රාවය

මෛතී‍්‍රට 59% මහින්දට 41% කී බුද්ධි ලොක්කා ඉවතට

මෛතී‍්‍රට 59% මහින්දට 41% කී බුද්ධි ලොක්කා ඉවතට

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතාට දළ වශයෙන් 59%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලැබෙනු ඇති බවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාගත හැක්කේ 41%ක ඡන්ද ප‍්‍රතිශතයක් බවටත් වූ බුද්ධි වාර්තා ඉදිරිපත් කිරීම හේතුවෙන් කෝපයට පත්වී ඇති ජනාධිපතිවරයා රාජ්‍ය බුද්ධි සේවයේ ප‍්‍රධානි නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර වාකිෂ්ඨ මහතා එම ධුරයෙන් ඉවත්කර ඇතැයි වාර්තාවේ.

එමෙන්ම අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් විපක්ෂයට යන බවට වූ තොරතුරු කල්තියා දැන ගැනීමට නොහැකි වීමද රාජ්‍ය බුද්ධි සේවයේ ප‍්‍රධානියා කෙරේ ජනපතිවරයාගේ කෝපය එල්ල වීමට හේතු වී තිබෙන බව තවදුරටත් වාර්තාවේ.

පසුගිය කාලය පුරාම රටේ දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් වාර්තා සියල්ලකම පාහේ සඳහන් වී ඇත්තේ ජනාධිපතිවරයාට අවාසිසහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට වූ තොරතුරු බවද දැනගන්ට ලැබේ.

ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ දෙවෙනියා එහි ප‍්‍රධානියාගේ කටයුතු ආවරණය කිරීම සඳහා බැඳී ඇතැයි දැනගන්ට ලැබෙන අතර රාජ්‍ය බුද්ධි සේවයේ ප‍්‍රධානි නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර වාකිිෂ්ඨ නොවැම්බර් 27 දින ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවන්නට ගොස් තිබෙන බවද වාර්තා වේ.
උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් රාවය කළ විමසීමකදී එහිමියන් පැවසුවේ අවුරුදු විසි ගණනක් පුරා පැවති යුද්ධයට දරුවන් යැවුවේ රටේ මාපියන් බවත් ඒ බව නැවත සිහිකිරීම සඳහා මෙම ධර්ම දේශනා මාලාව පවත්වන බවත්ය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;