ජනාධිපතිවරණය ගැන විදෙස් මාධ්‍ය උපුටන

 

සිය ගණනක් දෙමළ මිනිස්සු පසුගිය ඉරිදා සල්මන් ඛාන්ගේ මුම්බායි නිවස ඉදිරියේ උද්ඝෝෂණයක නිරත වූහ. මේ බොලිවුඞ් සුපිරි තරුව ශී‍්‍ර ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට ද්‍රෝහී ලෙස සහභාගි වීම ගැන තමන් විරෝධය පළ කරන බව ඔවුහු කීහ. මෙය නවත්වන්නට නම් ඛාන් වරද පිළිගෙන ජනතාවගෙන් සමාව අයැද සිටිය යුතු ය. (සීනිව්ස් ඉන්දියා. කොම්, ජනවාරි 4)

ශී‍්‍ර ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය විරුද්ධවාදීන් විසින් ඇති කරමින් සිටින බලවත් පීඩනයෙන් තෙරපෙන තැනැත්තේ, සිය හමුදාව විසින් 2009 යුද්ධය අවසන් වීමට ආසන්න සමයේ කරන ලද දහස් ගණනක් සිවිල් ජන ඝාතන ගැන පරීක්‍ෂණයක් පවත්වන බවට සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ පොරොන්දු වෙයි. ඒ කෙසේ වෙතත් රාජපක්ෂ තවදුරටත් කියන්නේ එක්සත් ජාතීන් විසින් මෙහෙයවනු ලබන විමර්ශනයට තමාගේ සහාය නොලැබෙන බවයි.
එහෙත් ඔහු පසුගිය ජුලි මාසයේ නියෝග කළ පරීක්‍ෂණය පැවැත්වෙන්නේ කෙසේදැයි එහි සඳහන් නොවේ.

2011 වසරේ එක්සත් ජාතීන් විසින් එළි දක්වන ලද වාර්තාවකට අනුව යුද්ධයේ අවසන් දින කිහිපයේ දී මරා දමන ලද දෙමළ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 40,000 පමණ වේ.

ශී‍්‍ර ලංකාවේ දේශ සීමාවන් තුනෙන් එකක් පමණ අල්ලාගෙන සිටි කොටින් පලවා හැරීමේ ගෞරවය රාජපක්ෂට නිතැතින් ම හිමිවෙයි. එහෙත් ඒ සමග ම ඔහුට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා ද එල්ල වන අතර ඔහු කෙමෙන් ඒකාධිපතිත්වය කරා ඇදී යන පාලකයකු ලෙස ද ඇතැම්හු දකිති.
ඔහුගේ ප‍්‍රධානතම ප‍්‍රතිවාදියා වන මෛතී‍්‍රපාල සිරිසේන ද සමාන ආකාරයේ පරීක්‍ෂණයක් කරන බවට ප‍්‍රතිඥා දී තිබේ.

නියමිත කාලයට දෙවසරකට පෙර හදිසියේ ම ජනාධිපතිවරණයක් කැඳවන අවස්ථාව වන විට රාජපක්ෂ තරගකාරයන් අතර වඩා ඉදිරියෙන් සිටින පුද්ගලයා ලෙස සිටියේ ය. එහෙත් ඔහුගේ පාලක ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෙන් ම සෞඛ්‍ය ඇමති ද වී සිටි සිරිසේන විපක්‍ෂයේ අනෙකුත් පක්‍ෂවල සහායෙන් විරුද්ධවාදියා ලෙස එක්වර ම ප‍්‍රාදූර්භූත විය.

නිව්යෝක්හි කි‍්‍රයාත්මක යුරේෂියා ගෲප් නම් විශ්ලේෂක ආයතනය පෙන්වා දෙන්නේ සිරිසේන තියුණු පටු ජයක් ලබනු ඇති බවයි.

සාමකාමී බල හුවමාරුවක්

බ‍්‍රසල්ස් හි මූලස්ථානය කොටගත් ජාත්‍යන්තර අර්බුද සංවිධානය (International Crisis Group) නමැති සංවිධානයේ වාර්තාවකට අනුව රාජපක්ෂ පැරදුණහොත් මිලිටරි බලය යොදවා බලයේ රැුඳී සිටින්නට අවකාශ ඇතැ’යි අනතුරු හගවා තිබිණි. එහෙත් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පවසා ඇත්තේ හමුදා සාමාජිකයන් බහුතරය විපක්ෂයට අනුග‍්‍රහශීලී නිසා බල හුවමාරුව සාමකාමී ලෙස සිදුවනු ඇති බවයි. තමා තුළ පාලක රෙජිමය ගැන ද්වේෂයක් නැතැ’යි පැවසූ වික‍්‍රමසිංහ යුද්ධය අවසන් කිරීමෙන් පසු රාජපක්ෂ පාලනය විරුද්ධ මතධාරීන්ට දැඩි පීඩනයක් ඇති කළ බව පැවසී ය. (ඬේලිමේල් ඔන්ලයින්, දෙසැම්බර් 23)

සිරිසේන ඡුන්දය දිනාගත හොත් රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයන් බලයේ රැුඳී සිටීම සඳහා වෙනත් ක‍්‍රම සොයනු ඇත. මැතිවරණ ප‍්‍රතිඵලය අහෝසි කෙරෙන තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා ගන්නට හෝ එය නොහැකි වුවහොත් මිලිටරි පාලනයක් කරා යන්නට හෝ ඔවුන් කටයුතු කරනු ඇත. මෙලෙස අනිස්ථිර පූර්ව මැතිවරණ සන්දර්භය තුළ චීනය, ඉන්දියාව, ජපානය, අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් සහ එක්සත් ජාතීන්, පොදු රාජ්‍ය මණ්ඩලය, යුරෝපා සංගමය, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන මේ සම්බන්ධයෙන් උනන්දුමත් විය යුතු ය. එසේ ම පසු මැතිවරණ ප‍්‍රචණ්ඩත්වය සහ අනීතික කි‍්‍රයා යනාදිය ද නවත්වන්නට ඒවා පියවර ගත යුතු ය.

ඒ නිසා නිරීක්‍ෂණ සහ නියාමන කණ්ඩායම් ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීමට ඒ සංවිධාන සහ රටවල් පියවර ගත යුතු ය. එසේ ම දේශීය වශයෙන් කි‍්‍රයාත්මක එවැනි සංවිධාන හා කණ්ඩායම් වෙත මූල්‍යමය ආධාර ලබා දෙන්නට පියවර ගත යුතු ය.

ශී‍්‍ර ලංකාවේ බලාධිකාරය වෙත මුක්තිය නීත්‍යනුකූල කොට පටවා තිබේ. මේ නිසා දේශපාලන තරගයේ දුරස්ථ බව (එක් පාර්ශ්වයක් හා සසඳන කල අනෙක් පාර්ශ්වය අත් පා බැඳ ඇති මට්ටමක පැවතීම) අනාගතයට ශේෂ කරන්නේ අහිතකර ප‍්‍රතිඵල ය. නව ප‍්‍රවේශයන් තුළ, සම්බන්ධ සියල්ලන් අවදානමක හෙළන, බරපතළ ගැටුමක අවදානමක් තිබේ. මීළග ආණ්ඩුවට පෘථුල ජාතික විශ්වසනීයත්වයක් සහ අන්තර්ජාතික අනුමත කිරීමක් ලබා ගත හැක්කේ සිය මෑතකාලීන අප‍්‍රසන්න ඉතිහාසය විසින් තුවාල කරන ලද ශී‍්‍ර ලාංකික සමාජය එක් වියමනකට ගෙන ඒ සඳහා ඉදිරි කි‍්‍රයා මාර්ග ගැනීම මගින් පමණි.

ජනාධිපතිවරණයේ දී කවුරුන් දිනුවත් ජාතික අනන්‍යතාව හා සංකේන්ද්‍රණය වූ ප‍්‍රශ්න තිබේ. බලය විමධ්‍යගත කිරීම, වගවීම, සංහිඳියාව, සිංහල බහුතරය සහිත රාජ්‍යයේ සිංහල සහ මුස්ලිම් ජනයාට සමාන අවස්ථා යනාදිය කැකෑරෙමින් පවතියි. ප‍්‍රතිඵලය ලෙස මහා අස්ථාවරත්වයක් නිර්මාණය නොවන්නට නම් ඒවා හොඳින් ලෙස හැසිරවීම අත්‍යවශ්‍ය ය. ( International Crisis Groupදෙසැම්බර් 9)

වෙහෙසට පත් ජනාධිපති

ජනාධිපති මහින්ද රාජපක්ෂ තුන්වන ධුර කාලයක් සඳහා මේ ජනාධිපතිවරණයේ දී තමා තෝරා ගනු ඇතැ’යි අපේක්ෂා කරයි. එහෙත් රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයන් යටතේ ශී‍්‍ර ලංකාව කවරාකාර රටක් බවට පත් වී ද?

පසුගිය මාසයේ ආණ්ඩුවේ රූපවාහිනියට ජ්‍යොතිෂ්‍යකරුවෝ් සය දෙනෙක් කැඳවන ලදහ. ඒ ඉදිරි ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල පිළිබඳව අනාවැකි පළ කරන්නට ය. ඔවුන් සියල්ලන් ම එක හෙළා කියා සිටියේ ජනාධිපතිවරයා සිය අත්‍යාධික ජයග‍්‍රහණය රැුක ගනු ඇති බවයි. ඊට අමතර වශයෙන් ඔවුන්ගේ අදහස වූයේ ඔහුට විරුද්ධව ඉදිරිපත් වන අයට සොබාදහමින් ද`ඩුවම් ලැබෙනු ඇති බවයි.

දශකයක පමණ කාලයක් පුරා මහින්ද රාජපක්ෂ ශී‍්‍ර ලංකාවේ අවිවාදිත නායකයා ය. මිනිස්සු ඔහු ‘මහ රජ’ ලෙස හඳුන්වති. ඔහුගේ වංශය ගැන කථා කරන විට ශී‍්‍ර ලංකාවේ අතීත වීරෝදාර අනභිභවනීය සිංහල රජ පෙළපතකට සම්බන්ධ කෙරේ. ඇතැම් විචාරකයකුට අනුව ඔහු බුදුන්ගේ පරපුරට ද නෑ සබඳකම් ඇත්තෙකි.
ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය රූපවාහිනිය ඒ මහරජු දෙම`ඵන් පළවා හැර දේශය දික් විජය කරන ලද බව කියැවෙන නැලවිලි ගීයක් නිතිපතා ප‍්‍රචාරය කරයි.
ආණ්ඩුවේ ප‍්‍රබලම පුද්ගලයන් තිදෙනා ඔහුගේ බෑයෝ ය. රාජ්‍යාරක්‍ෂාව පිළිබඳ ප‍්‍රධානියා, ආර්ථික සංවර්ධනය පිළිබඳ ප‍්‍රධානියා සහ පාර්ලිමේන්තුවේ ප‍්‍රධානියා යනු ඔවුන් ය. එහෙත් දැන් මේ ‘මහරජු’ අර්බුදයකට මුහුණ පා සිටින බව ප‍්‍රකට ය.

ඔහු ජනාධිපතිවරණයක් හදිසියේ ම ප‍්‍රකාශයට පත් කොට දින කිහිපයක් ගත වන්නා හා ම ඔහුගේ මහා රාජ තේජසට අභියෝග කරන විරුද්ධවාදියෙක් නොසිතූ විරූ පරිද්දෙන් ප‍්‍රාදුර්භූත විය.

ඒ මෛති‍්‍රපාල සිරිසේන නම් රාජපක්ෂගේ ම දේශපාලන පක්‍ෂයේ හදවත බඳු ව සිටි ජ්‍යෙෂ්ඨ දේශ පාලනඥයෙකි. පසු ගිය කාලය පුරා ම ඔහුට රාජපක්ෂගේ විනෝදකාමී නෑයන්ගේ කෙණෙහිලිකම් වලට මුහුණ දෙන්නට සිදුවිය.

එවිට සිංහලයන්ගේ හද බිමේ ගොවි පවුලකින් පැවතෙන ඔහු සිය ආයාචනය තම ජන කණ්ඩායම වෙත ඉදිරිපත් කළේ ය. එවිට ඔහු ලැබුණේ ඉතා ඉහළ ප‍්‍රතිචාරයකි. මෙහි දී ඔහුගේ ආගමනය අවසාන මොහොත දක්වා ම රහසක් ලෙස සුරැුකි විපක්ෂ සංධානය ඔහුට පිටුබලය සපයයි. ඒ අතර පාලක සන්ධානයේ සිට ප‍්‍රබුද්ධ පිරිසක් ද එය හැරපියා රාජපක්ෂට එරෙහි ව ඔහුට එක් ව සිටිති.

පක්‍ෂ මාරු කිරීම ශී‍්‍ර ලංකාවේ දේශපාලනයට අලූත් නොවේ. මෙතෙක් කල් එය සිදු වූයේ විපක්‍ෂයේ සිට පාලක රෙජිමය පැත්තට ය. එහෙත් දැන් ඔක්කොම කණපිට හැරිලා ය. ඒ කියන්නේ දැන් ප‍්‍රවාහය උඩුගං බලා යයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සන්ඬේ ඔබ්සෝවර් කතුවැකියක සඳහන් වන්නේ ජේසුන් වහන්සේ පාවා දීමෙන් පසු ජුදාස්ට ගෙල වැල ලා සිය පණ හානි කැර ගන්නට සිදු වූ සේ සිරිසේනට ද සිදුවනු ඇති බවයි. ඡුන්දදායකයන් මේ පාවා දෙන්නන්ට හොඳ පාඩමක් ඉගැන්විය යුතු බව ද ඔහු අවධාරණය කරයි.
එහෙත් 69 හැවිරිදි ජනාධිපතිවරයා එක් වර ම අනතුරකට මුහුණ පා සිටින වෙහෙසට පත් සෙයක් පෙන්නුම් කරයි. දේශපාලන වේදිකාවල දැන් පෙරදා මෙන් ඔහු දීර්ඝ කතා නොපවත්වන අතර ඇතැම් කථා අතරමග දක්වා පවත්වා ගෙන ගොස් ඉන් ඔබ්බට යාම අත්හැර දමයි.

දශක කිහිපයක් ඇදී ගිය යුද්ධයට පිං සිදු වන්නට ශී‍්‍ර ලංකාව දේශපාලනික වශයෙන් බෙදී තිබේ. ඊට පාදක වූයේ සිංහල බහුතරය හා දෙමළ සු`ඵතරය අතර ඇති වු ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ය. යුද්ධය අවසන් කිරීම ගැන බොහෝ සිංහලයන් තුළ රාජපක්‍ෂ කෙරේ ඇත්තේ ගෞරවයකි. එහෙත් දෙමළ ප‍්‍රජාව සහ මුස්ලිමුන්ගෙන් සෑහෙන කොටසක් ඔහු පිටු දකිනු කැමැත්තෝ ය. රාජපක්ෂ සන්ධානයේ සිටි ප‍්‍රධාන මුස්ලිම් පක්‍ෂය දැන් ඔහු හැර ගොස් ය. ඒ සමග ම ප‍්‍රධානතම දෙමළ දේශපාලන පක්‍ෂය වන දෙමළ ජාතික සන්ධානය පවසන්නේ රාජපක්ෂ ආණ්ඩුව තමන් වෙත ගෙන ආයේ විඳවීම් සහ වේදනා පමණක් බවයි.

සිංහල බෞද්ධයන් විසින් ප‍්‍රමුඛත්වය දෙනු ලබන රාජ්‍යය තමන් කොන් කරන්නේයැ’යි දෙමඵ හගිති. මුස්ලිමුන්ගේ ගැටලූව වී ඇත්තේ රාජපක්ෂලා විසින් අනුදක්නා ලද අන්තවාදී බෞද්ධ භික්ෂුන් විසින් ඔවුන් වෙත එල්ලකරන ලද මැර ප‍්‍රහාර මාලාවකි.
ඒ අනුව සිරිසේනට ස්ථාවර අර්ථාන්විත වෙනසක් ගෙන එනු හැකිවේ ද?

දූෂණයට එරෙහි හ`ඩ සහ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ද ඇතුළත් ඔහුගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය වටා විශාල ගනණාවක් සන්ධාන ගත ව සිටිති. ඒ අතර සිය පාලන සමයේ තමා අතින් දෙමළ ජනතාවට අකටයුතු සිදු වූයේයැ’යි කියා ඒ ගැන ප‍්‍රසිද්ධියේ සමාව අයැද සිටින හිටපු ජනාධිපතිනිය ද පාලක සන්ධානය වෙතින් පැන ආ යුද්ධයේ අවසන් දිනවල බෝම්බ හෙලීම්වලින් දහස් ගණන් නිරායුධ සිවිල් ජනයා ඝාතනය වූ බව ප‍්‍රතික්‍ෂෙප කරන දැඩි මතධාරී සිංහල බෞද්ධ පක්‍ෂයක නියෝජිතයෝ ද වෙති.
සිරිසේන සු`ඵ ජන අයිතිවාසිකම් ගැන කතා නොකරයි. එසේ ම ජනවාර්ගික අර්බුදය විසඳන්නට කිසිදු යෝජනාවක් ද ඉදිරිපත් නොකරයි. එසේ ම ඔහු මේ රටේ පාලකයන් ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණයට ගෙන යා යුතු ය යන්න ද බහැර කරයි.

ඒ කවර අඩුපාඩු තිබුණ ද සිරිසේනට ද ගම්‍යතා බලයක් තිබේ.
එහෙත් කේන්ද්‍රගත බලය ගැන සලකා බලන විට රාජපක්ෂ තියුණු ජයක් ලබන්නට ඇති ඉඩකඩ ද බැහැර කළ නොහේ.
කෙසේවෙතත් ‘මහ රජු’ පරාජයට පත් වුවහොත් ඔහු කිසිදු පැකිළීමකින් තොරව කිරුළ අත හැර දමනු ඇති ද යන්න ගැන ජනතාව තුළ ඇත්තේ කුහුලකි. ඊටත් වඩා ඔහුගේ බලසම්පන්න පවුල, නැකැත්කරුවන් විසින් අනාවැකි කියන ලද මහා විජයග‍්‍රහණය ආරක්‍ෂා කැර ගන්නට නොහැකි වුවහොත් සාමකාමී ව ඉවත් ව යනු ඇති ද? (බීබීසී, ජනවාරි 03)