අම්බලන්ගොඩ චෙස් ශූරයා

මාදු ගග මත රටා මැවෙන රැළි, සද එළියට දිදුලන්නේ අමුතු චමත්කාරයක් එක් කරමිනි. ඉද හිටක හමන සුළග පරිසරය කළම්බා ගත හීගඩුවලින් නහවයි. තාරුණ්‍යයට පිළිපන් රාත‍්‍රියේ නිදි නොරැුඳි දෙනෙතකි. ඒ සසිත් නිපුන් පියමන්තගේ ය.

සසිත් යනු චෙස් ක‍්‍රීඩාවෙන් මෙරට බිහිවෙන ළාබාලතම ෆිඬේ මාස්ටර් (Fide Master) ය. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබන සසිත් තවමත් 12 හැවිරිදි ය. තවත් වසරක් 13න් පහළ ඉසව්වේ ක‍්‍රීඩා කිරීමට වරම් ඇති සසිත් මේ වසරේ තායිවානයේ තායිපේ නුවර පැවැති 10 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේ දී 13න් පහළ බාලක රන් පදක්කම දිනාගැනීමත් සමග ආසියානු චෙස් සම්මේලනය මේ තනතුර සසිත්ට ලබාදීමට කටයුතු කර තිබේ.

‘පුතා චෙස් ක‍්‍රීඩාව ආරම්භ කරපු අවධියේ අපිට ගොඩක් දවස්වලට ඉන්න වුණේ නිදි වර්ජිතව. එයා මේ ක‍්‍රීඩාවට කොච්චර ඇබ්බැහි වුණා ද කියනවා නම් හරියටම ක‍්‍රීඩාව මොකක්ද කියලා හදුනාගන්නකම් දවසකට පැය දෙක තුනකට වඩා නිදා ගත්තේ නැහැ. එයා රෑට නිදාගන්න ගියෙත්, උදේට අවදි වුණෙත් චෙස් ඉත්තොත් එක්ක. පුතාගෙ ජයග‍්‍රහණවලට මූලික ම හේතුව වුණේ චෙස් ක‍්‍රීඩාව කෙරෙහි වූ ඔහුගේ මේ කුතුහලය…’ සසිත්ගේ මව වන අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ ආචාර්යවරියක වන එල්.බී. නිල්මිණි මහත්මිය තම පුතුගේ ගමන් මග හෙළි කළේ එලෙස ය.

සසිත් පළමුවෙන් චෙස් ක‍්‍රීඩාවට පිවිසෙන්නේ ද තම මවගේ ආභාසයෙනි. ඇය නිල්වලා විද්‍යාපීඨයේ ඉගෙනුම ලබන අවධියේ දී ලැබෙන විවේකයේ දී චෙස් ක‍්‍රීඩාව අතපත ගා තිබේ. ඊට ඇති කැමැත්ත නිසා ම ඇය තම පුතා ද චෙස් ක‍්‍රීඩාවට යොමු කර ඇත. ඒ මීට වසර 5කට පෙර ය.
‘පුතා චෙස් ක‍්‍රීඩාවට පිවිසියේ අවම පහසුකම් යටතේ නිසියාකාර බෝඞ් එකක්වත් නැතිව. ඒ වගේ ම තමයි ගෙදර ස්ටූල් එකක්වත් තිබුණෙ නැහැ. අපි හැමෝම පැදුරෙ වාඩිවෙලා තමයි චෙස් ක‍්‍රීඩාව කළේ. අපි නැති වෙලාවලට එයා තනියම පැති මාරුවෙවී චෙස් ක‍්‍රීඩාව කළා. මේ කැපවීම තමයි පුතාගෙ දක්ෂතාවලට ඉවහල් වුණේ…’ ඇය තවදුරටත් පැවැසූවාය.
සසිත්ගේ අඩි පාරේ යන ඔහුගේ සොයුරු තිසල් මංජිත් පියුමන්ත ද චෙස් ක‍්‍රීඩකයෙකු ලෙස ඉදිරියට පිවිසෙන්නෙකි. ඔහු පසුගියදා වයස අවුරුදු 7න් පහළ පාසල් චෙස් පදක්කමක් දිනා ගත් දකුණු පළාත් පළමු ක‍්‍රීඩකයා බවට ද පත් වූවේ ය.

අවස්ථා ගණනක දී ශ‍්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායම නියෝජනය කළ සසිත් ක‍්‍රීඩාව ආරම්භක අවධිය ගත කරන්නේ චෙස් ක‍්‍රීඩාවේ වන ඉලක්කය අල්ලා ගැනීමට වන කල් මැරිල්ල වඩාත් හො`දින් සිදු කරමිනි. ඔහුට කිසිදු ඉක්මන්කමක් නුවූවේ ය. සෑම විටකම වඩාත් නිවැරදි ම දේ ග‍්‍රහණය කරගන්නා සසිත් චෙස් ක‍්‍රීඩාවේ ජයග‍්‍රාහී මංපෙත් විවර කරගන්නේ පුහුණුව ආරම්භ කර වසර දෙකක පමණ කාලයක් ගත කළ පසු ය.

එතැන් සිට සහභාගි වන සෑම චෙස් තරගාවලියක දී ම පදක්කමක් තමන් සන්තක කරගැනීමට සසිත් සමත් වන්නේ ය. සසිත්ගේ මේ සියලූ ජයග‍්‍රහණ පිටුපස ඔහුගේ පෞද්ගලික පුහුණුකරු ගිහාන් කාංචන මහතා ද වේ. කිසිදු අය කිරීමකින් තොරව පුහුණු කටයුතු සිදු කරන ඔහු සසිත් පිළිබ`ද වඩාත් බලාපොරොත්තු තබා සිටී. ඒ කොතෙක් ද යත් සසිත් ට ‘ඉන්ටර් මාස්ටර් සහ ග‍්‍රෑන්ඞ් මාස්ටර්’ යන තත්ත්වයන් ලබා දිය හැකිය යන තක්සේරුවයි. එය සසිත්ලාගේ ගේ අසලින් ගලා බසින මාදු නදිය සේ රැුලි පිට රැුලි නගමින් තරගයක් තරගයක් පාසා යළි යළිත් සිත අලූත් කරවන බලාපොරොත්තුවකි. එම බලාපොරොත්තුවේ කොටස්කරුවන් ලෙස අපි ද සිටිමු.