පාපන්දු නිවහන ඉදිරිපිට පාතාලය

පාපන්දු කී‍්‍රඩාව හොකී පිතිවලින් කී‍්‍රඩා කරනවා යැයි අප අසා නැතිවාට සැක නැත. අප අසා නැති දේ අසන්නටද කාලය එළැඹෙනු ඇතිය. ලංකාවේ පාපන්දුව සම්බන්ධව අසන්නට ලැබෙන අලූත්ම පුවත එහි ප‍්‍රධාන විධායකයාට එල්ල වන මැර ප‍්‍රහාරයය.

මෙය පාපන්දු සම්මේලනය දොරකඩම වන දමිළ චිත‍්‍රපට ජවනිකාවක් බඳුය. දිනය දෙසැම්බර් මස 10 වැනිදාය. වෙලාව සන්ධ්‍යාවේ හතට පමණය. තම වාහනයට ගොඩවන්නට උත්සාහ කරන ප‍්‍රධාන විධායක නිලධාරී අනුර ද සිල්වාගේ හිසට එල්ල වන්නේ හොකී පිති ප‍්‍රහාරයකි. කන පිටුපසට වදින පහරට හිස පැලී ලේ විදිද්දී දෙවන පහර ද එල්ල කොට ඇති සැකකරුවා අඳුරේම අතුරුදන් වන්නේ තම ඩියුටිය අහවර වන බැවිනි. ප‍්‍රධාන විධායක නිලධාරියා රෝහල් ගතකොට හිසට ශල්‍යකර්මයක් කරන තැනට ප‍්‍රහාරය දරුණු වන්නේ එය එතැනින් අහවර කරන ප‍්‍රහාරයක් යැයි සිතිය නොහැකි නැවතුම නොතබාම වියහැකිය.

මෙම පහර දීම සමග උපකල්පන දෙකකට එළඹිය හැකිය. එනම් මෙය පෞද්ගලික කෝන්තරයක ප‍්‍රතිඵලයක්ය යන්නය. අනෙක පාපන්දු පරිපාලන අවුලක්ය යන්නය. පරිපාලන අවුල මෙතැනදී වඩා සමීප වන්නේ සැබැවින්ම එවැනි අවුලක් ඇවිළෙමින් තිබෙන බැවින්ය. වත්මන් පරිපාලනය වැඩ භාරගත් තැන සිට හිටපු පරිපාලනය පමුණුවන බාධා කන්දරාව දෙස බලද්දී මේ වැදුණු හොකී පිතිපහර සැබැවින්ම පරිපාලන අවුල ගිය දුරෙහි තවත් එක් ප‍්‍රතිඵලයක් විය හැකිය.

වත්මන් පරිපාලනයට රංජිත් රුද්‍රිගු පැමිණීමත් සමග එය මෙරට පාපන්දු පරිපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් වන්නේ එතෙක් පාපන්දුවේ බලය සිය පෞද්ගලික බූදලය බවට පත්කරගෙන භුක්ති විඳි මනිලාල් ප‍්‍රනාන්දුගේ පාලනය සුන්නද්දූලී වීම නිසාය. ඊට සියල්ල අපූරුවට ගැළපුණේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් පවා මනිලාල් ප‍්‍රනාන්දු මහතාට පාපන්දු තරගයක් බැලීමට පිටියකට වුව යෑමට ඇති අයිතිය වැළකීමත් සමගය. මේ අනුව පන්දුව බාධාවකින් තොරව ගෝල් එකක් බවට පත්කර ගැනීමේ සියලූ අයිතිය රංජිත් රුද්‍රිගු මහතාට නිතැතින්ම ලැබුණි.
කෙක්කෙන් බැරි දේ කොක්කෙන් හරි කරන්න සේ තමන්ට බැරිනම් තව කෙනකුටත් බැරිය යන තැන සිටි හිටපු බලධාරීහු එක පිට එක නඩු දමමින් රංජිත් රුද්‍රිගු හිරකරන තැනට පත්වූහ. ඒ අනුව මේ වනවිට ඔහුට එරෙහිව නඩු 14ක් ගොනු වන තැනට සියල්ල සිදුවී ඇත. එකී නඩුවල ආසන්නම නඩුව එළඹෙන පාපන්දු සංගම් නිලවරණය පැවැත්වීම වළකාලන නඩුවය. එහි තීන්දුව ප‍්‍රකාශ වන්නේ ඊයේ දිනයේදීය. එනම් දෙසැම්බර් 10 වැනිදාය. එකී තීන්දුව ජය ගන්නා රංජිත් රුද්‍රිගු එදින පාපන්දු මූලස්ථානයට එනුයේ පාපන්දු සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් උපාලි හේවගේ සහ ප‍්‍රධාන විධායක අනුර ද සිල්වා සමගය. එලෙස පැමිණෙන ඔවුන්ගෙන් හවස මුලින් පිටවී යෑමට එළි බසින්නේ අනුර ද සිල්වාය. හොකී පිති ප‍්‍රහාරය එල්ල වන්නේ එවිටය.
මේ පහර දුන්නේ අනුරට රංජිත්ටද යන්න ගැටලූවක් උපදී. එනම් රංජිත්ට එල්ල විය යුතු පහර අනුරගේ හිස භාර ගත්තා විය හැකිය. නැතහොත් රංජිත්ට දනවන්ට අනුරට පහර දුන්නා විය හැකිය. කෙසේ වෙතත් එහි අවසානය රංජිත් රුද්‍රිගුට අනතුරු ඇ`ගවීම බව නම් ස්ථීරය. පාපන්දු නිවහන ඉදිරිපිටදී පාපන්දු නිලධාරියකුට හොකී ප‍්‍රහාරයක් දෙන්නට තරම් කී‍්‍රඩාව ආශ්චර්යය කරා ගමන් කර ඇත. මේ ටොරින්ටන් කී‍්‍රඩා පරිශ‍්‍රයේමය. ජනපති පුතුන් රග්බි ගහන රාජපක්ෂ රග්බි කී‍්‍රඩාංගණය මායිමේමය. ඒ මොහොතේද ආමි තරගයක් එහි පැවැත්වී ඇත. එසේනම් පහරදී පාඩුවේ යන්නට තරම් බලසම්පන්න පාතාල සෙල්ලම කි‍්‍රයාත්මක කළේ කවුද යන්න සෙවීම නොවැදගත්ද?

මේ බලය ගිලිහී යෑම පිළිබඳව ප‍්‍රශ්නය. බලය අතහරින්නට බැරි වීම පිළිබඳ ප‍්‍රශ්නය. මේ රාජපක්ෂවරුන් තුන්වන වරට බලය ඉල්ලා සිටින බල ලෝභයේම තවත් පැත්තකි. එනම් කාලයක් පාපන්දුවේම රැු`දුණු එහි සියලූ වරප‍්‍රසාද තම බූදලය ලෙස භුක්ති විඳි පුද්ගලයන්ට අද එය අතහැරීම දරා ගන්නට බැරිය. එය වෙනකකු නිවැරදිව කරන විට හුස්ම ගැනීමත් අමතක වී ඇති ගාණය. මේ සැබෑ කී‍්‍රඩා හිතෛෂීන් ?

මුලදී ජනතා අධිකරණයට යනවා යැයි කී අය පසුව අධිකරණයට ගියෝය. ජනතාව අමතක කොටය. අධිකරණ ප‍්‍රශ්න නිවැරදිව විසඳන කල මේ වනවිට ප‍්‍රශ්න විසඳීම පාතාලයන්ට භාරදී ඇති සැටිය. පාපන්දුව ඉදිරිපිටදීම විධායක නිලධාරියාට කළ පහර දීම අවසානයේ දෙන පණිවුඩය පාපන්දුව මෙල්ල කරන්නට පාතාලය පිවිස ඇති බවය. පාතාලය මෙහෙය වන ගෝඞ් ෆාදර් අපට අරුමයක් නොවන්නා සේම බොහෝ අයට අරුමයක් නොවනු නොඅනුමානය.

මේ නරුම පිළිවෙත බොහෝ කී‍්‍රඩා සංගම්වල දක්නට ලැබෙයි. ඔවුන් සියල්ල බලය රඳවාගෙන සිටිනුයේ බලහත්කාරයෙනි. බලය ගිිලිහුණු කලද හැසිරෙනුයේ එලෙසමය. මේ සියල්ල මෙලෙස වූයේ නිශ්චිත කාලයකට බලය සීමා නොකිරීම නිසාය. එයට කී‍්‍රඩාවම අපූරු උපහැරණයකි. අද කී‍්‍රඩාවේ කඩා වැටීමම වසර ගණනක් ඒ ඒ සංගම් අතහැර අල්ලාගෙන සිටින නිලධාරීන්ය. ඔවුහු කිසිවකුට ඒ තැන් නොදෙනවා පමණක් නොව යම් විදියකට ඒ තැනකට කෙනකු ආවොත් ඔවුන්ට ද ඉන්නට නොදෙන තැනට සියල්ල සකසන්නෝය. මේ හොකී ප‍්‍රහාරය දෙන පණිවුඩය එයය. එයට ඔරොත්තු දීමට ශක්තිමත් ඔළු අවශ්‍ය වන්නේ දෙවනුවත්, තෙවනුවත් හොකී පිතිම එතැයි අනුමාන කළ නොහැකි බැවිනි.
අනුර ද සිල්වා යනු දක්ෂ පාපන්දු කී‍්‍රඩකයෙකි. ඔහු ජාතික කණ්ඩායම නියෝජනය කළා පමණක් නොව එහි නායකත්වයද දැරීය. එවැනි අතීතයක් ඇත්තකු පරිපාලනයට ආ කල දිරවා ගත නොහැක්කේ පාපන්දු බහිරවයන්ට විනා පාපන්දුවට ආදරය කරන අයට නම් විය නොහැකිය.