ඇන්ජෙලා මර්කෙල් මැදිහත්වෙයි

 

සිය දිගු දේශපාලන ජීවිතයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් බලවත් බලවේග දෙකක් අතර ඇවිලෙන්නට යන භයානක ගින්නක් නිවා දමන්නට සිය කැමැත්තෙන් ම ඉදිරිපත්ව සිටින්නී ය.

භෞතික රසායන විද්‍යා විෂය ක්‍ෂෙත‍්‍රයෙන් ආචාර්ය උපාධියක් දිනා ඇති සැට වියැති ජර්මානු රාජ්‍ය නායිකාව මේ ඉදිරිපත් ව සිටින්නේ කිසිවකුගෙන් ස්තුතියක් ලැබිය නොහැකි සිත කලකිරවනසුලූ අසීරු කාර්යයකට බව ‘ද ගාඩියන්’ සඳහන් කරයි. බටහිර සහ රුසියාව අතර භයානක යුද්ධයක් ඇරඹෙනු ඇතැ’යි බිය පත්ව සිටින ඇය එය වැළැක්වීමට හැකි සෑම පියවරක් ම ගැනීම සිය පරම යුතුකම කොට සලකන්නී ය.

පසුගිය 6දා ක්‍රෙම්ලිනයට ගොස් රුසියානු ජනාධිපති ව්ලදිමිර් පුතින් හමු වූ ඕ ඔහු දුන් දෙයක් ද රැුගෙන වහා ජනාධිපති ඔබාමා හමුවට ගියා ය. අයහපත් තත්ත්වය උදාවූයේ අවුරුද්දකට පෙර ජනාධිපති පුතින් සාමය සුණු විසුණු කැර දමමින් කි‍්‍රමියාව අල්ලා ගත් දා සිට ය. ඒ අනුව බටහිර රටවල් සියල්ල ඔහුට එරෙහි වන අතර කිසිවකුත් සාමය ගෙන එන්නට කතා කරන්නේ නැත. මර්කෙල් මේ කාරියට බැස ඇත්තේ අනෙක් අය ඊට අත පොවන්නට පසුබාමින් සිටින එබඳු අවස්ථාවක ය. මන්ද යත් බොහෝ බටහිර රාජ්‍ය නායකයන් එක්කෝ පුතින් තමන්ට එතරම් සැලකිල්ලක් නොදක්වන නිසා අප‍්‍රසාදයෙන්, නැත්නම් අමෙරිකානු ගැති බව නිසා අමෙරිකාවට රිස්සක් කරන්නට ඉඩ හරිමින් මේ අර්බුදයට මැදිහත් වීම කර අරිමින් සිටින හෙයිනි.

මර්කෙල් සමග ක්‍රෙම්ලින් ගිය ප‍්‍රංශුවා හොලන්දේ ගමනේ දී ඇගේ තනි නොතනියට යන මිතුරකු මෙන් ගොස් ආවා විනා කතාබහකට මැදිහත් වී නොමැත. බි‍්‍රතාන්‍යයේ ඬේවිඞ් කැමරන් සිතන්නේ යුකේ‍්‍රනයේ හෝ රුසියාවේ හෝ කි‍්‍රමියාවේ හෝ තමන්ට ඡුන්ද නැති නිසා තමන් ඊට මැදිහත්වීමෙන් පලක් නැත කියා විය හැකිය. ඔහුගේ විදේශ ලේකම් පිලිප් හැමන්ඞ් නම් පුතින් ප‍්‍රජා පීඩකයකු ලෙස දනියි.

ඉතින් ඒ අනුව මර්කෙල් මේ යෙදෙන්නේ හුදෙකලා ආයාසයක ය. සතුරු මිතුරු දෙපාර්ශ්වයට ම ඇගේ අධ්‍යාශය වටහාගත නොහැකි ය.
රුසියාව මෙහිදී ජානුස් මෙන් දෙපැත්තට ම ආමන්ත‍්‍රණය කරමින් සිටින සෙයක් පෙනෙතැ’යි ගාඩියන් වාර්තාවේ දැක්වෙයි. එරට සාම සාකච්ඡුාවලට එකහෙළා කැමති බව එක් මුහුණකින් කියන අතර අනෙක් මුහුණින් අභියෝගාත්මක ප‍්‍රකාශ නිකුත් කරයි. පසුගිය දිනෙක ඊජිප්තුවේ සංචාරයක නිරත වූ පුතින් එහි දී පවසා ඇත්තේ බටහිර තමන් වටලා කුඩු කර දැමීමේ උත්සාහයක නිරත ව සිටිනා බවයි. නැටෝ හමුදා කෙමෙන් කෙමෙන් දේශ සීමා ඉක්මවා සිය රටට ඇතු`ඵවෙමින් සිටිනා බැවින් ඔවුන්ගේ සාමය ගැන තමාට විශ්වාසයක් නොමැති බවයි.

මේ වනවිට මර්කෙල්ගේ ප‍්‍රධානතම අරමණ වී අත්තේ යුකේ‍්‍රන පාලනයට මාරාන්තික අවි සැපයීමේ අමෙරිකානු අදහස කි‍්‍රයාත්මක කිරීමෙන් වැළැක්වීම බව පැවසේ. එය බොහෝදුරට සාර්ථක වී ඇති සෙයක් පෙන්වයි.

බටහිර ප‍්‍රමුඛ රටවල් සහ අමෙරිකා එක්සත් ජනපදය සමග රුසියාව එක සාකච්ඡුා මේසයකට ගෙන ඊම ඇගේ අනෙක් අභිප‍්‍රාය වෙයි. පසුගිය සතියේ එය සාර්ථකත්වය කරා එළැඹි බව වාර්තා වී තිබිණි.