නුගේගොඩ ගිය මිතුරනි, මහින්ද නැති ලෝකයකට හිත හදාගන්න

වීරයා මැරුණේ නැහැ, කාල්ටන් නිවසේ ඉන්නවා.’ යනුවෙන් පසුගිය දවසක ගම්මන්පිල ජනප‍්‍රිය ප‍්‍රකාශයක් කළේය. එය සැබෑවකි. රාජපක්ෂ මහතා ස්වාධීනව කිසිවක් කර කියාගත නොහැකි දුබලයන්ගේ වීරයා බවට අද වනවිට පත්ව තිබේ. එහෙත් සමාජය වෙනස් කරන්නට තරම් ධෛර්යසම්පන්න, එනම් සැබෑ වීරත්වය යනු කුමක්දැ’යි යන්න ගැන අදහසක් ඇති ජනයාගේ වීරයා බවට පත්වන්නට ඔහුට කිසිදු හැකියාවක් නැත. යෙව්ගිනි ෂ්වාට්ස්ගේ The Dragon නාට්‍යයේ එන භයානක මරකාගෙන් සමාජය බේරාගන්නට පැමිණි ලාන්ස්ලොට් වගේ අසීරුම අවස්ථාවක එළියට පැමිණි මෛත‍්‍රීපාල සිරිසේන මහතා වීරත්වය පිළිබඳ අදහසක් ඇති මිනිසුන්ගේ ආකර්ෂණය දිනාගෙන තිබේ. ඒ බාහිරව පෙනෙන වීරත්වයකින් නොවේ. අභ්‍යන්තර පිළිවෙත් වීරත්වයකිනි. ඉදින් යළිත් මකරා කුමකටද, මකර සමාජය කුමකටද?

හිටපු ජනාධිපතිවරයාගේ බළලා හරියටම මල්ලෙන් එළියට පැන්නේ ඉකුත් 18 වැනිදා සවසය. රාජපක්ෂ මහතාගෙන් තොරව දේශපාලන අනාගතයක් නැති, නියම අනාථයන්ගේ නුගේගොඩ රැුස්වීමෙන් පසුව හිටපු ජනපතිවරයා කීවේ ඊට පැමිණි මහජනතාව තමන්ගෙන් අපේක්ෂා කරන දෙයක් ඇති නිසා යළි දේශපාලනයට අවතීර්ණවීම ගැන සිතා බලන බවකි. සැබැවින්ම රටේ ජනතාවගෙන් අතිබහුරතය ඔහුගෙන් අපේක්ෂා කරන්නේ හා ඔහු වෙනුවෙන් ප‍්‍රාර්ථනා කරන්නේ යහපත් විශ‍්‍රාම දිවියකි. මහජනයා අවුළුවන්නේ හා අනුකම්පාව හරහා දේශපාලනයක නිරත වන්නට තැත් කරන්නේ වීරවංස, දිනේෂ්, ගම්මන්පිල, වාසුදේව වැනි රාජපක්ෂගෙන් තොර පැවැත්මක් නැති ජනයාගේ අප‍්‍රසාදයට ලක්වූ මූලධර්මවාදී කල්ලියකි. මේ දිනවල මැදමුලන ගොස් රාජපක්ෂ මහතා බැහැ දකින දිවයිනේ නන් දෙසින් පැමිණි ජනයාගේ දෑස් දෙස බලන්න. ඔවුන් හැම කෙනකුගේම දෑස්වල ඇත්තේ තාත්තලා අම්මලා හිඟමනට පත්කර උන්ගේ ළමයි වඩාගෙන, කිතිකැවෙන තැන්වලට ඇඟිල්ලෙනුත් ඇන අමුතුම පොතක් පෙරලූ හිටපු ජනපතිවරයාට සමුදීමේ පහන් කල්පනාවයි. හිටපු ජනපතිවරයා වීරවංස ප‍්‍රමුඛ පිරිස එය තේරුම් ගෙන ඇත්තේ තමන්ට කරන ප‍්‍රවේණිදාස මට්ටමේ දේශපාලන සමාරාධනයක් ලෙසිනි. සිංහල ජනයා වනාහී ව්‍යංගයෙන්, උපහැරණයෙන්, ආප්තෝපදේශයෙන් ජීවිතයට ප‍්‍රවේශ වන පිරිසකි. බොහෝවිට අදහස් කෙළින්ම නොකියන අතර එය කියන්නේ ටීකාවක් පරිදිය. මැදමුලනට එන ජනතාවත් තිස්ස, කතරගම, සෙල්ලකතරගම, වැඩහිටිකන්ද, කිරින්ද, වට වළල්ලේ ගොස් යෝධ වැවෙන් නා කියාගෙන මැදමුලන ගොස් කියන්නේ ජනවාරි අටවැනිදා කියපු එකමය. තමන්ට ගෙදරටම විත් සමුදෙන ජනයාගේ දෑස්වල ව්‍යංගය කියවා ගැනීම රටට මෙන්ම තමන්ගේ අනාගතයටත් වැදගත් බව හිටපු ජනපතිවරයා තේරුම් ගත යුතුය.

ඊළඟට අපි වර්තමාන ශ‍්‍රීලනිප ප‍්‍රධානීන් කිහිපදෙනකුගේ දේශපාලන චර්යාව වෙතට යමු. ජාතික සංවිධායක සුසිල් පේ‍්‍රමජයන්ත පසුගිය දිනක බීබීසී සංදේශයට කීවේ මහින්ද යළි දේශපාලනයට පැමිණිය යුතුද නැද්ද යන්න ගැන ඔහුම තීරණය කළයුත්තක් බවය. නිල් බලකායක් ගැන තමන් නොදන්නා බවත් ඊළඟට ඔහු කීවේය. ඒ අනුව සුසිල් නියම සිංහලයකු බව සනාථ කැරිණි. මහින්ද තවදුරටත් අනවශ්‍ය බව ඔහු කීවේ ව්‍යංගයෙනි. ඒ ක‍්‍රමයෙන් මිනිස්සු අන්තෙටම විරසක වන්නේද නැත. පක්ෂයේ මහ ලේකම් අනුර යාපා කීවේ නුගේගොඩ පැවැත්වෙන්නේ ශ‍්‍රීලනිපය සංවිධානය කරන රැුස්වීමක් නොවන බවය. එහි අදහසත් රැුස්වීම තමන් ප‍්‍රතික්ෂේප කරනවා යන්නය. කැමති කෙනකුට එහි යා හැකිය යනුවෙන් පසුව සුසිල් ප‍්‍රකාශයක් කර තිබුණු අතර ඊට දෙන සිංහල වහරෙහි හැඳුනුමවන්නේ ‘එපා වාහෙට හොදි බෙදනවා වගේ’ යන්නය. මෙසේ රැුස්වීම ප‍්‍රතික්ෂේප කිරීම යනු යළි මහින්දගේ පැමිණීම ව්‍යාංගාර්ථවත්ව ප‍්‍රතික්ෂේප කිරීමකි. නිමල් සිරිපාල වත්මන් විපක්ෂ නායකවරයාය. ඕනෑම කෙනකු විපක්ෂ නායකකමට පත්වූ පසු යම් දවසක සිදුවන විපක්ෂයේ ජයත් සමග ඔහුට අගමැතිකම ලැබීම අනිවාර්යය. ජනතාව විසින් කුජීත කළ නායකයකුට කරදී නිමල් ඒ ඉලක්කය හැර දමනු ඇතැ’යිද සිතිය නොහැකිය. ශ‍්‍රීලනිපයේ සිටින ප‍්‍රසන්න රණතුංග වැනි අර්ධ වැඩවසම් දෙවැනි පෙළ හැරුණු විට එහි අතිබහුතරය මේ වනවිට මහින්ද නැති ලෝකයකට හිත හදාගෙන සිටිති. සැබැවින්ම මහින්ද නැති ලෝකයක් රටවැසියාට මෙන්ම ශ‍්‍රීලනිප ප‍්‍රධානීන්ටත් සුවදායකය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියන පරිදි ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පවා මේ තරම් පීඩාවට පත් කළ තවත් ජනපතිවරයෙක් සිට නැත. මෛත‍්‍රීපාල මහතා නොකීවත් ඒ බව කාටත් පැහැදිලිව පෙනුණි. බැසිල්ගෙන්, නාමල් රාජපක්ෂගෙන් පිට ඇමති ලෝකයක් සන්ධාන රජයට නොතිබුණි. රටෙහි සියල්ල කැරුණේ රාජපක්ෂ පවුල හරහාය. සෙසු ඇමතිවරුන්ට සිදුවූයේ පවුලේ ප‍්‍රධානත්වයෙන් කැරෙන සංවර්ධන කටයුතු ගැන අභිවාදනයක යෙදෙන්නටය.

ඊළඟට රාජපක්ෂ රජය ජනතාවට අතිමහත් පීඩාවක් ගෙන දුන්නේය. මංකොල්ලකාරී ආර්ථිකයක්, කුඩු, එතනෝල් ජාවාරම්කාරයන්ගේ ආර්ථිකයක් ගොඩනගමින් ලංකාව අන්ත ¥ෂිතයන්ගේ රටක් බවට පත්කරන්නට රාජපක්ෂ වෑයම් කළේය. නිදන් කොල්ලකරුවන්ගේ මංපහරන්නන්ගේ රටක් බවට ලංකාව පත්වෙමින් තිබුණේ ඔහුගේ පාලනයේ ආශිර්වාදයෙනි. ඉදින් එබඳු නායකයෙක් හා එබඳු පාලකයෙක් ශ‍්‍රීලනිපයට හෝ ජනතාවට කුමකටද?

නුගේගොඩ රැුස්වීමේ අරමුණ මේ රටේ ජනතාව පිටු දැකිය යුතු මකර සමාජයට යළි අඬගැසීමටය. ජාතිවාදයට හා ආගම්වාදයට යළි පණදීමය. දෙමළ සමාජය නට්ටං කරමින් සිංහල දෙමළ ජාතීන් අතර නොනවතින වෛර මාවතකට පාර කැපුවේ රාජපක්ෂ රජය විසිනි. එපමණකින් නොනැවතී දර්ගාව ගිනි තබමින් සිංහල මුස්ලිම් වෛර මාවතද රාජපක්ෂ රජයේ අනුග‍්‍රහයෙන් කපා දුන්නේය. මහින්ද වටා සිටි නුගේගොඩ ලඹ දුන් හරන්තිකලා ඒ මාවත් මේ මොහොතේ ජනයාගෙන් වසංගන අතර යුද ජයග‍්‍රහණයෙන්, හයිවේවලින්, මත්තලින් හා හම්බන්තොට වරායෙන් මහජන දෑස් නිලංකාර කරවති. නුගේගොඩ ගිය ජනතාව මේවා ගැන අවධි සිතකින් බැලිය යුතුය. වීරවංශලා, ගම්මන්පිලලා සොහොනේ සිට එන්නේ හරන්තිකලා මෙන් මළමිනී පිටේ බැඳගෙනය. ඉදින් පළමු ගල ගසන්නට සියලූදෙනාම සූදානම් නම් යළි දෑස් මානන මකර සමාජය තිඹිරි ගෙයිහිම පරාජය කළ හැකිය.