ජාතික අධ්‍යාපන ආයතනයේ යකා නැටිල්ල

නිමල් අබේසිංහ

ෙම රටෙහි අධ්‍යාපනය පිළිබඳව කෙරෙන කතාබහකදී ජාතික අධ්‍යාපනය යන්න කිසිදු විටෙක බැහැර කළහැක්කක් නොවේ. පාසල් විෂය මාලා සම්පාදනය, ගුරු අත්පොත් සම්පාදනය, අධ්‍යාපන වෘත්තීය පාඨමාලා පැවැත්වීම, අධ්‍යාපන පර්යේෂණ, ගුරු පුහුණුව යන ක්ෂේත‍්‍රයන් සම්බන්ධ කාර්යභාරයන් ඉටුකරන්නා වූ ප‍්‍රමුඛතම ආයතනය වනුයේ ජාතික අධ්‍යාපන ආයතනයයි. මේ අනුව පූර්ව ළමාවියේ සිට දහතුන්වන ශ්‍රේණිය දක්වා වූ සියලූ විෂයයන්ගේ විෂය නිර්දේශයන් සැකසීම, ගුරු අත්පොත් සම්පාදනය, අධ්‍යාපන කාර්ය මණ්ඩල සඳහා අධ්‍යාපනවේදී උපාධිය, අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, වෙනත් ඩිප්ලෝමා පාඨමාලා, අධ්‍යාපනපති උපාධිය, අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හා අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය වන් අධ්‍යාපනය පිළිබඳ උසස් පාඨමාලා පැවැත්වීම මේ වන විට ජාතික අධ්‍යාපන ආයතනය විසින් සිදු කරයි. මේ අනුව ජාතික අධ්‍යාපන ආයතනය ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපනයේ ප‍්‍රධාන මර්මස්ථානයක් ලෙසින් හැඳින්වීම සාවද්‍ය නොවන්නකි.

ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීමේ සිට මේ දක්වා වන විට අධ්‍යක්ෂ ජනරාල්වරුන් අටදෙනකු සේවය කර ඇති අතර එයින් යම් යම් අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ පාලන සමයන්හි ජාතික අධ්‍යාපන ආයතනයේ මුඛ්‍ය පරමාර්ථයන්ට පටහැනිව හා එකී පරමාර්ථයන් කෙළෙසන ආකාරයේ පාලනයක් ගෙන ගොස් ඇති බවද නොරහසකි. මෙම අටදෙනාට අමතරව නව වැනි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්ව එන්නේ මහාචාර්ය අබේරත්න බණ්ඩාරය. හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ සමීප ටියුෂන් සගයකු වන මහාචාර්ය අබේරත්න බණ්ඩාරට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය හිමිවන්නේද එකී ගජමිතුරුකම හේතුවෙනි.

අධ්‍යාපන විද්‍යාව පිළිබඳ න්‍යායික අදහසක් නැති මහාචාර්ය අබේරත්න බණ්ඩාර රටෙහි අධ්‍යාපනයට සම්බන්ධ අතිශය වැදගත් ආයතනයේ ප‍්‍රධාන පරිපාලන නිලධාරි තනතුරට පත්වීමෙන් අනතුරුව ඔහු එකී තනතුරට පමණක් නොව, ආයතනයෙන් සිදුවිය යුතු විශිෂ්ට අධ්‍යාපනික හා ශාස්ත‍්‍රීය සේවාවටද හානි වන අයුරින් ක‍්‍රියා කර ඇති බව පෙනී යයි.

බඳවාගැනීම්

ඔහුගේ කාලවකවානුව තුළ සිදුකරන ලද නව බඳවාගැනීම් බොහොම යක්ම නියමිත ක‍්‍රියාපටිපාටියෙන් බැහැරව සිදුකරන ලද බව 2015 ජනවාරි මාසයේදී විගණකාධිපති දෙපාර්ත මේන්තුව විසින් සිදුකරන ලද විගණන වාර්තාවකින් හෙළිදරව් වේ. එම විගණන වාර්තාවට අනුව බඳවාගැනීම් පටිපාටියට පරිබාහිරව කළමනාකරණ සහකාර තනතුර සඳහා නිලධාරීන් 6 ක්ද, රියදුරන් 3 ක්ද, කම්කරුවන් තිදෙනකුද 2014 නොවැම්බර් 14 වන දින වනවිට බඳවාගෙන තිබේ. මෙහිදී කළමනාකරණ සහකාර තනතුර සඳහා දැන්වීම් පළකිරීමෙන් තොරව බඳවා ගැනීමේ හේතුවෙන් ආයතනයේ ඉහළ සේවා අගයක්ව පවතින පෙරපාසල් ගුරු තනතුරු දෙකකට හා නේවාසික පාලක තනතුරට අදාළ බඳවා ගැනීම් සිදුතිරීමට ආයතනයට නොහැකිව ඇතැයි ජාතික අධ්‍යාපන ආයතනය පිළිබඳව විගණකාධිපති දෙපාර්ත මේන්තුව මගින් ඉදිරිපත් කරන ලද 2015 විගණන වාර්තාව තහවුරු කරයි.

ආයතන සංග‍්‍රහයේ ෂෂ පරිච්ෙඡ්දයේ 5.5 ප‍්‍රකාරව මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරකට නිලධාරියකු උසස් කිරීම බඳවා ගැනීමේ පටිපාටියට අනුව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සිදුකළ යුතු වුවද අධ්‍යක්ෂ (තාක්ෂණික අධ්‍යාපන) හා අධ්‍යක්ෂ (සමාජ විද්‍යා) තනතුරු දෙකෙහි උසස් වීම් සිදුකර ඇත්තේ අධ්‍යක්ෂ ජනරාල්්වරයා විසිනි.
මූලික උපාධියක් රහිතව බඳවාගත නොහැකි වූ ව්‍යාපෘති සහකාර තනතුරට 1990.10.15 දින බඳවා ගෙන සිටි එන්.ටී.කේ. ලොකුලියනට 2014.01.01 දිනදී අධ්‍යක්ෂ (තාක්ෂණික අධ්‍යාපන) තනතුරට උසස්වීමක් ලබා දී තිබීම ආයතනයේ බඳවාගැනීමේ ක‍්‍රියා පටිපාටිය උල්ලංඝනය කළ තවත් අවස්ථාවකි. ආයතනයේ අනුමත කාර්යාල ආධාරක තනතුරු ප‍්‍රමාණය වන 62 ඉක්මවා සේවකයකු බඳවාගෙන ඇති බව තහවුරු වෙයි. මාධ්‍ය කාර්මික තනතුර සඳහා බාහිර අයදුම්කරුවන් නොකැඳවා අභ්‍යන්තර දැන්වීමක් මගින් ආයතනයේ කෑලි පදනම මත සේවය කළ දෙදෙනකු එම තනතුරෙහි ස්ථීර කර ඇතිමුත් ඔවුන් අදාළ තනතුර සඳහා අවශ්‍ය අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කර නොතිබීම, ඔවුන් දෙදෙනාට අමතරව අරක්කැමියන් දෙදෙනකුද, කම්කරුවන් දෙදෙනකුද, රියදුරන් දෙදෙනකුද ඇතුළුව හයදෙනකුු අධ්‍යාපන හා සේවා පළපුරුද්ද පිළිබඳ සහතික ලබානොගෙන සේවයට බඳවාගෙන ඇති බව තහවුරුවෙයි.

මහාචාර්ය අබේරත්න බණ්ඩාරගේ සේවා කාලය තුළදී (2013 ජූලි 07 දින) බඳවා ගන්නා ලද සහකාර අධ්‍යක්ෂ (පාලන හා පිරිස් කළමනාකරණ) එච්.පී. නිලූකාගේ පුද්ගලික ලිපිගොනුව පරීක්ෂා කිරීමේදී අවශ්‍ය ප‍්‍රධාන සුදුසුකමක් තහවුරු කෙරෙන උපාධි සහතිකය තිබී නැත. මෙය බඳවාගැනීමේ හා සේවා ස්ථීර කිරීමේදී බරපතළ ලෙස මතුවන ගැටලූවක්ද වන්නේය.

අනියම් පදනම මත සේවයට බඳවා ගත් පිරිස් වෙනුවෙන් පාලක සභාවේ අනුමැතිය ලබා නොගැනීම, සුදුසුකම් රහිත පුද්ගලයන් සේවයට බඳවා ගැනීම මෙම විගණන වාර්තාවෙන් හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහි පවතින තවත් චෝදනා වෙයි.

ජාතික අධ්‍යාපනය වැනි ඉහළ මට්ටමේ ආයතනයක පරිපාලන නිලධාරී තනතුර සඳහා බඳවා ගන්නා පුද්ගලයා අදාළ ක්ෂේත‍්‍රයේ අත්දැකීම් සහ පළපුරුද්ද, දිගු සේවා කාලයක් සහිත අයකු වීමද අනිිවාර්ය කොන්දේසියක් විය යුතු බව විවාදයෙන් තොරවූවකි. එහෙත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එකී තනතුරට බඳවාගන්නේ 2012.02.21 දින පුහුණු පදනම මත බඳවාගත් එච්.සී.ජේ. ෆොන්සේකා නමැති අයයි. මෙවැනි බඳවාගැනීමකදී ආයතන සංග‍්‍රහයේ් 3.3 වගන්ති ප‍්‍රකාරව ස්ථීර නිලධාරියකු පත් කිරීමට තුන්මසක් ඇතුළත පියවර ගත යුතු වූවත් මහාචාර්ය අබේරත්න බණ්ඩාර එවැනි පියවරක් ගෙන නැති බව පැහැදිලි වෙයි. එමෙන්ම මෙම තනතුරට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමට 2014.11.02 දින දැන්වීමක් පළකර ඇති අතර එකී තනතුරට සුදුසුකම් ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් ලැබී තිබියදීත් ඉන් මාස නමයකට පසුව ඔහු ෆොන්සේකා නමැති අයට මෙම තනතුර ලබාදෙයි. කෑලි පදනම මත සේවය කළ දහ අට දෙනකුද, කොන්ත‍්‍රාත් පදනම මත සේවය කළ දහ දෙනකුද පාලක මණ්ඩල අනුමැතියකින් තොරව අධ්‍යක්ෂ ජනරාල්්වරයා විසින් 2013.03.14 දින නිකුත් කරන ලද දැන්වීමකින් ස්ථීර සේවක මණ්ඩලයට බඳවාගෙන ඇති බවද විගණන විමසුමේදී හෙළිදරව් කරගෙන තිබේ.

මහාචාර්ය අබේරත්න බණ්ඩාර හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙයට අමතරව සිදුකරන ලද ශාස්ත‍්‍රීය කාර්ය මණ්ඩල බඳවාගැනීම් කිහිපයක්ද සැකසහිත ඒවාය. එනම් බඳවාගෙන ඇති තනතුරුවලට පත්වූවන්ට අදාළ අධ්‍යාපනික වූ හා සේවා පළපුරුද්ද ඇත්තේද යන්නයි.

මාධ්‍ය දෙපාර්ත මේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරු සඳහා බඳවාගෙන ඇත්තේ ඊ. නීලමනී නමැත්තියයි. 2013 රෙගුලාසි අනුව එම තනතුරට පත්වීමට නම් ඇයට සන්නිවේදනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක් තිබීම අනිවාර්ය වේ. එහෙත් ඇයට ඇත්තේ අධ්‍යාපනපති උපාධියකි. එමෙන්ම ඇය සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය පාසලෙහි ඉගැන්වීම කර ඇත්තේ මාස හයක පමණ කාලයක් වන අතර එය දහවන ශ්‍රේණියට පමණකි. එයට අමතරව ඇය සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයට අදාළව ජාතික අධ්‍යාපන ආයතනයේ සම්පත් දායිකාවක ලෙස කුමන ආකාරයකින් හෝ සහභාගිවීද නැති බව තහවුරුව ඇත්තේය. ඇයට වඩා ඉගැන්වීමේ පළපුරුද්ද ඇති තත් විෂයෙහි ශාස්ත‍්‍රපති උපාධිය ලත් පිරිස්ද පාසල් අධ්‍යාපන තලයේ සිටින බවට තොරතුරු හෙළිදරව් වෙයි. ජාතික අධ්‍යාපන ආයතනය තුළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය අයත් වන්නේ සිංහල දෙපාර්තමේන්තුවටය. එහෙත් හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඒ. සීලවතී මහත්මිය විද්‍යුත් ප‍්‍රචාරණ දෙපාර්තමේන්තුවේ කාර්යභාර අධ්‍යක්ෂ ධුරයට පත්කරමින්, මෙතෙක් කිසිදු විෂයමාලා කටයුත්තක් සිදු නොකළ විද්‍යුත් ප‍්‍රචාරණ දෙපාර්තමේන්තුව මගිින් විෂය මාලාවක් ක‍්‍රියාත්මක කරවමින් තිබීමද ගැටලූසහගතය. එසේම එතෙක් විද්‍යුත් ප‍්‍රචාරණ දෙපාර්තමේන්තුවේ සිටි අත්දැකීම් හා පළපුරුද්දෙන්ද යුත් සුදුසුකම් සහිතව සේවයේ යෙදී සිටි කාර්යභාර අධ්‍යක්ෂවරයා ඉවත් කරමින්ය.

ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකා චාර්ය ඞී.ඩබ්ලිව්. දිසානායක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුමුදුනී ඉද්දමල්ගොඩ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුවනී ගුණවර්ධන ආදින්ගේ බඳවාගැනීම්ද දෝෂ සහිත බව අනාවරණය වෙයි. මෙම තනතුරුවලට බඳවා ගැනීමේදී ඉතා සූක්ෂ්ම ලෙස බඳවා ගැනීමේ රෙගුලාසිවලින් රිංගා ඇති බව පෙනීයයි.

බඳවාගැනීම් සඳහා පුවත්පත්වල පළකරන ලද දැන්වීම්වල දැක්වෙන රෙගුලාසිවල ඇති නොගැළපෙන ස්වභාවයද හිතාමතාම සකසන ලද්දකි. ශාස්ත‍්‍රීය අධ්‍යක්ෂවරුන් බඳවා ගැනීම සඳහා පනවා ඇති රෙගුලාසිවල පළමුවන කාණ්ඩය යටතේ ආචාර්ය උපාධිය හෝ දර්ශනපති උපාධියද, දෙවන කාණ්ඩය යටතේ අදාළ විෂය ක්ෂේත‍්‍රයෙන් ශාස්ත‍්‍රපති මට්ටමේ උපාධියද අවශ්‍ය බව දක්වා ඇත. එහෙත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් බඳවා ගැනීමේ නියමයන් යටතේ ඉල්ලා ඇත්තේ චොක්ටෝරල් ලෙවල් සුදුසුකම්ය. මේ පිළිබඳව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විමසූ විට දැනගන්නට ලැබුණේ් එවැනි සුදුසුකමක් ලෝකයේ කොහේවත් නැති බවයි. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරු සඳහා පන්ති සමාර්ථය සහිත උපාධිධාරීන්ගෙන් ශාස්ත‍්‍රපති උපාධියද, එවැනි පන්ති සාමාර්ථයක් නොමැති අයගෙන් ඩොක්ටෝරල් ලෙවල් සුදුසුකමද ඉල්ලා සිටීමෙන් පැහැදිලි වන්නේ මනා දැනුමකින් තොරව හෝ වංචාසහගත ලෙස මෙය සිදුකරමින් තමන්ට අවැසි පුද්ගලයන් එකී තනතුරුවලට රිංගවා ගැනීමට සිදුකළ උපක‍්‍රමයක් බවයි.

සැබැවින්ම ජාතික අධ්‍යාපනික ආයතනය යනු මහාචාර්ය අබේරත්න බණ්ඩාර යකා නැටූ පිට්ටනියක් ලෙස හැඳින්වීමෙහි කිසිදු වරදක් නැත. මේ ලිපියෙහි ඇත්තේ ජාතික අධ්‍යාපනික ආයතනයට සිදුව ඇති විනාශයෙක් සුඵ ප‍්‍රමාණයක් බවද සැලකුව මනාය. හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අබේරත්න බණ්ඩාරගෙන් ඔහුගේ සේවා කාලය තුළ සිදුවූ බඳවා ගැනීම් සම්බන්ධව විමසූ විට මේ සම්බන්ධයෙන් වගකිව යුත්තේ ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂවරයා බැවින් ප‍්‍රශ්නයක් ඇති නම් ඔහුගෙන් විමසන ලෙස ඉල්ලා සිටියේය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;