හදිසියට ඉන්දියාවේ ගොස් ලිස්සා වැටීම

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලිය ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් වෙත බලෙන් පැටවුණ තරගාවලියක් බැව් පැවැසීම අලූත් කතන්දරයක් නොවේ. ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්වන් සමග එක්දින තරගාවලියකට සූදානමින් සිටිද්දී අප කණ්ඩායම සිටියේ විවේකීව විශේෂ පුහුණු වැඩ සටහනකට සහභාගි වෙමිනි. බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ පලායෑමත් සමග එම අවස්ථාව උදාවන්නේ අපට ය. එසේ ලත් තරගාවලිය අපට අවාසියක් ම විය. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් වේලාසනින් ම තරගාවලිය පරාජය වුණි.
මෙම පරාජය අහම්බෙන් හමුවූ තරගාවලියක් නිසා ය යන්න තීරණය කරමින් බැහැර කළ හැකි එකක් නොවේ. තරගාවලියේ තීරකයන් කවුද යන්න ද දැන් කතා කිරීමේ පලක් නැත. ලත් පරාජයත් සමග එළැඹෙන තරගමාලාවන්ට අනුගත විය යුත්තේ කෙසේද යන්න ය දැන් සිතිය යුත්තේ. අප එසේ පවසන්නේ 2015 ලෝක කුසලාන තරගාවලිය මුවවිටට පැමිණ ඇති බැවිනි.
ක‍්‍රියාත්මක තරගාවලිය දෙසට නැවත වතාවක් නැඹුරුවේ නම්, මෙම සටහන තැබෙන විට දෙරට අතර සිවුවැනි තරගය පැවැත්වීමට නියමිතව තිබුණි. ඒ ස`දහා වෙනස්කම් කිහිපයක් ම කිරීමට නියමිත බැව් ද පැවැසුණි. ඒ ස`දහා ම ක‍්‍රීඩකයන් කිහිප දෙනෙක් ම ඉන්දියාව බලා ගිය හ. මොවුන් සියලූම දෙනා හෝ කිහිප දෙනෙක් සිවුවැනි තරගයේ සිට කණ්ඩායම සමග එකතු වන්නට ඇත. නොමැති නම් ඔවුන් සංචාරක බංකුගත ක‍්‍රීඩකයන් වීමට ද විය හැකි ය. මේ කුමන දෙයක් කළ ද ඒ සියල්ල කරනුයේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සිටින ඉසව්ව තීරණය කිරීමට යැයි අපි අනුමාන කරමු. එහෙත් මෙම තරගාවලියේ දී එය තීරණය කිරීම තරමක අර්බුදකාරීයැ’යි අපගේ වැටහීමයි. විශේෂයෙන් ම අප මේ තීරණයට පිවිසෙන්නේ තරගාවලියේ භාගයක් ම අවසන් වූ පසු ය. එසේ ම තරගාවලියේ විස`දුමක් ද ලැබූ පසු ය.

කෙසේ වෙතත් ඉන්දියාව ඉන්දියාවේ දී පරාජය කිරීම ඉතා ම අපහසු කාරියක් බැව් අප පමණක් නොවේ විදෙස් විචාරකයක් මෙන් ම විදෙස් කණ්ඩායම් ද දන්නා ඉතාම සරල කරුණකි. ඔවුන් තම රටේ දී වඩාත් තරගකාරීය. තරග නරඹන්නන්ගේ වාසිය ද සු`ඵපටු නොවේ. එසේ වෙද්දී අපගේ තරුණ ක‍්‍රීඩකයන් බිලිබෝයිලා කිරීම ද තරමක අසාධාරණයකි. දැන් ඉතිං තරග ජයග‍්‍රහණය කෙසේ වෙතත් යම්තම් හෝ ජාමය බේරා ගැනීමට අපේ බලධාරීන් ගසනු ලබන තුරුම්පු පලක් වේදැයි සැක සහිත ය.

අප මෙම තරගාවලියට කණ්ඩායම් තක්සේරුවක නොපිහිටා හිටි අඩියේ සහභාගි වූව ද ඉන්දීය ක‍්‍රීඩකයෝ මෙම තරගාවලිය කිසිසේත්ම අවතක්සේරු කර නොමැති බැව් දැන් දැන් වැටහේ. තරගාවලිය ආරම්භයේ දී ම ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක මහේන්ද්‍ර සිං දෝනි විවේක ගන්වන බැව් පවසන්නේ සහේතුකව ය. එය තරගාවලිය ආරම්භයට තරමක ව්‍යාකූලත්වයක් එක් කළ ද ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ අදක්ෂතා හේතුවෙන් ඒ අඩුව යටපත් වුණි. ශ‍්‍රී ලංකාවේ ද වෙනස්කම් කිහිපයක් සමග ඉන්දීය සංචාරය ආරම්භ කළ ද ඒ මගින් අප ලත් සෙතක් ද නැත.
‘අපට අවශ්‍ය හො`ද තරගාවලියක්. කණ්ඩායමේ සංයුතිය සම්බන්ධයෙන් අපට කිසිදු ප‍්‍රශ්නයක් නැහැ. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වගේ ම අප කණ්ඩායමේත් යම් යම් වෙනස්කම් සිදුවෙලා තියෙනවා. ඒ සියල්ල මෙම තරගාවලියට අදාළ කරගත යුතු නැහැ. අප අපේ ක‍්‍රීඩකයන් එළැඹෙන ලෝක කුසලාන තරගාවලියට අවශ්‍ය ආකාරයට පෙළගස්වනවා. මෙම තරගාවලියෙන් අපේ බලධාරීන් බලාපොරොත්තු වන්නේ ද එයයි.’ ශ‍්‍රී ලංකාවට එරෙහිව තරුණ ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව උදාකර ගත් විරාට් කෝලි පවසයි. මෙම සංචාරය ආරම්භයේ දී ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන්ගේ ද එක් අදහසක් වූයේ එයය. සංචාරයේ නඬේගුරා වූ නිශාන්ත රණතුංග තැනක එසේ පවසා තිබෙනු මතකය. එහෙත් පැවැති තරග ත‍්‍රිත්වය ම පරාජය වූ පසු පරාජයේ ලජ්ජාව අඩුකර ගැනීමට නවක ක‍්‍රීඩකයන් ද ආදේශ කරමින් දැන් වෙනත් මොකක්දෝ කීමට මේ බලධාරීන් ම උත්සාහ කරන අයුරක් දක්නට තිබේ. මේ අතපත ගෑම එතරම් සුදුසු නැත. අප බොහෝ විට කරන්නේ එයය. අවසානයේ අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දමනවා සේ පළමුව කළ යුතු දේ දෙවැනිව කිරීමට පෙළඹෙති.

බලධාරීන් කුමන ආකාරයකින් කටයුතු කළ ද මෙම තරගාවලියේ දී ක‍්‍රීඩකයන් වෙතින් ද කණ්ඩායමට ලද දායකත්වයේ අඩුවක් වූ බැව් බැහැර කළ හැකි නොවේ. තරගාවලි සංචාරයට එක් වූ සෑම ක‍්‍රීඩකයෙක්ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමග ගිවිසුම්ගත ක‍්‍රීඩකයෝ ය. එබැවින් ඔවුන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පවසන සෑම අවස්ථාවක ම ඊට අනුගත විය යුතුව තිබේ.එක් ක‍්‍රීඩකයෙකු දෙදෙනෙකුගෙන් ඇරෙන්නට අප අනෙක් ක‍්‍රීඩකයන්ගෙන් දුටුවේ ඉතාම දුර්වල තරග රටාවකි. ඔවුන්ගේ ක‍්‍රියාවන් කිසිසේත් වෘත්තීය මට්ටමේ නොවීම කණ්ඩායමට වඩාත් බලපෑ බැව් පැවැසිය යුතුය. සෑම අවස්ථාවකම එක් ක‍්‍රීඩකයෙකු දෙදෙනෙකු ගෙන් යැපීමට සිදුවීම ඛේදනීය ය. එසේ වීමට මෙය පාසල් තරගයක් නොවේ. මෙහි වරද ක‍්‍රීඩකයන් මතම පමණක් නොව බලධාරීන් මත ද පැටවිය යුතුය.

තරගාවලියට එක්වූ ක‍්‍රීඩකයන් මෙන් ම බලධාරීන් ද සෑම අංගයකින් ම සමන්විත වූවත් හො`ද තරග සැලසුමකින් තොරවීම මේ පරාජයට ඉවහල් වී යැයි සිතේ. දැන් අප කළ යුත්තේ එම තත්ත්වය තේරුම් ගෙන ඉදිරි තරගවලට සැලසුම් සැකසීම ය. ඉන්දීය කණ්ඩායම සමග කෙසේ වෙතත් එළැඹෙන එංගලන්ත තරගාවලියේ දී වත් මේ අඩු පාඩු සකසා ගත යුතු ය. අපට වඩාත් විශ්වාසවන්තව ලෝක කුසලාන තරගාවලියට සහභාගි විය හැක්කේ එවිට ය.