උතුරෙන් නාවලපිටියට ආ රාජන් කන්දසාමි

සටහන සහ ඡායා නිමල් බණ්ඩාර හේරත්

ක්‍රීඩාවට උපන් හපන්කම් දැක්වූ වයස අවුරුදු 84ක් වන රාජන් කන්දසාමි නාවලපිටියෙහි කාගේත් ගෞරවය ආදරයට ලක්වූවෙකි. ඔහු සිය පාදයක් මඳක් අප‍්‍රාණික වීමේ රෝගයට ගොදුරුව දැනට වසර දහයක් පමණ වේ. ගතින් දුර්වල වුවද සිතේ සවිය නිසා ශාරීරික ව්‍යායාම කෙරෙහි ඇති දැඩි විශ්වාසය මත තමන් විසින් සකස් කර ගත් කාල සටහනකට අනුව ඔහු කටයුතු කරයි. කන්දසාමි මට හමු වූයේ නාවලපිටිය ජයතිලක කී‍්‍රඩාංගණයේ ශාරීරික ව්‍යායාමවල නියැළෙමින් සිටියදීය.

අසනීපව සිටියත් එදා මෙන් අදත් කී‍්‍රඩාවට කැප වූ කන්දසාමි නාවලපිටියේ පවත්වන මලල කී‍්‍රඩා තරගවල ප‍්‍රධාන විනිසුරු ලෙස කටයුතු කරයි. එසේම නාවලපිටිය සහ අවට පාසල්වලින් ලැබෙන ආරාධනා පිළිගෙන කී‍්‍රඩාවට ළැදියාව දක්වන කී‍්‍රඩාවේ නියැළෙන දරු දැරියන්ට ස්වෙච්ඡුාවෙන්ම කී‍්‍රඩා පුහුණුවීම් කරමින් උපෙදස් ලබා දෙයි. ඔහු මෙන්ම ඔහුගේ ගෝලයෝද රැුකියාවෙන් විශ‍්‍රාම ගොස් විශ‍්‍රාම සුවෙන් පසු වෙති. එහෙත් කී‍්‍රඩාවටත් කී‍්‍රඩාපිටියටත් සමු නොදුන් ඔහු දිනපතා සවස ජයතිලක කී‍්‍රඩාංගණයට පැමිණ ශාරීරික ව්‍යායාමවල යෙදෙමින් කෙළවරක් නැතිව නවීකරණය වන කී‍්‍රඩාපිටිය සදා අවසන් වනතුරු බලාසිටිමින් කාලය ගෙවා දමයි.

නාවලපිටිය ශාන්ත මාරියා විද්‍යාලයේ කී‍්‍රඩා ගුරුවරයකු වූ කන්දාසාමි තම සේවය එම පාසලට පමණක් සීම නොකර මහනුවර දිස්ති‍්‍රක්කයේ සියලූම පාසල්වලටත්, කී‍්‍රඩා සමාජවලටත් ව්‍යාප්ත කරමින් වසර අටක පමණ කාලයක් නාවලපිටිය පාපන්දු ලීගයේ විවිධ තනතුරු දරමින් තම සේවය ඉටු කළේය.
උතුරේ පුරවැසියකු ලෙස ඉපිද අද නාවලපිටියෙහි දිවි ගෙවන ඔහු මුවින් සිනාපාමින් තම කතාව කියන්ට විය.

‘මම උපන්නේ යාපනයේ අලවටි කියන ගමේ. මගේ පවුලේ මමයි මල්ලියි විතරයි හිටියේ. මගේ පියාගේ රැකියාව වෙළෙඳාම. මම ඉගෙන ගත්තේ යාපනයේ අරුණෝදියා විද්‍යාලයේ. සිනියර් විභාගය දක්වා ඉගෙන ගත්තා. පාසල් කාලය තුළ මම මීටර 100, 200 සහ 400 තරග ඉසව්වලින් වයස අවුරුදු 13න් පහළ සිට වයස අවුරුදු 19න් ඉහළ දක්වා ප‍්‍රථම ස්ථානය දිනාගනිමින් හොඳම කී‍්‍රඩකයා බවට පත්ව ත්‍යාග සහ සහතික දිනාගත්තා. මම පාපන්දු කී‍්‍රඩාවත් ඉතාමත් හොඳින් කළා. මම කී‍්‍රඩාවට දක්ෂතා පෙන්නූ නිසා තාත්තාට වුවමනා කළා මාව කී‍්‍රඩා අංශයට යොමු කරන්න. ඒ කාලයේ තාත්තාගේ යහළුවෙක් කිව්වා ඉන්දියාවේ කී‍්‍රඩා පාසලකට ළමයින් ගන්නවා කියලා. තාත්තා තොරතුරු හොයලා මටත් ඉල්ලූම් පත‍්‍රයක් ගෙනල්ලා දුන්නා පුරවලා යවන්න කියලා. මමත් ඉන්දියාවට යන්න ආසාවේ ඉල්ලූම් පත‍්‍රය පුරවලා තැපැල් කළා.

එම ඉල්ලූම් පත‍්‍රයට අනුව 1953 ජූනි මාසයේදී ඉන්දියාවේ මදුරාසි නුවර පිහිටි (අද චෙන්නායි නමින් හඳුන්වන) YMCA College of Physial කී‍්‍රඩා පාසලට ඇතුළු වීමට මට භාග්‍යය උදා වුණා.
කී‍්‍රඩා පාසලට ඇතුළුවීම ලෙහෙසි නැහැ. ඒ සඳහා සයන්ස් විභාගය හෝ සීනියර් ස්කූල් සෙටිෆිකට් එක්ක කී‍්‍රඩා අංශයෙන් උපරිම දක්ෂතා පෙන්වා තිබිය යුතුයි. පාසලේ මුල් මාසයේ ලබාදෙන පුහුණුවට පසු සියලූ දෙනාම උස පැනීම, දුර පැනීම සහ මීටර 100 දිවීමේ පරීක්ෂණයට පෙනී සිටිය යුතුයි. එයින් සමත් අය පමණයි කී‍්‍රඩා පාසලේ අධ්‍යාපන කටයුතුවලට තෝර ගන්නේ. ඒ කී‍්‍රඩා පාසලේ කී‍්‍රඩා උපාධිය දක්වා උගන්වනවා. ළමුන් 300ක් විතර හිටියා. පන්ජාබ්, මලයාලි, කේරළ ජාතීන් වැඩිදෙනෙක් හිටියා. මමත් එක්ක ලංකාවෙන් 26 දෙනකු සිටියා. ඒ අයගෙන් දැන් ලංකාවේ ඉන්නේ මම විතරයි. අනිත් අය කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව සහ ඇමරිකාව වැනි රටවල පදිංචියට ගිහින්. සමහර අය මිය ගිහින්. ගැහැනු පිරිමි නේවාසිකාගාර වෙනම තිබුණත් පුහුණු වීම් සහ දේශන දෙගොල්ලන්ටම එකට තිබුණේ. අපේ ගෙවල්වලින් තමයි වියදම් කරන්න ඕනෑ. කී‍්‍රඩා පාසලේ පි‍්‍රන්සිපල් නියම කරන මුදල තමයි ගෙදරින් එවන්න ඕනෑ, ඉගෙනීමේ කටයුතු සහ කෑම බීම වියදම්වලට ඉන්දියානු රුපියල් 400ක් අය කළා.

මම වසර දෙකක් අධ්‍යාපන කටයුතු කරලා ලංකාවට ඇවිත් මාස 2කට පසුව මගේ විභාග ප‍්‍රතිඵල ලැබුණා. මම ඉතාම ඉහළින්ම සමත්ව තිබුණා. මාව උපාධිය දක්වා ඉගැන්වීමට තාත්තාට අවශ්‍යතාව තිබුණත් මට අවශ්‍ය වුණේ රැුකියාවක් කරන්න. ඒ නිසා ඉගෙනීම එතනින් නවතා දමා රැුකියාවක් සොයන්න උත්සාහ කළා. එම අවධියේ කතෝලික පාසල්වලට කී‍්‍රඩා ගුරුවරුන් ගන්නවා කියලා ආරංචියක් ලැබුණා. මහනුවර දිස්ති‍්‍රක්කයේ කතෝලික පාසල් කිහිපයකට අවශ්‍ය කී‍්‍රඩා ගුරුවරුන් සඳහා ඉල්ලූම්පත් මම දැම්මා. ඒ අනුව මහනුවර කතෝලික සභාවේ රදගුරු හිිමිපාණන් නාවලපිටිය ශාන්ත මරියා විද්‍යාලයේ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටින ලෙස මට ලිපියක් එවා තිබුණා.

මගේ පළමු රැකියාව 1955 ජනවාරි 18 වෙනිදා රුපියල් 300ක පඩියට නාවලපිටිය ශාන්ත මරියා විද්‍යාලයට කී‍්‍රඩා ගුරුවරයකු ලෙස පත්වීම ලැබුණා.
ඒ කාලේ කතෝලික පාසල්වල නීති තදයි. අපි කසාද බඳින්න නිවාඩු ඉල්ලූවාම ළමුන්ට පාඩුවෙනවා කියලා නිවාඩු මාසයට ඒ කටයුත්ක කර ගන්න කියනවා. අසනීප නිවාඩු ඉල්ලූවාම පි‍්‍රන්සිපල් කතෝලික පල්ලියේ පියතුමාට ඉල්ලූම් පත‍්‍රය දමනවා එතුමා අනුමත කළොත් තමයි දින දෙකක් නිවාඩු ලැබෙන්නේ. පාසලට අවශ්‍ය කී‍්‍රඩා උපකරණ, පාපන්දු කී‍්‍රඩාවට අවශ්‍ය බූට්ස් බැනියම් කලිසම් ලැයිස්තුව හදලා කතෝලික පල්ලියේ පියතුමාට දැන්නුවාම එතුමන් කොළඹ මරදානේ තිබුණ ඩයනා ස්පෝට් ක්ලබ් කියලා සමාගමක්. ඒකට ටැලිෆෝන් කරලා කිව්වාම ඒ අය වාහනයකින් බඩු අරන් එනවා. අපි අවශ්‍ය ප‍්‍රමාණය ගන්න ඕනෑ. විශේෂයෙන් ඒ කාලයේ තිබුණේ ඉන්දියන් බූට්ස්. ඒවායේ ස්ටැග් වර්ෂාව කාලයට සෙල්ලම් කරන විට ගැලවෙනවා මට මතකයි. ඒ නිසා අපි ස්ටැග් දුසිම් 12න් ඒ කියන්නේ ස්ටැග් 144ක පෙට්ටියක් පාසලට වෙනම ගන්නවා. ගැලවෙන ඒවා සදාගන්න. ඒ කාලයේ ෆුට්බෝල් බූට්ස් එකක් රු 18යි. අපි බඩු අරන් ලැයිස්තුව පියතුමාට භාර දුන්නාම මාසයකට පසුව චෙක්පතකින් එම මුදල පල්ලියේ පියතුමා යවනවා. කී‍්‍රඩාකරන ළමුන්ට කතෝලික පල්ලියේ තිබුණා මිෂන් හවුස් එකක් එතනින් කඩල, මුං ඇට. බටර් ගාලා පාන්, කැඳ වර්ග, කිරිපිටි බීම ලබාදෙනවා. ළමුන්ට තිබුණේ ඉගෙන ගැනීම පමණයි. දුම්රිය දෙපාර්තමේන්තුවට සම්බන්ධ සුදු මහත්වරුන්ගේ දරුවන් ඉගෙනීමට ආවේ ශාන්ත මරියා විද්‍යාලයට.

1960 දශකයේ කතෝලික පාසල් රජයට පවරා ගැනීම නිසා ශාන්ත මරියා විද්‍යාලයත් රජයට පවරා ගත්තා. ඒ නිසාම මාව එම පඩියටම රජයේ ගුරු සේවයට ඇතුළත් කර ගත්තා. 1970 දශකයේ කී‍්‍රඩා අමාත්‍යාංශය ආරම්භ කළා. එවිට පාසල්වල සිටි කී‍්‍රඩා ගුරුවරුන්ට කී‍්‍රඩා අමාත්‍යාංශයට බැදීමට අවස්ථාව දුන්නා.
මනිලාල් ප‍්‍රනාන්දු, ජෝ ආරියපාල, බොතේජු, සෙල්වරාජ් සම්බන්ධන් රණ්බණ්ඩා, ටී.කේ පාමත් ඒ කාලයේ කී‍්‍රඩා අමාත්‍යාංශයට ගිය අය. මටත් අමාත්‍යාංශයට යන්න ආරාධනාවක් ලැබුණේ. මම කල්පනා කළා ළමයි එක්ක වැඩකරන්න ලේසියි. අපි කියන දේ ළමයි අහනවා. අපිට ළමයි කීකරුයි. ළමයි සහ අපි අතර සම්බන්ධය තිබුණොත් තමයි කී‍්‍රඩාව දියුණු කරන්න පුළුවන් වෙන්නෙත් සතුටු වෙන්න පුළුවන් වෙන්නෙත්. කී‍්‍රඩා අමාත්‍යාංශයට ගියාම ලොකු මිනිස්සු එක්ක දේශපාලනය එක්ක වැඩකරනවා ඇරෙන්න වැඩක් නෑ. එම නිසා මගේ ජීවිතය ගුරු සේවයට කැප වුණා. කී‍්‍රඩා අමාත්‍යාංශයට ගුරුවරුන් විශාල පිරිසක් බැඳීම නිසා පාසල්වල කී‍්‍රඩා ගුරු හි`ගයක් ඇතිවී පාසල්වල කී‍්‍රඩාව පිරිහීමට ලක් වුණා.

කී‍්‍රඩා අමාත්‍යාංශයට බැඳුණ අය තම සේවයට අමතරව අමතර ආදායම් ඉපැයීමට ව්‍යාපාර කටයුතුවල නිරත වුණා. සේවය නොසලකා රට රටවල සංචාරය කළා. සමහර අය විදේශ රටවල පුහුණුකරුවන් ලෙස පත්වීම් ලබාගත්තා. ඒ අය ලංකාවේ දුප්පත්කම විකුණලා ඒ අයගේ ආර්ථිකය සවිමත් කර ගත්තා. එම නිසා කී‍්‍රඩා සමාජ බිඳවැටී කී‍්‍රඩාව පිරිහීමට ලක් වුණා. කී‍්‍රඩා අමාත්‍යාංශය මා වැනි කී‍්‍රඩාවට කැප වූ පාසල් ගුරුවරුන් ගැන නොසිතූ නිසා ඒ අය එදා තත්ත්වයෙන් අදත් ජීවත් වෙනවා. එහෙත් කී‍්‍රඩාව අදත් ඇදගෙන යන්නේ අපි වගේ හිටපු අයයි.
වර්ෂ 1972 ජනවාරි මාසයේ සිට 1973 දෙසැම්බර් දක්වා මම පළාලි ගුරු අභ්‍යාස විද්‍යාලයේ ගුරු පුහුණුව ලැබුවා. මමත් බිරිඳත් දුවත් නාවලපිටියට වඩා කැමති නිසා නැවත නාවලපිටිය ශාන්ත මරියා විද්‍යාලයට සේවය කරන්න ආවා. එදා සිට විශ‍්‍රාම යන තුරුම එම විද්‍යාලයේම සේවය කළා. විශ‍්‍රාම ගියත් අද වනතුරුම මම පූර්ණ කාලීනව කී‍්‍රඩා කටයුතුවල ස්වේච්ඡුාවෙන් නියැළෙනවා. ඊට අමතරව මාරි අම්මා කෝවිලට සම්බන්ධවෙලා එහි කටයුතුවලට දායක වෙනවා.

මා අතින් පුුහුණව ලැබූ ජාත්‍යන්තර මට්ටමේ ජාතික මට්ටමේ කී‍්‍රඩකයන් ඉන්නවා. ඊට අමතරව කී‍්‍රඩා නිලධාරීන්, ති‍්‍රවිධ හමුදාවේ සහ පොලිසියේ පහළම තනතුරුවල සිට ඉහළම තනතුරු ලබාගෙන සේවය කරන අය ඉන්නවා. මම වගේම විශ‍්‍රාම ගිහින් ඉන්න අයත් සිටිනවා. ඒ අය නිවාඩු ආවාම මාව බලන්න නොවරදවාම එනවා. ඒක මට ලොකු සතුටක්. මෙහේ හැමෝම 1983 කළු ජූලිය සමයේ මටත් මගේ පවුල් අයටත් නියපොත්තකින් තරම්වත් තුවාලයක් සිදුවෙන්න ඉඩ දුන්නේ නැහැ. මට ඒක අමතක වෙන්නේ නැහැ.

නිවාඩු සමය ගත කරන්න මමත් විදුහල්පතිතුමාත් සල්ලි දාලා පාපන්දු කණ්ඩායමේ ළමයින් 15 දෙනාම යාපනයේ මගේ පියාගේ ගෙදරට කෝචිචියෙන් එක්ක ගියා. ඒ දවස්වල යන්න දුම්රිය ප‍්‍රවේශ පත‍්‍රයක මිල රු18යි. ළමයින් යාපනයේ ගිහින් යාපනය අවට තිබුණ පාසල් සමග පුහුණු තරගවලට සහභාගි වුණා. පි‍්‍රන්සිපල් වගේම මමත් මේ කාලය තුළ හරිම සතුටු වුණා. මගේ අම්මා තාත්තා හරිම සතුටු වුණා. පාසල් දරුවන් රාති‍්‍ර 10.30 වෙනකම් ගෙදර සින්දු කියනවා. කෑගහනවා විහිළු තහලූ කරලා විනෝද වෙනවා. අපේ ගෙවල්වල ඒ දවස්වල තිබුණේ බාල්දි වැසිකිළි. ළමයින් හිටපු නිසා වැසිකිළිය දවසට දෙපාරක් සුද්ද පවිත‍්‍ර කරන්න වෙනවා. ඒකට තාත්තාට අමතර මුදලක් ගියා කියලා තාත්තා මට විහිළු කරනවා මට මතකයි. මේ ළමයින් මගේ ගෙදර අය සමග කොතරම් සමීප වුණාද කියනවා නම් ළමුන් ආපසු එන දවසේ මගේ මල්ලිට ඇ`ඩුණා ළමයින් යන එක ගැන දුක හිතලා.

ඒ වගේම අමතක නොවන පාසල් සිදුවීමක් වන්නේ සෑම වසරකම නාවලපිටිය අනුරුද්ධ කුමාර මහා විද්‍යාලයේ නිවාසාන්තර කී‍්‍රඩා උත්සවය. එම කී‍්‍රඩා උත්සවයේ තරග විනිශ්චය කරන්න ජාති, ආගම්, කුල භේදයන් තොරව සෑම පාසලකම ගුරුවරු සම්බන්ධ වෙනවා. කී‍්‍රඩා උත්සවය නිමාව සමග එවකට එම පාසලේ විදුහල්පතිව සිටි හැරිස් සිල්වාගේ නිවසේ සියලූම තරග විනිසුරුවන්ට පාසලේ ගුරු මණ්ඩලයට කෑම බීම දීලා ලොකු පාටියක් දමනවා. එය අවසන් වෙන්නේ පාන්දර දෙකට තුනට විතර. එතකම් අපි විනෝද වෙනවා. අද පාසල් කී‍්‍රඩා උත්සව ඇත්තෙම නැහැ. තිබුණත් ඒවා පැය දෙකකට සීමාවෙලා. එතරම්ම අද කී‍්‍රඩාව පහළට වැටිලා.’

අවසන් වශයෙන් උතුරේ උපත ලබා මධ්‍යම පළාතේ ජීවත්වන ඔහුගේ තත්ත්වය පිළිබඳ විමසූ විට පැවසුවේ, ‘මම මේ පරිසරයට දේශගුණයට ආසයි. මම මේ ප‍්‍රදේශයේ ජීවත් වීම නිසා සිංහල දෙමළ ඉංගී‍්‍රසි භාෂා තුනම හොඳට කතා කරන්න පුළුවන්. අද මේ ප‍්‍රදේශයේ අය ජාති, ආගම්, කුල භේදයෙන් තොරව ගනුදෙනු කරනවා. මංගල අවමංගල උත්සවවලට සහභාගි වෙනවා. 1983 කලබල කාලයේදී හැමෝම අපව ආරක්ෂා කළා.

මගේ පවුලේ නැදෑයන් සහ බිරිඳගේ පවුලේ අයත් යුද්ධය සමයේ යාපනය අතහැරලා ගිහින් සමහර අය පිටරටවල පදිංචියට ගිහින්. සමහර අය කොළඹ පදිංචියට ඇවිත්. ඉස්සර නල්ලූර් කෝවිලේ උත්සව කාලයට අපේ පවුලේ සියලූ දෙනාම ගියා. මගේ මහගෙදර කිට්ටුව කෝවිල තිබුණේ. මෙහෙ වෙළෙඳාම් කරන යාපනේ කට්ටිය කෝවිලේ උත්සව කාලයට යනවාමයි. දැන් අපට ගිය කාලයක් මතක නැහැ’ කන්දසාමි නම් ඒ අපූරු මිනිසා පැවසුවේ දිගු හුස්මක් පිට කරමිනි.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;