හේමසිරි සහ ඩිලාන්

මෙරට ඔලිම්පික් කමිටුව ගැන කතා නොකළ යුතු තරමට එය නොවැදගත් කලාපයක් වී ඇත. එය නොවැදගත් කර ඇත. එලෙස කර ඇත්තේ එහි වෙසෙන වැදගත් මහත්වරුය. මහත්හොරු කීම ඊට උචිතය. තනතුරු අත්නොහැර බල ලෝභයෙන් එකී තනතුරුවලට ඇලි – ගැලී වෙලී සිටිනවා හැර වෙන සැපතක් ඔවුහු නොදනිති. අවසානයේ සියලූ සැපයන්හි රහසද එකී තනතුරමය.
ඔලිම්පික් නිල වරණයකට දින නියම වනවිට නිලවරණයෙන් උන් හිටි තැන් අහිමි වන බව දැනෙන විට හැෙ`ගන විට ජාත්‍යන්තරයට ගොස් එහි බිජු ලා ආ ඔලිම්පික් නිලධාරීහු කිසිදු වග විභාගයකින් තොරව සිය තනතුරුවල යෙහෙන් වැජඹෙති. මේ ව්‍යාජ රංගන ඇයි? තනතුරු අත්හැරීමට මෙතරම් මැලි ඇයි?

යම් කාලයකදී වෙනස් කරනවා කී වෙනස්කම් කෝ? මේ රවටනුයේ කාවද? ඒවා ගැන ඉදිරියේදී ඇති පදම් ලිවිය යුතුය. ඒ ටික හෝ ලිවේ ඩිලාන් පෙරේරා ඇමතිතුමා මේ ටික කී බැවිනි. ඔහු නොබෝදා පාර්ලිමේන්තුවේදී කීවේ ‘ඔලිම්පික් කමිටුවත් කෝප් එකට ගේන්න ඕනෑ. කි‍්‍රකට් අය ගෙනාවා වාගේ ගේන්න ඕනෑ’ යනුවෙනි.
කි‍්‍රකට් එක කෝප් එකට ගෙනාවේයැයි සිදුවූයේ කුමක්ද? කෝප් එකට ගෙන ආ කප්පරක් ආයතනවලට සිදුව ඇත්තේ කුමක්ද? මේ සියල්ල හුදු සංදර්ශනය. ජනතාව මංමුලා කරවන විගඩම්ය.
ඩිලාන් පෙරේරා ඇමතිතුමා ඔලිම්පික් කමිටුව පිළිබඳ කෑමොර දෙන්නේ එතුමා ඔලිම්පික් නිලවරණයේ සභාපතිකමට තරග වදින්නට සිටි නිසාය. ඩිලාන් වැනි සුසිල් රණසිංහගේ රූඩකයක් ඔලිම්පික් සභාපති වනවාට වඩා මේ ඉන්නා හේමසිරි හොඳ බව අප එදාද ලියුවෙමු.

අදද ලියන්නෙමු. ඩිලාන් වොලිබෝල් සම්මේලනය නියෝජනය කරමින් ඔලිම්පික් කමිටුවේ උප සභාපති කමක් දරනුයේ වසර ගණනාවක සිටය. එකල ඔලිම්පික් කමිටුව ගැන වචනයක් දෙඞීමට මේ ඇමැත්තාට කොන්ද පණ නොතිබුණි. හේමසිරි ප‍්‍රනාන්දු මහතා සැමදා සිටින ලෙස පනත් වෙනස් කර ගන්නා කළ මේ මහත්වරු නිදාසිටියෝද?
අද පාර්ලිමේන්තුවේ කෑමොර දෙන ඩිලාන් පෙරේරා ඇමතිවරයා අදටත් ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයෙකි. එසේ නම් ඔහු පාර්ලිමේන්තුවේ නොව වාද විවාද කළ යුත්තේ ඔලිම්පික් කමිටුවේය. එහි විධායක කමිටුව තුළය. ඔහුගේ ඕලිමිපික් කමිටුවේ නිලතල දරන කාලය දසවසරකට වැඩි බැවිනි. එවැනි කශේරුවක් අහිමි අය ජාත්‍යන්තරය නියෝජනය කරන්නට මෙරට ඔලිම්පික් පුටුවේ ප‍්‍රධානියා විය යුතුද?

අද ඔලිම්පික් විධායක කමිටුව නොරැුස්වේ. එහි සාකච්ඡුා නොපවතී. ඉදිරි වැඩසටහන් ගැන කිසිදු කතා බහක් නොපවතී. එය දෙපළකට අවැසි ලෙස පවතී, මෙකී තත්ත්වයට ඒ තුළට ගොස් අභියෝග කරන්න බැරි පාන්කඩ චරිත පුම්බා පුටුවල වාඩි කරනවාට වඩා හේමසිරි ප‍්‍රනාන්දු වැනි අයම ඒ පුටුවෙහි සිටීම වටී,
හේමසිරි ප‍්‍රනාන්දු මහතා සිය තනතුර අත්නොහරින නිසා තමන්ට ඒ තැන නැතැයි නොකියා කියන ඩිලාන් පෙරේරා ඇමතිවරයා දස වසරකට වැඩි වොලිබෝල් සභාපතිකම අත්නොහරින නිසා කාංචන වොලිබෝල් සභාපති පුටුවේ හිඳගැනීම දවසින් දවස කල් යමින් තිබේ.

එවන් වටපිටාවක ඩිලාන් ඇමතිවරයා හේමසිරි ප‍්‍රනාන්දු මහතා එළවන්නට වළිකනවා වෙනුවට තමන් ඉවත් වී එයට එන්නට සිහින දකින අයට ඉඩ දීම ඊට වඩා වටිනේය. මන්ද ඩිලාන් පෙරේරා වැනි ඇමතිවරයකුට ඔලිම්පික් පුුටුවේ හිඳ කළ හැක්කක් නැති බැවිනි. සුසිල් රණසිංහට ඕනෑ දේ කරන්නට ඩිලාන් පෙරේරා ඇමතිවරයා ඉන්දීම නොපහත්කමකි.
පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද පාවිච්චි කරමින් ඔලිම්පික් කමිටුවට විරුද්ධව විසිල් නොගහා ඔලිම්පික් කමිටුවට ගොස් තම උපසභාපති බලය පාවිච්චි කොට බල්ටි ගහන්නැයි අපි ඩිලාන් ඇමතිවරයාට කියමු. මහින්දානන්ද ඇමතිවරයා මෙන්ම ඩිලාන් ඇමතිවරයාගේද විසිල් මිස බල්ටි නැති බව අපි දනිමු. එමෙන්ම ඔවුන් ගජ යාළුවෝ බවද අපි දනිමු. කී‍්‍රඩා ඇමතිවරයා කී‍්‍රඩාව කාබාසිනියා කරන ලෙස ඩිලාන් අමැතිවරයා ඔලිම්පික් කමිටුව විනාශ කළ යුතු නැත. ඊට වඩා එය හේමසිරි ප‍්‍රනාන්දු මහතාටම කරගෙන යෑමට දීම දාහෙන් සම්පතකි.