කොළ එළියක්

සුමුදු අතුකෝරල

සිහිල් පවන් රොදක ස්වර යෙන් හදිසියේ අවදි වීමි. මෙතරම් නිදහස් සිතුවිල්ලකින්, මෙතරම් සිසිලසකින් සහ ප‍්‍රබෝධයකින් මෙතෙක් කිසි දිනෙක අවදි වී නොතිබිණි. හාත්පස පරිසරය තුළ තිබූ නුහුරු නුපුරුදු ස්වරූපය නිසා වික්ෂිප්ත වූ මම අවධානයෙන් යුතුව අවට නිරීක්ෂණය කළෙමි. ඉතාම අලංකාර ලෙස නිමවා තිබූ උද්‍යානයක කොහොඹ තුරු පේළියක පිහිටුවා තිබූ සරල සිමෙන්ති ආසනයක් මත මම වාඩි වී සිටියෙමි. ඊට පිටුපසින් ගලා යන පිරිසිදු දිය තලයත්, ඈතින් පෙනෙන කොළ පැහැති විශාල තණ මිටියාවතත් මට හුරුපුරුදු බවක් දැනවීය. ඊටත් එපිටින් දිස්වන තට්ටු දහයක් හෝ පහළොවක් නොඉක්මවූ ගොඩනැගිලි සමූහය එකම පවුලක් මෙනි. සූක්ෂම ලෙස පිහිටුවන ලද එම ගොඩනැගිලි එකිනෙකා පරයා නැගී නොසිටින ලෙස කදිම වියමනක පිහිටුවා තිබිණි. ඒවා කෙරෙන් දිස්වන වර්ණ හැඩතල මගේ දෑස් කලබලකාරී සංකීර්ණ තාවයක පටලවන්නේ නැත.

උද්‍යානයට ඉදිරිපසින් ඇදී යන පිරිසිදු නිමාවකින් යුතු මාර්ගය රථ වාහනවලින් ගහන වී, අධික ශබ්දයකින් යුක්ත නොවීම මගේ විස්මයට හේතු විය. තරමක් විශාල සහ සැප පහසු ආකාරයේ ගමනක නියැලෙන එකම වර්ණයකින් යුතු බස් රථ කිහිපයක් පමණක් මාර්ගයෙහි ඒ මේ අත ගමන් කළේය. මාර්ගයේ මංතීරු කිහිපයක් වෙන්කොට තිබිණි. ප‍්‍රධාන මංතීරු හතර දෙපසට ගමන්කරන බස් රථ සඳහාය. තවත් මංතීරුවක් පා පැදි සඳහාය. තවත් මංතීරුවක් පයින් ඇවිද යන්නන් සඳහාය. එම මංතීරු දෙක අතර පටුවූ තීරුවක සිටුවා ඇති කොහොඹ, කොට්ටං වැනි ගස් අතරින් පයින් යන්නන් සහ පා පැදිවලින් යන අයගේ බොහෝ නේවාසික ගොඩනැගිලි නගරයෙහි පිටත සීමාවෙහි පිහිටුවා තිබුණේ තම තමන්ගේ පවුල් සාමාජිකයන් සමග නිදහස් පරිසරයක මානුෂික හැ`ගීම් රැුගෙන සංහිඳියාවක සිය ජීවිත පවත්වාගෙන යාමට හැකිවන පරිදි විය යුතුය.

ඕනෑම මානව ශිෂ්ටාචාරයක ප‍්‍රධාන හරය වන්නේ මානුෂික සබඳතාවන්ය. අදහාගත නොහැකි දර්ශන සමුදායක් සමග නගරය තුළ ඒ මත ඇවිදින මා හට එම මානුෂික සබඳතාවයන්, සංවේදී තාවන් ඔප් නැංවෙන පරිදි නගර නිර්මාණයේදී කටයුතු කර ඇති ආකාරය අධ්‍යයන කිරීම අපහසු නොවීය. ගොඩනැගිලි සහ යන්ත්‍රෝපකරණවලට වඩා මිනිසුන් වෙත සංවේදී අවධානයක් යොමු කරමින් නගරයෙහි යටි සැලසුම නිර්මාණය වී ඇති බවක් මට හැ`ගුණි. කොළඹ නගරයට පිවිසෙන ප‍්‍රධාන මාර්ගවලින් නගරයෙහි පිටත සීමාව තුළදී පුද්ගලික රථ වාහන ගාල් නිර්මාණය කර නගරය තුළ සිදුවන මගී ප‍්‍රවාහනය සුඛෝපභෝගී බස් රථ. දුම්රියවලින් සිදුකිරීමට කි‍්‍රයාමාර්ග සකසා ඇත. ඊට අමතරව තුරු ආවරණ සහිත පදික වේදිකා, පාපැදිවලින් ගමන් කිරීමට සැකසුණු මංතීරු විශේෂයෙන් කැපී පෙනුණි. නගරය තුළ සීමිත දුර ප‍්‍රමාණයක් ගමන්කරන මගීන් ඉතා සතුටින් ඇවිදීම හෝ පා පැදිවලින් ගමන් කිරීම සඳහා පෙළඹෙන පරිදි ඉතා නිර්මාණාත්මකව සැලසුම්කර තිබිණි. මෙවන් පදික මංතීරු නගරය තුළ විවිධ පොදු ස්ථාන සමග සම්බන්ධ වී තිබුණු අතර තැන්තැන්වල කුඩා විවෘත ස්ථාන මිනිසුන් කිහිපදෙනකුට වාඩි වී කතා කිරීමට, ගිමන් නිවීමට සුදුසුවන පරිදි සකසා තිබිණි. කොළඹ නගරය පුරාම විහිදී යන ඇළ මාර්ග ඔස්සේ කදිම බෝට්ටු ප‍්‍රවාහන සේවයක් කි‍්‍රයාත්මකව තිිිබිණි. ශබ්දය රහිතව, සෙමෙන් ධාවනය වූ එම බෝට්ටුවලින් ගමන් කිරීමට මගීන් වැඩි කැමැත්තක් දැක්වූයේ එම ගමන ඉතාම නිස්කලංක අපූර්ව අත්දැකීමක් වූ නිසා විය යුතුය. නගරයෙහි ගොඩනැගිලි පසුබිමක් ගනිමින්. බොහෝවිට උද්‍යාන, තුරු ලතා අත්විඳිමින් යා හැකි එම බෝට්ටු ගමන් හිතට ලබාදෙන්නේ සිසිලසකි.

වෙනදා දුටු වාණිජමය සංකීර්ණත්වයෙන් පිරි නගරය අරුම පුදුම ලෙස සන්සුන් වී තිබේ. වෙනදා වාහන තදබදය, අඳුරු දුම, වීදි කඩ පේළි, යාචකයන් අනේකවිධ ශබ්දවලින් පිරී ගිය නගරයෙහි අහුමුළු අද පිරිසිදු වී තිබේ. වාණිජ නගරයකට වඩා සංස්කෘතික නගරයක් බවට නගරය පරිවර්තනය වෙමින් පවතිනවා නොවේද යන්න මම කල්පනා කළෙමි. මුළු රටෙහිම ආර්ථික සහ වාණිජ බර ඔසවාගෙන සිටි පැරණි කොළඹ නගරය එම බරින් නිදහස් වූයේ කෙසේද? රට පුරාම ප‍්‍රධාන නගර වාණිජ සහ ආර්ථික මධ්‍යස්ථාන ලෙස දියුණූවට පත්වී ඇති බවට මට කිසිදු සැකයක් නොවීය. කොළඹ නගරයට සීමා වී තිබුණු මහාපරිමාණ වාණිජ, ආර්ථික සහ ආයතනික කි‍්‍රයාවලීන් එම නගර මධ්‍යස්ථාන තෙක් විකාශනය වී තිබීම නිසා කොළඹ නගරය අනෙක් නගර මෙන්ම සිසිලසක් නිදහස් විලාසයක් අත්පත් කරගෙන ඇති බව සිතා ගැනීම අපහසු නොවීය. නගර නිර්මාණ සැලසුම්කරුවන්, වාස්තු විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, පරිසරවේදීන්, සමාජ ගවේෂකයන් සහ දේශපාලනඥයන්ගේද පොදු අරමුණක පිහිටි කි‍්‍රයාවලියකින් මිස මෙම තත්ත්වය ඇති කිරීම කළ නොහැකි දෙයක් බව මට සිතිණි.

කාලයෙන් කාලයට විවිධ දේශපාලන පක්ෂ යටතේ, ආකෘතීන් වෙනස් කරමින් පොදු අරමුණක් සහ නිශ්චිත සැලැස්මක් නොමැතිව එක තැන පල්වෙමින් පැවති නගර නිර්මාණ කටයුතු ඒකීය පරමාර්ථයක් වෙතට මෙහෙයවීමට සුදුසු ලෙස දාර්ශනික සංකල්පයකින් ජය ලැබුවේ කෙසේද යන්න ගැන සිතමින් මම නගරයෙන් පිටවීමට පදික මංතීරුවක් දිගේ ආපසු එමින් සිටියෙමි. එහිදි මට හමු වූ මිනිසුන්ගේ මුහුණු උද්‍යෝගයෙන් පිරී තිබිණි. සතුට සහ පහන් හැ`ගීම්වලින් ඔවුන්ගේ සිත් සතන් ප‍්‍රබෝධමත් වී ඇති බව පැහැදිලි විය.

එක්වරම අධික හ`ඩින් නැගුණේ සයිරන් නළා හ`ඩකි. දසතින් වාහනවල නළා හ`ඩ නැෙ`ගන්නට විය. දුමින් පිරී ගිය මාර්ගයෙහි, තද බද මගී බස් රථයක් තුළ මම අවදි වීමි. මම පුදුමයෙන් වටපිට බැලූවෙමි. හුරු පුරුදු කලබලයෙන්, සංකීර්ණත් වයෙන් සහ නොසන්සුන් බවින් මිරිකෙන කොළඹ නගරයෙහි මාර්ග සංඥා රතු එළිය නිසා නැවතී තිබූ වාහන පෙළක් අතර සිර වූ බස් රථයක මට නින්ද ගොස් ඇති බව මම වටහා ගත්තෙමි. මම දුටු සිහිනය එකිනෙක රූප ගලපා ඒකීය චිත‍්‍රයක් ලෙස මවා ගන්නට උත්සාහ කරමින් මම සංඥා එළිය කොළ පැහැයට හැරෙන තෙක් විශ්වාසයෙන් බලා සිටියෙමි. මුහුණු සිනහවකින් සහ ප‍්‍රබෝධමත් සිසිලසකින් පුබුදුවා තිබිණි. මෙතෙක් නොදුටු විරූ දර්ශනයෙන් පුදුමයට පත්වුණු මම ඉක්මන් ගමනින් මාර්ගය අද්දරට ගොස් වටපිටාව පිරික්සුවෙමි. පුදුමයකි.!

මේ කුමන වසරක කවර දිනයක් දැයි සිතා ගත නොහැකිව මම මගේ මනස වෙහෙස වීමි. මේ පුදුමය අත්විඳ ගැනීමේ තෘෂ්ණාවෙන් මම මාර්ගය දිගේ නගරය දෙසට ගමන් කළෙමි. කදිම සිමෙන්ති කැටවලින් අතුරා තිබූ පදික වේදිකාව, ආවරණය කරමින් කොහොඹ සහ පිහිඹියා තුරු වියනක් මෙන් නැ`ගී සිටී. එය ඇවිදීමට ඔබ උද්‍යෝගිමත් කරන සුන්දර හැ`ගීම් දනවන්නකි. යාර දෙසීයකට එකක් බැගින් පිහිටුවා ඇති, නවීන මූර්තියක ආකාරයෙන් නිමවා තිබූ කසළ බඳුන් ඉතාම පිරිසිදු ඒවාය. වීදුරු, කඩදාසි සහ ආහාර අපද්‍රව්‍ය බැහැර කිරීමට සරිලන පරිදි වෙන වෙනම පිහිටුවා ඇති ඒවා ස`ගවා තබනවාට වඩා තද වර්ණවලින් වර්ණ ගන්වා ඉතාම පැහැදිලිවම දැකගත හැකි ආකාරයෙන් නිමවා තිබිණි. තැන තැන කසළ රස කැවිලි අසුරණ, සිලිකවර වීසි කරන්නට තරම් මෙතෙක් කල් විශේෂ සැලකිල්ලක් නොදැක් වූ පුද්ගලයන්, කසල බඳුන් සොයාගෙන ගොස් ඒවා තුළට නිවැරදිව කසළ බැහැර කිරීමට තරම් විනයක් ලද්දේ කෙසේද? නීතිය මගින්ද? ද`ඩුවම් ලබා දීමෙන්ද? එසේත් නැතිනම්, නිවැරදි සැලැස්මකට අනුව ක‍්‍රමානුකූලව ප‍්‍රතිනිර්මාණය කර ඇති නගරය ඔවුනට විනයගරුක, පිරිසිදු මනුෂ්‍යයන් වශයෙන් විසීමට නොහැකි තත්ත්වයන් අහෝසි කළාද? විය හැකිය. මම මගේ අතෙහි ඇති කඩදාසියක් බිම දැමීමට නොසිතන තරමට නගරය සහ මාර්ගය අවට පිරිසිදුය. අලංකාරය.

බොහෝදෙනක් සතුටින් පයින් ගමන් කරන්නෝය. තවත් බොහෝ පිරිසක් පා පැදිවලින් ගමන් කරන අතර, වෙනදා මෝටර් රථවලින් ගමන් කළ අය මෙසේ පා පැදිවලින් හෝ පයින් ගමන් බිමන් යන බව ඔවුන්ගේ බාහිර ස්වරූපයෙන් දැනගත හැකිය. මිනිසාට පි‍්‍රය උපදවන ආකාරයෙන් පරිසරය වෙනස් කිරීම මගින් කළ හැකි සමාජ දේශපාලනික සහ සංස්කෘතික වෙනස සීමා රහිතය.
වටපිටාවෙහි සිදුවී ඇති අරුමය අත්විඳිමින් පැමිණි මම කොළඹ නගරය තුළට පැමිණ ඇති ආකාරය මට දැනුණේ බොහෝ වෙලාවකට පසුවය. තුරු වියනක් යටින් සැහැල්ලූ හැ`ගීමකින් යුතුව ප‍්‍රසන්න මිනිස් මුහුණුවල සිනහව අත්විඳිමින් ඇවිද යන්නෙකුට කුමන වෙහෙසක් දැනෙන්නද?

නගරය තුළ පිහිටා ඇති වෙළෙඳසැල්වල හැඩතල සහ ආකෘති දැක මම පුදුමයට පත්වීමි. කොළඹ නගරයෙහි මධ්‍ය හැරෙන්නට අනෙක් තදාසන්න ප‍්‍රදේශවල ගොඩනැගිලි බොහෝමයක් මහල් සතර නොඉක්මවන ඒවාය. මෑතක ඉදිකරන්නට ඇතැයි සිතිය හැකි බොහෝ ගොඩනැගිලිවල ආකෘතිය එකිනෙකා පරයා නොයන ආත්මාර්ථයෙන් තොරව එකම වියමනයක පිහිටුවා තිබුණේ, ඒ එකිනෙකට අනන්‍ය පෙනුම ගිලිහී නොයන පරිද්දෙනි. පාරිභෝගිකයන් සහ පදිකයන් ඉදිරියෙහි බලහත්කාරයෙන් පෙනී සිටින විකාර හැඩතල, අශෝභන මුහුණුවලින් නොදිලිසෙන එම ගොඩනැගිලි සෞම්‍ය භාවයකින් යුතුව ගොඩනැගිලි තුළට ඔබ හට නිහතමානි කැඳවීමක් කරනවා වැනිය.
එකම වීදි තීරයක පිහිටුවා ඇති බොහෝ ගොඩනැගිලි පැරණි ගොඩනැගිලිවලට හිස නමා ආචාර කරන විලාසයකින් එකම වර්ණයකින් සැරසී සිටින්නෝය. එසේ නොමැතිනම්, ප‍්‍රතාපවත් පෙනුමෙන් යුතු ගොඩ නැගිලිවලට අනුරූපවන පරිදි ඒවායේ ගෘහ නිර්මාණාත්මක හැඩතල සූක්ෂමව හසුරුවා තිබේ.
අනේක විධ වර්ණවලින් විවිධ හැඩතලවලින් එක එක තැන්වල එල්ලෙමින් තිබුණු වෙළෙඳනාම පුවරු අතුරුදන්ව තිබීම, මට මගේ නගරය හඳුනාගත නොහැකි තරමට සංවර කර තිබිණි. සාමාන්‍ය මගී ඇසට සෞම්‍ය ලෙස පෙනී සිටින පරිදි සකසා ඇති වෙළෙඳසැල් නාම පුවරු පැහැදිලි අකුරින් යුක්ත විය. නාම පුවරු සියල්ලක්ම එකම ප‍්‍රමාණයෙන් යුතුව නිමවා තිබිම නිසා එකම වීදියක ගොඩනැගිලි පෙළක ඇති විකාර රූපි, නොසන්සුන් විලාසය මකා දමා ඇත.

වෙනදා කොළඹ නගරය පුරා තාප්ප, බිත්ති පුරා ඇලවුණු අනේකවිධ විකට මුහුණු, අවර ගණයේ විහිළු, විවිධ පොරොන්දු සහිත පෝස්ටර් වෙනුවට, පිරිසිදු ලෙස වර්ණ ගන්වා ඇති තාප්ප දැකීම හිතට ආරක්ෂිත හැ`ගීමක් ඇති කරවන්නකි. පෝස්ටර් සහ දැන්වීම් කොළවලින් කෙරෙන සන්නිවේදන ක‍්‍රමය අපේ සමාජයෙන් බැහැර කරන ලද්දේදැයි දැන ගැනීමට මම මාර්ගයෙහි හමු වූ කිහිප දෙනෙකුගෙන් විමසා බැලූවෙමි. පෝස්ටර් සහ දැන්වීම් ඇලවීමට වෙන් කෙරුණු බිත්ති කිහිපයක් නගරයෙහි තැන් කිහිපයක පිහිටුවා ඇති බවත්, කාගේවත් බොරු පොරොන්දුවලින් සමාජය රැුවටිය නොහැකි ලෙසට මෙම පිරිස බුද්ධිමත් බවින් සන්නද්ධ වී ඇති බවත් ඔවුන්ගේ අදහස්වලින් මම දැනගතිමි.
වෙනදා නගරය පුරා තැන තැන කුළු ගැන්වී තිබුණු කුඩා මුඩුක්කු සහ අඩු වරප‍්‍රසාදලාභී මිනිසුන්ගේ පැල්පත් අතුරුදන්ව තිබිණි. බොහෝවිට දුම්රිය මාර්ග දෙපස, නගරය මධ්‍යයේ පවා කුඩා වීදි, ඇළ මාර්ග දෙපස අපිරිසිදු පරිසරයක් තුළ නොසන්සුන් දිවිපෙවෙතක් ගෙවූ එම මිනිසුන් වඩාත් හොඳ ජීවන තත්ත්වයක් ලබාගත හැකි පරිසරයකට යොමු කළාවත්ද!
දුම්රිය මාර්ග දෙපස මනා ලෙස ගස් වවා දුම්රිය යන්ත‍්‍රවලින් පිටවන අවම දුම සහ දුහුවිල්ල පවා පිටත පරිසරයට මුසු නොවන පරිදි ආවරණයක් සාදා තිබිණි. සුවපහසු දුම්රියෙන් ගමන් කරන මගීන්ගේ විඩා නිවීමට තුරු ආවරණයෙහි හරිත පැහැයත් ඒ යටින් විහිදී යන කුඩා මාර්ගයෙහි ගමන් කරන මගීන් හට සෙවණ සදාදීමට හොඳින් වැඩුණු තුරු වදුලත් උපකාර කරන ආකාරය නූතන නගර නිර්මාණ ක‍්‍රමයට අර්ථවත් බවක් එක්කොට තිබිණි.

වෙනදා නගරය පුරා දිවුණු ඇළ මාර්ග සහ වැව් අවට පවා මුළු ගැන්වී තිබූ පැල්පත් නිවාස, හරිත උයන්, විවෘත රංග වේදිකා, ගිමන් නිවා ගැනීම සඳහා ඉදි වූ අම්බලම් බවට පත්වී තිබිණි. ඇළ මාර්ගවල මුළුවල එකතු වී තිබුණු ප්ලාස්ටික් බඳුන්, සිලිකවර, කඩදාසි වැනි නොයෙක් අපද්‍රව්‍ය වෙනුවට නෙළුම්, මානෙල් මල් පිපී තිබිණි. ඊට ඉහළින් විහිදෙන අරලිය තුරු සෙවණ කාටත් පොදුවේ සෙවණ සහ සුවඳ බෙදාදෙයි. අරලිය මලක ඇති ආවේණික සෞම්‍ය සුන්දරත්වය විඳ ගැනීමට පවා මිනිසුන්ගේ හදවත් සංවේදී නිදහසකින් පිබිදී ඇති ආකාරය අරලිය තුරු පෙළ යට සැකසුණු සිමෙන්ති බංකුවක වාඩි වී සිටින කෙනකුගේ දෙදෙනකුගේ මුහුණුවලින් ප‍්‍රකාශිත විය.

වැව් අවට පරිසරය මනා සැලැස්මකින් යුතුව තුරු ලතාවලින් සැරසී ඇති අතර, ඒ අතර පැතිරුණු ඉඩකඩ කදිම විවෘත කලාගාරයක් බවට හැරී තිබිණි. තැන තැන ඉදිවී තිබූ නවීන කලා ආකෘති, මිනිසුන්ට අපූරු අත්දැකීම් ලබාදෙන තරමට ප‍්‍රකාශනාත්මක විය. විවිධ හැඩවලින්, සංකල්පවලින් සැදී එම කලාකෘති පාරම්පරික කලා ප‍්‍රවාහයක උච්චම අවස්ථාවක් ලෙස මට පෙනී ගියේය. විශාල අවකාශ, ආකෘති වැනි එම නවීන මූර්ති අතරින් ඇවිද යා හැකි ය. ලංකාව තුළ මෙවැනි නිර්මාණාත්මක කලාකරුවන් බිහි වී ඇත්තේ ඔවුන්ට ලැබුණු සුවිශේෂි වරප‍්‍රසාද නිසාද? .ක්‍දකදපඉද ීජමකචඑමරු ඨ්රාැබ. යනුවෙන් සඳහන්ව තිබූ නිර්මාණාත්මක නාම පුවරුවෙහි .ඛ. අකුරක් අග වාඩවී මේ විපර්යාසය තේරුම් ගැනීමට යත්න දැරීමි. ඊට එපිටින් වූ .ධ. අකුරෙහි වාඩි වී සිතුවමක් අඳිමින් සිටි තරුණ කලාකාරියගෙන් මෙහි තිබූ පැල්පත් නිවාසවලට කුමක් සිදුවී දැයි මම ඇසුවෙමි. නගරයෙහි ඈත මායිමකින් ඉහළට එසවී ඇති මහල් විස්සකින් පමණ උස් වූ හරිත පැහැ ගොඩනැගිලි සමූහයක් දැක් වූ ඇය සිනහ මුසුව මදෙස බැලූවේ මගේ මුහුණින් ප‍්‍රකාශ වන විස්මය නුහුරු වූ බැවින් විය යුතුය. සියලූම පැල්පත් වාසීන් එම ගොඩනැගිලිවල ඉදි කෙරුණු ‘ගම්මාන’ වල නැවත පදිංචි කෙරුණු බවත් තමන්ගේ නිවසද එහි පිහිටා ඇති බවත් ඇය සතුටින් පැවසුවාය.

මෙම අරුම පුදුම නගරය තුළ විවිධ කාර්යයන්ට අනුව ගොඩනැගිලි කලාප වශයෙන් වෙන්කර ඇති සරල සංවිධානාත්මක ව්‍යුහය වෙතට මගේ අවධානය යොමු වූයේ ඉන් පසුවය. කොළඹ වරාය ආශි‍්‍රතව මහාපරිමාණ වාණිජ කර්තව්‍යන්ට අදාළ කටයුතුවලට අනුරූපවන පරිදි ගොඩනැගිලි පිිහිටුවා තිබුණු අතර ඒවා නගරයෙහි අනෙක් ප‍්‍රදේශ සමග මුසු නොකිරීමට නගර සැලැස්ම සකසා තිබිණි. අනෙක් වාණිජ කටයුතු කොළඹ මැද නගර ප‍්‍රදේශයට සීමාකොට රජයේ ආයතන සහ අනෙක් ආයතනික සේවා නගර මධ්‍යයෙන් බැහැර සංකීර්ණත්වයෙන් මුදවා ඊට ඇතුළුවන්ට පිහිටුවා තිබිණි. මම කාර්යයන් සියල්ල එකතුව මනහර නගරයක් නිර්මාණයක් කර තිබුණි.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;