හෙටක් ගැන ලොල් වඩන අශ්ව සිහිනය

තරිඳු උඩුවරගෙදර

ඒක එක්තරා භාවනාවක්. කවුරුවත් එකි නෙකා සමග කතාබහක් නෑ. තනියෙන් බුදු වෙන්න එපා කියලා සාමුහිකත්වය පිළිබඳ පාඩමක් ඉගැන්නුවාට කට්ටියක් එක්ක ?න් ගැහිලා බුදු වෙන්නත් බැහැ. ඒ වගේ තමයි කණ්ඩායමක් එකතු වෙලා සාකච්ඡුා කරලා දිනන අශ්වයාව තෝර ගන්නත් බැහැ.
අපි හිටියේ බෙටින් සෙන්ටර් එකක. ඒ කියන්නේ අශ්වරේස් භාරගන්න තැනක. මුළු බෙටින් සෙන්ටරයට විවිධ මිනිස් ඉරියව් සහිත කොලාජයක් වගේ. අවපැහැ ගැන්වුණු බිත්ති සහිත අඳුරු පරිසරයක්. මේ නිහ`ඩ මිනිස් රූප පෙළත් නිහ`ඩතාවත් ඒ කොලාජයට නිසොල්මන් මලානික භාවයත් එකතු කරනවා. අතරින්පතර බිඳෙන ඒ නිහ`ඩතාව බෙටින් සෙන්ටර් එකක ලක්ෂණයක්. මේ නිසොල්මන් පරිසරය පවත්වාගෙන යන්න සේවා මුර මාරුවෙනවා වගේ කෙනෙක් නැගිටලා යනකොට තවත් කෙනෙක් ඇවිත් ඒ අඩුව පුරවනවා. හවස් වෙනකන්ම එහෙමයි. හවස හයේ ක්ලෝසින් ටයිම් එක කිට්ටු වෙනකොට පිරිස් එහි රොද බඳිනවා වැඩියි. වැඩිවන පිරිසත් අර නිහ`ඩතාව රැුකීම කොන්දේසියක් ලෙස අරගෙන වගේ. කොළවලට එනකම් කරන භාවනාවට හැමෝම සමවැදිලා.

අධ්‍යයනය

මේ වැඬේට බැහැලා හරියටම කරන්න නම් නිතර නිතර රේස් කොළේ බලන්න ඕන. එතකොට තමයි අශ්වයා ගැන නියම දැනුමක් එන්නේ. හොඳට අධ්‍යයනය කරන අය දක්ෂ ජොකියෝ, දිනන අශ්වයෝ ගැන දන්නවා. එහෙම වෙන්න නම් දිනන අශ්වයන්ගේ, හොඳ හොඳ ජොකියන්ගේ ටිප්ස් දෙන අශ්වයන්ගේ තොරතුරු ෆලෝ කරන්න වෙනවා. මමත් හැමදාම පැයක් හමාරක් අරගෙන රේස් පත්තර ටික බලනවා. ඊට පස්සේ හොඳට හිතල මතල ඔට්ටුවක් අල්ලනවා. අද නම් දැම්මේ රුපියල් තිහයි. ඊයේ සීයක් වින් ඇන්ඞ් ප්ලේස් ඇල්ලූවා. අශ්වයා ප්ලේස් වුණා. දිනුම රුපියල් 17.50යි.

ඒ බැටින් සෙන්ටර් එකේ භාවනාව අවසන් කොට චිට් එකක් දමා ප‍්‍රතිඵලය ලැබෙන තුරු හෙට වෙනතුරු ඉවසීම පුරුදු පුහුණු කළ අයෙකි.
අශ්ව රේස්වලදී විශාල මුදලක් සංසරණය වුවද මෙවන් කුඩා බැටින් සෙන්ටර්වල එන ඔට්ටුකරුවන් රුපියල් සියයක එකසිය පනහක ඔට්ටුවකින් එහාට නොව රුපියල් තිහක හතළිහක ඔට්ටුවකින් සැනෙ සෙන්නෝ ද සිටිති. ඔවුන්ගේ දිනුම් අපේක්ෂාව මහා විශාල මුදලක් නොවේ. වැඩිම වුවහොත් රුපියල් හාරපන්සියයකි.
ඇතැම්හු රේස් ඔට්ටුවෙන්ම දිවි ගැට ගසා ගනිති. එකවර මුදල් විසි නොකරන ඔවුහු සෑහෙන කාලයක් අධ්‍යයනය කොට හෙමිහිට අශ්වයෙක් තෝරගෙන ඔට්ටු අල්ලන්නෝය. ජොකියන් ගැනද අශ්වයන් ගැන ද හොඳින් විශ්ලේෂණය කොට තීරණයකට එළැඹීම සංයමශීලි ඔට්ටුකරුවන්ගේ ස්වභාවයයි. දහස් ගණනින් ඔට්ටු අල්ලන ඇතැම්හු කුඩා මුදලක් අල්ලන මෙවැන්නන් තරම් අශ්වයන්ගේ පැටිකිරිය සොයා නොබලති. උඩින් පල්ලෙන් රේස් කොළය බලා ටිප්වලට ඔට්ටු අල්ලන්නෝ සිටිති. ඔවුන්ට වියදම් වන මුදල ගැන පරෙස්සමක් නැත. හොයන්නේ විනෝදය පමණි.

වාසනාව විතරක් මදි

සූක්ෂ්ම ඔට්ටුකරුවෙක් හුදු තමන්ගේ වාසනාව ගැනම විශ්වාසය තබන්නෙක් නොවේ. වාසනාව අත්‍යවශ්‍ය බව සියලූ ඔට්ටුකරුවන්ගේ පිළිගැනීම වුවත් දීර්ඝ අධ්‍යයනය ගැන ඔවුහු විශ්වාස කරති. ඔට්ටුව භාර දෙන්නේ තම තමන්ගේ තීරණය ගැන දැඩි විශ්වාසයෙනි. ඉන්පසු එළැඹෙන්නේ පසුදා වනතුරු බලාපොරොත්තු දල්වා බලා සිටීමේ කාල සීමාවයි. එය අවසන් වන බොහෝ අවස්ථාවල පෙර බලාපොරොත්තුව සේදී ගොස්ය. එහෙත් උනන්දුව යන්තමින්වත් අඩු නොවෙයි. හෙට අලූත් දවසකි. බලාපොරොත්තු තැබිය හැකි දවසකි. ඉඳින් භාවනාව යළිත් ඇරඹෙයි. ඒ සූදුවේ ස්වභාවයයි. ඔවුහු ලේසියෙන් කතාබහ සිනා මනාවල නොපැටලෙති. අශ්වයන්ගේ ලෝකයේ දැහැන්ගත වන්නට ආවා නම් රේස් කොළයෙන් පිටතට ඇස් හා මනස ගෙනයාම පාපයක් බඳු කි‍්‍රයාවකි. එහෙත් දොඩමළුවට කැමති ඇතැම්හු ඒ පාපය කරති.

මේ දවස්වල රිසල්ට් එක අන්තිම සවුත්තුයි. මම අන්තිමට දිනුමක් ගත්තේ ගිය මාසේ. පේවරිට් අශ්වයකුගේ ඔළුවට රුපියල් පනහක් ගැහුවා. මගේ දෙයියා දිනල මට රුපියල් 1360ක් අරන් දුන්නා. කොහොමද වැඬේ. ලාභයි නේ. හැබැයි එදා ඉඳන් අද වෙනකම් එක දිගට රුපියල් හාර පන්දාහක් පැරදුණා. අදත් රුපියල් දෙසීයක් තියෙනවා. මෙන්න මේ අශ්වයගේ ඔළුවටයි පස්ස පැත්තටයි ගහන්න ඉන්නේ. ඔට්ටුව වැඩකළොත් රුපියල් හයදාහක් විතර අතේ. පැරදුණොත් හෙටත් අල්ලනවා. මේක නිකං බාලගිරි දෝෂය වගේ.
ඔළුවට ගහනවා යනු අශ්වයා දිනන බවට ඔට්ටු ඇල්ලීමයි. වින් එකට අල්ලනවා කියන්නේද එයයි. පස්ස පැත්තට ගහනවා කියන්නේ අශ්වයා දිනනවාට අමතරව ස්ථානයත් දිනාගතහොත් එයට සුළු මුදලක් හෝ ලැබෙන ක‍්‍රමයයි. වින් ඇන්ඞ් ප්ලේස් ගහනවා යනු එයයි. අශ්වයාගේ ඔළුවට ගැසූ ඔට්ටුවක් වැඩ කළහොත් එදාට කල්ල මරේය.
මේ සියල්ල සිදුවන්නේ එදිනෙදා දකින අශ්වයන් හෝ ජොකියන් සම්බන්ධයෙන් නොවේ. ජීවයක් රහිත කඩදාසි පිටු අතරින් මොවුහු දුර රටක සිටින අශ්වයන්ට පෙම් බඳිති. ඉංගී‍්‍රසි අකුරු සහ ඉලක්කම් අතරින් ඒ ලෝකය සමග ආධ්‍යාත්මික සම්බන්ධයක් ගොඩන`ගා යාවත්කාලීන කරති.
අපි කැමැති අශ්වයෝ ජොකියෝ ඉන්නවා. හැබැයි සමහරු කළුද සුදුද කියලවත් දන්නේ නැහැ. ඒ රටවල්වල අශ්වයෝ දහස් ගණන් ඉන්න නිසා හැමදාම දන්න කියන අශ්වයෝ අහුවෙන්නෙත් නැහැ.

ආරක්ෂාව

සූදුවේ යෙදෙන්නා වාසනාව ගැන බලාපොරොත්තු තබන් නේය. සූදුව අශ්ව රේස්වලට ඔට්ටු ඇල්ලීම නම් හුදු වාසනාවට පමණක් ඉඩදී බලා සිටීමක් සිදුනොවෙයි. අනෙක් අතට මෙය පරාජය කල්තියා හඳුනාගෙන කි‍්‍රයා කළ හැකි චක‍්‍රයකි. එයින් මිදෙන්නට නොහැකි වුවත් මෙහිදී සූදුකරුවාට තිබෙන ප‍්‍රධානතම ආරක්ෂාව ප‍්‍රතිඵලය දැන ගැනීමට පහුදා වනතුරු බලා ඉන්නට සිදුවීමයි.
වෙන සූදු වගේ නෙවෙයි. දවසට එක පාරයි. කොච්චර සල්ලි හදිස්සියක් තිබුණත් ආයේ ඔට්ටු අල්ලන්න පහුවදා වෙනකන් ඉන්න වෙනවා.
එවෙලේම ප‍්‍රතිඵලය ලැබෙන්නේ නම් පරදින්නට පරදින්නට ඔට්ටු අල්ලා අන්තිම සතයටම හිඳෙන්නට සිදුවේ. දිනුමක් ආවත් අතේ රැුඳෙන්නේ නැති ඒකනේ වැඬේ. ඔට්ටුවක් වැඩකරලා මට දහදාහක් ආව කියලා හිතමුකෝ. මං බුකියෙන් එළියට බහින්නෙම තව රුපියල් 1000ක චිට් එකක් දාලා. හිතේ සන්තෝෂයට නැති බැරි මිනිහෙක්ට හරි යාළුවෙක්ට හරි දෙතුන් දාහක් දෙනවා. ඉතිරි සල්ලියත් කොහෙන් යනවද කියලා දන්නේ නැහැ.

එසේ කියන්නේ මේ දවස්වල රිසල්ට් එක සවුත්තු යැයි කී සූදුකාරයාය.
ඇතැමුන් බෙටින් සෙන්ටරයේදී අනෙකා සමග වැඩි පයුරුපාසානමක් තබා ගන්නේ නැත. තමන්ගේ පෞද්ගලිකත්වය හෙළිවන අන්දමේ සම්බන්ධතා ඔවුහු පි‍්‍රය නොකරති. සුදු පොළේදී ගමේ කෙනකු හමුවනවාටවත් අකමැති ඇත්තෝ සිටිති. කොයි සූදු කාරයාත් බෙටින් සෙන්ටරයේ ගිනි පවුලට දෙන්නට කැමති නැත.
කොළඹ ඕල්කට් මාවතේ බුකියක් පවත්වාගෙන ගිය පියසේන අපට හමුවූයේ පැරණි පුරුද්දට මෙහි අශ්වයෙක් අල්ලා ගන්නට පැමිණි විටෙකදීය. ඔහු කීවේ ඔට්ටුව පොඩිද ලොකුද යන්නට වඩා ඉන් ලැබෙන වින්දනය වචනයෙන් විස්තර කළ නොහැකි එකක් බවය. රු.20ක් වින් ඇන්ඞ් ප්ලේස් ගසා රුපියල් 100ක දිනුමක් ආවත් එය සැබෑ ජයග‍්‍රහණයකි. එතන ඇත්තේ මුදලට වඩා තරගයකින් පැහැදිලි ජයක් ලැබීමේ සතුටය.

මම රේස් ඔට්ටු දාන්න පටන් ගත්තේ හැට ගණන්වල ඉඳලා. හැත්තෑ ගණන්වලදී රේස් බුකියක වැඩ කළා. ඊටත් පස්සේ මම බුකියක් දැම්මා. මගේ ළ`ග හතර දෙනෙක් වැඩ කළා. 2011 වනතුරු ඒක කළා. පාන්දරම බුකිය අරින්න ඕන. සූදුව වුණත් දුම් අල්ලලා දෙයියන් බුදුන් සිහි කරලයි අපි වැඩ පටන් ගත්තේ. ඊටත් කලින් සමරියයි. රේස් කොළ ටිකයි ගෙනල්ලා තියෙන්න ඕන. රේස් පත්තර බිත්තිවලත් අලවලා තියෙන්න ඕන. මේවා දැන් මගේ වයසත් එක්ක කරන්න අමාරු වැඩ. අශ්ව රේස් බුකියක් කරන්නත් අශ්වයකුට වගේම ජවය තියෙන්න ඕනේ. කකුළ කැඩිල නොණ්ඩි ගහන අශ්වයන්ට රේස් යන්න බැහැනේ. ඒ වගේ දෙයක් මේක. හැත්තෑ පස්වැනි විය ඉක්මවා සිටි පියසේනට සූදුකරුවන් ගැන අපූරු අත්දැකීම් තිබේ. ඒ ඇතැම් ඒවා කනගාටුදායක සිදුවීම්ය.

මේ සූදුවේදී එක දිගට පරදින්න ගත්තත් එක දිගට ඔට්ටු අල්ලන්නත් හිතනවා. තමන් ඔට්ටු අල්ලන සල්ලි කාගෙද කියන එක හිතෙන්නැති එක තමා නරකම වැඬේ. සමහර ව්‍යාපාරික ආයතනවල කැෂියර් මහත්තුරු, කඩවල කැෂියර්ලා ආයතනයේ සල්ලි ගෙනත් රේස්වලට පූජා කරපු අවස්ථා මම අනන්තවත් දැකලා තියනවා. ඒ සල්ලිත් පැරදිලා, රස්සාවෙනුත් දොට්ට වැටිලා එල්ලිලා මැරිච්ච, වස බීලා මැරිච්ච මහත්තුරු මං දැකලා තියනවා. ඊට පස්සේ ඉතින් ඒ දරු පවුල් අනාථයි. කෙනෙක් දිගටම පරදිනවා නම් පාඩුව විඳගෙන අතර මගින් හරි සූදුව නවත්වන එක හොඳයි. පරදින වේගයෙන් සූදුවෙන්ම ගොඩ යන්න හිතන එක භයානක අදහසක්.

ඔට්ටු රඳවා ගැනීම

බුකියකට ලැබෙන කොමිස් මුදල සමස්ත ආදායමෙන් 20%කි. ඇතැම් බුකිකරුවෝ කුඩා තුණ්ඩු අශ්ව රේස් මූලස්ථානය වෙත නොයවා රඳවා ගතිති. බහුතරයක් බුකිකරුවන් තරමක වැඩි දෛනික ලාභයක් උපයා ගැනීම සඳහා මෙවැනි වංචාකාරී කි‍්‍රයාසිදුකරන අතර එසේ නොකර අවංකවම සියලූ චිට් සහ මුදල් මූලස්ථානයට යවන අයද නැත කියන්නටද නොහැකිය. එසේ රඳවා ගන්නා ඔට්ටු වැඩකර තිබුණහොත් ඔට්ටු හිමියා වෙත පසුදා ත්‍යාග මුදල බුකිකරුවා විසින් ගෙවිය යුතුය. ත්‍යාග මුදල මිස තුණ්ඩුව යැව්වද නැද්ද යන්න සූදුකරුවාට අදාළ නැත. මෙම වැඩ පිළිවෙළ තුළ යම් ප‍්‍රශ්නයක් උදාවීමට ඉඩ ඇත්තේ ලොකු රේස් තුණ්ඩුවක් රඳවාගෙන එහි ත්‍යාග මුදල පියවන්නට සිදුවූ අවස්ථාවකදීය. සමහර විට එසේ තුණ්ඩු රඳවා ගන්නට කි‍්‍රයා කළ බුකිකරුවන් ඔට්ටු මුදල් ගෙවා ගත නොහැකිව බුකිය වසා දැමූ අවස්ථාද තිබේ. එවැනි පොඩි පොඩි වංචා සිදුවුවත් කිසිවකුටවත් මේ සූදුවේදී මහ පරිමාණ වංචාවක් කිරීමට ඉඩ ප‍්‍රස්ථාවක් නැත. යමකු ඔට්ටුවක් දිනුවහොත් රේස් ඔට්ටු ව්‍යාපාරය මෙහෙය වන ආයතනය එම මුදල ගෙවන්නට බැඳී සිටියි. මෙතෙක් කාලයක් සූදුව පැවතුණේද එම අන්‍යොන්‍ය විශ්වාසය නිසාය.
අප සමග කතාබහ කළ වාසනා මාමා නමැති බුකීකරුවා ද අත්දැකීම් සපිරි බුකිකරුවෙකි. ඔහු හැත්තෑ පස් හැවිරිදි මහලූ වයසේ පසුවන්නකු වුවත් පෙරසේම ජවයෙන් අශ්වයන් ගැන කතාබහ කරයි.

ඔහු පවසන්නේ වැඩිහිටි පරපුර බුකියට විත් රේස් ඔට්ටු ඇල්ලූවද තරුණ පරපුර එයට උනන්දුවක් නොදක්වන බවයි. ඒ තරුණ පරපුර සූදුවට ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා නොවේ. ඔවුහු මෙයට වඩා වේගවත් සූදු ක‍්‍රම සොයාගෙන ඇති නිසාය. වත්මනෙහි නම් සමාජ ජීවිතයම සූදුවකි.
රේස් බුකිවලට මිනිස්සු එනවා අඩුයි. හැබැයි ඒ මේ රටේ මිනිස්සු දියුණු වෙනවා කියන එක නොවෙයි. එක අතකින් මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. තියෙන මිනිස්සු රේස් බයි රේස්වලට හරි කැසිනෝවලට හරි යනවා. ඒවා නිකන් සල්ලි පූජාකරන වැඩ.

සූදුව එන්නේ මිනිස් ශිෂ්ටාචාරය ආරම්භයේ සිටමය. කෞටිල්‍යගේ අර්ථ ශාස්ත‍්‍රයේ ද මහා භාරතයේද සූදුව ගැන සඳහන්ය. සියලූ ආගම් සූදුවට එරෙහි වුවද සූදුව යහතින් පැවතෙන් නේය. එය සමාජ ආර්ථික චක‍්‍රයේම කොටසකි. අනූව දශකයේදී ලංකාවේ රේස් සූදුව තහනම් කිරීමට එවක රජය ගත් තීරණය අකුළා ගන්නට සිදුවූයේද ඒ චක‍්‍රයේ සූදුව බලවත් තැනක් ගන්නා නිසාය. අති විශාල පිරිසක් සුදුවෙනුත් රැුකෙන නිසාය. සූදුවට සමස්තයක් ලෙස විරුද්ධ වන්නකුට වුවත් මේ ඇතුළාන්ත සත්‍යයෙන් මිදීමට නොහැකිය. වරු ගණන් වැයකර රේස් පත්තර බලා අස්ස රේස්වලට ඔට්ටු ඇල්ලීමේ කලාව ගැන සමබරව සිතන්නට සිදුවන්නේ ඒ තත්ත්වය තුළය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;