රාවය

අරුම පුදුම රූපපෙට්ටිය – පියෙර් බෝදියු

සෞම්‍ය ලියනගේ

2014-10-26 සතියෙන්

බොහෝ උගතුන් පිළිගත් ලෙස, රූපවාහිනිය ජනමාධ්‍යයක් ලෙස පරිහරණය කිරීමේදී එහි ඇති දේශපාලනික අනතුර වන්නේ එහි ඇති යථාර්ථ ආචරණය යි (reality effect). රූප පෙට්ටියෙන් දකින දේ විශ්වාස කරන්න මිනිස්සු පෙළඹී සිටියි. ඉන් ජනිත කරන ප‍්‍රදර්ශන ශක්‍යතාව කියන්නෙ තවත් අතකින් සංචලනයේ (mobilize) ශක්‍යතාව පිළිබිඹු වීම. අදහස්වලට, රූපවලට ජීවය දෙන්න මෙන්ම විවිධ ආන්තික කණ්ඩායම් කුලප්පු කරන්නත් එයට හැකියි. දේශපාලනික සහ සදාචාරාත්මක අර්ථවලින් පේ‍්‍රරණය වූ එදිනෙදා සාමාන්‍ය සංසිද්ධි සහ සරල පුවත්වලට බැඳ දමා තිබෙන බල්ලෝ ලිහා දමන්නට හැකියි. මෙවැනි පුවත් මගින් ජාතික ආලයත්, දේශානුරාගයත්, අනෙකා නොරිස්සන සුළු බවත් ජනිත කෙරෙයි.

පැට්රිනක් ශැම්පෙන් 1986 සිදුවූ ශිෂ්‍ය නැගිටීම් ගැන තවදුරටත් සාකච්ඡුා කරයි. මේ සිදුවීම් වාර්තාකරණයේදී මාධ්‍යවේදීන් කෙතරම් සදාචාරවාදීවත් අහිංසක ලෙසත් මේ වැඬේ කරාද කියා ඔබට හැෙඟනවා ඇති. මේ කර්තව්‍ය ඔවුන් වාර්තා කිරීමට මෙහෙය වූයේ ඉහත ශිෂ්‍ය අරගල පිළිබඳ ඉස්මතු වූ ප‍්‍රවෘත්ති කෙරෙහි ඔවුන් තුළ උද්ධීපනය වූ අනුරාගයයි. ඔවුන් මෙම සිදුවීම් කියවා ගත්තේ කලින් ඇති කරගත් උපන්‍යාසයන් මත හිඳිමින්. මෙම සිදුවීම ඔවුන් දුටුවේ සංජානනයේ විවිධ කණ්ණාඩි පැළඳගෙන. මේ නිසා 1986 ශිෂ්‍ය නැගිටීම් ගැන අදටත් යථාර්ථ ආචරණයන් පැන නගිනවා; ඒ ආචරණයන් නැවත යථාර්ථයට බලපෑම් කරනවා. මාධ්‍යවේදීන් ඒ මොහොතේදී හැසිරුණේ හරියට 1968 මතුවූ මහජන නැගිටීම් නැවත අරඹී ඇති සෙයක් හඟවමින්. නමුත් දේශපාලනික අර්ථයෙන් නොමේරූ, තමන් කිවයුත්තේ කුමක්ද යන්න තේරුම් බේරුම් කරගත නොහැකි මේ ශිෂ්‍යයන්ගේ දේශපාලන අරගලය වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට දක්ෂ කථිකයින්, නියෝජිතයින් සොයා යන්න සිදුවුණා.

මෙහිදී ශිෂ්‍ය අරගල පිළිබඳ කතා කිරීමට ප‍්‍රකාශකයින් තෝරා ගත්තේ බොහොම සීරු මාරුවට. තෝරාගත් නියෝජිතයින්ද මේ නිසා සීරියස් වුණා. අවසානයේ යථාර්ථය නිරූපණය රූප පෙට්ටියේ අභිප‍්‍රාය යැයි කියවුණද සිදුවුණේ මාධ්‍ය විසින් ඔවුන්ගේ ම යථාර්ථයක් නිර්මාණය කිරීම යි. මේ නිසා අප අද ළඟාවෙමින් සිටින්නේ රූප පෙට්ටිය විසින් ගොඩනගා විස්තරකර දෙනු ලැබූ ලෝකයකට. වඩා නිවැරදිව කියන්නෙ නම් එය අපට අප ජීවත්වන සමාජය සහ එහි ජීවිතය නිර්මාණය කොට, විග‍්‍රහකොට දෙනවා පමණක් නොව, එය අපට නව සමාජ ජීවිතයක් නිර්දේශ කර දෙයි.

ජාතික තලයේ සහ ජාත්‍යන්තර තලයේ තත්කාලීන සමාජ දේශපාලන යථාර්ථය විසින් අපට ලෝකය දෙස බැලීමේ විවිධ අවු කණ්ණාඩි බලෙන් සපයා දී තිබෙනවා. මේ කණ්ණාඩි ඇඳ සිටින අපට ලෝකය පෙනෙන්නේ බෙදුණු, වෙන්වුණු තැනක් ලෙසයි. මේ විෂමතා විවිධ කඳවුරු නිර්මාණයවීමට තෝතැන්නකි. මෙම කණ්ඩායම්, කඳවුරු එනයින් පහසුවෙන් විවිධ අරමුණු කරා මෙහෙයවීමට මාධ්‍යයකට හැකි ය; තම කණ්ඩායම විශේෂිතය, එනිසා අපට විශේෂිත ලෙස සැලකිය යුතුය කියමින් බලපෑම් සහගත ලෙස ක‍්‍රියා කළ හැකි ය. රූප පෙට්ටිය අද දවසේ භාරගෙන තිබෙන්නේ මේ රාජකාරිය යි.

චක‍්‍රීය ප‍්‍රතිචක‍්‍රීය තොරතුරු

ජනමාධ්‍යයේ වූ කලී ප‍්‍රතිවිරෝධයන්ගෙන් ගහණ, තරගකාරී මෙන්ම සතුරු ඝනයාගෙන් ප‍්‍රමුදිත අවකාශයකි. මේ අර්ථයෙන් බලනකල, මාධ්‍ය ආයතන මගින් නිෂ්පාදනය කරනු ලබන පුවත් මෙකී ගුණයන් පිළිබිඹු කරයි. එකිනෙකා සමග ඇති තරගයේ ප‍්‍රතිඵලයක් ලෙස විවිධ ජනමාධ්‍ය සහ ඒවා අතර ඇති දේශපාලනික ප‍්‍රවණතාවල විෂමභාවය වඩා වඩාත් අප‍්‍රකට ලෙස සැඟවී යන බව පෙනෙන්නට තිබේ. වෙළෙඳපොළ තරගකාරීත්වය සහ විවිධ ව්‍යුහයන් විසින් පනවනු ලබන පීඩනය විසින් මෙකී දේශපාලන අර්ථ මැකී යයි. නිදහස් වෙළෙඳපොළ ආර්ථික න්‍යාය අපට උගන්වන්නේ වෙළෙඳපොළ ඒකාධිකාරය, සහයෝගිතාව වර්ධනය කරන බවයි; තරගකාරීත්වය විසින් විවිධත්වය ජනිත කරන බවයි. මෙකී උපන්‍යාසයන් තව තවත් තරගය උත්සන්න කරයි.
මාධ්‍යයක වෙළෙඳපොළ විසින් ජනිත කරන පීඩනය සහ පේ‍්‍රක්ෂක මත විමසුම් (opinion polls) පසුපස ලූහුබැඳීම් නිසා මාධ්‍ය අතර පැවති දේශපාලන විෂමතා, සමතා බවට පරිවර්තනය වී ඇති බව මගේ නිරීක්ෂණය යි. මා කියනවාට සතිපතා එළිදක්වන පුවත්පතක් ගෙන ඒවායේ ප‍්‍රධාන සිරස්තල නිරීක්ෂණය කළහොත් ඔබට පෙනේවි ඒවායේ තේමා අතර වැඩි වෙනසක් නැති බව. ප‍්‍රධාන ගුවන්විදුලි සහ රුපවාහිනි නාලිකාවල නම් අඩු තරමින් මේ තත්ත්වය මගහරවා ගෙන ඇත්තේ ඉදිරිපත් කරන සිරස්තලවල ප‍්‍රමුඛතාවේ අනුපිළිවෙල ඉඳහිට හෝ වෙනස් කිරීමෙන්. මේ තත්ත්වය මතුවෙන්නේ ප‍්‍රවෘත්ති නිෂ්පාදනය සාමූහික වෙළෙඳාමක් බවට පරිවර්තනය වී ඇති බැවිණි. එහෙත් රූප පෙට්ටිය විසින් මුදාහරින පුවත් සහ තොරතුරු අප අතට පත්වන්නේ සාමූහික ක‍්‍රියාකාරිත්වයක ප‍්‍රතිඵලයක් ලෙසින් පමණකැයි අපට අනුමාන කළ නොහැකිය. මන්ද අප අතට පත්වන නිෂ්පාදිත තොරතුරු එහි මූල ස්වරූපයන් සඟවන බැවිනි. අප අතට පත්වන ප‍්‍රවෘත්ති සංකතනවල නිර්මාණකරුවා කවුරුන්දැයි දැනගැනීමට ග‍්‍රාහකයින් වන අපට කුකුසක් ඇත. නමුත් අවාසනාවට මෙන් මෙම සංකතනවල නිර්මාපකයින් කවුරුන්දැයි ඒවා පරිභෝජනය කරන අපත් නිර්මාණය කරන ඔවුනුත් නොදනියි. කොටින් කිවහොත් ග‍්‍රාහකයා තමන්ගේ සැබෑ ස්වරූපය කුමක්ද කියාවත් හරි හැටි නො දනියි.

ජනමාධ්‍යවේදීන් තරම් පුවත්පත් කියවන වෙන යමෙක් වේදැයි මා දන්නේ නැත. මේ මාධ්‍යවේදීන් සිතන්නේ මුළු මහත් ජනතාවම දිනපතා පුවත්පත් කියවන බව යි. ජනමාධ්‍යවේදියාට නම් දිනපතා ප‍්‍රවෘත්ති පිළිබඳ දැනීමක් තිබුණාට කම් නැත. තමා කින්නේ කුමක්ද කියා තීරණය කිරීමට කලින් අනෙකා කියා තිබෙන්නේ කුමක්ද කියා දැනගැනීම ඔවුනට වැදගත්ය. නමුත් මේ ක‍්‍රියාවලිය විසින් ජනිත කරන්නේ විචාරශීලි අදහස් නොව සමානශීලි අදහස් ය. ප‍්‍රධාන පෙළේ පුවත්පතක් යම් පුවතකට ප‍්‍රමුඛතාවදී තිබෙනවා නම්, තවත් එවැනිම වූ ”ජාතික” පුවත්පතකට එසේ නොකර ඉන්නට බැරි ය. ඔවුන්ද එම පුවත තමන්ගේ දවසේ වස්තු විෂය කරගන්නා අතර තම මාධ්‍ය අනන්‍යතාව සහ ගෞරවය පවත්වා ගන්නේ ඉදිරිපත් කෙරෙන මුඛ්‍ය පුවත කිසිවෙකුටත් නොදැනෙන්නට උපායශීලි ලෙස වෙනස් කිරීමෙනි. මේ ක‍්‍රියාව හරියට ඔළුව වටෙන් අත දමා කන අල්ලනවා වගේ වැඩක් ය. කර්තෘ මණ්ඩල බොහෝ කාලයක් ගත කරන්නේ තමන්ට කරන්නට බැරි වූ දේ සහ අනෙකා කළ දේ ගැන තර්ක විතර්ක කිරීමට ය. මෙලෙස එකිනෙකා සංසන්දනය කරමින් කෙරෙන මාධ්‍ය ක‍්‍රීඩාව භයානක මානසික අවරසිකත්වයකට මුල පුරයි. තව උදාහරණයක් පවසන්නම්: දහවල විකාශනය වන ප‍්‍රවෘත්ති සම්පාදනය කිරීම සඳහා මාධ්‍යවේදියාට පෙර දින 8 ප‍්‍රවෘත්ති නරඹනවාට අමතරව දිනපතා පුවත්පත් කියවිය යුතුවෙයි. ජනමාධ්‍යවේදියා රචනා කරන වෘත්තිය අද්විතීය පුවතක් බවට පත්කරගන්නේ තමා සම්පාදනය කරන ප‍්‍රවෘත්තිය අනෙකුත් ප‍්‍රවෘත්තිවලින් වෙනස් කරගන්නේ කෙසේද කියන කරුණ මතය. නමුත් ග‍්‍රාහකයා මේ සංසිද්ධිය ගැන අවිඥානක ය. උදාහරණයකට, ‘සත්‍යයේ සටහන යුක්තියේ විමසුමට”, ”රුපවාහිනියේ මහගෙදර”, ”සත්‍යය එසැණින්” වැනි උද්ධෘත පාඨ මාධ්‍ය මගින් නිතර ප‍්‍රචාරය කරන්නේ තමන් අනෙකාට වඩා වෙනස් බව හඟවන්නට ය. ”අපි තමයි, මේකෙ නිල විකාශය අයිතිය හිමි”, ”අපිට තමයි පළමුවෙන්ම මේක දැක්කේ”, ”අපේ ප‍්‍රවෘත්තිය නිසා තමයි මේ අසාධාරණ වැඬේ එළිකරන්න පුළුවන් උනේ” ආදී නොයෙකුත් වාගාලාප අපිට නිරන්තරයෙන් ඇසෙන්නේ ය. රජයක් විසින් කළ යුතු වැඩ කොටසත් දැන් බාරගෙන ඇත්තේ මේ උදවිය ය. අසාධාරණය, යුක්තිය, සාධාරණත්වය, ජාතීන් අතර සමගිය, ආගමික සහජීවනය, දුෂණය, දුරාචාරය, සදාචාරය ආදී මෙකී නොකී සියල්ලේම වගකීම ගන්න මේ මාධ්යෙ පොර අල්ලන්නේ ය. මේ සිදුවීම් සියල්ල අතරතුර ග‍්‍රාහකයාට ඒ කිසිවක් ගැන වගේ වගක් නැත. අනෙක් අතට මාධ්‍ය ආයතනවලට ග‍්‍රාහකයෙක් ඉන්නවාද කියා තැකීමක්ද නැත. මාධ්‍ය ආයතනවල අවධානය යොමුවන්නේ රේටින්ග්ස් වලට ය. දශම කිහිපයකින් හෝ රේට් එක පල්ලෙහාට වැටුණා කියන්නේ, මරණයට ළංවුණා වගේ වැඩක් ය.

සමහරක් අවස්ථාවලදී, මාධ්‍ය ආයතන විසින් ගනු ලබන තීරණ සහ විවිධ තෝරාගැනීම් සම්බන්ධයෙන් වගකියන්නට කෙනෙක් නැත. කොටින් කිවහොත් ඒ සංසිද්ධිවලට වගකියන මිනිස් ප‍්‍රාණයක් එම ආයතනයන්හි නැත. මේ අදහස තවදුරටත් විග‍්‍රහ කිරීමට ඉහතින් මතු කළ චක‍්‍රීය ප‍්‍රතිචක‍්‍ර තොරතුරු සංකල්පය වෙත ප‍්‍රවේශ වෙන්න මට ඉඩ දෙන්න. පොදු වශයෙන් ගත් කල, අධ්‍යාපන මට්ටම සහ තරාතිරම සලකා බලන විට, ජනමාධ්‍යවේදීන් අතර ඒ හැටි වෙනසක් නැත. ඔවුන් එකම කුලයක මිනිස්සු ය, ගැහැනුය. මොවුන් හමුවූ විට, කෙරෙන වාද විවාදවලින් මේ බව මනාව පසක් වෙයි. ඔවුන්ගේ සංවාදවල සාරාංශය අපට පසක් කරන්නේ මා කලින් සඳහන් කළ මානසික අවරසිකත්වයත් ස්වයං වාරණයේ ස්වරූපයත් පමණි. මේ වාරණය සැමවිටම අදෘශ්‍ය මානය. එනිසාම එය වඩා ප‍්‍රතිඵලදායකය.

මතු සම්බන්ධයි

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;