලෝක කුසලාන එක්දින තරගාවලියයි.
මේ කිසිදු හේතුවක් ක‍්‍රිකට් පාලකයන්ගේ තීරණයේ වෙනසකට නතුවේ යැයි සිතිය නොහැකිය. ඒ දැනටමත් මේ තරග සංචාරය ස්ථිර කර ඇති බැවිනි. සංචාරය ස්ථිර කළ ක‍්‍රිකට් ලේකම්වරයා පවසන්නේ මෙම තරග සංචාරය හේතුවෙන් යහපත් ප‍්‍රතිඵල දෙකක් සෘජුවම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙත ලැබෙන බවයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙත නොසිතන මුදලක් ලැබීමත් සහ ක‍්‍රීඩකයන්ට ලෝක කුසලාන තරගාවලියට ප‍්‍රථම ඉතා හො`ද තරග අත්දැකීමක් ලැබීමත් ය.

නිශාන්ත රණතුංග තම මතය සනාථ කරන්නේ එසේ ය. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වූ කල කුමන කතා ද? මේ ස`දහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ද පුහුණුකරුවන් ද එක`ග බැව් තැනක ස`දහන් ව තිබෙනු දුටිමු. එසේ ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මාධ්‍ය නිවේදනයක් මගින් කියැවුණේ මේ සම්බන්ධයෙන් විධායක කමිටු සාමාජිකයන් සියලූම දෙනා විද්‍යුත් තැපෑල මගින් දැනුවත් කර ඇති බැව් ය. කඩිමුඩියේ තරග සංචාරයට එක`ගවෙද්දී වහසිබස් දෙඩූ අය මාධ්‍ය නිවේදනය එළියට පිවිසි පසු පුදුම ලෙස නිහ`ඩ ය. ඊට එරෙහිව කිසිවෙකු ම මේ දක්වා කිසිවක් ම පවසා නැත. දැන් සියල්ලෝ ම මේ තීරණයේ ය.

ඒ ගැන විවාද නොකරමු. මේ තරගාවලියට එක`ගවීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන් ක‍්‍රීඩකයන්ගේ මතයේ අපි ද සිටිමු. පාලකයන් මේ තීරණයට එළැඹීමට ප‍්‍රථම ක‍්‍රීඩකයන්ගේ මතය ද විමසීමට තිබුණි. එහෙත් එවැනි දෙයක් සිදුව නොමැත. එසේ වූයේ මේ ණය බරින් මිදීමේ අදහසින් ම විය හැකි ය.
බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩකයන් ඉන්දීය තරග සංචාරය අතරමග නතර කර දමමින් සිය රට බලා යන්නේ එරට ක‍්‍රිකට් බලධාරීන් හා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සංගමය අතර පැවැති ක‍්‍රීඩකයන්ගේ ගෙවීම් සම්බන්ධ ප‍්‍රශ්නයක් මුල්වෙමිනි. සංගමය හා ක‍්‍රිකට් බලධාරීන් අතර දිගින් දිගටම පැවැති මෙම ප‍්‍රශ්නයට එක`ගවිය හැකි උත්තරයක් නොමැති තැන සිදුවන්නේ සංගමය ඉහත තීරණය ගැනීමය.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් සහ පාලකයන් අතරද එවන් ප‍්‍රශ්න නොතිබුණා නොවේ. එහෙත් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් එවැනි රැුඩිකල් තීරණයක් කිසිදා ගෙන නැත. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මූල්‍යමය ආගාධයන්ට වැටී සිටි සෑම අවස්ථාවකම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් කොන්දේසි විරහිතව තම සහයෝගය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙත ලබා දී ඇත. ඇතැම් අවස්ථාවල මාස ගණන් තම වේතනයන් ප‍්‍රමාද වෙද්දීද කිසිදු තරගාවලියක් හැර නොයෑමට ඔවුහු වග බලා ගත්හ. ඇතැම් තැනක දෙකක යම් යම් ප‍්‍රශ්න ඇති නොවුණා නොවේ. ඒ කිසිදු ප‍්‍රශ්නයක් තරගාවලියක් හැර යන මට්ටමට පැමිණියේ නැත.
බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩකයන් සේ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් මෙම සංචාරයේ දී රැුඩිකල් තීරණයකට නොයනු ඇතැයි අපගේ විශ්වාසයයි. අප එසේ පවසන්නේ තැන තැන මතුව ඇති කතා නිසා ය. කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩකයන් ගත් මේ තීරණය අත්තනෝමතික ක‍්‍රිකට් පාලකයන්ට එරෙහිව දැල්වූ රතු එළියක් බැව් කවුරු කවුරුත් තේරුම් ගත යුතුය.
අපි මීට පෙර අයිසීසීයේ බලය ඉන්දියාව වෙත විතැන් වෙන විට ‘ක‍්‍රිකට් දෙවියෝ සහ සල්ලි’ යනුවෙන් ද ‘අපි ඉන්දියාවට බය නෑ- හැබැයි ණයයි’ යනුවෙන් ද සහ ‘සියල්ල මුදල් වූ ක‍්‍රිකට්’ යනුවෙන් ද මේ වසරේ පළමු කාර්තුවේදී ම තැබූ සටහන්වලින් පැවසුවෙමු. ඒ අයිසීසීය ගනු ලැබූ තීරණයට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බවට වූ අපේ ක‍්‍රිකට් පාලකයන්ගේ වහසිබස් දෙඞීම් මත ය.

ඉන්දියාව අයිසීසීය මත වපුරන ලද බීජ කොතෙක් ද යන්න මෙරට පාලකයන් දැන නොසිටිය ද අන් සැවොම දැන සිටිය හ. ඒ නිසාවෙන් ම ඔවුහු එහි බලය ගත්තෝ ය. එසේ බලය ගත්තවුන් ද බලය ලබා නොදීමට ලිලිපුට් පාට් දැමූ වුන් ද දැන් පීචං වී සිටිති. උඹ නොදකින් කියාගත් දෙරටේ නායකයෝ තම තමන්ට කෙළ වෙන විට එකපතේ කන්නට එක`ග වී සිටිති. මෙම එක`ගවීම ම බඬේ බිජු තබාගෙන කරන්නා වූ ක‍්‍රියාවකි. මෙය අප මේ අවස්ථාවේ වටහාගත යුත්තේ අප මෙම තරගාවලියට එක`ග වන්නේ ඉහත කී ණය බරින් මිදීම ම මිස පාලකයන් කියන පරිදි ක‍්‍රීඩකයන්ට තරග අත්දැකීම් ලබා දීමට නම් නොවේය යන්න ය. මේ නම් දෛවයේ සරදමක් ම ය.