පුරවැසියෝ හයිඞ් පිටියෙහි මුළු දෙති

සමකාලීන දේශපාලන චිත‍්‍රයේ වැදගත් අවස්ථාවක් සටහන් කරමින් ‘පුරවැසි බලය’ විසින් සංවිධානය කරන ලද ‘උගුලෙන් ගැලවෙමු’ ජන රැුලිය දෙසැම්බර් 2වැනිදා සවස කොළඹ හයිඞ් පිටියේදී මුළුදුන්නේය.

‘පුරවැසි බලය’ යටතේ එකතුවී සිටින්නේ රටේ පවතින දේශපාලන සංස්කෘතිය ගැන විරෝධය දක්වන, රට යහපත් ප‍්‍රතිසංස්කරණ සඳහා යොමුකළ යුතුයැ’යි කල්පනා කරන, ඒ සඳහා වෙහෙස මහන්සිවී වැඩකිරීමට කැමති සමාජයේ විද්වත්තු, වෘත්තිකයෝ, වෘත්තීය සමිති ක‍්‍රියාධරයෝ, කලාකරුවෝ, ශිෂ්‍යයෝ, ජනමාධ්‍යවේදීහු හා සමාජ ක‍්‍රියාධරයෝ ය. ඉකුත් කාලයේ මේ පිරිස එකතුවී රට වෙනසක් සඳහා පෙළගැස්විය යුතුයැ’යි එකඟතාවක් ඇතිකොට ගෙන ‘උගුලෙන් ගැලවෙමු’ තේමාව යටතේ රට පුරා පුරවැසියා බලමුළු ගැන්වීම සඳහා මහජන රැුස්වීම් මාලාවක් හා විවිධ ක‍්‍රියාකාරකම් රැුසක් සඳහා වැඩසටහනක් සකස් කළෝය. ඉන් පළමුවැන්න ලෙස කොළඹ හයිඞ් පිටිය වැනි එළිමහන් තැනකට රටේ පුරවැසියන් කැඳවා ඔවුන්ගේ ශක්තිය කියාපෑ යුතුයැ’යි තීරණය කරගන්නා ලදි. ඒ අරමුණ ඇතිව ‘උගුලෙන් ගැලවෙමු’ ජන රැුලිය සංවිධානය කෙරිණි. රටේ පවතින ඒකාධිපතිත්වය, පවුල්වාදය, ගජමිතුරු ආර්ථිකය, දූෂණය, අවනීතිය, මිලිටරිකරණය හා සමාජ පාදඩකරණයට එරෙහිව, ඒ වෙනුවෙන් පෙනීසිටින පුරවැසියන්ට සිය බලය හා අපේක්‍ෂාව සංකේතවත් කිරීම සඳහා දෙවැනිදා හයිඞ් පිටියට පැමිණෙන ලෙස පෝස්ටර්, අත්පත‍්‍රිකා, සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය මගින් ආරාධනා කරන ලදි.

දෙසැම්බර් දෙවැනිදා හයිඞ් පිටිය අතිවිශාල ජන සමූහයකින් පිරී ගියේය. එහි විශේෂත්වය වූයේ, දේශපාලන පක්‍ෂවලට පිටතින් සිටින, දේශපාලන පාක්‍ෂිකයන් නොවන සමාජයේ උනන්දුමත් පුරවැසියන්ගෙන් ඒ සමූහය සමන්විත වීමයි. විශ්වවිiාල ආචාර්යවරුන්, විද්වතුන්, ශිෂ්‍යයන්, වෘත්තිකයන්, වෘත්තීය සමිති නායකයන්, ක‍්‍රියාධරයන්, පාසල් ගුරුවරුන්, විවිධ ක්‍ෂෙත‍්‍රවල කලාකරුවන්, සමාජ ක‍්‍රියාධරයන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු රටේ ‘නියම පුරවැසියෝ’ මේ ජනරැුලියට සහභාගිව සිටිනු දක්නා ලදි. සැබැවින්ම එය මහත් උදයෝගිමත් අවස්ථාවක් විය. පවුල් පාලනයක උගුලෙන් රට මුදවාගෙන රටේ අනාගතය යහපත්කරගැනීම සඳහා වෙහෙසවන, වැඩකරන, ඒ ගැන උනන්දුවක් දක්වන තමා මෙන්ම අනෙක් පිරිසද එකම තැනකදී දැකගන්නට, ඒ සියල්ලන්ගේ සාමූහික ශක්තිය තේරුම්ගන්නට ඊට සහභාගිවූවන්ට අවස්ථාවක් ලැබිණි. සවස 5 පමණ වන විට හයිඞ් පිටිය මුළුමනින්ම පිරී ගියේය. එපමණක් නොව, හයිඞ් පිටිය තදාසන්න සියලූ මාර්ගවලද, ඉන් සෑහෙන දුරක මාර්ගවලද එක්රොක්ව පුරවැසියන් රැුලියේ දක්වන අදහස්වලට සවන්දෙනු දක්නා ලදි. රැුලිය මුල සිට අග දක්වා මහත් උද්යෝගිමත් ස්වරූපයක් ගත්තේ සහභාගිවීමට පැමිණ සිටි මේ පුරවැසියන් විශාල පිරිසගේ උනන්දුව නිසාය.

වේදිකාව පුරවැසි සමාජයේත්, දේශපාලන සමාජයේත් සංකලනයක් විය. රැුලිය ඇමතීම සඳහා පැමිණි සියලූ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ නායකයන් හා සමග පුරවැසි සමාජයේ නියෝජිතයෝද විශාල පිරිසක් වේදිකාවේ අසුන්ගෙන සිටියහ. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියන් සමග රනිල් වික‍්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග, මනෝ ගනේෂන්, සරත් ෆොන්සේකා, මෛත‍්‍රීපාල සිරිසේන යන මහත්ම මහත්මීන් අදහස් දැක්වීම සඳහා වේදිකාවට ගොඩවූහ. ඔවුන් සමග කරු ජයසූරිය, රාජිත සේනාරත්න, එම්කේඞීඑස් ගුණවර්ධන, අර්ජුන රණතුංග, රවි කරුණානායක, නන්දන ගුණතිලක, කොළඹ පුරපති ඒ ජේ එම් මුසම්මිල්, අසාද් සාලි යන මහත්වරුද වේදිකාවේ සිටියහ. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්ඒ සුමන්තිරන් ආරාධනා ලැබ සිටියත් රැුලියට සහභාගි නොවූ අතර රැුලියේදී කියවීම සඳහා සුමන්තිරන් මහතා නිවේදනයක් එවා තිබුණේය. දෙමළ ජාතික සන්ධානය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ නීතියේ පාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය යළි ගොඩනැගීම සඳහා නිරතුරුවම පෙනීසිට ඇති අතර ඒ සඳහා සෙසු ප‍්‍රගතිශීලී බලවේග සමග එක්ව කි‍්‍රයා කිරීමට කැප වී සිටින බවත්, මෙම ගැටලූවලට අදාළව සිවිල් සමාජ සංවිධානයක් වන පුරවැසි බලය විසින් සංවිධානය කළ රැස්වීමෙහි කතා කිරීමට තමා එකඟ වූයේ ඉහත කී කැපවීම සිත්හි දරාගෙන බවත් එහි සඳහන් විය. ‘කෙසේ වුවත් මෙම රැුස්වීමට කෙරෙන මගේ සහභාගිත්වය මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපති අපේක්ෂකත්වයට දෙමළ සන්ධානයේ සහාය හිමිවීමක් ලෙස හුවා දැක්වීමේ ප‍්‍රයත්නයක් කි‍්‍රයාත්මක වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් තවමත් දෙමළ ජාතික සන්ධානය තීරණයක් ගෙන නොමැති බැවින් අද පැවැත්වෙන රැුස්වීමට මා පුද්ගලිකව සහභාගිවීම එතරම් උචිත නොවේයැයි මට හැෙඟ්. මා වෙනුවෙන් කියවනු ලබන මෙම පණිවිඩයෙන් රටේ සියලූම ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග සමග දෙමළ ජාතික සන්ධානය බෙදා ගන්නා උනන්දුන් තුනක් අවධාරණය කරන්නට මම කැමැත්තෙමි. 1. බලය සංකේන්ද්‍රණය වීම: දෙමළ ජනතාව මෙහි ඇතැම් නරකම ප‍්‍රතිඵල අත්දැක තිබෙන අතර දැන් මුළුමහත් රටේම ජනතාව එය අත්විඳිමින් සිටී. සමස්ත විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය තනි පවුලක් අතෙහි ගොනුවීම කිසිසේත් නොවිය යුත්තකි. 2. ආර්ථික දුර්කළමනා කරණය හා දූෂණය: මෙමගින් ජීවන වියදම අහස උසට නැග තිබෙන අතර මෙරට වැටුප් ශ‍්‍රමික හා වැඩකරන ජනතාව මත අසාධාරණ බරක් පටවා ඇත. 3. නීතිය හා පර්යායයේ බිඳවැටීම: නීතියේ පාලනයක් නොමැත. අපරාධ හා දුසිරිත තැති ගන්වන ශීඝ‍්‍රතාවකින් ඉහළ යන අතර ඒවාට වගකිවයුත්තන් ඉහළම දේශපාලන අධිකාරිත්වයේ රැුකවරණය ලබමින් සිටී. ගොඩනැගෙමින් පවතින ප‍්‍රජාතාන්ති‍්‍රක බලවේග විසින් අප රට මුහුණ දී සිටින මෙම ජාතික ගැටලූ විසඳීමේ මාර්ගයක් නිර්මාණය කෙරෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.’ යනුවෙන් සුමන්තිරන් මහතා වැඩිදුරටත් නිවේදනයේ සඳහන් කර තිබිණි.

රටේ පුරවැසි සමාජය නියෝජනය කරමින් 50කට ආසන්න පිරිසක්ද වේදිකාවේ අසුන්ගත්හ. නාට්‍යවේදී කේ. බී. හේරත්, රංගන ශීල්පී ලක්‍ෂ්මන් මෙන්ඩිස්, ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික රාජා උස්වැටකෙයියාව, ලංකා සමසමාජ පක්‍ෂයේ මධ්‍යම කාරක සභික නීතිඥ ලාල් විජේනායක, සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක, නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල, රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි, නලින් ප‍්‍රදීප් උඩවෙල, රවීන්ද්‍ර යසස්, නාට්‍යවේදී පරාක‍්‍රම නිරිඇල්ල, වෘත්තිය සමිති නියෝජනය කරමින් ජෝසප් ස්ටාලින්, ඞී ඩබ්ලිව් ඞී අබේරත්න, උදේනි දිසානායක, කේසර කෝට්ටෙගොඩවිතාන, චින්තක බණ්ඩාර, ඇන්ටන් මාකස්, ආර් එස් නන්දලාල්, ආචාර්ය සුනිල් විජේසිරි වර්ධන, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, මහාචාර්ය රොහාන් ප‍්‍රනාන්දු, ජනමාධ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ, සමාජ ක‍්‍රියාධර තිලක් කාරියවසම්, සන්ධ්‍යා එක්නැලිගොඩ, නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ, ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, නීතිඥ එල්මෝ පෙරේරා, සමාජ ක‍්‍රියාධර කේලි සේනානායක, රංගන ශිල්පී හේමසිරි ලියනගේ, සෞම්‍ය ලියනගේ, සිනමා කැමරා ශිල්පී එම්. ඞී. මහින්දපාල යන මහත්ම මහත්මීහු ඒ අතර වූහ.

දේශපාලන පක්‍ෂ නායකයන්ගේ අදහස් දැක්වීම්වලට අතරතුර පුරවැසි සමාජය නියෝජනය කරමින්, රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන, සරසවි විද්වතුන් නියෝජනය කරමින් ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, වෘත්තිකයන් නියෝජනය කරමින් නීතිඥ ජේසී වැලිඅමුණ, වෘත්තීය සමිති නියෝජනය කරමින් සමන් රත්නප‍්‍රිය, පුරවැසි බලය නියෝජනය කරමින් ගාමිණී වියන්ගොඩ, ජනමාධ්‍ය සමාජය නියෝජනය කරමින් සුනිල් ජයසේකර හා මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් පළාත් සභික මුජිබර් රහුමාන් අදහස් දැක්වූහ.
රාවය මහජන පෙත්සම අත්සන් කිරීමටද හයිඞ් පිටියේ අවස්ථාව සලසා තිබූ අතර, දහස් ගණන් පුරවැසියෝ රාවය මහජන පෙත්සමේ සඳහන් කරුණුවලට එකඟවෙමින් එහි අත්සන් තැබූහ.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;