ඍණ චින්තනයේ ධනාත්මක පැතිකඩ

ප‍්‍රභාෂ්වර

කිසිදු දුකක් කරදරයක් නැතිව ජීවත්වීමට හැම මනුෂ්‍යයෙකුම කැමතිය. ලොව ධනවත්ම රටවල් අතරින් එකක් වන ඇමරිකාව, පසුගිය විසි වසර පුරා ඉහළ වියදමක් දරමින් විවිධ මනෝවිද්‍යාත්මක ගවේෂණ සිදුකරන ලද්දේ තම පුරවැසියන්ට හොඳ චිත්ත ප‍්‍රීතියක් අත්කර දෙන්නේ කෙසේදැ’යි සොයා ගැනීමටය. කෝපය, ඊර්ෂ්‍යාව වැනි සිත තුළ අප‍්‍රසන්නතාවක් ජනිත කරන හැඟීම්, පව්කාර සිතිවිලි ලෙස නම් කිරීමට අපි පුරුදුව සිටිමු. කලකිරීම, අධික ශෝකය හා දැඩි ලැජ්ජාවට බඳුන්වීම යනාදිය බලහත්කාරයෙන් හෝ ඖෂධ/මත්ද්‍රව්‍ය භාවිතය හරහා හෝ යටපත් කළ යුතු ආවේගයන් ලෙස බොහෝ දෙනා සලකති. බහුතරයක් විසින් එලෙස විපරීතයැ’යි නම් කරන හැඟීම් හා ආවේගයන්, එකට කැටි කොට නිර්වචනය කෙරෙන්නේ ‘ඍණාත්මක චින්තනය’ ලෙසය. එහෙත් ඇමරිකාවේ ජෝර්ජ් මේසන් සරසවියේ මනෝවිද්‍යා ආචාර්ය ටොඞ් කැෂ්ඩාන් පවසන්නේ ඍණ සාධක ලෙස මිනිස් සිතිවිලි බෙදා වෙන්කිරීම නිවැරදි ක‍්‍රමවේදයක් නොවන බවයි. මතුපිටට සීමා නොවී, ගැඹුරින් හැදෑරීමේදී මනුෂ්‍ය සන්තානයෙහි උපදින සෑම හැඟීමක්ම, සංකීර්ණ භවාත්මක වෙනස්කම් ජනනය කරන අතිසියුම් ක‍්‍රියාවලියක් බව හෙතෙම අවධාරණය කරයි. මිනිස් සිතෙහි හටගන්නා හැම සිතිවිල්ලක්ම යම් නිශ්චිත කාර්යභාරයක් ඉටුකිරීම ඉලක්ක කොටගෙන උපදින වග ටොඞ් කැෂ්ඩාන් කියයි.

ලෝකය අවිනිශ්චිත තැනකි.

කඩිනම් මානව සංවර්ධනය පිළිබඳව පැය 24 පුරා කෑමොර දෙන ධනාත්මක චින්තන විද්‍යාවට හසු නොවන ප‍්‍රධාන කාරණා දෙකක් තිබේ. ලෝකය යනු ඉතා අවිනිශ්චිත ක‍්‍රියාවන් හා ප‍්‍රතික‍්‍රියාවන්ගෙන් පිරුණු ස්ථානයක් වග ධනාත්මක චින්තකයන් බහුතරයකට නොවැටහේ. එමෙන්ම එය මෝඩ හා කෲර ගති පැවතුම් ඇති මිනිසුන් විශාල සංඛ්‍යාවකින් පිරී ඉතිරී ගිය තැනක් වග ඔවුහු අමතක කරති. කීර්තිමත් ඇමරිකානු මනෝ විද්‍යාඥ ආරොන් සෙල්ට අනුව, යම් මෝඩ පුද්ගලයකු, මනා පෞරුෂයකින් යුතු උගතකු ප‍්‍රසිද්ධියේ අවතක් සේරුවකට ලක් කරන විට, එකී වියතාට තම සමාජ තත්ත්වය රැුකගත හැකිවන්නේ, පාලනයක් සහිත තරහක් ඔස්සේ ඔහුට අවමන් කරන තැනැත්තා මැඬලීමෙනි. සර්පයකු දෂ්ඨ කළ කෙනකු ළඟම ඇති රෝහල වෙත නොගොස් ප‍්‍රතිවිෂ එන්නතක් ලබාදීමේ නිවැරදි ක‍්‍රමවේදය අනුගමනය කිරීමට යෑමේදී එය වළක්වා ඔහුට ගොඩ වෙදකම් කිරීමට ඉදිරිපත් වන අනුවණ පුද්ගලයන්ට ‘තග’ දැමීම හැර අන් විකල්පයක්, එවැනි අවස්ථාවකදී සත්පුරුෂයකු සතුව නොමැත. දිගින් දිගටම මෛත‍්‍රිය ප‍්‍රගුණ කළ නයකු, නෝංජල් එකෙක්යැ’යි සිතා, දරමිටියක් බැඳ ගැනීම පිණිස ඌව ලණුවක් සේ භාවිත කරන ලද කාන්තාවන් ගැන ජාතක පොතෙහි සඳහන් වේ. නාගයාට මෛත‍්‍රී භාවනාව ඉගැන්වූ තාපසතුමා, මේ සිද්ධියෙන් පසුව ඌට උපදෙස් දෙමින් කීවේ එතරම් පහත් තත්ත්වයකට නොවැටී, පෙනය ඩිංගක් පුප්පා එවැනි ගැහැනුන් දමනය කරන ලෙසයි. කෝපය නමැති ආවේගයේ මූලිකම ප‍්‍රයෝජනය වන්නේ අනෙක් අයට තමා අතකොලූවක් ලෙස පාවිච්චි කිරීමේ ඉඩකඩ අහුරාලීමයි. ‘සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්, අන්තිම සටනට සැරසියව්’ වැනි ආවේගශීලී සටන් පාඨයක් කම්කරුවන් විසින් යොදාගන්නේ, ධන වතුන්ගේ සූරාකෑමට එරෙහිව කෝපයෙන් විරෝධය පෑමට පමණක් නොව, ලාභයෙන් තමන්ට හිමි කොටසද ඉල්ලා ගැනීම සඳහාය. ඔබට හිමි නිසි තැන නොදී සිටීම පිණිස යමකු ක‍්‍රියාකරන්නේ නම් ඊට එරෙහිව වහා නැගී සිටිය යුතුයැ’යි ඔබේ යටි සිත ඔබට බලකරයි. යුක්තිය ඉටුකර ගැනීම පිණිස එළිදැක්විය යුතු තරහ, වෙර යොදා පාලනය කරගැනීමට, දිගින් දිගටම කටයුතු කරන අයට විශාදය ආශ‍්‍රිත මානසික රෝග වැළඳීමේ සම්භාවිතාව ඉතා ඉහළයැ’යි ජෙරුසලමේ හීබෲ විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාඥ මායා ටැමීර් පවසයි. කිරා බලා, සංයමයකින් යුතුව එළිදක්වන කෝපය, වියරු වැටී සිදුකරන දැඟලීමකට වඩා බොහෝ වෙනස් එකක් බව මායා ටැමීර් කියයි. දබරැුඟිල්ල දිගු කොට දැඩි ස්වරයෙන් තමාගේ ස්ථාවරය නිරවුල්ව කියාපෑම හරහා එසේ අදහස් ප‍්‍රකාශ කරන තැනැත්තා කෙරෙහි බියමුසු ගෞරවයක්, ඔහුව පාවිච්චි කරන්නට උත්සාහ කළ අයගේ සිත් තුළ ජනිත වෙයි. කිසිවකුට අල්ලේ නැටවිය නොහැකි පෞරුෂයක් සහිත පුද්ගලයකු ලෙස ඉනික්බිති ඔහු සමාජයේ පිළිගැනීමට ලක්වෙයි.

ඍණ ආවේගවල සමාජයීය බලපෑම

ඊශ‍්‍රායලයට පැමිණි මනෝ විද්‍යාඥ මායා ටැමීර්ට, රියදුරු බලපත‍්‍රයක් අයදුම් කිරීම සඳහා ඡායාරූපයක් ලබාගැනීමට අවශ්‍ය විය. ඡයාරූප ගැනීමට අපේක්ෂා කරන ඊශ‍්‍රායල වැසියන් සමග පෝලිමේ සිටියද, ඇයට පිටුපසින් සිටි හැම කෙනෙක්ම පාහේ මායා තල්ලූ කරමින් ඉදිරියට ගිය අතර ඈ ඒ ගැන විරෝධයක් නොදක්වා ඔහේ බලා සිටියාය. බැරිම තැන තමාට සිදුවූ අසාධාරණය ගැන ඈ ඡුායාරූප ශාලාව හිමි ඊශ‍්‍රායල ජාතිකයාට වාර්තා කර සිටියාය. එවිට ඔහු ඇයට පිළිතුරු දුන්නේ මෙසේය. ‘ඇයි ඔයා අඩි හප්පල කෝපයෙන් කෑගැහැව්වෙ නැත්තෙ?’ ඊශ‍්‍රායලයේදී මෙය සැවොම පිළිගත් සමාජ චර්යාවක් වුවත් ජපානයේදී එලෙස ආවේගශිලීව ප‍්‍රතිචාර දැක්වුවහොත් ජපන් ජාතිකයන් එය මහත් අවුලක් ලෙස සලකනු ඇතැ’යි මායා ටැමීර් කියයි. කෝපය ප‍්‍රකාශ කිරීම සංස්කෘතියෙන් සංස් කෘතියට වෙනස් වන බව මෙයින් පැහැදිලි වේ. කීර්තිමත් ඇමරිකානු විශ්වවිද්‍යාලයක මනෝ විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරියක වූ ඉලෝනාඩි හුජ්, හැමවිටම සිතුවේ ඇය ඇගේ දෛනික රාජකාරීන් අතිසාර්ථක ලෙස ඉෂ්ට සිද්ධ කරන කෙනකු කියාය. එහෙත් ඇගේ පර්යේෂණ පත‍්‍රිකා ගැන සෑහීමකට පත්විය නොහැකි බව කියමින් ඉලෝනා සේවයෙන් පහකර දැමීමට සරසවි පාලනාධිකාරය කි‍්‍රයා කළේය. මාසයක් පමණ ගතවනතුරු තමන්ට වූයේ කුමක්දැ’යි සිතාගත නොහැකි තරම් ඍණ මානසිකත්වයකින් ඈ පීඩා වින්දාය. තමන් අතගසන හැම වැඩක්ම වරදීය යන භීතිය ඇය තුළ නිතර හටගත්තේ රැුකියාව අහිමිවීමත් සමගමය. එහෙත් දෙවැනි මාසය ගෙවී ගිය පසු තම ශෝකී සිතිවිලි දෙස මැදිහත් සිතින් බලාසිටීමේ හැකියාව ඇයට ලැබුණි. තම මනෝවිද්‍යා දැනුම අලෙවිකරණ විෂය ඉගැන්වීම සඳහා යොදාගත හැකි බව ඉරැුස්මස් විශ්වවිද්‍යාලය සමග වූ සම්මුඛ පරීක්ෂණයේදී ඇය සඳහන් කළාය. ඉරැුස්මස් සරසවියේ පාලනාධිකාරය, දෙවරක් නොසිතා ඉලෝනාඩි හුජ් ඔවුන්ගේ අලෙවිකරණ මහාචාර්ය වරිය ලෙස පත්කිරීමට පියවර ගනු ලැබීය. ලැජ්ජාව, වරදකාරී හැඟීම් සහ මානසික පසුබෑම් යනාදිය ඍණ සිතුවිලි සේ ගෙන බලහත්කාරයෙන් යටපත් නොකොට, ඒවා ඇති සැටියෙන් පිළිගනිමින්, ඉදිරියට ගමන් කරන්නේ කෙසේද යන්න ගැන අද ඇය ඇගේ අලෙවිකරණ පන්තියේ සිසු සිසුවියන්ට උගන්වන්නේ තම පෞද්ගලික අත්දැකීම්ද එම පාඩමට එකතු කරමිනි. මනුෂ්‍යයා යනු පිරිස් සමග ජීවත්වන සත්වයෙකි. එහෙයින් මිනිසාගේ සමස්ත පැවැත්ම රඳා පවතින්නේ ඔහු ගොඩනගා ගන්නා සමාජ සබඳතා මතය. හිරකරුවකු තනි කුටියක හුදකලාවේ තැබීම ඉතා බරපතළ දඬුවමක් සේ අප සලකන්නේ එම නිසාය. පිළිගත් සමාජ සම්ප‍්‍රදායන්වලට අනුකූලව කටයුතු කිරීමට මිනිසුන් පොළඹවාලන්නේ අප නිවැරදියැ’යි සලකා බැහැර කරන සිතිවිලි බැව් මහාචාර්ය ඉලෝනා ඩි හුජ් පවසයි. කාර්යාලයීය සහායකුගේ සිත ඔබ මුවින් පිටවූ ඇනුම් පදයකින් රිදුණු විටෙක ඒ ගැන ඔබේ සිත තුළ පසුතැවිල්ලක් හට ගනී. පසුතැවිල්ල යනු ඍණ හැඟීමක් වුවද, ඉදිරියේදී අන් අයට ප‍්‍රසිද්ධියේ ඇනුම් පද කීමෙන් ඔබව වළකාලන්නේ එම පශ්චත්තාපයයි. තමන් විසින් සිදුකළ අපරාධය ගැන අවංකවම දුක්වන සිරකරුවෝ නැවත නැවත සිපිරිගෙය වෙත පැමිණීමෙන් වළකිති. උදේ බිරිඳට කේන්තියෙන් දොස් නැගූ සැමියා, හවසට තෑගි බෝග රැුගෙන නිවසට එන්නේ, ඇය සනසාලීම සඳහාය. වරදකාරී හැඟීම යන්න නිශේධනාත්මක සිතිවිල්ලක් වුවත්, එය බිඳ වැටුණු මිනිස් සබඳතා යළි ගොඩනැගීම පිණිස මහෝපකාරී වන බව මින් පෙනීයයි. තමන් සිදුකළ වැරැද්ද නොපැකිළව පිළිගෙන එය නිවැරදි කරගන්නා පුද්ගලයාට ඉමහත් සමාජ පිළිගැනීමක් ඇතිවීම නොවැළැක්විය හැකිය.

ඊර්ෂ්‍යාවේ නොදුටු පැත්ත

නීල්ස් වැන්ඩිවෙන්, නෙදර්ලන්තයේ ටිල්බර්ග් විශ්වවිද්‍යාලයේ සමාජ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. ශූර බේස් බෝල් ක‍්‍රීඩකයකු වන ඔහු වරෙක ජාතික කණ්ඩායම පවා නියෝජනය කළේය. බේස් බෝල් ක‍්‍රීඩකයකු ලෙස පෙරට ඒම සඳහා ඊර්ෂ්‍යාව නමැති ඍණ සිතුවිල්ල, ඔහුට මහත් පිටුබලයක් වූ ආකාරය ගැන හෙතෙම මෙසේ විස්තර කරයි. ‘පන්දුවට පහරදීමේදී ඇදහිය නොහැකි තරමේ විශිෂ්ට දස්කම් දැක්වූ මගේ මිතුරකු අපේ පාසල් කණ්ඩායම තුළ සිටියා. ඔහු පිළිබඳව මා සිත තුළ තද ඊර්ෂ්‍යාවක් හටගත්තද එය ඔහුට එරෙහිව ද්වේෂසහගත ලෙස යොදා නොගෙන, දිවා ? වෙහෙස වී පුහුණුවීම්වල නිරතවීම කෙරෙහි මා පොළඹවාලූවා. නිදාගන්න වේලාවෙනුත් සැලකිය යුතු කොටසක් පුහුණුවීමට වෙන් කළ හෙයින්, මිත‍්‍රයා තරමටම නොවුණත්, කාලයාගේ ඇවෑමෙන් මා ද පාසල් කණ්ඩායමේ කැපී පෙනෙන ක‍්‍රීඩකයෙක් බවට පත්වුණා. යම් ක්ෂේත‍්‍රයක විශිෂ්ට දස්කම් දක්වන පුද්ගලයකු පිළිබඳව ඊර්ෂ්‍යාසහගත හැඟීමක් සිත තුළ ජනිත වේ නම්, ඔබ කළයුත්තේ එය බලෙන් යටපත් කිරීම නොව, තමාගේ කුසලතා මුවහත් කිරීම පිණිස එම විපරීත සිතිවිල්ල නිවැරදිව මෙහෙයවීමයි. දක්ෂ බේස් බෝල් ක‍්‍රීඩකයකු බවට පත්වීමට මට හැකිවූයේ මා මගේ ඊර්ෂ්‍යාව මැනවින් කළමනාකරණය කළ නිසයි’ ගාල්ලේ කුඩා තේ වතු හිමියන් ගැන රාවය උපදේශක කර්තෘ වික්ටර් අයිවන් මා සමග කළ විවරණයක් මේ මොහොතේ මගේ සිහියට නැගේ. තම ගෙවත්තේ තේ පැළ වගා කිරීමට මුලින් ආරම්භ කළේ කුඩා ඉඩම් හිමියන් දෙතුන් දෙනකු විසිනි. දලූ විකිණීම හරහා මොවුන් හොඳ ආදායමක් ලබන ආකාරයක්, ඔවුන්ගේ ජීවන මට්ටම් හෙමි හෙමින් ඉහළ නැංවෙන හැටිත්, ගැඹුරින් විපරම් කිරීමට ඒ අවට විසූ අනෙක් කුඩා පරිමාණ ඉඩම් හිමියෝ කටයුතු කළහ. සියුම් ඊර්ෂ්‍යාවකින් යුතුව අනුන්ගේ දේවල් ගැන සෙවීම දුර්ගුණයක් ලෙස නම් කිරීමට සිංහල-බෞද්ධ සංස්කෘතිය පෙළැඹී සිටියද, දකුණු පළාත තුළ කුඩා තේ වතු හිමියන් විශාල ප‍්‍රජාවක් ලෙස පැතිර ගියේ ඔවුන් ඉහත කී ඍණ සිතිවිල්ල (මහාචාර්ය නීල්ස් වැන්ඩිවෙන් සේ) තම තමන්ගේ ආර්ථික ප‍්‍රගතිය සඳහා කාර්යක්ෂම ලෙස මෙහෙය වූ නිසාය. දෙතුන් දෙනකු ආරම්භ කළ කුඩා තේ වතු ව්‍යාපෘතිය, කුඩා තේ වතු හිමියන් ලක්ෂ 4ක් දක්වාත්, ජාතික ආර්ථිකය තුළ ඔවුන්ගේ නිපැයුම් ප‍්‍රතිශතය 76%ක් දක්වාත් පුළුල් කළේ ඒ ආකාරයටය.

ශෝකවීමේ යහපත් ප‍්‍රතිඵල

ලෝ ප‍්‍රකට සටන් නළු ජෙට් ලී සිය මෑණියන් මරණ ඇඳේ සිටියදී, ඇයට එක් පොරොන්දුවක් දුන්නේය. එනම් ලොව පුරා විසිරී සිටින අවවරප‍්‍රසාදිත ජනතාවට පිහිටවීම පිණිස මතුදා තම ජීවිතයම කැප කරන බවයි. 2004 සුනාමිය ආ මොහොතේ ජෙට් ලී සහ ඔහුගේ දියණිවරුන් මාලදිවයිනේ නිවාඩුවක් ගතකරමින් සිටි අතර ඔවුන් එම රළ පහරින් බේරුණේ අනූනමයෙනි. මවගේ වියෝවෙන් හටගත් ශෝකය මෙන්ම සුනාමිය නිසා ඇතිවුණු අපේක්ෂා භංගත්වය, ජෙට් ලී යොදාගත්තේ ‘වන් පවුන්ඬේෂන්’ නමැති තම පුණ්‍ය ආයතනය 2007 වසරේදී ස්ථාපිත කිරීම උදෙසායි. ඇති හැකි සෑම චීන පුරවැසියකුටම ඇමරිකන් ඩොලර් 1ක් තමාගේ පදනම වෙත පිරිනමන්නැ’යි ජෙට් ලී 2006 වසරේදී අයැද සිටියේය. ජනප‍්‍රිය චීන තරුවක් වූ ජෙට් ලීගේ එම ඉල්ලීමට, චීන වැසියෝ නොමසුරුව සිය ආධාර පිරිනමමින්, යහපත් ප‍්‍රතිචාර දැක්වූහ. අද ඔහු තම නළු ජීවිතයෙන් සමුගෙන පූර්ණකාලීනව කටයුතු කරන්නේ ලොව පුරා හටගන්නා ස්වාභාවික විපත්වලින් අනතුරට පත්වන ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහාය. නිරායාසයෙන් සිත තුළ ජනනය වන කෝපය, ශෝකය, ඊර්ෂ්‍යාව වැනි ඍණ හැඟීම් බලෙන් ඉවත් කොට යහපත් හැඟීම්වලට පමණක් හදවත විවර කරන්නැ’යි නිතර දෙසමින්, සාමාන්‍ය ජනතාවගේ පොකැට්ටුවට විදින ධනාත්මක චින්තක යන්ගෙන් වත්මන් ශ‍්‍රී ලංකාව පිරී ඉතිරී තිබේ. ඍණ සිතුවිලිවලද ධනාත්මක පැත්තක් ඇතැ’යි යන්න පහදාදීම නොපමාව සිදුකළ යුතුයැ’යි මා කල්පනා කළේ එම නිසාය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;