රට කරවන්න මධු බඳුනක් ඕනෑය

රනිල් හා මෛත‍්‍රී බලයට පත්වුණාට පසු වෙනස් වෙලාද? මේ වනවිට 19 වැනි සංශෝධනය, මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම මෙන්ම විධායකය ගැන සිදුවන ඇතැම් කතිකාවන් නිරීක්ෂණය කිරීමේදී එසේ සිතෙයි. ඇතැම් විට විපක්ෂයෙන් අභියෝගාත්මක තත්ත්වයක් මතුවන විට බලය තර කරගත යුතුය යන අදහස ප‍්‍රතිපාර්ශ්වය තුළ මතුවන්නට පුළුවන. එය ස්වාභාවිකය. එහෙත් තමන් ප‍්‍රකාශ කළ ප‍්‍රතිපත්තිවලට පටහැනිව ක‍්‍රියාකිරීමද මහජන විශ්වාසය සිඳ බිඳ ගන්නා සුළු තත්ත්වයකි. නව ආණ්ඩුවේ ඇතැම් කටයුතුවලදී එසේ සිදුවන බව කියන්නට සිදුවේ. විධායක ජනාධිපතිධුරය සම්බන්ධයෙන් මැතිවරණයට පෙර පැවති රනිල් මෛත‍්‍රී ස්ථාවරය සහ දැන් ස්ථාවරය දෙකකි. රනිල් මෛත‍්‍රී දෙපළ කීවේ විධායකය මුළුමනින්ම අහෝසි කරන බවකි. 19 වැනි සංශෝධනය මගින් එවැන්නක් සිදුවී නැත. සිදුවී ඇත්තේ අවශ්‍ය වූ විටෙක යළි පැරණි පූර්ණ විධායක බලතල තහවුරු කරගත හැකි සංශෝධනයකි. මීට අදාළ කිසිදු වගන්තියක් වේලාසන ප‍්‍රසිද්ධ නොකිරීමටද ආණ්ඩුව වග බලාගත්තේය. මෙම ක‍්‍රියාවලියේ අධිකාරි බලය තනිකරම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් පිට පැවති බවට හොඳම සාක්ෂියක් ඉකුත් 17 වැනිදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී හෙළිදරව් විය.

එය නම් එම මණ්ඩලයේ ප‍්‍රමුඛතමයා වූ ජයම්පති වික‍්‍රමරත්න මහතා පෙර කීවේ විධායකය මුළුමනින්ම අහෝසි කරන බව වුවත් දැන් එය සිදුවී නැත යනුවෙන් ප‍්‍රකාශයක් කිරීමය. එසේ නම් ඔහු ප‍්‍රමුඛත්වය දරණ මණ්ඩලයට උඩින් බලපෑමක් වූ බවට එය කදිම සාක්ෂියකි. 19 වැනි සංශෝධනය හා මැතිවරණ ක‍්‍රමය වෙනස්කිරීම එකට කරන බවක් මැතිවරණයට පෙර නොකී බවත් වික‍්‍රමරත්න මහතා එහිදී වැඩිදුරටත් කියා තිබුණි. එය සැබෑවකි. එකට නොකළත් වෙන වෙනම හෝ මේ කාර්යයන් දෙකම කරන බව වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධානීහු ඡුන්දයට පෙර කීහ. වික‍්‍රමරත්න මහතා තව දෙයක් ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී කීවේය. එය නම් මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා විධායක බලතල පාවිච්චි නොකරන බැවින් විධායකයේ රුදුරු මුහුණුවර ජන සමාජයට අමතක වී ඇති හෙයින් විධායකය අහෝසි කළ යුතු බවට බලපෑමක් ආණ්ඩුවට එල්ල නොවන බවය. ජන සමාජය එසේ සිතනවා නම් එය අතිමහත් ඛේදනීය ඉරණමක් ළඟා කර දෙන්නකි. මන්ද අපායේ ඉන්ටවල් ඉවර වෙන්නට පුළුවන. බලය පාවිච්චි නොකරන මෛත‍්‍රීපාල කෙනකු හැමදාම ජනාධිපති ධුරයට ලැබෙන්නේ නැත. අප සැලකිලිමත් විය යුතු කාරණය වන්නේ මෛත‍්‍රීපාල මහතා වුවත් ජනාධිපති ධුරයේ ගති ස්වභාවය සමග වෙනස් වන්නට ඉඩ තිබෙන බවය. බුදුදහම අනුව වුවත් වෙනස්වීම නියතයකි.

මැතිවරණ කාලයේදී කියන සියල්ල පසුව කරන්නට නොහැකි වන්නට පුළුවන. ඇතැම් රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු සම්බන්ධයෙන් ක‍්‍රියාකිරීම විපක්ෂයක කටයුතු කිරීම තරම් පහසු නැති බව සැබෑය. මේ කාරණය සරලව තේරුම් ගැනීමට සයිමන් නවගත්තේගමගේ සුබ සහ යස බැලිය යුතුය. සුබ ඇතුලූ පිරිස රාජ්‍ය පාලනය බාරගත් විට මුහුණ දෙන තත්ත්වය ඔවුන් වනගතව අරගල කළ සමය මෙන් නොවේ. සංකීර්ණය. සුබටත් යසට මෙන්ම ප‍්‍රශ්නවලට විසඳුම් නැති තැන මධු පානය කරන්නට සිදුවේ. අප මෙසේ කියන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාටත්. මෛත‍්‍රීපාල සිරිසේන මහතාටත් මධුත් පානය කර මහින්ද රාජපක්ෂ නවත්වපු තැනින් වැඩ පටන්ගන්නට නොවේ. ධනේශ්වර ක‍්‍රමයේ අනිවාර්ය අර්බුදවලින්, අභියෝගවලින් ඔවුන්ටත් මිදිය නොහැකිය. එහෙත් ධනේශ්වර ක‍්‍රමය මෙරට තුළ වඩා ප‍්‍රජාතන්ත‍්‍රීයකරණ අර්ථයකින් යොදා ගැනීම කෙරෙහි ඔවුන් සිය අවධානය යොමු කළ යුතුය. එමෙන්ම වංචා දූෂණ සිදුවන්නට ඉඩ නොතබා විනිවිද පෙනෙන ආර්ථික ක‍්‍රමවේදයක් වෙතට රට රැුගෙන යා යුතුය. ආරම්භයේදීම සිදුවූ මහබැංකුවේ බැඳුම්කර ප‍්‍රශ්නය ගනිමු. පරීක්ෂණයක් පැවැත්වෙන තෙක් අර්ජුන මහේන්ද්‍රන් නිවාඩු යවා ඇති බව සැබෑය. එහෙත් මේ රට ඉකුත් සමයේ නුතන හරන්තිකලාගේ රාජ්‍යයක් වූ ප‍්‍රමාණයට තවදුරටත් එවැනි දේවල් සිදුවන්නේ නම් ආයතන ප‍්‍රධානීන් නිවාඩු යැවීමෙන් පමණක් සෑහීිමකට පත්විය නොහැකිය.

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඉකුත් 17දා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා කළ විමසීමට පිළිතුරු වශයෙන් අග‍්‍රාමාත්‍යවරයා කීවේ අපට මඩ ගහන්නේ නැතිව ඡුන්දයකට එන්න කියාය. එය එක් අතකින් යන්නේ කොහේද මල්ලේ පොල් උත්තරයකටත් වඩා උඩින් තැබිය හැකි ප‍්‍රතිචාරයකි. මහින්ද රාජපක්ෂගේ සමයේ බැඳුම්කර නොව ඊටත් වඩා දේවල් අවභාවිතයේ යොදවන්නට ඇත. එහෙත් උන් කළ නිසා අපටත් ටිකක් කළ හැකිය යන ස්ථාවරය කිසිසේත්ම පිළිගත නොහැකිය. අගමැතිවරයා මීට වඩා බුද්ධිමත්ව , ඉවසීමෙන් හා සාධාරණව මෙවැනි ප‍්‍රශ්නවලදී ක‍්‍රියා කළ යුතුය. මේ සම්බන්ධයෙන් කිව යුතු තවත් කාරණයක් තිබේ. එය නම් මහබැංකුව මෙතෙක් කල් තිබුණේ මුදල් අමාත්‍යාංශය යටතේය. එහෙත් අග‍්‍රාමාත්‍යවරයා එය තමන්ගේ අමාත්‍යාංශයට එනම් ප‍්‍රතිපත්ති සැලසුම් අමාත්‍යාංශය යටතට ගත්තේය. බැඳුම්කර ප‍්‍රශ්නය සිදුවී තිබෙන්නේ තමන් යටතේ තිබෙන ආයතනයක බවත් අගමැතිවරයා සැලකිල්ලට ගත යුතුය.

එදිනම පාර්ලිමේන්තුවේදී තවත් එබඳුම තත්ත්වයක් උදාවිය. නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වාගෙන් සංවර්ධන කටයුතු නැවතී තිබීම ගැන ප‍්‍රශ්නයක් ශාන්ත බණ්ඩාර මන්ත‍්‍රීවරයා ඇසුවේය. ඊට නිසි පිළිතුරක් නොදුන් හර්ෂ කීවේ දැන් සංවර්ධනයේ මුවාවෙන් වංචා දූෂණ සිදු නොවන බවත්, ඒ ගැන සමහරුන්ට හරි අමාරු බවත්ය. වැඩිදුරටත් හෙතෙම නොසන්සුන්වත් අභියෝගාත්මකවත් කීවේ බැසිල් රාජපක්ෂ ඇමරිකාවෙනුත් අතුරුදන් වී ඇති බවයි. එය ප‍්‍රශ්නයට උත්තරයක් නොවන්නා සේම මෙය විපක්ෂයේ සිටියදී හර්ෂ ප‍්‍රශ්නයක් ඉවසීමෙන් සාකච්ඡුා කරන ස්ථාවරයද නොවේ. ඒසේ ඇමති උණ හට නොගැනීමත් නව දේශපාලන සංස්කෘතියක් සඳහා වැදගත්ය.

දින සියය තුළ චණ්ඩිකම් දැමීම හොඳ නැත. උගත් හර්ෂලා පොඩි පොඩි අවර ගනයේ ලක්ෂණ ප‍්‍රකට කළත් මෙරට බුද්ධිමත් ජනයා මහින්ද රාජපක්ෂ දෙසට යළි හැරෙන්නේ නැත. ඒ තත්ත්වය ආයුධයක් කර නොගන්නා ලෙසත් අප එජාප මැති ඇමතිවරුන්ගෙන් ඉතා මිත‍්‍රශීලීව ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමු. එමෙන්ම සමහර වැදගත් දේවල් ලූහුටා නොයවන ලෙසද අප ඔවුන්ට අවධානය කරමු. නව මැතිවරණ ක‍්‍රමය එක්තරා නිදසුනකි. එජාපය උත්සාහ කළේ එය ලූහුටා යවන්නටය. සැබැවින්ම නව මැතිවරණ ක‍්‍රමය ස්ථාපිත කර ඡුන්දයකට යා යුතුය කියන අදහස කරළියට ගෙනාවේ ජනාධිපතිවරයාය. ඔහුට ඒ ගෞරවය අත්විය යුතුය. ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දැන් නැගෙන ප‍්‍රශ්නය වන්නේ විධායකය මුළුමනින්ම අහෝසි කරන බවට කියූ ඔහු 19 වැනි සංශෝධනය මගින් යළි සංශෝධනයට ලක් කළ ජනාධිපති ධුරයකට කැමති වූයේ මන්ද යන්නය. විධායකයේ අර්බුදය අන් සියල්ලන්ටත් වඩා ඔහු දනී. එහෙත් විධායකයෙන් බැට කන යුගයේ මෙන් විධායකයට පත්වූ විට ක‍්‍රියා කරන්නට නොහැකිය යන සයිමන්ගේ සුබ හා යස යථාව ඔහුටත් අදාළය. රට කරවන්නට මධු බඳුනක් සේම රට කරවන්නට ජනාධිපති ක‍්‍රමයත් ඕනෑවිය හැකිය.