දරා ගන්නට නොහැකි වූ වික්ටෝරියානු සිහිනය

පි‍්‍රයන්ත ජයරත්න

පිටතින් සරු සාරෙට වැඩුණු මහ උස පොල් ගස් ඇතුළතින් කුරුමිණියන් කා දැමීම නිසා ඇද වැටී විනාශ වන්නා සේ පොල් රා පෙරා අරක්කු රේන්දවලින් සරු වී මහ පෝසතුන් වූ මිනිසුන් අභ්‍යන්තරිකව විඳවීම තුළින් අධ්‍යාත්මිකව විනාශ වී යන ආකාරය මොහාන්රාජ් මඩවලගේ නවතම නවකතාව වන ආදරණීය වික්ටෝරියා තුළින් ප‍්‍රබන්ධාත්මකව ඉදිරිපත් කරන්නට සමත් වී තිබෙයි.

ලංකාවේ විවිධ ප‍්‍රදේශවල වතු වැවිලි නිෂ්පාදනය සහ අනෙකුත් නිෂ්පාදනයන් කොළඹට ප‍්‍රවාහනය කිරීම අරභයා බි‍්‍රතාන්‍ය රජයේ අවශ්‍යතාවකට අනුව දුම්රිය ධාවනය ඇරඹි කාල වකවානුවත් අරක්කු රේන්ද ව්‍යාපාරයේ සුලමුලත් ගවේෂණාත්මකව හෙළි කරමින් අන්දිරිස් නම් ශූර අරක්කු ව්‍යාපාරික යකුගේ ජීවිත කතාව තේමා කර ගනිමින් මේ ප‍්‍රබන්ධය නිර්මාණය කෙරී ඇති අතර යථාර්ථය ඉක්මවා ගිය අධි යථාර්ථවාදී රීතියකින් මතුකරන සමහර කරුණු ජීවිත විවරණයක යෙදෙන්නට සමත් වෙයි. අරක්කු රේන්ද හරහා උපයන ධනය පිටුපස අවිඥානිකව ගොඩනැගෙන එම ව්‍යාපාරයේ යෙදෙන්නාගේ අධ්‍යාත්මය පාරන වරදකාරී හැ`ගීම්වලින් ඔහු විනාශ වන ආකාරය දක්වා තිබෙන ආකාරය ප‍්‍රශස්තය.

ඇය ඔහුට පෙරළා පිළිතුරු දී තිබුණේ කිසිම හේතුවක් නැතිව පොල් ගස්වල කළු කුරුමිණියන් බෝවෙනවා වගේ පොල් ගස්වලින් පෙරාගන්නා පොල් අරක්කුවලින් උපයන කාසිවලත් කිසිම හේතුවක් නැතිව කළු කුරුමිණියන් බෝවිය හැකි බවය. ඒ කළු කුරුමිණියන්ට තඹ කල්දේරම් ඇතුළේ හුස්ම ගන්න අපහසු බැවින් උන්හිටි ගිය විට මේ දුර්ගන්ධය උපදින බවත් එපමණක් නොව කාසිවලින් උපදන කළු කුරුමිණියන් මරණයට පත්වීම ඒ කාසි නැති භංගස්ථාන වීමට බලපාන හේතුවක් බවත් ඇය ඔහුට පැහැදිලි කර දුන්නාය. (ආදරණීය වික්ටෝරියා , 146 පිටුව) මේ මගින්, බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහය ඇතිව අහම්බෙන් මෙන් දියුණු වූ ප‍්‍රභූපන්තියක ව්‍යාජ ජීවිතය හාස්‍යයට ලක් කෙරී ඇත. යුරෝපීයන්ට අවශ්‍ය ගෘහ භාණ්ඩ ඇතුළු ලී බඩු තැනීමෙන් සහ අරක්කු රේන්දවලින් උපයාගත් ධනයෙන් ඉංගී‍්‍රසි පන්නයේ ජීවිතයක් ගොඩන`ගා ගැනීමට, තම හෘද සාක්ෂියට නොඑක`ග කටයුතුවලට යොමු වීම නිසා සුපිරි දහමේ  දණ්ඩනයට ලක්වීම නිරූපණය ඉන්ද්‍රජාලික රීතියකින් සිදුකිරීම මෙම නවකතාවේ සුවිශේෂි ලක්ෂණයක් වී තිබෙයි.

‘ඇතැම් වෙලාවක එංගල්තිනා හිටියේ ඔහුගේ නළල උඩය. ඒ වෙලාවට මතෙස් හා අරනෝලිස් ඔහුගේ නාස් පුඩු දෙකෙන් ඔහුගේ පෙනහළු ඇතුළට ගියහ. අබරංචි රේන්දරාළ වැඩිපුරම ඉන්නට පි‍්‍රය කළේ ඔහුගේ ආමාශය තුළය. හරියටම ඒ වෙලාවට කිරි බණ්ඩියා වෙදරාළ ඔහුගේ දිව යට බුලත් විටක් හපමින් සිටියේය. ඒ අතර සාමෙල් ඔහුගේ පුරුෂ නිමිත්ත කෙළවර ගොරව ගොරවා නිදාගත්තේය.’
(ආදරණීය වික්ටෝරියා, 250) පිටුව සාමෙල්ගේ බිරිඳ එන එංගල්තිනා අඹුකමට ගැනීමත්, ඔවුන්ගේ දියණි (ලීනා) අඹුකමට ගැනීමත් ආදී අන්දිරිස්ගේ ලිංගික ජීවිතය පිළිබඳ වරදකාරී හැ`ගීමුත්, තමන් අතින් මරණයට පත් වූ මිනිසුන් පිළිබඳව ඇති වූ හැ`ගීම් සමුදායත් අන්දිරිස් රේන්ද රාලගේ ජීවිතය වටකර ගත් මළ පෙරේත ජාලයක් බවට පත් කිරීම නවකතාවට මනෝවිද්‍යාත්මක වටිනා කමක් එකතු කිරීමට සමත් වෙයි.

හෘද සාක්ෂිය යනු යමක් කිරීමෙන් පසුව මතුවන මනසේ එක් අංශයකි. මෙම මානසික අධිකාරියේ ග‍්‍රහණයට අන්දිරිස් නතු වී ඇති බව තීව‍්‍ර කර දක්න අවස්ථා ගණනාවකි.
‘කල් ගතවත්ම මේ බියෙන් සහ තිගැස්මෙන් මිනිත්තු දෙක තුනකට වරක් ඇහැරෙන ඔහුට පෙනෙන සංඥා රූප ප‍්‍රමාණයද ක‍්‍රමයෙන් වැඩි වුණේය. මුල් කාලයේ ඒ විදිහට ඔහුට පෙනුණේ අන්ධ ගොළු මැහැල්ලය. නැතිනම් එංගල්තිනාය. ඊට පසුව ඒ විදිහට ඔහු සාමෙල් දුටුවේය. මතෙස් දුටුවේය. අබරංචි රේන්දරාළ දුටුවේය. කිරි බණ්ඩියා වෙදරාළ දුටුවේය. ඒ කවුරු දුටුවත් බියෙන් සහ තිගැස්මෙන් ඔහු අවදිවනුයේ දහඩිය පෙරාගෙනය.’ (ආදරණීය වික්ටෝරියා, 209 පිටුව) මුදල ජීවන මාධ්‍යයක්  කර ගන්නවා වෙනුවට එය ජීවන නිෂ්ටාවක්  කර ගනිමින්ද ඒ සඳහා මිනිසාව මාර්ගයක් කර ගනිමින්ද ප‍්‍රභූත්වයට පත් ලාංකේය සමාජයේ එක් සමාජ ස්ථරයක ජීවිතය විවරණය කරමින් ගොඩන`ගන මේ ප‍්‍රබන්ධය වත්මන් සමාජයටත් එකසේ වලංගු වන බවන නම් අවිවාදිතය.

මිනිස් ශ‍්‍රමය සූරාකමින් පොදි බඳින බොහෝ ධනස්කන්දයන් ආගමට දහමට වියපැහැදම් කිරීම නිර්ලෝභි ධාර්මික දානයක් ලෙස අර්ථ දැක්වීම කෙතරම් හාස්‍යජනකද යන වග පෙන්වාදී ඇත්තේ මෙසේය.
‘ඔහු පන්සල්වලට අත දිගහැර වියදම් කිරීම යළි ආරම්භ කළේය. එහෙත් මෙවර එය සිදුවූයේ කලින් වතාවටත් වඩා බරපතළ හා බැරෑරුම්කමෙන් යුතුවය. නොඑසේ නම් ලොකු ඉලක්කම්වල ලොකු අගයන්වලිනි. කොතලාවල පනාවත්ත රජමහ විහාරයට අන්දිරිස් රේන්දරාළ නැති පින්කමක් තිබුණේ නැත.’ – 209 පිටුව
මෙසේ අන්දිරිස් විසින් කරනු ලබන ධන පරිත්‍යාග පිටුපස ඇත්තේ අතහැරීම හෙවත් දානය නොවේ. එය නින්ද නොයෑමත් විකාර සහගත සිහිනයත් තුළ අතරමංව වද වේදනාවට පත්වීමත් නිසා ඉන් ගැලවීම සඳහා කරනු ලබන පුද්ගලවාදී ආත්මාර්තකාමී කි‍්‍රයාවක් වන නිසා කතුවරයා එය උපහාසත්මකව දක්වයි.

‘ඒ අතර මෝදරවිල වැලිපිටිය පන්සලේ නායක ස්වාමීන් වහන්සේ නිතර අන්දිිරිස් රේන්ද රාළ මුණ ගැහෙන එක නතර කර තිබිණි. ඒ වෙන හේතුවක් නිසා නොව අන්දිරිස් රේන්ද රාළ උන්වහන්සේගේ අතට දෙවරක් දුරන් පුන්‍යාධාර ප‍්‍රමාණය දරා ගත නොහැකිව උන්වහන්සේ දෙවරක් ක්ලාන්ත වී වැටනේනට ගොස් යන්තමින් සිහි එළවාගෙන සිටි බැවිනි. (ආදරණීය වික්ටෝරියා, 2009 – 10 පිටු) මීට අමතරව මේ හිත හදා ගැනීමේ ව්‍යාපෘතිය සඳහා අන්දිරිස් තමන්ගේ සේවකයන් යොදවා වෙනම කමිටුවක් පත් කළේ යැයිද සමහර ආධාර ගත්තවුන් හදිසි පරිත්‍යාග දරාගත නොහැකිව මරණයටත් අබ්බගාත තත්ත්වයටත් පත් වූ බව කියා පාමින් මෙම දානමය පුන්‍යකර්ම හාස්‍යට ලක්කොට ඇත.
එලීනාගේ පැමිණීමත් සමග ලීනාට මළ පෙරේතයන් පිළිබඳ මතකය අමතක වීමත්, තම දරුවන් කෙරෙහි අලූත් සංවේදී බවක් ඇතිවීමත්, ඔවුන්ගේ කෙළි කවටකම් හදවතින්ම වින්දනය කිරීමත් මගින් ඉ`ගි කරන්නේ යුරෝපීයයන්ගේ යටත්විජිත ව්‍යාපෘතියේ සාධනීය අංශයයි. හදවත් නැත්තවුන්ට සංවේදී හදවතක් ලබාදෙන්නට ඉංගී‍්‍රසි ජාතිකයන්ට හැකිවූ බවයි.
එහෙත් එසේ ශීලාචාර වීමට අපොහොසත් වූවන්ගේ ජීවිත ඛේද වාචකයක් වන බවද කතුවරයා අනාවරණ කරයි. මේ ඉණිමං ආර්ථිකයෙන් දියු වූ මිනිසුන්ගේ ආත්මවල අපිරිසිදු බව කියාපෑමට ඔවුන් මරණයට පත්ව මළ පෙරේතයන් බවට පත්වන බව දැක්වීම කදිමට ගැලපෙයි.
අන්දිරිස්ගේ ව්‍යාජ සිනහව ඔහුගේ ජීවිතයේ ව්‍යාජත්වය මොනවට කියාපායි. අනෙක් අතට ඔහුගේ ව්‍යාජත්වය ඉස්මතු වන අවස්ථාවක් වන්නේ ඔහු කෙසේ සිටියත් ඉංගී‍්‍රසි ක‍්‍රමයට අනුව වැරැුද්දක් තිබුණු බව දක්වන අවස්ථාවේදීය. (198 පිටුව)

ඉංගී‍්‍රසි පාලන සමය තුළ විවර වූ නිදහස් ව්‍යාපාරික ලෝකය හරහා – විශේෂයෙන් අරක්කු රේන්ද හරහා මුදල් උපයා ගනිමින් ප‍්‍රභූත්වයට පත් වූවන්ගේ ජීවිත ඉංගී‍්‍රසි පන්නයේ එකක් වූ අතර එහි උණුසුම ඔවුන්ට දරා ගැනීමට අපහසු විය. එයට හේතුව වූයේ ඔවුන් අත්පත් කර ගත් දියුණුව ආකස්මික එකක් වීමය. ක‍්‍රමානුකූල නිෂ්පාදන ඉතිහාසයක් අහිමි ලාංකේයයාට එවන් නිෂ්පාදන ඉතිහාසයක් තුළ වැඩුණු සංස්කෘතික ජීවිතයක් දරා ගැනීමට අපහසු වීමය. බාහිරින් යුරෝපීයයන් ලෙස හැසිරෙන්නට උත්සාහ කළත් අධ්‍යාත්මිකව එය ඔවුන්ට බරක් විය.
ඒ බව වික්ටෝරියා නම් යුරෝපීය සංස්කෘතිය ඉහළින්ම සංකේතවත් කරන ‘නම’ ලත් අන්දිරිස්ගේ දියණියගේ මුවින් යළි යළිත් පුනරුච්චාරණය වන ‘මට මහන්සියි’ ‘මට මහන්සියි’ යන වදන්වලින් මොනවට නම්‍ය වෙයි. මෙයින් පැහැදිලි වන්නේ බි‍්‍රතාන්‍යයන් ඇති කළ සමාජාර්ථික හා දේශපාලන විපර්යාසයන්ටත්, වික්ටෝරියානු සදාචාරයටත් ලාංකේය වික්ටෝරියාවන් ආදරණීය කරන්නට හැකි නොවූ බවත් ආදරණීය වික්ටෝරියා සිහිනයක් වන බවත් මොහාන් තම නවකතාවෙන් කියාපාන බවයි.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;