18 ගැන

 

දෙමළ ජාතික සන්ධානයත් දෙමළ ඩයස්පෝරාවත් ඊලාම් ඉල්ලීම අත හරින්නේ නම් තමා විධායක ජනාධිපති ධුරය අත හරින්නේයැ’යි මීට පෙර කී ජනාධිපතිවරයාල 18වැනි සංශෝධනය ගෙනාවේ රටේ ස්ථාවරභාවය ඇති කිරීමට බව දැන් කියයි.

ඊලාම් ඉල්ලීම අත හරින්නේ නම් විධායක ජනාධිපතිධුරය අත හරිනවායැ’යි කියන ජනාධිපතිවරයා 2005දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට මහින්ද චින්තනයේ ම ලියමිනි. ඒ ඊලාම් ඉල්ලීමල දෙමළ ඩයස්පෝරාව පමණක් නොව එල්ටීටීඊය ද ප‍්‍රබලව සිටි මොහොතකි. එවැනි බැරෑරුම් අවස්ථාවක මහින්ද රාජපක්‍ෂ මහතා විධායක ජනාධිපතිධුරය අවසන් කරන්නට පොරොන්දු වූයේ ඇයි? දිය හැකි සරල පිළිතුර නම්ල අවස්ථාවාදීකම හා කුමන දෙයක් කියා හෝ බලය ලබාගැනීමට ඇති කෑදරකම නිසා ය යන්න ය.
දැන් ජනාධිපතිවරයා කියන්නේ 18වැනි සංශෝධනය ගෙන ආවේ රටේ ස්ථාවරභාවය ඇතිකිරීම සඳහා බව ය. දෙවැනි ධුර කාලය තුළ ආණ්ඩුව තුළ ම විවිධ ප‍්‍රශ්න පැන නැගීම නිසා පාලනය දුර්වල වීම වැළැක්වීමට බව ය. 1977දී විධායක ජනාධිපතිධුරය හඳුන්වා දෙන්නේද රටේ ස්ථාවරභාවය ඇති කිරීම අරමුණු කොටගෙන බව ජේආර් ජයවර්ධන මහතා කීවේ ය. රටේ ස්ථාවරභාවය ඇති කිරීම සඳහා විධායක ජනාධිපතිධුරය අත්‍යවශ්‍යයැ’යි සිතුවත් තමා විසින් ම නිර්මාණය කළ ඒ විධායක ජනාධිපතිධුරයට ධුරකාල දෙකක සීමාවක් පැහැදිලි ව පනවන්නට ජයවර්ධන මහතා සැලකිලිමත් වුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම පිළිබඳව කිසියම් ආකාරයක විශ්වාසයක් හෝ සැලකිල්ලක් හෝ ඔහුගේ පරිණත මනස තුළ තිබුණු නිසා බව තේරුම් ගත හැකි ය. පළමු වල එක දිගට ධුරය දෙවරක් දැරූ කිසිවකු ඊළඟට ධුරය දැරීමට නුසුදුසු වන්නේ යැ’යි නීතිය හැදූ ඔහු පසුව තවත් ඉදිරියට යමින් එක දිගට’ යන්න ඉවත්කොටිධුර කාල දෙකක් දැරූ විට නුසුදුස්සෙක් වන්නේ ය’ යන්න ව්‍යවස්ථාවට ඇතුළත් කළේ ය. ව්‍යවස්ථාව දඩමීමා කරගෙන රුසියානු ජනාධිපතිවරයා මෙන් තට්ටු මාරු ක‍්‍රමයකට සිය අත්තනෝමතිකත්වය පවත්වාගෙන යන්නට ඇති කිසියම් ඉඩක් වේ නම් එය ද අහුරා දැමීමට ජයවර්ධන ජනාධිපතිවරයා එ ලෙස කටයුතු කළේ ය.

රටේ සියලූ බලතල කේන්ද්‍රගත වී තිබෙන ප‍්‍රධාන ධුරයේ ධුර කාල සීමා කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ මූලධර්මයකි. එසේ කර ඇත්තේ එක් පුද්ගලයකුගේ හිතුවක්කාර තනි පාලනයකටල බල ලෝභයට මුළු රටක් දීර්ඝ කාලයක් තිස්සේ අත්අඩංගුවේ තබා ගැනීමට ඉඩ නොදීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජනතා පරමාධිපත්‍යයේ අර්ථයෙන් වැදගත්යැ’යි විශ්වාස කෙරෙන නිසා ය. එය ඇත්තකි. 1950 දශකයේදී අමෙරිකාවේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වාර දෙකකට සීමාකිරීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට 22වැනි සංශෝධනය ගෙන ඒම පිළිබඳ පැවැති විවාදවලදී අදහස් දැක්වූ කොන්ග‍්‍රස් සභිකයෝ කියා සිටියෝල ධුර කාල සීමාව ඇතිකළ යුත්තේ ඒකාධිපතිත්වයක් පැරණි රජවරුන් පන්නයේ පාලනයක් නැවත ඇතිවීම වළක්වා ගැනීමට ය කියාය. එහෙත් ආයු බෝ වේවා මහරජාණෙනි’යැයි ගී ලියවා ගනිමින් ජනතාව මගේයැ’යි ප‍්‍රකාශ කරමින් ස්වයංරාජ්‍යත්වයට පත්ව සිටින මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලධර්ම වත් ජනතා පරමාධිපත්‍යයේ අගය වත් ගැන සැලකිල්ලක් නැත.

18 ගැන රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ තර්කය නිවැරදි නම්ල අද අමෙරිකාවේ තිබිය යුත්තේ ලෝකයේ දුර්වලතම ආණ්ඩුව යි. අමෙරිකාවේ ජනාධිපතිවරයකුට ධුරය දැරිය හැක්කේ වසර හතර බැගින් ධුරකාල දෙකක් පමණක් වන නිසා ය. අමෙරිකාවේ නිශ්චිත දිනයක ජනාධිපතිවරණය පැවැත්වෙන අතරල නිශ්චිත දිනයක දිවුරුම් දෙන ජනාධිපතිවරයා නිශ්චිත දිනයක ධුරය හැර ගෙදර යයි. එහෙත් අමෙරිකාවේ තිබෙන්නේ දුර්වල ආණ්ඩුවක් බව මොළය කළඳක් හෝ තිබෙන කිසිවෙකු පිළිගන්නේද?

ලංකාවේ ජනාධිපතිවරයාගේ ධුර කාල දෙකක් යනු අමෙරිකාවේ ජනාධිපතිවරයාගේ ධුර කාලවලින් නම් තුනකි. එහෙව් කාලයක් ධුර කාල දෙකක් ද දරා බලය අතහැරි යුතු මොහොත වන විටල 18 වැනි සංශෝධනය ගෙන ආවේ රටේ ස්ථාවරභාවය ඇති කරන්නටයැ’යි ජනාධිපතිවරයා කියන විට මේ රටේ ජනතාව එය පිළිගත යුත්තේ මාරාන්තික විහිළුවක් ලෙස නොවේද?
අනෙක් අතට තුන්වැනි ධුර කාලයක් ජනාධිපතිධුරයේ සිටීම සාධාරණීකරණය සඳහාල රටේ වැදගත් ප‍්‍රශ්නවලට ජනාධිපතිවරයාට ඇති විසඳුම් කවරේ ද? ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන අත දිගහැර හමුවන හමුවන හැම කෙනාටම සහනාධාර දුන්නා විනාල ඒ මුදල් උපයාගන්නට දහ අතේ ණය වීම හැර රටේ නිෂ්පාදනය දියුණුකරගන්නට ජනාධිපතිවරයාට වැඩපිළිවෙලක් තිබේ ද? ජීවන වියදම පිළිබඳ ප‍්‍රශ්නයට ඇති විසඳුම කුමක් ද? ජනවාර්ගික ප‍්‍රශ්නයට ඇති විසඳුම කුමක් ද? නිදහස් අධ්‍යාපනය ගොඩ ගැනීමට ඇති විසඳුම කුමක් ද? රටේ සෞඛ්‍යල මහජන ප‍්‍රවාහන ප‍්‍රශ්න නැති කිරීමට ඇති විසඳුම් මොනවා ද? ජාත්‍යන්තරයේ කොන් වන රට ගලවා ගැනීමට ඇති විසඳුම කුමක් ද? ඉහළ යන ළමා අපයෝජනල කාන්තාවන්ට එරෙහි අපරාධ හා අනෙකුත් අපරාධ වළක්වා ගැනීමට ඇති විසඳුම් මොනවා ද?

ළෙහි අත්ගසා හැඟීම්බර ව රට පාවාදීමක් ගැන මතුරන ජනාධිපතිවරයාට මේ කිසිම ප‍්‍රශ්නයකට නිසි විසඳුමක් නැති බව අතැඹුලක් ලෙස රටට පසක් වී දැන් බොහෝ කල් ය. ඒ විසඳුම් වෙනුවට ජනාධිපතිවරයාගේ අරමුණ එල්ල වී ඇත්තේ පවුලේත්ල පවුලේ ගජමිතුරන්ගේත් සුබසාධනය සඳහා හැකි කාලයක් ජනාධිපතිධුරයේ සිටීම සඳහා මිස අන් කුමක් සඳහා ද?
ඒ ඇත්ත වසා ගැනීමට 18 ගැන ව්‍යාජ විවරණ දැවටීම විහිළුවකි.