පරාජයට හේතු සෙවීම

ඉන්දීය සංචාරය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සැඩ පහරකට හසු කරගනිමින් නිමා වුණි. දැන් මේ ගෙවී යන්නේ එහි පශ්චිම සමයයි. කළ කී දෑ බොහෝ ය. වන්නම අල්ලන්නට යන විට ම වෙන්නේ මොකක් දැයි බොහෝ දෙනෙක් දැන සිටිය හ. එහෙත් ක‍්‍රිකට් භාර උන් දැන සිටියේ නැත. නැත්නම් දැන සිටිය ද නොදැන සිටියාක් මෙන් කටයුතු කළෝ ය.
මේ සටහන එක් එක් අය ඉන්දීය සංචාරය අළලා ප‍්‍රකාශ කළ දෑ ය. පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටදීත් රැුව් පිළිරැුව් දුන් කතාවලින් උපුටා ගත් කොටස් ය.

ඇන්ජලෝ මැතිව්ස්

මේක මහ ලැජ්ජාවක්. තරගාවලිය පුරාම අපිට යමක් කරන්න බැරි වුණා. අපිට අඩුගානෙ තරගයක්වත් දෙන්්න බැරි වුණා. සිවුවැනි තරගයේ අවසන් ඕවර 20දි අපි අතරමං වුණා. අපේ පන්දු යවන්නන්ට එදා කිසිම දෙයක් කර ගන්න බැරි වුණා. මේක පිළිගන්න පු`ඵවන් තත්ත්වයක් නොවේ. අපේ පන්දු යවන්නන් කිසිවෙකුට කියන්න නිදහසට කරුණු කිසිවක් ම ඉතිරි වෙලා නැහැ. අපිට අපේ ප‍්‍රශ්න විස`දගන්න වෙනවා. පන්දුවට පහර දීම, පන්දු යැවීම වගේ ම පන්දු රැුකීමත් සහ මේ හැම දෙයක් ම.

විරාට් කෝලි

අපේ කණ්ඩායම ගැන අපිට විශාල විශ්වාසයක් මුල සිටම තිබුණා. අපිට වුවමනා වුණේ එක් එක්කෙනාගේ දක්ෂතා බලන්න. ප‍්‍රතිවාදීන් කවුරු වුණත් අපිට ඕනෑ කරන අංශවල දියුණුවක් අපි ලබලා තියෙනවා. අපිට අවශ්‍ය වුණෙත් ඔවුන්ගේ දක්ෂතා බලන්න. ඔවුන් අතර තරගයක් දකින්න. අපි කණ්ඩායම තුළ ඇති කරන්න උත්සාහ කළේ ඒ වගේ වාතාවරණයක් සහ විශ්වාසයක්. අනෙක් කණ්ඩායම හිතන දේ ගැන අපිට වැඩක් නැහැ. අපි අපේ දේ කළා.

කුමාර සංගක්කාර

ඕනෑම කණ්ඩායමක් ඔවුන්ගේ රටේදි පරාජය කිරීම අමාරු දෙයක්. විශේෂයෙන් ම ඉන්දියාව. එහෙම කියලා මේ පරාජයෙන් ගැලවෙන්න අපි උත්සාහ කරන්නෙ නැහැ. මේක අපේ මානසික කඩා වැටීමක් නොවේ. ඒත් ඒ තරගකාරීත්වයට මුහුණ දෙන්න අපි සූදානම් වෙලා හිටියේ නැහැ. කොහොම වුණත් වෙනත් තැනක දී ඉන්දියාව සමග තරග කරනවා කියන්නේ වෙනම දෙයක්. අපි ඒකට සූදානම්.

සනත් ජයසූරිය
(තේරීම් කමිටු සභාපති)

මේ පරාජයේ වගකීම ක‍්‍රීඩකයන්ට විතරක් පවරන්න බැහැ. අපිත් ඊට වගකිව යුතුයි. ලෝක කුසලාන තරගාවලියට ප‍්‍රථම ලැබූ මේ පරාජය වෙස්වලාගත් ආශිර්වාදයක් වගේ. මේ ගැන වැඩිය හිතන්න එපා. අපි ඔවුන්ට උදව් කළ යුතුයි. රටේ හැම කෙනෙකුගේ ම උදව් ඔවුන්ට අවශ්‍යයි. අපි ඉන්දියාව හමුවේ පරාජය වූ පළමු අවස්ථාව මෙය නොවේ. පරාජය වුණාට පසුවත් අපි ජයග‍්‍රහණය කරලා තියෙනවා. මෙතැන් සිට අප කළ යුත්තේ සෑම දෙයක්ම කෙරෙහි විශ්වාසය ගොඩනගා ගැනීමයි. ඉන්දීය සංචාරයේ දී සමස්තයක් ලෙස කිසිවෙක් හො`දින් කළේ නැහැ. ඒක අවාසනාවට සිදුවූ දෙයක්. මෙම පරාජය පිළිබ`දව බොහෝ දෙනා බොහෝ දේ පවසනවා කියලා මම දන්නවා. යම් විදිහකින් අපි මේ තරගාවලිය ජයගත්තා නම් එය ඉතා හො`ද අත්දැකීමක් බව දැන් දොස් කියන අයම කියනවා. ඒකයි යථාර්ථය.

සනත් ජයසූරිය (නියෝජ්‍ය ඇමැති- පාර්ලිමේන්තුවේදී)

අපේ ක‍්‍රීඩාව දීර්ඝකාලීන වැඩ පිළිවෙලක් යටතේ ඉදිරියට පැමිණ තිබෙනවා. මා දැන් ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති. අපිට ක‍්‍රීඩා ඇමැතිතුමාගෙන් කිසිම බලපෑමක් වන්නේ නැහැ. අපේ වේගපන්දු යවන්නන් ආබාධිත තත්ත්වයට පත් වී සිටියා. අපිට සල්ලි ලැබෙන්නේ පිටරට ක‍්‍රීඩකයන් මෙහාට ආවාමයි. තරග පහ දිනන්න පු`ඵවන් වේවියැ’යි අපි හිතුවේ නැහැ. අලූත් ක‍්‍රීඩකයන් හිටියේ. මේ සිද්ධියේ වගකීම මම බාර ගන්නවා. අලූත් පුහුණුකරුවෙක් ක‍්‍රීඩා ඇමැතිවරයා ඒ සිද්ධියේ වගකීම බාරගත යුතුයැ’යි මා කියන්නේ නැහැ. අපේ ක‍්‍රීඩකයන්ට සියලූ පහසුකම් දී තිබෙනවා. ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෘත්තීය මට්ටමට ගෙනැවිත් තිබෙනවා. ලෝක කුසලානයට හො`දම කණ්ඩායමක් තෝරනවා.

අර්ජුන රණතුංග (හිටපු ක‍්‍රිකට් නායක)

ක‍්‍රිකට් විනාශ කළේ ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයයි. මුදල් ඉදිරියේ අපේ අයට ලැජ්ජාවක් නැහැ. කිසිදු සැලැස්මකින් තොරව ඉන්දියාවට යැවූ අපේ ක‍්‍රිකට් කණ්ඩායමට මොකද වුණේ. මේ පරාජයේ වගකීම තනිකර ම ක‍්‍රීඩා අමාත්‍යවරයා සහ ක‍්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් බාර ගත යුතුයි. ලෝක කුසලාන තරගාවලියක් පෙනි පෙනී තිබෙද්දී මේ වගේ තීරණ ගන්න තරම් ක‍්‍රිකට් ආයතනය නිලධාරීන් බංකොලොත් ද?

අර්ජුන රණතුංග (පාර්ලිමේන්තු මන්ත‍්‍රී- පාර්ලිමේන්තුවේදී)

සමහරු මෙහි කතා කළේ රෙදි ඇ`දගෙනද කියලා මට ප‍්‍රශ්නයක් මතුවුණා. සැලසුම් නැතිව ක‍්‍රීඩා තරගවලට යවන්න බැහැ. ඉන්දීය ක‍්‍රිකට් ආයතනය සතුටු කරන්න කරපු දේ නරකයි. ක‍්‍රීඩකයන් තෝරන කොට ක‍්‍රීඩා ඇමැතිට පඹයෙක් වගේ ඉන්න වෙලා. ක‍්‍රිකට් විනාශ කළේ ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයයි. අපිට හා වෙනත් රටවලට ඔවුන් හරියට මුදල් දුන්නේ නැහැ. අපි අද ඒ ආයතනයට යටවෙලා. අපේ ක‍්‍රිකට් ආයතනය ඔවුන් ගහන පදයට නටන බව ඒ අය දන්නවා. ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ක‍්‍රිකට් ආයතනය හොර ගුහාවක්. ඒක කිව්වෙ ආණ්ඩුවේම ඇමැතිවරයෙක්.

නලින් බණ්ඩාර (පාර්ලිමේන්තු මන්ත‍්‍රී- පාර්ලිමේන්තුවේදී)

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියකට ලබන වසරේ මුහුණදීමට තිබිය දී ඉන්දියාවේ ක‍්‍රිකට් තරගාවලියකට සහභාගි වී අප පැරදුණා. අපේ ක‍්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය බිංදුවට දැම්මා. සල්ලි පසුපස යෑම මීට හේතුවයි. ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ අසමගිය අකාර්යක්ෂමතාව මීට බලපෑවා.
ඉන්දියාව සතුටු කරන්න ඕනෑ නිසා මේක කළාට නිශාන්ත රණතුංග ඇතු`ඵ නිලධාරීන් පිරිස මේකට වගකියන්න ඕනෑ.