පැරා කී‍්‍රඩකයන් හරහා ඉගෙනීම

 

මෙරට සමස්ත කී‍්‍ර ඩාවම ආබාධ යට ලක් වී ඇතැයි කීම නොහොබිනා වන්නේ මේ තරමට හෝ අද දවසේ කී‍්‍රඩාව රැුකගෙන ඇත්තේ අබාධිතයන් වන නිසාය. ආසියානු පැරා කී‍්‍රඩා උළෙල නියෝජනය කළ මෙරට ආබාධිත කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ශී‍්‍ර ලංකාව ඉදිරියේ පදක්කම් දහහතරක් සටහන් කරන්නට සමත් වූහ. මෙය එම කී‍්‍රඩා අංශයේ වර්ධනයකි.

එහෙත් ඔවුන් මෙම දක්ෂතා වුව දක්වනුයේ ඔවුන්ගේම කැපවීම අධිෂ්ඨාන මත විනා මෙරට කී‍්‍රඩා යාන්ත‍්‍රණයේ සැලස්මකට නොවන බව කිව යුතුය. කොටින්ම මෙරට ආබාධිත කී‍්‍රඩාවටම ඇත්තේ ආබාධිත සැලකිල්ලකි. මේ ජයග‍්‍රහණ පිළිබඳ අද මෙතරම් කතා වනුයේ කී‍්‍රඩාවේ ජයග‍්‍රහණයක සේයාවක් හෝ අප සතුව නැති බැවිනි. ආසියානු කී‍්‍රඩා උළෙලේදී අප පදක්කම් හත අටක් දිනා සිටියේ නම් මේ ආබාධිත අය ලබාගත් පදක්කම්ද ආබාධිත අරුතකට එහා නොයන්නේය. අද දවසේ මෙකී ජයග‍්‍රාහකයන් අගයනු වස් කතාකරනු පෙනේ. එය හොඳ ලක්ෂණයකි. එහෙත් සියලූ පව් ඒ හරහා කමාකර ගත යුතු නැති බව කිව යුතුය. ආබාධිතයන්ට පින්සිදු වන්නට ජාත්‍යන්තරය තුළ සිංහ කොඩිය ලෙළ දෙන්නේය. මෙය මෙරට කී‍්‍රඩා යාන්ත‍්‍රණය බරපතළව සිතිය යුතු කාරණයකි. ලෝකය තුළ සියලූ කී‍්‍රඩා ඉදිරියට ගමන්කර ඇති සේම ආබාධිත කී‍්‍රඩා සඳහාද නව තාක්ෂණය, ක‍්‍රමවේද අත්හදා බැලීම් සිද්ධ වේ. ඒ අනුව ඉදිරියේදී අපට ආබාධිතවූවන් ලබාගන්නා පදක්කම් වුව ගිලිහී යා හැකිය. ලෝකය එක තැන නොනවතින බැවිනි. එහෙත් ලංකාව තුළ කී‍්‍රඩාව නැවතී බොහෝ කල්ය.

ජාතික කී‍්‍රඩා උළෙල යන නාඩගම ඇරුණු කොට මෙරට තුළ කී‍්‍රඩාව දියුණු කරන්නට කිසිදු සැලැස්මක් නැත්තේය. එයද මේ වනවිට වැරහැල්ලක් බවට පත්වී ඇත. එය මින් මත්තට වසරක් පාසා නොපවත්වා දෙවසරකට සීමා කර ඇත. එය ඊට වැඩි වුවද කම් නැතිය. එය වුව සංවිධානය කිරීම ඒ කී‍්‍රඩා උළෙල පැවැත්වෙන පළාතට පැවරිය යුතුය. සෑම පළාත් සභාවක් තුළම කී‍්‍රඩා අමාත්‍යවරයෙක් ද සිටී. මෙකී බර ඔහුට පැවරිය යුතුය.

කී‍්‍රඩා උළෙල පැවැත්වීම එකී පළාත් සභාවේ කී‍්‍රඩා අමාත්‍යාංශයට අයත් වැඩකි. ඊට කී‍්‍රඩා අමාත්‍යාංශය අනුග‍්‍රහය අතදීම සිදුකළ යුතුය. එවිට අඩුම තරමේ එම පළාත කී‍්‍රඩා උළෙල හා පූර්ණව බැඳේ. හිස් පේ‍්‍රක්ෂකාගාර වෙනුවට මිනිස්සු පිරෙති. තම ප‍්‍රදේශය නංවාලීම ප‍්‍රධාන අරමුණ කරගෙන එය පැවැත්වීමට ඔවුන් උපරිම බර දරනවා සහතිකය. ඒ හරහා එම පළාතේ කී‍්‍රඩා ප‍්‍රබෝධයක් ඇති වේ. ඊට සමගාමීව පැරා ජාතික මහා කී‍්‍රඩා උළෙලක්ද පැවැත්විය හැකිය. එවිට එම තරගාවලිය ජාත්‍යන්තර ස්වරූපයක් යනු නියතය. ඉදිරියේදී ඒ ගැනත් සිතීම වටී.