සීඅයිඒ මාධ්‍යකාරයන්ගේ කුණු රස පිළිගැන්වීමේ කලාව

 

සාමාන්‍ය පිළිගැනීමට අනුව ප‍්‍රජා තන්ත‍්‍රවාදී රටක මූලික පාලන ව්‍යුහය රඳා පවත්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මූලික ආණ්ඩු තුන මත ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික කුලූනු නමින් හඳුන්වන්නේ ද ඒ තුන ය. මෙකී කුලූනු තුන එකිනෙකට වග කියමින් එකිනෙක හා බැඳී පැවතීමටත්, එසේ නමුත් ඒ ඒක් එක් ආයතනය සෙසු ආයතන දෙකෙහි ඍජු අධිකාරීත්වයෙන් වියුක්තව ස්වාධීනව පැවැත්මටත් සැබෑ ප‍්‍රජාතාන්ත‍්‍රීය රටක (විධායකය විසින් ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් අල්ලේ නටවන ලංකාව වගේ රටක නෙවේ.* ප‍්‍රබල සංවරණ හා තුලන ක‍්‍රමවේදයන් පවතී.

එවන් රටක සිවුවැනි ආණ්ඩුවය කියන ප‍්‍රබල භූමිකාව හිමි වන්නේ ඒ රටේ ජනමාධ්‍යයට ය. ඉන් අදහස් කරනුයේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයට පසුව රටක් පාලනය කරන ඊළ`ග සාධකය ඒ රටේ ජනමාධ්‍යය යන්නයි. ලංකාව වැනි (වචනයෙන් මිස, අව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් බොහෝ දුරට වියෝ වූ* රටක සිවුවැනි ආණ්ඩුව වශයෙන් මාධ්‍යයට ඇති වැදගත්කම ඊටත් වඩා වැදගත් බව පෙනේ. නව පාලකයෙකු බලයට පත්වූ වහාම ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් තමන් වෙත නතු කරගැනීමටත් පෙර රටේ සමස්ත මාධ්‍යත් පුමුඛ මාධ්‍යකරුවනුත් තමන්ට නතුකරගැනීමටත් වලිකන්නේ ඒ නිසා ය. කොටින්ම කියනවා නම්, මහජන මතයත් මහජන චින්තනයත් හැසිරවීමේ ප‍්‍රමුඛතම සාධකය රටේ ජනමාධ්‍ය වන නිසා ය.
කෙසේ වුවත් ලංකාවේ ජනමාධ්‍ය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් මහජන සුබසිද්ධියත් වර්ධනය කරන ආකාරයේ හැසිරීම් රටාවක් පෙන්නුම් කරනවාද? ඔවුන් සිවුවන ආණ්ඩුවේ ස්වකීය භූමිකාව හඳුනාගෙන තම එදිනෙදා කටයුතු හසුරන්නේ ද? තමන් වෙත නතු කර ගත නොහැකි වූ එක දෙකකට වඩා නැති ලාංකීය ජනමාධ්‍ය ආයතන සඳහා පවත්නා ආණ්ඩු විසින් ගෙන එන අසාධාරණ සංවරණයන් හැරෙන්නට මහජන සුබසිද්ධිය වෙනුවෙන් මාධ්‍ය ආයතන විසින් තමන් ම නිර්මාණය කර ගත් ස්වයං සංවරණයන් තිබේද? තමං එදිනෙදා සිදු කරන දේ පිළිබ`දව ආපසු හැරී බලන ස්වයං විවේචනාත්මක මාධ්‍ය ආයතන කීයක් ලංකාවේ වේද? ඊටත් අමතරව, පෙර කීවාක් සේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ මූලික අයිතිය අභියෝගයට ලක්කරමින් පාලකයන් විසින් ජනමාධ්‍යයට පහර දෙද්දී ඊට එරෙහිව නැගී සිටින මුද්‍රිත හෝ වේවා විද්‍යුත් හෝ වේවා ජනමාධ්‍ය ආයතන කීයක් ලංකාවේ ඇත්ද? පිළිතුර එවන් ආයතන අතේ ඇ`ගිලිවලටත් වඩා නැතිය යන්න යි.

ජනමාධ්‍යයේ මේ කියූ නූතන හැසිරීම ස`දහා බලපාන බැලූ බැල්මට පෙනී යන ප‍්‍රමුඛතම සාධක කිහිපයක් වේ. ඉන් පළමුවැන්න වන්නේ ආපස්සට හැරී බලන කල බහුතර වගකීමක් ජනමාධ්‍යට ද පැටවෙන, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නින්දාසහගත පිරිහීම යි. දෙවැන්න හෙවත් මෙහිලා අප ඉස්මතු කරන සාධකය වන්නේ, ස්වකීය වගකීම් අමතක කරමින් ආර්ථික අභිප‍්‍රායන් පමණක් ප‍්‍රමුඛ කොටගත් ජනමාධ්‍ය සංස්කෘතියක් බිහිව තිබීම යි.

තමන් වෙතට එන තරුණියන්ගේ කන්‍යාභාවය අහිමි වී ඇති බව පවසමින් තමා සමග රාත‍්‍රියක් ගතකරන ලෙසත් එසේ වුවහොත් තමන් සතු ගුප්ත බලය හේතුවෙන් එකී කන්‍යාභාවය නැවත සැකසෙන බවටත් පවසමින් තරුණියන් මුළා කරන වේයන්ගොඩ, කළගෙඩිහේන ප‍්‍රදේශයේ හොර කපුවෙකු පිළිබඳ කුණු රසය තැවරුණ කතාවක් මේ දිනවල රටේ සියලූ ජනමාධ්‍ය තලූමරමින් සිටී. තවත් එක්තරා ජනමාධ්‍යයක් කීවේ තම සීඅයිඒ මාධ්‍ය කණ්ඩායම මුලින්ම මේ හොර කපුවා පිළිබඳ පුවත අනාවරණය කරගත් බවත් එහි ගෞරවය එහෙයින් හිමිවන්නේ තමන්ට බවත් ය. පසුගිය කාලය තුළම රටේ රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා විසින් ගෙනයනු ලබන මෙවැනි සීඅයිඒ මෙහෙයුම් සහිත ජනප‍්‍රිය වැඩසටහන් මගින් වේයන්ගොඩ කපුවාට සමානම භික්ෂූන් වහන්සේලා, පූජකවරුන් වැනි විශාල පිරිස් රටට හෙළිදරව් කිරීමේ මහා මෙහෙයුම් ගෙන ගියහ. හොරුන් හෙළිදරව් වන තරමටම, රටේ විශාලතම මාධ්‍ය කෙරුවාව කරන්නේ තමන් බවත් එයින් රටට කෙරෙන සේවය ඉමහත් බවත් අනෙකා අබිබවා පවසමින් හොඳ නම දිනීමටත්, මේ සීඅයිඒ වැඩසටහන්වලට රටේ නූගත් ජනයා ඇබ්බැහි කරමින් ඒ මත තම ගුවන්කාලයේ වටිනාකම සහතික කරගනිමින් වැඩිගානට වෙළෙඳ දැන්වීම් විකුට තම හොද්ද බොර කරගැනීමටත් මේ මාධ්‍යකරුවෝ අමතක නොකළහ.

වේයන්ගොඩ හොර කපුවා හසුකරගැනීම වැරදි බව අපි කිසිවිටකත් නොකියමු. එවන් හොරුන් රටට හෙළි කරමින් ඔවුන් කෙවිටෙන් තලා බැහැර කළ යුතු බව ඇත්ත ය. එසේ නමුත් මහා හයියෙන් අඬබෙර ගසා කරන මේ මාධ්‍ය කෙරුවාවල අපට මගහැර යන්නට බැරි තරම් ගැටලූ ඇති බවද නොකියා බැරි ය. පළමුවැනි කරුණ වන්නේ, මොවුන්ම කියන ආකාරයේ මෙවැනි මහා විමර්ශනාත්මක සීඅයිඒ මෙහෙයුම් මගින් මෙතෙක් වැටලූයේ කවුරුන් ද යන්න ය. කොටින්ම කියනවා නම්, ඒ කොහේ හෝ ඉන්න හොර කපුවකු, හුදෙකලා හිමිනමක, හුදෙකලා පූජකවරයකු හෝ හුදෙකලා තක්කඩියකු පමණ ය. මේ මහා සීඅයිඒ මෙහෙයුම් මගින් එළිපිට පවා හොරමැරකම්, වංචා දූෂණ සහ මිනීමැරුම් කරන බලවතකු හෙළිදරව් කළ අවස්ථා කීයක් වේද? මෙවන් සීඅයිඒ කණ්ඩායම් රහසේ කැමරාවක් ස`ගවාගෙන ගොස්, පාලක රෙජීමයේ, මැති ඇමතිවරයකුගේ, එහෙමත් නැත්නම් අඩුම තරමේ ඇමති ලේකම්වරයෙකුගේ හෝ නිවසකට ගොස් ඔවුන්ගේ වංචා දූෂණ සූක්ෂ්මව පටිගත කොට, විකාශනය කළ අවස්ථා කීයක් පසුගිය කාලය තුළ තිබේද? උත්තරය එකක්වත් නැත යන්න ය. මෙයින් පෙනී යන්නේ ආපසු තමන්ට අභියෝගයක් එල්ලවිය හැකි සහ තම වාණිජ පරමාර්ථයන් අර්බුදයට ලක්විය හැකි තරමේ තැන්වලට මේ ‘මහා විමර්ශනශීලී’ ජනමාධ්‍ය අභියෝග නොකරන බව ය. මේ සීඅයිඒ මෙහෙයුම්වල උකුසු ඇස යොමු නොවන බව ය!. එසේනම් මේවා මහා රැුඩිකල් මාධ්‍ය කෙරුවාවන් වන්නේ කෙසේ ද?

අනෙක් අතට වේයන්ගොඩ හොර කපුවකු බිහිවන්නටත්, තවත් තැනෙක හොර චීවරධාරියකු හෝ පූජකවරයකු බිහිවන්නටත් ප‍්‍රබලතම සාධකය වන්නේ මේ කියන රැුඩිකල් මාධ්‍යයන්ම නොවේ ද? අද්‍යතන ශ‍්‍රී ලාංකීය විද්‍යුත් මාධ්‍ය දිනය ආරම්භ කරන්නේ සහ අවසන් කරන්නේම මෙවැනි හොර කපුවන්ට, හඳහන්කරුවන්ට, ෆෙන්ෂුයිකාරයන්ට, බොරු ධනාත්මක චින්තන කාරයන්ට සහ මන්තර කාරයන් වැන්නවුන්ට හොර ව්‍යාපාර ගෙනයෑම සඳහා වේදිකාව සකසමින් නොවේද? ඒවා දිනය ආරම්භ කරන්නේ ම මෙවැනි හොරුන් මහා බලවතුන් සේ රූපාන්තරණය කොට, ඔවුන් වෙත යෑම සඳහා රටේ සාමාන්‍ය ජනතාවගේ ඔළු සකසමින් නොවේද? වෙනකක් තබා මේ කියන මාධ්‍ය අද වන විට බෞද්ධාගමික පිරිත් සහ සූත‍්‍රයන් පවා ඒවායේ සැබෑ ආධ්‍යාත්මික හරයන්ගෙන් ඈත්කොට, ඒවායේ අර්ථය වසා දමා, ඒවා කියැවීමෙන් සහ ඇසීමෙන් විවිධ ලෞකික ආශාවන් මුදුන්පත් කරගත හැකි ගුප්ත මන්ත‍්‍රයන් බවට කියමින්, ඒවා වැඩි වැඩියෙන් ප‍්‍රචාරණය කිරීම මගින් ජනතාව ග‍්‍රහණය කරගැනීමේ තරගයක නියැලී ඇතුවා නොවේද?

අද මුද්‍රිත මාධ්‍යයේ කාර්යය වුවත් මෙයම නොවේ ද? සතිඅන්ත පුවත්පතක් ගෙන බලන පාඨකයාට වැඩිපුර දක්නට ඇත්තේ හොල්මන් කතා, දේව හාස්කම්, භූත දෝෂ, ජීවක කපුවන්, සහ ලෝකය අතැඹුලක් සේ දකිනා හොර හඳහන් කාරයන්, ෆෙන්ෂුයි කාරයන් හා ධනාත්මක චින්තන කාරයන්ගේ මිථ්‍යාමය කෙරුවාවන් නොවේද? ඔවුන් පළකරන දැන්වීම්වල ඇත්තේ, ඉහත පිරිසම ලබා දෙන, ලිංගය ලොකු කර දෙන, සිතැත්තිය ගෙන්වා දෙන, මන්ත‍්‍ර බලයෙන් බීමත්කම මගහරවන, විභාග සමත් කර දෙන, කාසි දෙක මෙට්ටෙ උඩ තියාගත්තාම දරුවො නැති අයට දරුවෝ ලැබෙන.. මෙවැනි හොරුන්ගේ දැන්වීම් නොවේ ද? මෙවන් දැන්වීමක් ලැබුණු කල එහි දිග පළලත් ඉන් ලැබෙන ආදායමත් පිළිබඳ මිස තමා පළකරන දැන්වීමෙහි ඇත්ත නැත්ත විමසා බලන එක මාධ්‍යයක් හෝ ලංකාවේ තිබේද? මේ ක‍්‍රියාදාමය තුළින් එක් පැත්තකින් වෙළඳ දැන්වීම් කඩාගැනීමත්, අනෙක් පැත්තෙන් බහුතර ජනයා ඉල්ලන සරලමතික කුණු රසය මාර්කට් කර තම ග‍්‍රාහකයන්ගේ හිස්ගෙඩි සංඛ්‍යාව වැඩි කරගැනීමත්, ඊටත් වඩා මෙවැනි කුණු ගොඩවල්වලින්ම එදා දවස ගෙවාදැමීමට හැකිවීම නිසා පාලකයන්ගේ සිත් රිදවීමට ඇති අවස්ථා අඩු කරමින් ඔවුන්ගෙන් වරප‍්‍රසාද ලැබීමත් සිදු කරමින් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු නොව කීපදෙනෙකු මරාගන්නට තරම් මේ මාධ්‍ය මුදලාලිලා සූක්ෂ්ම වෙති.

සියයට අනූවකටවත් සාක්ෂරතාවක් නැති ගොවියන් පිරිසක් සිටින තම රටෙහි පොත් කඩවල තිබිය යුත්තේ අල ළුෑණු වගාව පිළිබඳ සරල බසින් ලියැවුණු පොත් මිස පුෂ්කින්ගේ, ටෝල්ස් ටෝයිගේ පොත් නොවන බවත්, ඒ අනුව පුෂ්කින්ලා සහ ටෝල්ස්ටෝයිලා ස්වභාවධර්මයට විසංවාදී බවත් එක්තරා රුසියානු විචාරකයෙකු කියද්දී, ලෙනින් කීවේ එය එසේ නොවන බව ය. රටේ ජනතාවගෙන් සියයට අනූවටත් වඩා සිටින්නේ සාක්ෂරතාවක් නැති සරල රසවින්දනය සහිත අය නම් කළ යුත්තේ විප්ලවීය අධ්‍යාපනයක් මගින් ඔවුන් සාක්ෂර කිරීමත් ඔවුන්ගේ රසවින්දන මට්ටම ඉහළ දැමීමත් මිස ජනතාවගේ රසිකත්වය ඉල්ලන දේ කිරීම නොවන බව ලෙනින්ගේ අදහස විය. එදා රුසියාවේ තත්ත්වයත් එසේනම්, ලොව ඉහළතම සාක්ෂරතාවක් හෙබියැ’යි පුරාජේරු කියන ලංකාවේ හතරවෙනි ආණ්ඩුවේ මේ රැුඩිකල්යැ’යි කියාගන්නා වාණිජමය සීඅයිඒ කෙරුවාවල් අප තේරුම් ගතයුත්තේ කෙසේද?