රාජපක්‍ෂකරණය වූ එල්ලේ

වත්මන් ආණ්ඩුව කී‍්‍රඩාව දේශපාලනයේ ගොදුරක් බවට පත්කරගෙන එය හපකරමින් සිටී. මේ නිසා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ද නොදැනීම වත්මන් ආණ්ඩුවේ ගුණ ගයන තත්ත්වයට පත්වෙති. මේ මොහොතේ එල්ලේ කී‍්‍රඩාවට සැලකීමද ඉහත දේශපාලනයේම කොටසක් බවට පත් වී ඇත. එල්ලේ කී‍්‍රඩාවේ සභාපතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කළ කාලයක්ද ඉතිහාසයේ තිබුණි. ඒ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී ය. 2002 වසරේදී ය. එකලදී නොකළ දෑ මෙකල කරන්නට යෝෂිත රාජපක්‍ෂ එල්ලේ සම්මේලනයේ සභාපති ලෙස පත්කර ඇත.
රාජපක්‍ෂවරුන් එල්ලේ සම්මේලනයේ එල්ලෙනුයේ අන් කිසිවක් නිසා නොව එල්ලේ කී‍්‍රඩාව හා ගැටගැහුණු විශාල ජන සමූහයක් නගර ආශ‍්‍රිතව සිටින බැවිනි. ඒ සියලූදෙනාගේ සහාය දේශපාලනිකව තම පිලට ඇද ගැනීම යටි අරමුණය. එල්ලේ කී‍්‍රඩාව හා බැඳුණු නිත්‍ය පේ‍්‍රක්‍ෂක කැළක් සිටිති. මොවුන් නගර ආශ‍්‍රිතව ඡුන්ද හිමි පන්තිය වේ. මේ පිරිස උපායශීලීව ඩැහැගැනීම ආණ්ඩුවේ සැලැස්ම වේ. යෝෂිත රාජපක්‍ෂ එල්ලේ සම්මේලනයට බස්සනුයේ එබැවිනි. මේ පත්වීම ලත් කලම අපි මේ අදහස පළ කළෙමු. එය සැබෑවක් බව ඉහළට එසවී පෙනෙන්නේ මේ කාලයේදී ය.

යෝෂිත, සභාපතිවරයා ලෙස පත්වී වසරක් කිට්ටු වී ඇතිමුත් එල්ලේ කී‍්‍රඩකයන්ට සලකන්නට මෙතරම් උනන්දුවක් කඩිමුඩියක් තිබුණු බවක් දක්නට නොලැබුණි. එතෙක් නොසලකා සිටි එල්ලේ කී‍්‍රඩකයන්ට සලකන්නට ආණ්ඩුව පටන් ගෙන ඇත. ජනාධිපතිවරණය ඉක්මන් නොවන්නට මේ මතකය පිළුණුවන්නට ඉඩ තිබුණි. ඒ අනුව ශී‍්‍ර ලංකා එල්ලේ සම්මේලනයට අනුබද්ධ කී‍්‍රඩා සමාජ 128ක් සදහා මුදල් ආධාර පිරිනැමීම දෙසැම්බර් 21වැනිදා සිදුවිය. ඒ ශාලිකා පිටියේදී ය. එහිදී එල්ලේ ප‍්‍රවීණයෝ පස් දෙනකු ජනාධිපති රාජපක්‍ෂ අතින් සම්මාන ලැබූහ. මුදලින් රු.20,000 බැගින් ද ඔවුන්ට පිරිනැමුණි. ඊට අමතරව ආරාධනා ලද සෙසු සංගම්වලට රුපියල් 10,000 බැගින් මුදල් පිරිනැමීමක්ද සිද්ධ විය.

රාජපක්‍ෂවරුන් රොත්තක් සහභාගි වන මෙම උත්සවයේදී නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා පොරොන්දු වනුයේ ජාඇළ නාගරික කී‍්‍රඩාංගණය ආදර්ශ එල්ලේ කී‍්‍රඩාංගණයක් ලෙස අංගසම්පූර්ණ ලෙස නවීකරණය කරන බවය. මේ ගුණ්ඩුව සම්පූර්ණයෙන්ම ඡුන්දය සඳහා නොවේද?

ජාතික මහා කී‍්‍රඩා උළෙලේදී දක්‍ෂතා දැක්වූ දකුණු පළාත් කී‍්‍රඩක කී‍්‍රඞීකාවන් ඇගැයීමේ උළෙලක් ද නොබෝදා පැවැත්විණි. ඒ කතානායක චමල් රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙනි. ඒ සඳහා ගිය වියදම ලක්‍ෂ 61ක් බව සංවිධායකවරු පැවසූහ. කෙදිනක සිදු නොකළ බොහෝ දේ මැතිවරණය ඉලක්ක කොට සිදු වේ. රාජපක්‍ෂවරුන්ගේ සිට මැති ඇමතිවරු දක්වා කරන සියලූ දෑ දේශපාලනයේ නාමයෙන්ම සිදුවන මුත් ඒ සියල්ල කිසිදු හිරිකිතයකින් තොරව මේ ආණ්ඩුව කරමින් සිටියි.