ආණ්ඩුවට ඇති අභියෝග

තරිඳු උඩුවරගෙදර

අලූත් ආණ්ඩුවට සිය දින සියයේ කාලසටහන අනුව වැඩකරන්නට සිදුවන්නේ බලවත් අභියෝග කිහිපයකට මුහුණ දෙමිනි. ඒ අභියෝගයන්ට ආණ්ඩුව මුහුණ දෙන අතරේ තමන්ට වූ පොරොන්දු හා සහන ලබාදෙන තෙක් ජනතාවද නොඉවසිල්ලෙන් බලාසිටිති. එවැනි පසුබිමක දේශපාලන, ආර්ථික හා පරිපාලනමය වශයෙන් ආණ්ඩුව මුහුණ දිය යුතු අභියෝග ගැන අදහස් විමසුමකි මේ.

ස්ථාවරත්වය රැකගනිමින් සහන ලබාදීමයි අභියෝගය  – ආචාර්ය අතුල විතානවසම්,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

නිදහසෙන් පසු බලයට පත්වූ සියලූම ආණ්ඩුවලට වඩා බරපතළ අභියෝග මේ ආණ්ඩුවට තියෙනවා. පළවෙනි කාරණය තමයි මැතිවරණයට පෙර පොරොන්දු වූ සහන දින සීය තුළ ලබාදෙන්නේ කොහොමද කියන එක. බලවේග කිහිපයක් එකතුවෙලා නිර්මාණය වුණ මේ ආණ්ඩුව දිගුකාලීනව ස්ථාවරත්වය රැුකගනිමින් සහන ලබාදීම තමයි ප‍්‍රධානම අභියෝගය. විශේෂයෙන් මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ නිශ්චිත බහුතරය නැහැ. ඒත් ආණ්ඩුව ප‍්‍රධාන වශයෙන් ලබාදෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ 2/3ක බලය අවශ්‍ය වන ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණ. එතැනදී 2/3ක අනුමැතිය ලබාගැනීම පිළිබඳ ප‍්‍රශ්නයක් ඇතිවෙනවා. එය ලබාගන්න නම් යහපාලන සංකල්පයට සම්පූර්ණයෙන් ප‍්‍රතිවිරුද්ධ දූෂිත මන්ත‍්‍රීවරුන්ගේ සහාය ලබාගන්න වෙනවා. එක් පැත්තකින් ඔවුන් හිරකර ගනිිමින් අනෙක් පැත්තෙන් ඔවුන්ගේ සහාය ලබාගන්නේ කෙසේද කියා බලන්න අවශ්‍යයි.

දැනට ආණ්ඩුව සමග එකතුවෙලා ඉන්න එජාපය, ශ‍්‍රීලනිපයේ කොටසක්, හෙළ උරුමය, දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය සහ ජවිපෙ ආදී පක්ෂ අතර වෙනස්කම් සමගම එකඟතාව රැුකගනිමින් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ඇතිකර ගැනීම අභියෝගයක්. ඡුන්දයට කලින් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳව දළ සැකැස්මක් පමණයි ඉදිරිපත් කළේ. ඒවා කෙටුම්පත් වෙලා විස්තරාත්මකව සැකසෙද්දී මතභේද ඇතිකර ගන්නේ නැතුව කරන්න  ඕනෑ. විශේෂයෙන් ස්වාධීන කොමිෂන් පත්කිරීම, නියෝජිත ක‍්‍රමය, ජනාධිපතිවරයාගේ බලතල ආදිය පිළිබඳව පරස්පර මත ඉදිරිපත් විය හැකියි. එය සමතුලිත කරමින් ප‍්‍රතිසංස්කරණය සිදුකරන්නේ කෙසේද කියන එක අභියෝගයක්.

ඊළඟ අභියෝගය තමයි දින සීය අවසාන වූ පසු මැතිවරණයක් පැවැත්වීමට තීරණය කර තිබීම සහ දේශපාලන පක්ෂ වශයෙන් එයට සූදානම් විය යුතුවීම. විශේෂයෙන් ප‍්‍රධාන පක්ෂ දෙක වෙනම තරග කරන්න තීරණය කර අවසානයි. ඒ තත්ත්වය යටතේ හෙළ උරුමය, මුස්ලිම් කොංග‍්‍රසය ආදී පක්ෂ ගන්නා ස්ථාවරය මොකක්ද? පාර්ලිමේන්තුවේ අනෙක් පක්ෂවල ස්ථාවරය කුමක්ද? මැතිවරණයේදී පක්ෂ විසින් ඉදිරිපත් කරන සටන් පාඨ මොනවාද? ඉදිරියට ගන්නා ප‍්‍රධාන කාරණා මොනවාද? ආයෙත් අර පැරණි මඩ දේශපාලනය ඉදිරියට එයිද? මැතිවරණයේදී සංහිඳියාව පළුදු වූ පසු නැවත ජාතික ආණ්ඩුවක් සඳහා එකතුවෙන්නේ කොහොමද වගේ අවිනිශ්චිත ප‍්‍රශ්න රැුසක් තියෙනවා. විශේෂයෙන් මැතිවරණයෙන් පසුවත් ඇති කරගත යුතු දීර්ඝකාලීන වෙනස්කම් තියෙනවා.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රීලනිපයේ සභාපති ලෙස පත්වුණු පසුව යහපාලනය ඇති කිරීම සඳහා ඉදිරිපත් වූ ඔහුට විරුද්ධව කටයුතු කළ පුද්ගලයන්ට, ඒ වගේම හොරුන්ට නායකත්වය දෙන්න ඔහුට සිද්ධ වෙනවා. ප‍්‍රතික්ෂේප විය යුතු අයගේ නායකයා ලෙස ඔහු පත්වෙනවා. ඉන්පසුව මැතිවරණයට යෑමේදී නාමයෝජනා ලබාදෙන්නේ කොහොමද කියන ප‍්‍රශ්නය එනවා. අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්ෂගේ ක‍්‍රියාකලාපය මොන වගේ වේවිද කියන එක ලොකුම ප‍්‍රශ්නයක්. චන්ද්‍රිකා සහ මහින්ද දෙදෙනාගේ බලපෑම මොන වගේද? ඒ පිළිබඳව සලකා බලන්න වෙනවා. ශ‍්‍රීලනිපයේ සභාපති සහ එජාපයේ වැඩිදායකත්වයෙන් පත්වූ ජනාධිපති වශයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට විශාල වගකීම් පැවරෙනවා.

පටන්ගත් ව්‍යාපෘති අතහැර දැමීම වැරදියි.  – ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා,
වයඹ විශ්වවිද්‍යාලය

කලින් ආණ්ඩුව මෙතෙක් කරගෙන ආ සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගෙනයෑම ආණ්ඩුවට තියෙන ප‍්‍රධාන අභියෝගයක්. ඒ කටයුතුවලදී දූෂණ සිදුවී තිබෙන බව පෙනෙන්න තියෙනවා. විපක්ෂයෙන් එල්ල වුණු ප‍්‍රධාන චෝදනාවක් ඒක. ඒ දූෂණ නවත්වලා සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට කරගෙන යා යුතුයි. දේශපාලන බල හුවමාරුවත් සමග ව්‍යාපෘති වෙනස්වීම සුදුසු නැහැ. මෙතෙක් අවසාන නොකළ ව්‍යාපෘතිවල ඵලදායිත්වය පිළිබඳව පරීක්ෂා කරලා දූෂණ නැතිව ඒවා අවසාන කරන්න  ඕනෑ.

අනිවාර්යයෙන්ම ආණ්ඩුව නිෂ්පාදනය මූලික කරගත්ත ආර්ථිකයක් ගොඩනගන්න  ඕනෑ. එදිනෙදා වියදම් හොයාගන්න ආර්ථිකයක් වෙනුවට දීර්ඝකාලීන වැඩපිිළිවෙළක් සකස් කරලා නව්‍යතා සහ දැනුම් ආර්ථිකයක් ඇති කරන්න  ඕනෑ. ඒ සඳහා වැඩපිළිවෙළ සකස් කිරීම ආණ්ඩුවට තියෙන අභියෝගයක්.
ආයතනවල තිබෙන අකාර්යක්ෂමතාව ආණ්ඩුවට තියෙන ප‍්‍රශ්නයක්. රාජ්‍ය නිලධාරීන් ආකල්පමය වශයෙන් සංවර්ධනය වෙන්න  ඕනෑ. වැරදි කර තිබෙන රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් කරලා අනෙක් නිලධාරීන්ට ආදර්ශයක් ඇති කළ යුතුයි. වැරදි නිවැරදි කරලා හොඳ රාජ්‍ය සේවයක් ඇති කරන්න  ඕනෑ. ඒ වගේම යහපාලනය සඳහා සාමාන්‍ය ජනයා සූරාකන අන්දමේ සංවර්ධනයක් වෙනුවට බෙදීයෑමේ විෂමතාව අවම කළ සංවර්ධනයකට යොමු වෙන්න  ඕනෑ. රටට දරාගන්න පුළුවන් වේගයකින් කටයුතු කිරීම වගේම පරිසර හිතකාමී සංවර්ධනයටත් යොමුවෙන්න  ඕනෑ. මේ පිළිබඳව දිගුකාලීන සහ කෙටිකාලීන ප‍්‍රතිපත්ති සැකසෙන්න  ඕනෑ.

ඵලදායී නොවන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ වෙලා තියෙන්න පුළුවන්. නෙළුම් කුලූන, පෝට් සිටි වගේ ව්‍යාපෘති තියෙනවා. එහෙත් ඒ සැලසුම් හදලා කටයුතු ආරම්භ වෙලා ඉවරයි. ඒ සඳහා වෙන් කළ පිරිවැය පිළුණු පිරිවැය විදියට හඳුන්වනවා. මේවා ආයෙත් ගන්න බැහැ. වියදම් වෙලා ඉවරයි. ඒ නිසා මේ ව්‍යාපෘති අතහැර දැමීම වැරදියි. ඒ වෙනුවට ශක්‍යතා අධ්‍යයනයක් කරලා විධිමත් මූල්‍ය පරිපාලනයක් එක්ක ඵලදායී මුහුණුවරකින් මේ ව්‍යාපෘති අවසාන කරන්න  ඕනෑ. මීට පෙර ආණ්ඩුව නිසි ආකාරයෙන් ශක්‍යතා අධ්‍යයනයක් නොකර ආරම්භ කළ ව්‍යාපෘති තියෙනවා. ඒ වියදම් අපතේ හැරීම වෙනුවට කුමක් හෝ ප‍්‍රයෝජනයක් ගැනීම තමයි කළ යුත්තේ. පෝට් සිටි ව්‍යාපෘතිය නවත්වන්න එපා කියලා දැනටමත් චීනයෙන් ඉල්ලා තියෙනවා. බොහොමයක් ව්‍යාපෘතිවලට ගිවිසුම් ඇතිවෙලා ඉවරයි. ආධාර හෝ ණය ලබාදීලා ඉවරයි. මේ කටයුතුවලදී රාජ්‍යතාන්ත‍්‍රිකව කටයුතු කළ යුතුයි. ගනුදෙනු වෙනස් කිරීම හෝ අත්හැර දැමීම විශ්වසනීයත්වයට සුදුසු නැහැ. එය රටවල් අතර සීතල යුද්ධයක් ඇතිවෙන්න හේතුවේවි. ව්‍යාපෘතියක් අත්හරිනවා නම් ඒ බැරිම තැනක, සාධාරණ හේතු විනිවිදභාවයෙන් යුතුව ඉදිරිපත් කර සිදුකළ යුතුයි.

මම හිතන්නේ ආණ්ඩුව ඡුන්දයට පෙර ඡුන්දය ජයගනු ඇතැ’යි නිවැරදි තක්සේරුවක ඉඳලා නැහැ කියලයි. අනෙක් පැත්තෙන් ජයග‍්‍රහණයේ ස්වභාවය ගැනත් නිවැරදි තක්සේරුවක නැහැ. ඡුන්දය දින්නාට පස්සේ කළයුතු දේවල් ගැන නිවැරදි අවබෝධයක හිටියා නම් අද වෙනකොට නිලධාරීන් සහ ඇමතිවරුන් පත් කරලා සෑහෙන වැඩ කොටසක් කරලා තියෙන්න  ඕනෑ. මාස තුනේ ආණ්ඩුවෙන් සෑහෙන කාලයක් ගතවුණා. ඒත් තවමත් රාජ්‍ය යාන්ත‍්‍රණයේ සමහර කොටස් අකාර්යක්ෂම වෙලා. සමහර ආයතනවල ප‍්‍රධානීන් නැහැ. නිලධාරීන් අරමුණක් නැතිව වැඩ කරන්නේ. ඇමතිවරු පත්කරන්නේත් කොටස් කොටස් වශයෙන්. අමාත්‍යාංශවල විෂය ක්ෂේත‍්‍ර බෙදන කොට ගැටලූ තියෙනවා. මේ දේවල් ආණ්ඩුව ඉක්මනින් නිවැරදි කරගන්න  ඕනෑ. මම හිතන්නේ ඡුන්දයට කලින්ම මේ දේවල් ගැන දළ සැලසුමක් එක්ක වැඩ කරලා තිබුණා නම් හොඳයි. මාස තුනක් තුළ විශාල වැඩ කොටසක් කරන්න තිබෙනවා.

මෙවර අයවැය විදියට අතුරු අයවැයක් එහෙම නැත්නම් මිනි බජට් එකක් තමයි ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ. එතකොට පරණ අයවැය අවලංගු වෙන්නෑ. වැය ශීර්ෂවල වෙනස්කම් කරන එක තමයි වෙන්නේ. අලූත් අමාත්‍යාංශ හැදිලා තියෙනවා. සමහර අමාත්‍යාංශ එකතු කරලා තියෙනවා. කලින් අමාත්‍යාංශ 70කට වැඩි ගණනකට වෙන් කළ මුදල් අමාත්‍යාංශය දැන් 30කට වෙන් කරන්නේ. කලින් ජනාධිපතිවරයාගේ පවුලට අයිති අමාත්‍යාංශවලට වැඩිපුර මුදල් වෙන් කරලා තිබුණා. දැන් ඒ මුදල් ප‍්‍රමුඛතා හඳුනාගෙන ක‍්‍රමවත්ව වෙන් කරන එකයි ආණ්ඩුවට තියෙන අභියෝගය. ඒත් එක්කම පොරොන්දු වූ සහන අයවැයෙන් ලබාදීමත් අභියෝගයක්. අලූතින් මුදල් වෙන් කරන්නේ නැහැ. මේ මුදල්ම තමයි ඒ සඳහා ගළපාගන්න  ඕනෑ.

ආර්ථික කඩාවැටීමකට මුහුණ දෙන්න වෙයි
ආර්.එම්.බී. සේනානායක

නිවැරදි රාජ්‍ය පරිපාලනය අපේ රටේ සිද්ධවෙන්නේ නැහැ ඇත්තටම. අලූත් ආණ්ඩුවට රාජ්‍ය පරිපාලනය පැත්තෙන් තියෙන අභියෝගය තමයි නිවැරදි රාජ්‍ය පරිපාලන සම්ප‍්‍රදායක් ඇති කිරීම. අද ඊයෙක නෙවෙයි, චීන, රෝම ආදී පැරණි ශිෂ්ටාචාරවල ඉඳන්ම ක‍්‍රියාත්මක වෙලා එංගලන්තයෙන් අපට ආ රාජ්‍ය පරිපාලන සම්ප‍්‍රදායක් තියෙනවා. ඒ අනුව දෙපාර්තමේන්තු නිවැරදිව එක් කරලා අමාත්‍යාංශ නිර්මාණය වෙන්න  ඕනෑ. විෂයන් දෙපාර්තමේන්තු විදියට බෙදෙන්නේ. එක් විෂය ක්ෂේත‍්‍රයක් අමාත්‍යාංශයක් වෙනවා. සෞඛ්‍යය, අධ්‍යාපනය, කෘෂිකර්මය වගේ නොගැළපෙන විෂයයන් එකතු කරලා අමාත්‍යාංශ හදන්න බැහැ. ඒ වගේම එක් විෂයකට අයිති අනුවිෂයක් තනි තනි අමාත්‍යාංශ වශයෙන් තියන්නත් අවශ්‍ය නැහැ. අමාත්‍යාංශ ඍජුවම දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් සමග සම්බන්ධතා තියාගන්න  ඕනෑ.
කලින් ආණ්ඩුවේ අමාත්‍යාංශ බෙදීම කිසිම පරිපාලන සම්ප‍්‍රදායක් අනුව නෙවෙයි සිද්ධ වුණේ. ඇත්තටම ජනාධිපති ක‍්‍රමයෙන් අපට ඇතිවුණ ප‍්‍රශ්නයක් මේක. ඇමරිකාවේ ඇමතිවරු ව්‍යවස්ථාදායකයෙන් ගන්නේ නැහැ. ප‍්‍රංශයේ පාර්ලිමේන්තුවෙන් පත් කරන්න පුළුවන්, හැබැයි පාර්ලිමේන්තුවෙන් ඉවත්වෙලා ඇමතිකම් ගන්න  ඕනෑ. ජේ.ආර්. කළේ මේක කවලම් කරපු එක. බි‍්‍රතාන්‍ය ක‍්‍රමය සහ ඇමරිකන්, ප‍්‍රංශ ක‍්‍රම මිශ‍්‍ර කළා. ජේ.ආර්. ඊට පස්සේ ඇමතිවරුන්ගෙන් අස්වීමෙ ලිපි අරන් තියාගත්තා. මහින්ද කළේ ඇමතිකම් දීලා පක්ෂ මාරු කරවන එක.

මේ ආණ්ඩුව සහ ඉදිරියේ බිහිවන ආණ්ඩු මේ අමාත්‍යාංශ නිවැරදිව වෙන් කරන්න  ඕනෑ. දේශපාලනය සමග ඒක කරන එක අභියෝගයක් තමයි. ඒත් ගැළපෙන දෙපාර්තමේන්තු එක් කරලා නිවැරදිව අමාත්‍යාංශ හදලා පරිපාලන රාමුවක් හදාගන්න  ඕනෑ. අපි දැක්කා කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍යාංශ වෙන වෙනම තියෙන්නේ. ඒත් අපේ රටේ කෘෂි කර්මාන්තය සහ වාරි කර්මාන්තය එකට තියෙන්න  ඕනෑ විෂයයන්.

අනෙක් අතට අපේ රටේ ඇමතිවරුන් සම්බන්ධයෙන් නීතියක් නැහැ. වගකීමක් නැහැ. මුදල් රෙගුලාසි අනුව ඇමතිලාට තියා අගමැතිටවත් මුදල් බලය නැහැ. වගකීමත් නැහැ. අමාත්‍යාංශ ලේකම්ට තමයි තියෙන්නේ. භාණ්ඩාගාරයෙන් මුදල් අනුමැතිය ලබාගන්න  ඕනෑ. ඒත් ඇමතිලා තමයි මුදල් පිළිබඳව තීරණ ඔක්කොම ගන්නේ. ඒත් නීතිය අනුව ඇමතිවරයාට දඬුවම් කරන්න බැහැ. ඔහුට වගකීමක් නැහැ. මේක නිවැරදි වෙන්න  ඕනෑ තත්ත්වයක්. අද ඇමතිලා කටවචනයෙන් ලේකම්ලාට අණ දෙනවා. ලේකම්ලා ක‍්‍රියාත්මක කරනවා. නීතිය ඉදිරියට ගියොත් ලේකම් තමයි දඬුවම් ලබන්නේ.

අනූ ගණන්වල ලෝක බැංකුවේ වාර්තාවක් මගින් පබ්ලික් ෆිනෑන්ස් ඇක්ට් 2002 කියලා පනතක් ඉදිරිපත් කළා. රනිල් අගමැති හිටපු කාලයේ. ඒකෙන් මේ වැරදි තත්ත්වය නිවැරදි වෙනවා. වගකීම ඇමතිවරයාට ලැබෙනවා. ඒත් ඒක අනුමත වුණේ නැහැ. ඊට පස්සේ චන්ද්‍රිකා කළෙත් නැහැ. මහින්ද කොහොමත් කළේ නැහැ. අලූත් ආණ්ඩුවට තියෙන අභියෝගයක් මේක. ඒත් මම හිතන්නෑ අලූත් ආණ්ඩුව මේක ක‍්‍රියාත්මක කරයි කියලා.

ඇමතිවරුන් කියන්නේ පරිපාලනයේ ඉහළම තලය. ජනාධිපතිගේ බලතල අඩු වෙනවා නම් ඇමතිවරුන්ට තවත් වැඩිබලයක් ලැබෙයි. එහෙත් බලය සහ වගකීම වෙනම තියෙන්න බැහැ. රාජ්‍ය පරිපාලනයේදී මේ ඉහළම තලය නිවැරදි කරන එක තමයි ආණ්ඩුවට තියෙන අභියෝගය. කඩා වැටීම පටන් ගන්නේ එතැනින්.
ආර්ථිකය කඩා වැටීමේ අවදානමක් තියෙනවා. අජිත් නිවාඞ් කබ්රාල් එය දැනගෙන හිටියා. මහින්දත් දැනගෙන හිටියා. තව අවුරුදු දෙකක් තිබුණොත් කඩා වැටෙනවා කියලා. ඡුන්දෙකට ගිහින් ඒකට මුහුණ දෙන්නයි ලෑස්ති වුණේ. විශාල වශයෙන් ණය අරගෙන තියෙනවා. මේගොල්ලෝ කළේ රෝල්  ඕවර් කරමින් ණයවලින් රට ගෙනිච්ච එක. ඒක කඩා වැටෙන්න නියමිතයි. මේ ආණ්ඩුවත් ණය ගන්නවාද? ලෝකයට තියෙන ණය ගෙවන්නේ කොහොමද? රෝල්  ඕවර් කරනවාද? මේවා තමයි තියෙන අභියෝග. මේ ඔක්කොම එක්ක පොරොන්දු වුණු සහන දෙන්නත්  ඕනෑ. අපට විදේශ විනිමය නැහැ. තියෙන තරමක් සංචිතවලින් සල්ලි අච්චු ගැහුවා. ගොඩක් බරපතළ අවදානමක් තියෙන්නේ. මේ දේවල් කළමනාකරණය කරන්න  ඕනෑ. හිතවතුන්ට නෙවෙයි දක්ෂයන්ට තනතුරු දීලා නිවැරදි පරිපාලනයක් ක‍්‍රියාත්මක කරන්න  ඕනෑ. මම පෞද්ගලිකව හිතන්නේ බොහෝ දුරට ආර්ථික කඩා වැටීමකට මුහුණ දෙන්න වෙයි. ඒක මේ ආණ්ඩුවේ වැරැුද්ද නෙවෙයි. ඒත් මුහුණ දෙන්න වෙන්නේ ඔවුන්ට.

මම හිතන්නේ පරිපාලනයේ පැත්තෙන් ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීම හොඳයි. ජේ.ආර්. හැදූ එක නෙවෙයි. නීතියට යටත් කළ හැකි ජනාධිපතිවරයෙක් සහ නීතියට වගකියන ඇමති මණ්ඩලයක් තියෙන්න  ඕනෑ. දැන් ජනාධිපතිට තියෙන්නේ රජ කාලයේ රජවරුන්ට තිබුණා වගේ බලයක්. ඒක ඉවත් කරලා දාන්න  ඕනෑ. අපට විධායක ජනාධිපති ක‍්‍රමය එපා වුණේ ඒ නිසා. ඒත් අපි කලින් තිබුණු ආණ්ඩු ක‍්‍රමයේ විශේෂ හොඳක් දැක්කේ නැහැ.
සමහර දේවල් මේ ආණ්ඩුවත් වෙනස් කරයි කියලා මම හිතන්නේ නැහැ. කවුරුවත් වෙනස් නොකර මගහරින දේවල් තියෙනවා. ආණ්ඩුව ඒ දේවල් කරයිද නැද්ද කියන එක ඇත්තටම අභියෝගයක් වෙන්නේ පුරවැසියන්ට.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;