බණ්ඩාරවෙළ අඹදණ්ඬේගම කැළඹූ ආවාටය

ලසන්ත ද සිල්වා

මහා ආවාටයක මුවවිට පෙනෙ න්නට තිබුණි. මනාව ඉදිකළ බණ්ඩාරගේ නිවසේ බිත්ති පමණක් ඉතිරි වන සේ පියස්ස ගලවා ඉවත්කර හමාරය. ඒ වන විට උළුවහු සියල්ල ගලවා වෙන්කර ගත හැකි අවසාන දැව දඬුව දක්වා වෙන්කර ගනිමින් තිබුණේ සියලූ ගෘහභාණ්ඩ මෙන්ම ලොරියක පටවා ලියන්ගහවෙල සහෝදර යාගේ නිවෙස කරා යවන්නටය. කිසිවක් ඉතිරි කළ නොහැකිය. වියපත් සීලවතී ආත්තම්මාගේ ගෙයි අර්ධයක් ආවාටය පතුළේය. උයා කෑ හැලි වළං කිහිපයක්, වංගෙඩි කොටයක් සුන්බුන් අතර කැපී පෙනේ. පොඩිත්තන්ගේ පොත් කිහිපයක් පමණක් මිදුලේ විසිරී තිබේ. ඒවා පිළිබඳව සම්මා සතිය ඔවුන් වෙතින් දුරස්ව ඇතුවා සේය. නික්ම යන්නැයි උපදෙස් ලැබුණද පහසුවෙන් අතහැර යා නොහැකිය. අවුරුදු ගණනාවක් කඹුට තැනූ නිවෙසය. දරු මල්ලන් තැනුවේ එය සෙවණේය. අන්තිම ගඩොල ද ආවාටයේ කිමිදී යනතෙක්ම හෝ බලා සිටිය යුතුය. වත්තේ උස් තැනකින් මඩුවක් තැනෙන්නේ ඒ පූජාව කරන්නටය. නෑයින් නොනෑයින් බොහෝදෙනා කම්පිතව බලා සිටිති. රාස්සිගේ අව් රැුලි ලියන්ගහවෙල පැත්තේ කඳු අතරින් පෙරී එයි. ගෙය කැඩූ මහන්සියට පිරිසට කහට උගුරකින් සප්පායම් වන්නට උණුවතුර මුට්ටියක් ගල් තුනේ ළිප මත පැහෙයි. ”මටත් කහට කෝප්පයක් දෙනවද?’’ මම කථාවට මුල පිරුවෙමි. තමන්ගේ නිවහන වූ සෙවණද අහිමි වූ හැත්තෑ දෙහැවිරිදි සීලවතී ආත්තම්මා ”බීපං අප්පා” යැයි කියමින් කහට කෝප්පයක් මා අත තැබුවාය. ”මොනවද සිද්ධවුණේ?” මම ඔවුන්ගේ හිස් මුහුණුවලට එබුණෙමි.

බල්ලාගේ පණිවිඩය

”වෙන්න තියෙන හැමදේම සිද්ධ වුණා. මයේ බල්ලා නැත්තං මං මේක දකින්නෙත් නෑ.” සීලවතී ආත්තම්මා කථාවට මුල පිරුවාය. එදා ඉරිදා දවසේ ඇය දිය නා පැමිණ බත් කා නිවසේ හුන්නාය. ගෙයි සුරතලයට ඇතිදැඩි කරන බල්ලා නොනවත්වා එක සීරුවට බුරයි. ආත්තම්මා ගෙයින් නික්ම විත් වත්ත දිහා බැලූවේ එකම දිහාවකට හැරී බල්ලා නොනවත්වා බුරන්නට වූ නිමිත්ත කවරක්දැයි විමසීම සඳහාය. ඇයගේ ගෙයත් බාල පුතු බණ්ඩාරගේ මනාව ඉදිකළ ගෙයත් අතර වූ හිස් ඉඩම් කොටසේ වූ පේර ගසක් අතු පතර පටලවා ගෙන නටයි. සැත්තෑ විය සපුරා ඇති ජීවිතයේ කිසිම දිනක ඇය මෙවැන්නක් දැක නොතිබුණාය. ඇය මඳ වේලාවක් බලා සිටියදී එක්වරම කවාකාරව පොළව විවෘත වී පේර ගස මහ පොළවේ ගිලී ගියේය. මහා හඬක් සමගින් විවරය කෙමෙන් පුළුල් වූයේ නිමේෂයකිනි.

”ඒ එක්කලා මම හැමෝටම කෑ ගහලා කථා කළා. ඒ ආවාටේ ටික ටික ලොකු වෙලා අපේ ගේ පැත්තට එනවා. මං කෑ ගහලා ඇහුවා අපේ ගෙදෙට්ට මේ මොකක්ද වෙන්න යන්නේ කියලා. මං බණ්ඩාර පුතාටත් කථා කළා. පුතා කුඹුරේ ගිහින් හිටියේ. ගල්, පස් ගස් ඔක්කොම ගැලවී ගැලවී වෙඩි සද්දේ වගේ පොළව ඇතුළට කඩාගෙන වැටුණා. මට බලන්න යන්න විදියක් නෑ. මං ලෙඩා දුකා. බණ්ඩාර පුතාලා එනකොට හැමදේම වෙලා ඉවරයි. පොල් ගස් හිටන් පොළව ඇතුළට වැටිලා.”
දෙපැයක් ගතවන්නට මත්තෙන් සියල්ල සිදුව හමාර වී තිබුණි. ගෙවල් දෙක හරි මැද වූයේ දැවැන්ත, පතුළක් නොපෙනෙන ආවාටයකි. සීලවතී ආත්තම්මාගේ නිවසෙන් අඩක් ආවාටය පතුළටම ඇද වැටී නොපෙනී ගිය හෙයින් ඇයට දරුවෙකුගේ නිවසේ සෙවණ ලබන්නට සිදුවිය. බාල පුතු බණ්ඩාරගේ නිවසෙන් එළියට බැස්සොත් නවතින්නේ අඳුරු පාතාලයේය. ඔහුගේ වැසිකිළිය ආවාටයේ දාරයක යාම්තමින් එල්ලී ඇත. මහ වැස්සකුත් ඇද හැලෙන්නේ නැතිවම, නායක් යැයි කියන්නට ද බැරි අමුතුම තාලේ විපත්තියක් සිදුව තිබේ.

ගලහිටියාවේ මහ ගල් පොළවේ කිමිදෙයි.

කෙදිනක හෝ තමන්ගේ ගමෙහි මෙවැනි විපත්තියක් සිදුවූ බව ඇසූ මතකයක්වත් ඔවුන්ට නැත. දැවැන්ත පාෂාණයක් පොල් ගස් දෙකක් දැවැන්ත කොස් ගසක් ටූනා ගසක් හා සපු ගසක් පොළවේ ගිලගත් මේ පතුළක් නොපෙනෙන බිහිසුණු ආවාටය ගැන ඔවුන්ගේ සිතෙහි බියක් චකිතයක් ජනිතව ඇත්තේ එහෙයිනි. සිද්ධිය වූ දිනයේ ? බෝවෙන තුරුත් ආවාටය පතුළෙන් බිහිසුණු ශබ්ද ඇසුණි. ආවාටය මදින් මද පුළුල් වන අන්දමද දකින්නට ලැබුණි. ඒ අඳුරු මතකය බණ්ඩාරද අවදි කළේය.
”මං මගේ ගෙදර පදිංචි වෙලා දැන් අවුරුදු දහ අටයි. ඔය වෙලාවේ මං කුඹුරේ හිටියේ ආරංචිය ලැබුණු ගමන් දුවගෙන ආවා. ඇළ දිගේ එනකොට ගල් වෙඩි දානවා වගේ සද්ද ඇහුණා. ඉස්සෙල්ලම පොල්ගස් ගලවාගෙන ඇතුළට ගියා. ඊට පස්සේ අනික් ගස්. කොළයක් වත් පේන්න නැති වෙන්න ගියේ. මගේ හිතේ අඩි දහස් ගාණක් ඇතුළට යන්න ඇති.”

ඒ සම`ගම සිද්ධිය සැළවී බණ්ඩාරවෙල නගරාධිපති වරයා, පොලිස් ස්ථානාධිපතිවරයා මෙන්ම ප‍්‍රාදේශීය ලේකම්වරයාද අඹදණ්ඬේගමට ආහ. ආවාටයේ මුවවිට අද්දරට වන්නට පිහිටි නිවෙස් දෙකෙහි පිරිසට හා තවත් ගෙවල් තුනක දහඅට දෙනෙකුට වහා නික්මී නෑ සියන් හෝ මිතුරන්ගේ නිවෙස් වෙත ගොස් ආරක්ෂාව සලසා ගන්නැයි උපදෙස් ලැබුණි. දවසකට පසු ඒ උපදෙස ලඝු කෙරුණි. ඉවත්ව යා යුතු වූවේ ආසන්නයේම නිවෙස් දෙකේ විසූ සීලවතී ආත්තම්මා හා බණ්ඩාරගේ පවුලේ උදවියයි. කිසිසේත් ඔවුන්ගේ නිවෙස් මේ ආපදාවෙන් ගලවා ගත හැකි නොවේ. ආවාටය තවදුරටත් හෑරෙනු නොපෙනෙන නමුත් එය නිද්‍රාවට පත්ව ඇතැයි කිසිම සහතිකයක් දිය නොහැකිය. එය ආසන්නයේ පස් තට්ටු පුපුරා ඉරිතළා ගොස් තිබේ. එබැවින් එය පුළුල්වීමට හෝ ගැඹුරුවීමට සක‍්‍රිය අවදියක් වර්ෂාව සම`ගින් උදාවන්නට බැරි නැත. ඒ නමුත් ඇතැම් විද්‍යුත් මාධ්‍ය පළ කළ වාර්තාවල අසත්‍යතාව අඹදණ්ඬේගම ප‍්‍රදේශ වාසීන්ගේ සහ බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. ඒ පුද්ගලයන් 97 දෙනෙකු කඳවුරු ගතකොට සහන සලසමින් සිටින බවට සාවද්‍ය ප‍්‍රවෘත්ති වාර්තා කිරීම හේතු කොටගෙනය. ප‍්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මාධ්‍යයට මෙය සංදර්ශන පෙන්වීමේ තරග අවස්ථාවක් වූ බවයි. බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම්වරයා අප හා ප‍්‍රකාශ කළේ අසීමිත තරගය නිසා මාධ්‍ය ප‍්‍රකෘතිය යැයි සිතා විකෘතිය ඉදිරිපත් කරන බවයි.

හේතුව උමා ඔයද?

සිද්ධියට පසුදිනම විවිධ අංශ නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් ගමට පැමිනුණි. භූ විද්‍යාඥයින්, ජාතික ගොඩනැ`ගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ආදීහුද ඒ අතර වූහ. ඔවුන් මේ ආවාටය නොසියුම් පරීක්ෂාවකට ලක්කළ බව ගම්වාසීන්ගේ මතයයි. අවසානයේ ගමේ පන්සලේ රැුස්වීමක් පැවැත්වුණි. නිලධාරීන් එහිදී ප‍්‍රකාශ කළේ ආවාටයට යට පොළවේ හුණුගල් හෙවත් කැල්සියම් කාබනේට් ස්ථරයක් තිබී එය දියවී යෑමෙන් අනතුරුව ඒ අඩුව පිරවීම සඳහා පොළව ගිලා බසින්නට ඇතැයි යන්න තම නිගමනය බවයි. මේ මතය පිළිගැනීමට අඹදණ්්ඬේගම ගම්වාසීන් සූදානම් නැත. ඔවුන් සඳහන් කරන්නේ අම්මා මුත්තා කාලෙකවත් මෙවැන්නක් නොඇසූ බවයි. බෙහෙවින් ආවේගශීලීව අප හා අදහස් දැක්වූ සම්පත් සඳහන් කළේ හුණු ස්ථරයක් තබා කැටිත්තක්වත් මේ පොළවේ කුඹුරු කොටද්දී නොව ගෙපල් කපද්දීවත් හමුවී නොමැති බවයි. එහෙත් එසේ විය හැකිය යන මතයද ඔහු බැහැර නොකරයි. ඔහු ප‍්‍රශ්න කරන්නේ කිසිම විද්‍යුත් උපකරණයක් නොමැතිව පොතක් පෑනක් හා ලී කැබැල්ලක් පමණක් රැුගෙන ආ නිලධාරීන් ආවාටයේ ඉහළින් එබී බලා එවැනි මතයක් ඉදිරිපත් කරන්නේ කෙසේද යන්නයි. ”මේ මොනවගේ හරි ඇත්ත නැත්ත පෙන්නන්න ඔය මිනිස්සුන්ට අඩුම ගාණේ ගූගල් අර්ත්වත් පාවිච්චි කරන්න බැරිද. එයාලා අපිට වඩා උගත්නේ.” මේ සම්පත් ගේ මතයයි. දැන් මේ ගම්වැසියන්ගේ සැකයට භාජනය වී ඇත්තේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඵලවිපාක අතරට මෙයද එකතු විය යුතු බවයි. බණ්ඩාර සඳහන් කරනුයේ මේ ආවාටය නිර්මාණය වන්නට පෙර තම නිවසේ අස්වාභාවික ඉරිතැළීම් ආදිය ඇතිවූ බවයි. ඔහු ඒවායේ කාලනිර්ණය කරනුයේ උමා ඔය ව්‍යාපෘතියේ උම`ග නිර්මාණය කිරීමේ වැඩ ආරම්භ කළ දිනවලට ආසන්නයේ ඇතිවූ බවටයි.

දැනට ගොඩවී එහෙත් අඩි 30-40ක් ගැඹුරේ හරහට ඇද හැලූණු කොස්ගස පමණක් පස් සමග දකින්නට ලැබෙන ආවාටයේ පතුළ තෙරක් නොපෙනෙන බව කියන ගම්වාසීන් අතර සිටින්නෙකි විශ‍්‍රාමික ගුරුවරයෙකු වන ජයතිලක වීරසිංහ. ඔහු මේ ව්‍යසනයට හේතුව ලෙස සෘජුවම චෝදනා කරන්නේ උමා ඔය ව්‍යාපාරයටයි. ”මීට කලින් කවදාවත් මේ වගේ වින්නැහියක් මේ ගම්වල සිද්ධ වුණේ නෑ. උමා ඔයේ වැඩ පටන් ගත්තම තමයි විනාශය ආරම්භ වුණේ. හීල්ඔය මකුල් ඇල්ල ප‍්‍රදේශවල වාගේ තරම් තදබල විදියට නැතත් අපේත් උල්පත් වේලූණා. අපි බොන්න වතුර ගත්ත, කුඹුරුවලට වතුර ගත්ත කහටදණ්ඩ උල්පත දැන් හිඳිලා ඉවරයි. අවුරුදු දෙතුන් සියයක් පුරාණ ගමකටයි මෙහෙම වෙන්නේ.

ගම්වැසියන්ගේ ඉල්ලීම්

ඔවුන් දැන් එකහෙළා ඉල්ලන්නේ, විපතට පත්වූ නිවෙස් දෙකෙහි විසූවන්ට ඉන්න හිටින්න තැනක් ලබා දෙන ලෙසයි. ”තවම වයසක උන්දෑට කිරිපිටි පැකට් එකක්වත් කවුරුවත් දුන්නේ නෑ. මාධ්‍යවලින් පච කියනවා.” ඒ සම්පත්ගේ ආවේගශීලී හඬයි. ඉන් මත්තේ මේ හැමෝම ඉල්ලන පොදු ඉල්ලීම මේ ව්‍යසනයට හේතුව පිළිබඳ විධිමත් හා විද්‍යානුකූල පරීක්ෂණයක් පවත්වා ගම බේරාගන්නට මැදිහත් වන ලෙසයි. දැනට විපතට පත්වූවන්ට සහන සලසන්නට අවශ්‍ය පියවර ගෙන ඇති බව බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න මහතා පවසයි. උමාඔය උම`ග හාරන කාර්යය තාවකාලිකව නතරව තිබේ. එය ආරම්භ කළ විගස උම`ග දෙසට ආවාටය ඇදී යනු ඇත්දැයි දන්නේද උමං සාරන්නෝ පමණි. ගම්වාසීන් දන්නා එකම දෙය ඔවුන් ජීවත් වියයුතු බවයි. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලන්නේ එම ජීවත්වීමේ අවසරයයි.

සොබා දහම ගැන තැකීමක් කළේ නැහැ – සමන්ත විද්‍යාරත්න ඌව පළාත් සභා මන්ත‍්‍රී
(උමාඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු)

ආණ්ඩුවේ නිලධාරීන් මේ සිද්ධිය බලන්න ආවා. විද්‍යාඥයෝ ආවා. ඒ ආපු සමහර අය තමන්ගේ වෘත්තිය ආචාර ධර්ම ගණිකා වෘත්තියේ යොදවලා බොරු කියනවා. පැහැදිලිව සාක්ෂි තියෙනවා මේ හැමදේටම මුල හිතුවක්කාර විදියට පටන්ගත්ත උමාඔය ඉදිකිරීම් කියලා. පරිසරය ගැන සොබාදහම ගැන තැකීමක් නොකර හොයලා බලන්නේ නැතිව බලෙන් මේ දේවල් පටන් ගත්තේ. ඔය කියන විදියට හුණුගල් තට්ටුවක් දියවෙලා ගිහින් ඒ අඩුව පුරවන්න පොළව ගිලා බැස්සා නම් එතැනත් ප‍්‍රශ්නයක් තියෙනවා. ඇයි ඒ දේවල් මීට කලින් සිද්ධ නොවුණේ. මේ විපර්යාස ඔක්කොම වෙන්න ගත්තේ උමාඔය උම`ග හාරන්න පටන් ගත්තම. සමහරු මේ ඇත්ත පිළිගන්න සූදානම් නෑ. උමෙ`ග් දිග කිලෝමීටර් 19.2 ක්. තවම හෑරුවේ කිලෝමීටර් හතරයි. දැනට මේ වගේ විනාශයක් තියෙනවා නම් තව ඉස්සරහට මොනවා වෙයිද. ඒකයි අපි කියන්නේ මේක නවත්තන්න කියලා. අඹදණ්ඬේගම කියන්නේ කිරිඳිඔයේ ඉහත්තාව. රාවණා ඇල්ලේ පෝෂක ප‍්‍රදේශය ඔය ආවාටය හැදිලා තියෙන්නේ එහෙම තැනක. කාටවත් අත නොපා ජීවත් වුණු මිනිස්සු හිටපු තැනක. ඒකයි අපි මේකට උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතිය කියන නම දැම්මේ. දැන් අපිට රැුස්වීමක් දීලා තියෙනවා විසිවෙනිදා ජනාධිපතිතුමත් එක්ක. අපි හිතනවා එතුමා සාධාරණයක් ඉටු කරයි කියලා.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;