රංජනී රට පනීද?

 

ජනවාරි 9 වැනිදා කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත බවට කසුකුසුවක් පවතී. ඇයගේ ඉන්දීය ගමන කී‍්‍රඩාවේ නාමයෙන් වන්නක්ද? හුදු විනෝද ගමනක් ද? නැතහොත් දිවි ගලවා ගැනීමේ මෙහෙයුමක් ද? ඒ පිළිබඳ නිට්ටාවට දන්නේ ඇමති සහ රංජනීි ජයකොඩිම පමණි.
කෙසේ වුව ඊට පෙර කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම් නන්ද මල්ලවාරච්චි මහතාගෙන් ඇසිය යුතු පැනයක් ඇත. එනම් කී‍්‍රඩා සංවර්ධන දෙපාර්ත මේන්තුවේ ප‍්‍රධාන ගණකාධිකාරී ලෙස කටයුතු කළ එම්.ඞී.එස්.එම්.ඒ පෙරේරා මහතා විසින් අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියට එල්ල කළ මූල්‍යමය විෂමාචාරයන් පිළිබඳ චෝදනාවලට සිදුවූයේ කුමක්ද?

මීට අදාළ පැමිණිල්ල ඉදිරිපත් වන්නේ 2014 ජුලි මස 22 වැනිදාය. එය එවකට කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලේකම් අනුර ජයවික‍්‍රම මහතාට ලැබී තිබුණි. ඔහුට එය ලැබී තිබුණා පමණක් නොව ඒ පිළිබඳ පරීක්‍ෂණයක්ද ආරම්භ කොට තිබුණි. ඒ අනුව ඊට අදාළව ප‍්‍රකාශයක් ලබාගැනීම සදහා මූලික විමර්ශන නිලධාරීන් විසින් 2014-09-06 දින ඒ මහතා කැඳවා තිබුණි. එහෙත් හිටිවනම විමර්ශන ලත් තැනම ලොප් වනුයේ ලේකම්වරයා ස්ථාන මාරු කොට යැවීමත් සමගය. කී‍්‍රඩා අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් මගින් නොකියා කීවේ හිටපු ලේකම් නිකමකු බවය. එබැවින් පන්නා දැමූ බවය.

ඉන්පසු ඒ තැනට ආවේ නන්ද මල්ලවාරච්චි මහතාය. පොලිසිය බලාගනු පිණිස පත් කළ ප‍්‍රථම ලේකම් ධුරය දැරූ ඔහු ආරක්‍ෂක ලේකම්ගේ හිතවතකු මෙන්ම ආරක්‍ෂක අංශයේ හිටපු ප‍්‍රධානියෙක් වේ. ජයවික‍්‍රම ලේකම් සිටියදී නිද්‍රාශීලී වූ එතැන සක‍්‍රිය කරන්නට හමුදා නිලධාරියෙකු පත් කිරීමත් සමග කී‍්‍රඩාව වඩා සකි‍්‍රය වනු ඇතැයි උදම් වැකි කී‍්‍රඩා පිටු අතර දිගෑදුණි. මෝටාර් වේගයෙන් ඔහු ගැන ගුණ වැයුණි. සමහරු අතීත නිල කබාය වනමින් නැති පට්ටන්දර ලියා ඔහු වැනීය. මල්ලවාරච්චි මහතා ලේකම් වී කෙටි කලකි. සිව් මසකි. එයින්ද ඔහු රාජකාරි සඳහා අමාත්‍යාංශයට ආ දින ගණන දෑතේ ඇඟිලිවලට අඩුය. වැඩිමනත් ඔහු ගතකරනුයේ විදෙස්ගතව ය. ලේකම්ගේ පැමිණිම අද මුදලට හෙට ණයට මෙනි. එන දිනය වුව ආරක්‍ෂකයන් පිරිවරාගෙන එන ඔහු මුණගැසීමට වෙනම මෙහෙයුමක් දියත් කළ යුතුය. කොටින්ම ලේකම් ලවා වැඩක් කරවා ගැනීම නොමළ ගෙයකින් අබැටක් සොයනවාට වඩා වෙහෙසකර බව සංගම් බොහොමයක අදහසය.

සැබෑ තත්ත්වය එසේ වනවිට අධ්‍යක්‍ෂ ජනරාල් තුමියට එරෙහිව එල්ල වූ චෝදනා පත‍්‍රය ගැන සලකා බලන්නට මොහුට කාලයක් ඇත්ද යන්න සැක උපදී. අප දන්නා තරමින් ලේකම්වරයා හා හා පුරා කියමින් කළ ලොකුම රාජකාරිය දුමින්ද දිසානායක ආණ්ඩුව හැර යන බව සැලවීමත් සමග එය නවතා ගැනීමට කපුකම කිරීමත්ය. එය අලූත්ගමගේ ඇමතිවරයාගේ ගැටයකි. අලූත්ගමගේ අමාත්‍යවරයාට දුමින්දගේ පවුල ගැන ලොකු අනුකම්පාවක් පවතී. ඒ නිසා මේ කපුකම ලේකම් ලවා කළා විය යුතුය. ඊට අමතරව කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඔහු කරනුයේ මැතිවරණයට අදාළ කටයුතු කිරීම බව ප‍්‍රසිද්ධ රහසකි. මෙවන් පසුබිමක රංජනී ජයකොඩිට චෝදනා එල්ල වී ඇතැයි ලේකම් දන්නවාදැයි පවා සැකසහිතය. එසේ කියා අත පිහදා ගැනීමට ලේකම් තැනට නොහැකිය. ඔහු ලේකම් බැවින් ලේකම් සතු රාජකාරි කළ යුතුය. නැතහොත් එය කළ හැකි අයෙකුට පිරිනැමිය යුතුය. රංජනී ජයකොඩි මහත්මියට එල්ල වී ඇති චෝදනා බරපතළය. ඒ චෝදනාවල හරි වැරැුද්ද සොයා රටට කියන්නට ලේකම් තැනට වෙලාවක් කලාවක් නැතිය. මේ නම් අපූරු ලේකම්වරයෙකි.

කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියට එරෙහිව එල්ල වී ඇති චෝදනා සුළුපටු නැත. ඒ අතර 1. රාජ්‍ය මුදල් චක‍්‍රලේඛ 431ට පටහැනි ලෙස වර්ල්ඞ් එයාර් පුද්ගලික සමාගම සහ දනාටා ට‍්‍රැවල්ස් පුද්ගලික සමාගම වෙත ගුවන් ටිකට් පත් ඇණවුම් ඍජුවම අධ්‍යක්‍ෂ ජනරාල් විසින් ප‍්‍රදානය කිරීම. 2. විධිමත් ලෙස මිල ගණන් කැඳවීමකින් තොරව අධ්‍යක්‍ෂ ජනරාල් විසින් අරවින්ද මෝටර්ස් වෙත ඍජුව වාහන අලූත්වැඩියා කටයුතු පැවරීම. 3. ඇස්තමේන්තු ඉන්වොයිස් හෝ මිල ගණන් නොමැතිව කී‍්‍රඩා සංගම් වෙත භාණ්ඩාගාර අගි‍්‍රමය අත්තිකාරම් ලෙස නිකුත් කිරීම. 4. ඉන්ධන නිකුත් කිරීම පිළිබඳ බලතල ඉක්මවා කටයුතු කිරීම ඒ අතර ප‍්‍රධානය.
ඉහත චෝදනා එල්ලවීමත් සමග අධ්‍යක්‍ෂ ජනරාල්වරිය කතා නොකළ යුත්තේ චෝදනා එල්ල වී ඇත්තේ ඇයට වන බැවිනි. එහෙත් හොරාට පෙර කැණ වැට පනින්නා සේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය මාධ්‍ය සාකච්ඡුා පවත්වා තම පාරිශුද්ධභාවය පිළිබඳව රටට හඬ නගා කීය.

තමා පිළිබඳ බරපතළ චෝදනා එල්ල වෙද්දී ඊට තමාම මාධ්‍ය සාකච්ඡුාවක් කැඳවා නිදොස්යැ’යි කෑමොර දීම වෙනුවට ඇය කළයුත්තේ නිදහස් පරීක්ෂණයක් හරහා ඇය නිදොස්ද සදොස්ද යන්න ඔප්පු වන්නට ඉඩදී බලා සිටීමය. එහෙත් බලා සිටීමෙන් රෙදි ගැලවෙනුයේ තමන්ගේ පමණක් බව දැනගත් රංජනී මහත්මිය එළිපිට නටන්නට පටන් ගත්තේ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සියල්ලට දෙහි කපමින් තමාට චෝදනා එල්ල කළ ප‍්‍රධාන ගණකාධිකාරිවරයා පමණක් සුදනා කරමින්ය. ඔහු නොමග යවා ඇති බව එදා ඇය පුන පුනා කීවාය. දුක්ගන්නාරාළගේ රංජනී ජයකොඩි තම දුක ඇමති අලූත්ගමගේට කී කල ඇමතිවරයා ගින්න ඇවිලෙන්නට නොදී ලේකම් මාරු කළේය. මාරු කොට ඔහු වැඩකට නැති අයකු බව ප‍්‍රසිද්ධියේ බැණ වැදුණේය. මේ අන් කිසිවක් නිසා නොව රංජනී ජයකොඩි රැුකගන්නටය. ඇයට එල්ල වූ චෝදනා යට ගසා ලන්නටය. ඒද වෙනකකට නොව ඉහත චෝදනා කරළියට පැමිණියහොත් එහි බෙල්ල මුලටම තමාද චූදිතයකු වන නිසාය. මේ සියල්ල වන්නේ අධ්‍යක්ෂ ජනරාල්ගේ හිතුමතයටම නොවේ. ඇගේ මතය ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ මතයමය. මේ සෑම අක‍්‍රමිකතාවක් පිටුපසම ඇය ආරක්ෂා කරන බලවේගය ඇමතිය. එබැවින් රංජනීට එරෙහි පරීක්ෂණ යනු අවසානයේ තමාට එරෙහි පරීක්ෂණ බව ක‍්‍රීඩා ඇමතිවරයා දනී. ඒ අනුව ඇය දිවි හිමියෙන් රැුකගනු හැර විකල්පයක් ඉතිරි වී නැත්තේය. මෙවන් වටාපිටාවක දේශපාලනිකව වෙට්ට පිත්තල වී ඇති අලූත්ගමගේ රංජනී ලවා අපූරු පිටපතක් එළිදක්වන්නේ චෝදනා එල්ල කළ ප‍්‍රධාන ගණකාධිකාරී තැන හොරකු බවට හංවඩු ගසමින්ය. ඒ අනුව ප‍්‍රධාන ගණකාධිකාරී අවංක පුද්ගලයකු කී රංජනී එකවරම ඔහු ලෝක හොරකු බවට ප‍්‍රසිද්ධියේ චෝදනා කරන්නේ ලක්ෂ 50ක වංචාවක්ද කරළියට ගෙනඑමිනි.

ඒ 2014 ඔක්තෝබර් මස 24 වැනිදා අනුරාධපුරයේ පැවති 40 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙල පදනම් කරගෙනය. එහිදී කළ ගෙවීම් මුල්කරගෙනය. මෙහි ඇති අපූරුව නම් අප මුලින් සඳහන් කළ පරිදි නව ලේකම් මල්ලවාරච්චි මහතා නොකරන්නේම ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්ත මේන්තුවේ වැඩ කිරීම බැවින් ඔහු අල්ලා ගැනීම ලේසි පහසු නොවන බැවින් මේ චෝදනාවලට එරෙහිව වැඩ බලන ලේකම් යොදා ගන්නට රංජනී මහත්මියට පහසු වෙයි. වැඩ බලන්නන් හොර බළල්ලූ බව අපි දනිමු. වැඩබලන ලේකම් මුල් කරගෙන කාර්යශූර වන රංජනී ගණකාධිකාරිට එරෙහිව මූල්‍ය වංචාවක් 2014/11/11 වන දින ඉදිරිපත් කරන අතර එහි පිටපත් භාණ්ඩාගාරික ලේකම් හා විගණකාධිපති වෙතද යොමු කරන්නට ඉක්මන් වන්නීය. ඒ අනුව ගණකාධිකාරිවරයාට වහාම ස්ථාන මාරුවක් ලබාදීමටත් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්නටත් කටයුතු යෙදේ. ඊට අමතරව කොළඹ වංචා විමර්ශන කාර්යාලයටද අංක 1R/ 1241/6/14 දරන පැමිණිල්ලද ඉදිරිපත් වේ. ඉහත සිද්ධි දෙක දෙවිදියකට ක‍්‍රියාත්මක වන්නේ ඇයි? ප‍්‍රධාන ගණකාධිකාරී මෙන්ම රංජනීද රජයේ තනතුරුය. රංජනීට චෝදනා එල්ල වනවිට එය විභාග කරන ලේකම්ට ස්ථාන මාරු ලැබෙන අතර ගණකාධිකාරීට චෝදනා එල්ල වන විට ඔහුට ස්ථාන මාරු ලැබෙන්නේ කෙසේද? මේ විනයගරුක රටක් හදන්නට තතනන ආණ්ඩුවද?
අලි යන උමං තිබියදී මීයන් යන ගුල් වහන්නට ගන්නා වෙහෙස අපමණය. ඒ කාගෙ කාගෙත් හිත සුව පිණිසය. ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කෑ සියල්ල වමාරන්නේ නම් එවිට ක‍්‍රීඩා ඇමතිවරයාටද හවුලේ වමාරන්නට සිදුවනවා නියතය. එබැවින් සරලම දේ ගණකාධිකාරිට ගල් ගසා පව්කාරයා කිරීමය. ක‍්‍රීඩා ඇමති සහ රංජනී ජයකොඩි ආරම්භ කර ඇති මෙහෙයුම එයය. මේ ගැලවිජ්ජාවකි. මෙහිදී වැදගත්වන්නේ තමාට එරෙහිව මේ එල්ල වන චෝදනා සම්බන්ධව ගණකාධිකාරිවරයා මතු කරන අදහස්ය. ඒ බව ඔහු ලිඛිතවම සඳහන් කර ඇත. ඒ මෙසේය.

‘මෙවැනි පැමිණිල්ලකට පවතින සූදානම පිළිබඳ මා දැනුවත් වූ වහාම ඊට අදාළව පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ නම්, එය කඩිනමින් සිදුකරන ලෙස 2014/11/13 දින වැඩබලන ලේකම්ගෙන් ඉල්ලා සිටි අතර, එම ලිපියේ පිටපත් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සහ විගණකාධිපති වෙතද යොමු කරන ලදි. ඒ අනුව වැඩ බලන ලේකම් හෝ ඔබතුමා විසින් මෙම ඉල්ලීම් දෙකටම අදාළ නිර්දේශ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුව තිබුණි. ඒ අනුව අමාත්‍යාංශ මට්ටමින් මූලික විමර්ශනයක් පවත්වා චෝදනා තහවුරු කළ හැකිනම් ඒ සඳහා කටයුතු කරන ලෙස භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් වෙත වාර්තා කිරීම හෝ මූලික විමර්ශනයක් සිදුකිරීම සහ ස්ථාන මාරු කිරීම් පිළිබඳව නිර්දේශ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් වෙත යොමු කළ යුතුව තිබුණි. එසේ කළ යුතුව තිබුණේ අධ්‍යක්ෂ ජනරාල් මෙම ඉල්ලීම අමාත්‍යාංශ ලේකම් වෙත යොමුකර තිබූ බැවිනි. එවන් කිසිදු නිර්දේශයක්, වැඩ බලන ලේකම් විසින් මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කොට ඇති බව වාර්තා නොවීය.’
එසේ නම් ලේකම් විදෙස් ගතවන තෙක් කල් යල් බලා වැඩ බලන ලේකම්වරයා යොදාගෙන මේ මෙහෙයුම දියත් කරන්නේ ක‍්‍රීඩා අමාත්‍යවරයා සහ රංජනී ජයකොඩි බව සුපැහැදිලිය.

මෙම ප‍්‍රශ්නය දෙස සැලකිලිමත් වන්නකුට මෙම බොරුවල තත්ත්වය අපූරුවට පැහැදිලි වේ.
අංක 1295/26 දරන 2003/07/02 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් භාණ්ඩාගාර ලේකම් වෙත පවරා ඇති බලතල මෙසේය.

1. රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් අනුමත කරනු ලැබූ පටිපාටියට අනුකූලව ස්ථාන මාරු කිරීම.

‘ආයතන සංග‍්‍රහයේ XLVIII වන පරිච්ෙඡ්දයේ දෙවන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති වැරදි සම්බන්ධ වූ විනය පාලනය.
අධ්‍යක්ෂ ජනරාල් විසින් ඉදිරිපත් කොට ඇති පැමිණිල්ලේ සඳහන් කරුණු, පළමු උපලේඛනය යටතට ගැනෙන බැවින් ඒ පිළිබඳ තීරණයක් ගැනීම ලේකම්ගේ නිර්දේශ මත භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ස්ථාන මාරු නියෝගය සහ මූලික විමර්ශනයක් සඳහා නියෝගය ලබාගත යුතුවේ.
එසේ නම් මෙහිදී රාජ්‍ය කොමිෂන් සභාවේ නියෝග නොමැතිව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් බලතල ඉක්මවා කටයුතු කර ස්ථාන මාරු ලබාදී ඇත්තේ රංජනීගේ බලපුළුවන්කාරකමකට නොව ඇමැත්තාගේ හයියට බව පැහැදිලිය. මෙයින් බරපතළ ලෙස නොසලකා හැර ඇත්තේ වත්මන් ක‍්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාය. මල්ලවාරච්චි මහතා නොවේද?

ගණකාධිකාරීවරයා වැරදි නම් ඒ පිළිබඳ නිසි පියවර ගැනීමේ අවස්ථාවද උදාවී ඇත. එය පමා කරනුයේ ඇයි? තමාට එරෙහි චෝදනා ගැන ලිඛිතව සටහන් තබන ගණකාධිකාරී තැන කියනුයේ කුමක්ද?

‘අධ්‍යක්ෂ ජනරාල් විසින් කර ඇති පැමිණිල්ලේ සඳහන් රු. 50,90,340.80ක මුදල් වංචාව අසත්‍ය චෝදනාවක් බවට ඔප්පු කිරීමට අවශ්‍ය සාධක මා සතුව පවතින බැවින් එවැනි අසත්‍ය පැමිණිල්ලක්, ලේකම් ඇතුළු වගකිවයුතු පාර්ශ්වයන්ට ඉදිරිපත් කිරීමත්, වංචා විමර්ශන අංශයට යොමු කිරීමත් බාහිර ආයතන වෙත වාර්තා කිරීමත් මගින් මාහට සිදුව ඇති අසාධාරණයට එරෙහිව මා නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බැවින් ඒ සඳහා ආයතන සංග‍්‍රහයේ XXXIII වන පරිච්ෙඡ්දයේ 7.1 වගන්තිය යටතේ මාහට අනුමැතිය ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.’

ගණකාධිකාරී මේ අවසර ඉල්ලනුයේ ක‍්‍රීඩා අමාත්‍යාංශ ලේකම්ගෙනි. අමාත්‍යාංශ ලේකම් ජනපතිවරයාගේ පත්වීමකි. එබැවින් ඔහු ක‍්‍රියා කළ යුත්තේ ක‍්‍රීඩා ඇමතිවරයාට අවැසි ආකාරයටද? ජනපති සටන වෙනුවෙන් ලේ රහ වනතුරු ක‍්‍රීඩා අමාත්‍යවරයා කෑමොර දෙන්නේ නිකම්ම නොවේ. මේ සියලූ යටිකූට්ටු වැඩද සමතයකට පත්කර නිවැරදිකරුවකු වරදකරුවකු කරන්නටය. මෙය විනයගරුකද?

අමාත්‍යාංශ ලේකම් මේ පරීක්ෂණය හිතාමතාම යටගසන බව අපගේ හැඟීමය. රංජනීටත් එරෙහි පරීක්ෂණය අහවර විය යුතුය. එකී ප‍්‍රතිඵල රංජනීට සුබදායක නොවනවාද නියතය. එබැවින් මෙය යට ගසා ඇතිවාට සැක නැත. මෙය කරළියට ගෙන ප‍්‍රශ්න කළහොත් වරදට දඬුවම් කළහොත් රංජනී පමණක් මෙම දඬුවමට යටත්වේද? එවිට ඇමතිවරයාට අත්වන ඉරණම කුමක්ද? මේ සියල්ල යටගසනුයේ එබැවිනි. එසේ නම් රංජනීගේ රට සවාරිය කුමන සවාරියක්ද? මේ සියල්ල එසේ සිද්ධ වන්නට ඉඩදී ක‍්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා බොරු නින්දේද? අවසන කිවයුත්තේ බොරුවට නිදනවුන් අවදි කරන්නට අපහසු බවය.