රාජපක්ෂලාගේ මැතිවරණය සේල්-සේල්-සේල්

ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවති සියලූ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා, දූෂිත ක‍්‍රියා පරදවා අංක එකට එන මැතිවරණය මෙය විය හැකිය. එවැනි සාඩම්බර ඉතිහාසයක් ලියැවීමේ දොළකින් ජනපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ක‍්‍රියා කරනු පෙනේ. ඊට අවශ්‍ය සියලූ උත්සාහයන් කිසිදු හිරිකිතකින් තොරව ක‍්‍රියාවට නැගෙමින්ද තිබේ. මග දෙපස විදුලි කණුවලට බරදුන් ජනපතිගේ කටවුට් ශරීර තවමත් එහෙම්මය. ගැලවූ තරමටම නොගැලවූ බෝඞ් අපමණය. ගලවන්නැ’යි අණ කරනුයේ කාටද? ඒවා එල්ලන වුන්ටමද? ඉතිරිව ඇත්තේ කරබාගෙන සිටින්නටය.

රාජ්‍ය අංශය

රාජ්‍ය සේවකයාට තමන් තරම් කළ කිසිවෙක් නැතිය යන්න ජනපති රාජපක්ෂ මැතිවරණ වේදිකාවලට කෑමොර දෙන කතාවකි. කළගුණ සැලකීම අකුරටම බලාපොරොත්තු වන රාජපක්ෂ ආණ්ඩුව තම තෙවන වර බලාපොරොත්තුව වෙනුවෙන් රාජ්‍ය සේවය වහල් සේ්වාවේ යොදා ඇත. රාජ්‍ය සේවකයන් වූ පාපයට මේ ආණ්ඩුව කියන කරන ඕනෑම දේකට සිය රැුකියාව වෙනුවෙන් වහල් වැඩ කරන්නට අද රාජ්‍ය සේවකයාට සිදුව ඇත. පහළම යාන්ත‍්‍රණයේ සිට ඉහළම යාන්ත‍්‍රණය දක්වා රාජ්‍ය සේවකයන් මහින්ද රාජපක්ෂ දිනවීමේ මහපාරේ සටනට බැස ඇත.

සමෘද්ධිලාභීන්

සමෘද්ධිලාභීන් යනු එක්තරා ආකාරයකට ආණ්ඩුවෙන් යැපෙන්නෝය. එබැවින් ආණ්ඩුවට අවැසි ඕනෑම දෙයක් කිරීමට බැඳී ඇත්තෝයැ’යි විශ්වාසය ආණ්ඩුව නිතරම ජනිත කරමින් සිටී. ආණ්ඩුව අනුරාධපුරයට යායුතුයි කී විට ඔවුහු කරබාගෙන හම්බන්තොට සිට වුව සීටීබී බසයකට ගොඩවිය යුතුය. එසේ නොකළහොත් අනතුරු ඇඟවීම සමෘද්ධිය අහෝසි කරන බවය. මේ නිසා මේ දිනවල සමෘද්ධිලාභීන් යනු රාජපක්ෂ ආණ්ඩුවේ මෙහෙකරුවන්ය. රාජපක්ෂ ජනාධිපතිවරයා රැුස්වීම්වලට යන යන තැන යන පේ‍්‍රක්ෂක ගඟ මොවුන්ය. ඒ සඳහා වාසි නැතිවාමද නොවේ. මේ වනවිට ඇතැමුන්ට 2500 වාරික දෙකක් ලැබී තුන්වන වාරිකයද ලැබීමට නියමිතය. ඇතැමුන්ට වාරික එකය. ඡුන්ද ගුණ්ඩුවක් බව පැහැදිලිය. මුදල් දෙන බැවින් ඊට එක්වීම සමෘද්ධිලාභීන් විනෝදයක් බවට පෙරළාගෙන ඇත. මෙය පාර්ට් ටයිම් රැුකියාවක් ලෙස සිතන තැනට මොවුන් පත්වී ඇත. සමෘද්ධිලාභීන් ඒකරාශී කරගැනීම සමෘද්ධි නියාමකයන්ගේ වගකීමකි. ඔවුන්ගේ සාර්ථකත්වය රඳා පවතිනුයේ එකී මෙහෙවර කරන ප‍්‍රමාණය මතය.

අනෙක් පාර්ශ්ව

සමෘද්ධි පිරිස්, ලංගම පිරිස් මෙන්ම සෙසු රාජ්‍ය ආයතනද සිය දායකත්වය උපරිම සැපයිය යුතුය. මැතිවරණ රැුලිවලට සහභාගි විය යුතුව ඇත. කවදාක හෝ නොදුන් ක‍්‍රීඩාංගණ මෙවර ඡුන්ද රැුලිවලට යොදාගනී. කුලියාපිටිය සෙන්ට‍්‍රල්හි ක‍්‍රීඩාංගණය ඉතිහාසයේ ප‍්‍රථමවරට ජනපති රැුලියට යොදා ගනී. කිරුළපණ පැවති ජනපති රැුලියට රාජ්‍ය වාණිජ විවිධ නිතිගත සංස්ථාවේ සේවකයන් නිවාඩු නොදමා සහභාගි වී ඇත. ජනපති රැුලි සඳහා වේදිකා නිර්මාණය කිරීමට වරාය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් නිදහස් කර ඇත. රැුස්වීම්වලට අවශ්‍ය ආම්පන්න ප‍්‍රවාහනයට සතොසේ වාහන යොදාගනිමින් තිබේ. මේ අයුරින් බලන කල සියලූම රාජ්‍ය සේවකයන් උපරිමයෙන් රාජපක්ෂ දිනවීමේ භෞතික ක‍්‍රියාවලියට යොදාගෙන හමාරය.

දන්සල් -පැවැත්වීම්

අරලියගහ මන්දිරයෙන් ආරම්භ වූ දන්සල් පූර්වාදර්ශය මේ වනවිට රට පුරා ව්‍යාප්ත වන්නට පටන් ගෙන ඇත. එහි ප‍්‍රධාන ස්ථානයක් බවට අද ශාලිකා ශාලාව පත්ව ඇත. මීට අමතරව නොබෝදා ඇහැළියගොඩ ගුරු මාරු සංගමයේ සභාපති විදුහල්පතිවරු නියෝජ්‍ය විදුහල්පතිවරු 800ක් කැඳවා ඇහැළියගොඩ සාදයක් පවත්වා ඇත. මේ ආකාරයට සෑම ප‍්‍රදේශයකම අදාළ පිරිස් කැඳවා රැුස්වීම් පවත්වන්නට නියමිතය. මේ මහජන දේපළය. මහජන මුදල්ය.

නොකියා කීම

කොළඹ සිට නුවර දක්වා ගමනාන්තයට යන තෙක් එල්ලූ ජනපති කටවුට් එලෙසම පවතින බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති. ඒ අවට බොරු කාර්යාල බොහෝ ඇති බවද පැවසේ. ඇතැම් පොලිස් ස්ථාන ඉදිරිපිටම අය-වැය සහන යෙදූ කටවුට් ප‍්‍රදර්ශනය වේ. ලේක්හවුස් ආයතනය ආයතනයේ උසට ඉදිකළ ජනපති කටවුට් නිරුපද්‍රිතව පවතී. රාජ්‍ය ආයතන ඉදිරිපිට කටවුට් පැළවී ඇත. රත්නපුර මාර්ගයේ ‘රටම එළියයි’ වාක්‍ය යොදා ජනපතිගේ රුව පාර පුරා ප‍්‍රදර්ශනය කරනුයේ පවිත‍්‍රාදේවි ඇමතිවරියය.

මැතිවරණ ප‍්‍රචාරණයට යොදා ඇති පෝස්්ටර් බැනර් ඉවත් කරන්නට පොලිසියට බලය පවරා ඇතත් ඒ වෙනුවෙන් කෝටි 50ක් වෙන්කර ඇතැ’යි පැවසුවත් කිසිවක් වෙනස් වූ අයුරු නොපෙනේ. රටේ කොයිතැන බැලූවද පෙනෙනුයේ මහින්ද රාජපක්ෂය. මිනිසුන් හීනෙන් ඇහැරුනද බයවන තරමට හැමතැනම රාජපක්ෂය.

තාරුණ්‍යයට හෙටක්

අද මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සියල්ල සිදුවන්නේ රට පුරා ඇති තරුණ සේවා සභාවට අයත් ශාඛා තුළය. මේ මොහොතේ තරුණ සේවා සභාව නාමල් රාජපක්ෂගේ බූදලයක් වී ඇත. එහි සියල්ල සිදුවන්නේ ඒ වෙනුවෙනි. විශ‍්‍රාමිකයන්ට දුරකතන බෙදනුයේද ඡුන්ද ව්‍යාපාරයේ කොටසක් ලෙසය.

වරදාන

සමෘද්ධිලාභීන්ට රුපියල් 50,000ක ණයක් ලබාදෙමින් සිටී. මේ දිනවල රට පුරා කුඹුරු අස්වැන්න ලබන කාලය වුවත් බිත්තර වීවලට යැ’යි කියමින් මුදල් ලබාදෙන ක‍්‍රමයක් ආරම්භ කර ඇත. ඒවා රැුස්වීම් පවත්වා බෙදන මැතිවරණ ක‍්‍රියාවලියක් බවට පත්වී ඇත. ප‍්‍රාදේශීය ලේකම්වරු හරහා මේ සියල්ල සිදුවේ.

පහරදීම්

රාජපක්ෂ ආණ්ඩුවේ ජනපති අපේක්ෂාව එලෙස ඉටුකර ගන්නට රාජ්‍ය සේවකයාගේ සිට රාජ්‍ය දේපළ උපරිමයෙන් යොදා ගනිද්දී පොදු අපේක්ෂකයා එන රැුස්වීම්වලට පහර දෙන්නට පටන් ගෙන ඇත. නුවර සහ ගාල්ල සිද්ධීන් ඊට කදිම නිදසුන්ය. එපමණක් නොව පොදු අපේක්ෂකයාට කිසිදු ක‍්‍රීඩාංගණ ලබා නොදීමට ඒවා කල්තබා වෙන්කර ගන්නා තැනට කටයුතු යෙදී ඇත. ලිපිය ලියන මොහොතේ මැතිවරණ පැමිණිලි 303 වාර්තා වන අතර ඉන් 34ක් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා බව පැවසේ. ඉන්ද එකොළහක්ම ගිනි අවි භාවිත කිරීම්ය. 303ක් වූ සිද්ධීන් අතරින් 300ක්ම රාජපක්ෂ ආණ්ඩුවේ කි‍්‍රයාය.

මේ සියලූ වටාපිටාවන් පිරික්සීමේදී පැහැදිලිවන්නේ මෙවර මැතිවරණය රාජපක්ෂ සන්තකයේ ක‍්‍රියාවට නැගෙන බවය. එහි වෙනත් තරගකරුවකුට කළහැකි කිසිවක් නොපවතී. පොලිසියද හමුදාවද හිරකරුවන්ද රාජපක්ෂ මැතිවරණ ප‍්‍රචාරණයේ යෙදී සිටිති. මැතිවරණ කොමසාරිස්ට නිවේදන නිකුත් කරනවාට එහා කළහැකි කිසිවක් නොපවතී. ඒ තරමට රාජපක්ෂ ආණ්ඩුව සියල්ල සියතට ගෙන ඇත්තේය.

එතෙක් මෙතෙක් පැවති දූෂිතම මැතිවරණය මෙය විය හැකිය. මේ පිටපත දිනෙන් දින මෙගා නාටකයක් ලෙස කියාපානුයේ එයය. කෙසේ හෝ ජයග‍්‍රහණය කරනවායැ’යි කියනුයේ මේ බලහත්කාරයය. ඊට එරෙහි විය හැක්කේ ‘කතිර’යෙන් පමණි.

පොදු දේපළ අයථා පරිහරණයට ලක්වනවා  – ශාන් විජේතුංග
පොදු දේපළ අයිතිය සුරැුකීමේ වැඩසටහන (ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය)

මරට මැතිවරණ ඉතිහාසයේ කවරදාකටත් වඩා මෙවර පොදු දේපළ අයථා පරිහරණයකට මේ ආණ්ඩුව පත්කරමින් සිිටිනවා. මීට පෙර මෙවැනි තත්ත්වයක් අපි දැක්කේ නැහැ. රාජ්‍ය සේවය වගේම රාජ්‍ය දේපළත් එක ලෙස මෙවර යොදා ගන්නවා.

අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ජනතාව හැටියට පෙරට එන්න කියලා. මොකද මේ රාජ්‍ය දේපළ කියන්නේ ජනතාවගේ දේපළ. මේ ජනතාවගේ සල්ලි. ඒවා හිතුමතේ යොදාගන්න බැහැ. ඒවට විරුද්ධ විය යුතුයි

මෙතැනදි ඉතා වගකීමෙන් කිව යුතු දෙයක් තියෙනවා. ඒ තමයි රාජ්‍ය දේපළ රැුකගැනීම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේද වගකීමක් බව. ඔවුන්ට මේවා යොදා නොගන්නැ’යි නීති පනවන්න පුළුවන්. එහෙත් එහෙම වෙන්නේ නැහැ.

මේ වනවිට තියෙන නිරීක්ෂණ අනුව පෙනෙන්නට තියෙන දේ නම් මෙය ඉතිහාසයේ නරකම මැතිවරණය වනවාට කිසිදු සැකයක් නැති බවයි.

සිද්ධීන් 303න් 300ක්  ආණ්ඩුවේ වැඩ – රජිත කීර්ති තෙන්නකෝන් කැෆේ සංවිධානය

මැතිවරණ සිද්ධීන් 303ක් මේ වනවිට වාර්තා වෙලා තියෙනවා. ඉන් සිද්ධීන් 300ක් ආණ්ඩුවේ වැඩ. ඒ වගේ තත්ත්වයක අපේ නිරීක්ෂණ ආණ්ඩු විරෝධියි කියලා ආණ්ඩුවට පෙනීම නිරීක්ෂකයන් විදිහට අපට කරන්න දෙයක් නෑ. නීතිය ක‍්‍රියාත්මකවන්නේ නැත්නම් මේක තමයි තත්ත්වය. ඒක කියන එක වරදක් නම් ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් කියනව නම් මේ නිරීක්ෂණ පක්ෂග‍්‍රාහී කියලා. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි ඒ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්ගේ මතයද එහෙම නැත්නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයද කියන එක රටට හෙළි කරන එක වැදගත්. මොකද ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු මුලින්ම ආරම්භ කළේ සිරිමාවෝ මැතිනිය කාලේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒ වගේම අද මැතිවරණයකදී දැකිය හැකි සාධනීය ලක්ෂණ ගොඩාක් ඇති කළේ මේ නිරීක්ෂණ ආයතනයි. අද ඡුන්දයට හැඳුනුම්පත අනිවාර්ය වුණේ ඒ ඉල්ලීම්වලටයි.

අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාට මතක් කරනවා. ලෝකයේ මැතිවරණ නිරීක්ෂණ තහනම් කරලා තියෙන්නේ රටවල් හතයි. අටවැනි රට බවට ලංකාව පත්කරනවද කියන කාරණය ගැන හිතන්න කියලා.