කී‍්‍රඩා අමාත්‍යාංශය හොර ගුහාවකි

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන ගණකාධිකාරි එම්.ඞී ඇන්ටන් පෙරේරා මහතා ස්ථාන මාරු කිරීමට පාදකවූ සිදුවීම්වලට ආමාත්‍යවරයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ගණකාධිකාරීවරුන්ගේ රාජකාරිවලට ඔහුගේ සෘජු මැදිහත් වීමක් නොමැති බවත් සඳහන් මාධ්‍ය නිවේදනයක් නිකුත් වී තිබේ. එම මාධ්‍ය නිවේදනය මගින් අමාත්‍යවරයා කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් නොවන බව සහ එම දෙපාර්තමේන්තුව නිදැල්ලේ කර ගන යාමට ඉඩදී තිබෙන බව ගම්‍ය වේ. කී‍්‍රඩා අමාත්‍යවරයාට සුදු හුණු ගාන මෙම වංචනික ප‍්‍රකාශය සම්බන්ධව ගණකාධිකාරී සේවා සංගමය පහත සඳහන් කරුණු වගකීමෙන් යුතුව හෙළිදරව් කරනු ලැබේ.

කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන ගණකාධිකාරිවරයා විසින් එහි අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියට එරෙහිව ගොනුකරන ලද මූල්‍යමය විෂමාචාරයන් පිළිබඳව එවකට අමාත්‍යාංශය ලේකම් ලෙස කටයුතු කළ අනුර ජයවික‍්‍රම මහතා මූලික විමර්ශනයක් සඳහා පියවර ගැනීම හේතුකොට ගෙන ඔහුව ස්ථාන මාරූ කර යවන ලදි. එම විමර්ශනයේ වාර්තාව නිකුත් කිරීමටත් පෙර ප‍්‍රධාන ගණකාධිකාරීවරයා ද ස්ථාන මාරු කරන ලදි. අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහි විමර්ශනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා අපක්ෂපාතීව කටයුතු කළ යුතු වුවත් අධ්‍යක්ෂ ජනරාල් ගලවා ගැනීම අරමුණින් ඔහු කටයුතු කරන බව තහවුරු කළ හැකිව තිබේ.

ප‍්‍රධාන ගණකාධිකාරිවරයා ඉවත් කිරීමට පාදක වූයේ කී‍්‍රඩා අමාත්‍යවරයා සහ අධ්‍යක්ෂ ජනරාල් විසින් කාලයක් තිස්සේ කි‍්‍රයාත්මක කර ගෙන ආ විවිධ ජාවාරම්වලට ඔහුගෙන් එල්ල වූ බාධාවන්ය. එයට කී‍්‍රඩා අමාත්‍යවරයාගේ මැදිහත් වීම සෘජුද වක‍්‍රද යන්න ඒ පිළිබඳව විමසීමේදී පහසුවෙන් සොයා ගත හැකි වනු ඇත.
මාධ්‍ය ලේකම් විසින් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව කුමා ස්ටිකර්ස් නැමති ආයතනයට සෘජුව ප‍්‍රදානය කර තිබූ රුපියල් දස ලක්ෂයට ආසන්න ඇණවුමකි. නියමිත පරිපාටියෙන් බැහැරව සිදුකර තිබූ මෙම ගනුදෙනුවට අදාළ ගෙවීම ප‍්‍රධාන ගණකාධිකාරී විසින් ප‍්‍රතික්ෂේප කොට තිබුණි. මේ දිනවල කොළඹ නගරයේ සහ ඉන් පිටත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එක් අපේක්ෂකයකුගේ දැවැන්ත කටවුට් සවිකරනුයේ මෙම ආයතනය විසිනි.

39 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙල 2013 වර්ෂයේදී පැවැති අතර එම උළෙල සඳහා ටී ෂර්ට් සහ බෑග් ඇණවුම් කිසිදු මිල ගණන් කැඳවීමකින් තොරව බලධාරීන්ගේ හිතවතකු වූ ‘ෆැමිලි ෆැෂන්්ස්’ නම් වූ ආයතනයකට පවරා තිබූ බවත්, ඉන් අනතුරුව අවස්ථා ගණනාවකදීම මෙම ආයතනයට සෘජුව ඇණැවුම් ලබාදීමට බලධාරීන් උත්සාහ කළද ප‍්‍රධාන ගණකාධිකාරි විසින් මිල ගණන් කැඳවා ටෙන්ඩර් තීරණ අනුව ඇණැවුම් සැපයීම් මත ඉහත ආයතනයට ඇණැවුම් නොලැබීම බලධාරීන්ට ඔහු සමග උරණ වීමට තවත් හේතුවක් වී තිබිණි.

ප‍්‍රධානතම ගැටලූ මතු වූයේ කී‍්‍රඩා අමාත්‍යවරයා සහ අධ්‍යක්ෂ ජනරාල් එක්ව කී‍්‍රඩා සංගම්වලට කී‍්‍රඩා භාණ්ඩ සැපයීමේ මුවාවෙන් සිදුකිරීමට උත්සාහ කළ රුපියල් ලක්ෂ 538 වටිනා ගනුදෙනුවයි. කී‍්‍රඩා සංගම් විසින් මිල ගණන් කැඳවා අදාළ ආයතන තෝරා ගෙන ඇති බවත් ඒ අනුව එම සංගම්වලට ඉහත මුදල ගෙවීම සුදුසු බවත් සඳහන් කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරිය නිකුත් කළ ලිපියට ඇමතිවරයා දුන් අනුමැතිය මත වවුචර් පිළියෙල කොට ගෙවීම් සඳහා ප‍්‍රධාන ගණකාධිකාරිවරයාට ඉදිරිපත් කර තිබූ බවත් ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේදී එම තොරතුරු සාවද්‍ය බව හෙළි වූ බැවින් ප‍්‍රධාන ගණකාධිකාරිවරයා ගෙවීම අත්හිටවූ බවත් දැන් ප‍්‍රසිද්ධ කාරණයකි. මෙම ගනුදෙනු තුළ ඇතුළත් ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලනය මිල ගණන් ඉදිරිපත් කර තිබූ ආයතන පිළිබඳ හෙළිදරව් වී ඇති තොරතුරු අනුව මෙම ගනුදෙනුව කොතරම් වංචනික ගනුදෙනුවක් දැයි සිතා ගත හැකිවේ. වොලිබෝල් සම්මේලනයේ ප‍්‍රධාන අනුශාසකයා වන්නේ අතිගරු ජනාධිපතිතුමායි. උප අනුශාසකවරුන් වනුයේ අග‍්‍රාමාත්‍යවරයා සහ කී‍්‍රඩා අමාත්‍යවරයායි. වොලිබෝල් සම්මේලනයේ සභාපති වනුයේ අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාය. මෙම ආයතනය විසින් ඉදිරිපත් කළ මිල ගණන්වලට අයත් ආයතන කිසිවක් ඒ ස්ථානවල නොමැති බව වගකිව යුතු අංශ විසින් තහවුරු කර තිබේ. එක් ආයතනයක ලිපිනය වනුයේ පානදුර නගරයේ හැටන් නැෂනල් බැංකු ගොඩනැගිල්ලයි. අනික් ආයතනවල ලිපිනවල එවැනි ආයතන නොපවතින බව වාර්තා වේ. අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුතු වොලිබෝල් සංගමය කූඨ ලේඛන පිළියෙල කොට කී‍්‍රඩා අමාත්‍යවරයා සහ අධ්‍යක්ෂ ජනරාල් හරහා මේ වංචා කිරීමට සැරසී තිබුණේ මෙරට මහජන මුදල්ය. ඉතා නිවැරදි අයුරින් කටයුතු කොට රුපියල් ලක්ෂ 538ක් වටිනා මෙම සමස්ත ගනුදෙනුවම නවත්වා දැමීමට ප‍්‍රධාන ගණකාධිකාරිවරයා කටයුතු කොට තිබුණි.

මීට සමාන තවත් ගනුදෙනුවක් වී තිබුණේ කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේදී අමාත්‍යවරයාගේ සහ අධ්‍යක්ෂ ජනරාල්ගේ මෙහෙය වීම යටතේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලොහාන් රත්වත්ත මහතා අධ්‍යක්ෂ ධුරය දරන ‘වර්ල්ඞ් එයා පුද්ගලික සමාගම’ යන ආයතනයට අවිධිමත් ලෙස ගුවන් ටිකට්පත් ඇණවුම් ලබාදීමයි. ගුවන් ටිකට්පත් මිලදී ගැනීම සඳහා මෙරට වලංගු රීතිය වනුයේ රාජ්‍ය මුදල් චක‍්‍රලේඛ අංක 431 වේ. ඒ අනුව ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේදී රාජ්‍ය ආයතන විසින් එම මිලදී ගැනීමේ ලංකා බැංකුව මහජන බැංකුවට අනුබද්ධ ‘බී ඕසී ට‍්‍රැවල්ස් පුද්ගලික සමාගම’ සහ ‘පීපල්ස් ට‍්‍රැවල්ස් පුද්ගලික සමාගම’ මගින් සිදුකළ යුතු වේ. එම චක‍්‍රලේඛයට පටහැනිව කටයුතු කරමින් මිල ගණන් කැඳවා අවම මිලට දුන් බව ප‍්‍රකාශ කරමින් වර්ල්ඞ් එයාර් නමැති ආයතනයට පිරිනමා ඇති ඇණැවුම්වල වටිනාකම රුපියල් කෝටි ගණනක් බව වාර්තා වේ. චක‍්‍රලේඛයට අනුව මිල ගණන් කැඳවීමට කිසිදු ඉඩක් දී නොමැත. ප‍්‍රධාන ගණකාධිකාරිවරයා විසින්’ ‘වර්ල්ඞ් එයාර් පුද්ගලික’ සමාගමට සෘජුව ඇණවුම් දීමේ ක‍්‍රමය නවත්වා චක‍්‍රලේඛයට අනුව කටයුතු කිරීම හේතුකොට ගෙන එතෙක් පැවති ජාවාරම අවසන් වී තිබේ.

ප‍්‍රධාන ගණකාධිකාරිවරයා ඉවත් කිරීමට බලපෑ තවත් ප‍්‍රධාන ගනුදෙනුවක් වී ඇත්තේ ‘කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක්’ ආයතනයට අවිධිමත් ලෙස අධ්‍යක්ෂ ජනරාල් විසින් 99 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙල විකාශනය භාර කිරීමේ ගනුදෙනුව බවද වාර්තා වේ. ගෙවීම සඳහා ප‍්‍රධාන ගණකාධිකාරිවරයා වෙත ඉදිරිපත්ව තිබූ බව කියන මෙම ගනුදෙනුවට අදාළව මිල ගණන් කැඳවීමක් හෝ ටෙන්ඩර් තීරණයක් නොමැතිව තිබූ බවත්, අධ්‍යක්ෂ ජනරාල් තම බලතල ඉක්මවා සිදුකළ බව සඳහන් මෙම ගනුදෙනුවට මුදල් නොගෙවීම ප‍්‍රධාන ගණකාධිකාරිවරයා සමගය. ගැටලූවක් ඇති කර ගැනීමේ තවත් හේතුවක් වී ඇති බව වාර්තා වේ. මේ අයුරින් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් හර්ෂ අබේකෝන් මහතා සම්බන්ධවී කාල්ටන් ආයතනයට අවිධිමත් ලෙස ලබාදී ඇති ඇණැවුම්වල වටිනාකම මිලියන 5 ඉක්මවා ඇති බව වාර්තා වී තිබේ. මීට අමතරව අධ්‍යක්ෂ ජනරාල් විසින් තම පුද්ගලික අභිමතය අනුව අරවින්ද මෝටර්ස් නමැති ආයතනය හරහා සිදුකළ බව කියන මෝටර් වාහන අලූත්වැඩියා ව්‍යාපෘතියද, අමාත්‍යවරයාගේ මාසික ඉන්ධන කෝටාව අවසන් වූ පසු කී‍්‍රඩා දෙපාර්තමේන්තුවෙන් ඉන්ධන ලබා දීමට අධ්‍යක්ෂ ජනරාල් ගත් උත්සාහයද ප‍්‍රධාන ගණකාධිකාරිවරයා විසින් වළක්වාලීම ඔහුව ඉවත් කිරීම සඳහා පසුබිම් වී තිබුණි.

ඒ අනුව කී‍්‍රඩා අමාත්‍ය සහ අධ්‍යක්ෂ ජනරාල් විසින් පවත්වා ගෙන ගිය බහුවිධ පුද්ගලික ව්‍යාපෘති නැවතී තිබේ. අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව ප‍්‍රධාන ගණකාධිකාරිවරයා එල්ල කළ ඉහත මූල්‍ය විෂමාචාරයන් පිළිබඳ අමාත්‍යාංශ පරීක්ෂණය ද අල්ලස් හෝ දූෂණ පිළිබඳව කොමිසමේ පරීක්ෂණ ද ආරම්භ වී තිබේ. ප‍්‍රධාන ගණකාධිකාරිවරයා ඉවත් කරනුයේ මෙම පසුබිම් යටතේය. ඒ වෙනුවෙන් ඔහු විසින් රුපියල් ලක්ෂ 50 ඉක්මවා ඇති වංචාවක් සිදුකොට ඇති බව චෝදනා කොට ඔහු ස්ථාන මාරු කොට තිබේ. මෙම කරුණු දැනට අධිකරණයේ ඉදිරියේ පවතින බැවින් සංගමය ඒ පිළිබඳව අදහස් ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටි. එසේ වුවත් මෙම චෝදනා අසත්‍ය බව ඔප්පු කිරීමට හැකි සියලූ තොරතුරු සංගමය සතුව පවතින අතර වංචා විමර්ශන අංශය වංචාවක් තහවුරු කර ගැනීමට අපොහොසත් වුවහොත් අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීම සම්බන්ධව අධ්‍යක්ෂ ජනරාල් අධිකරණය හමුවට පැමිණවීමට සංගමය කිසිසේත්ම පසුබට නොවේ.
කී‍්‍රඩා අමාත්‍යාංශය හොර ගුහාවකි. නිකම් හොර ගුහාවක් නොව දේශපාලන හොර ගුහාවකි. වසර එකහමාරක් පමණ වන කාලයක් තුළ ඊට අත තැබීමට ප‍්‍රධාන ගණකාධිකාරිවරයා සමත් වී තිබේ. එය සත්‍ය වශයෙන්ම අමාත්‍යවරයාටත් අධ්‍යක්ෂ ජනරාල්ටත් අභියෝගයක් වූ බව පැහැදිලි වනුයේ ඔහුගේ ස්ථාන මාරුව සිදුකර ඇති ආකාරයෙනි…..
ඩබ්ලිව්.පී.එස්.කේ. ප‍්‍රනාන්දු
වැඩබලන සභාපති