චීනයේ අලූත් ජාත්‍යන්තර බැංකුවට අමෙරිකාවෙන් බාධා

 

චීන රජයේ ප‍්‍රධානත්වයෙන් අලූතින් අර ඹන්නට නියමිත ආසියාවේ යටිතල පහසුකම් ආයෝජන බැංකුව (Asian Infrastructure Investment Bank (AIIB) සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ වක‍්‍ර විරෝධය පළකරමින් සිටියි.

චීනයේ වැඩවලට අමෙරිකා එක්සත් ජනපදය මනාප නොමැති නමුත් ඔවුන් එය ප‍්‍රකාශයට පත් කරන්නේ නැත. එහෙත් මෙහිදී වෙනස් ය. යෝජිත බැංකුවේ ආරම්භක සාමාජිකත්වයට ඕස්ටේ‍්‍රලි යාව පසුගිය ඔක්තෝබර් මාසයේ කැමැත්ත පළ කළ විට අමෙරිකා එක්සත් ජනපදය මැදිහත් වී එරට ඉන් වැළකී ය. පසුගිය සතියේ මහා බි‍්‍රතාන්‍යයට ද අමෙරිකාව ඊට සම්බන්ධ නොවන ලෙස දැඩිව තරවටු කරමින් නිවේදනයක් නිකුත් කළේ ය.

එය ධවල මන්දිරයේ සාමාන්‍ය කි‍්‍රයාපිළිවෙත උල්ලංඝනය කරමින් සිදුවූවක් බව පසුගිය 13 දා බි‍්‍රතාන්‍යයේ පළවන ‘ද ගාඩියන්’ පෙන්වා දුන්නේ ය. නව ආයතනය ආසියාව පුරා සිය ආධිපත්‍යය පතුරුවනු ඇතැ’යි ද ආසියානු සංවර්ධන බැංකුවට ඉන් අවාසිසහගත තත්ත්වයක් උද්ගත වනු ඇතැ’යි ද ධවල මන්දිරය සිතන බව ඒ නිවේදනයේ දැක්වේ. ගාඩියන් පත‍්‍රය එම ලිපියට දී ඇති හෙඩිම වන්නේ ‘චීන නායකත්වයෙන් යුත් ආයෝජන බැංකුව, ඒඒඅයිබී, සමග සම්බන්ධ වීම ගැන බි‍්‍රතාන්‍යය සමග එක්සත් ජනපදය කෝපයෙන්’ ය. ‘මෙය බි‍්‍රතාන්‍යයේ ස්වෛරී තීරණයකි. එහෙත් අලූත් බැංකුවට ඉහළ ප‍්‍රමිතියක් ලබාදීම සඳහා බි‍්‍රතාන්‍යය සිය හ`ඩ උපයෝගී කර ගනු ඇතැ’යි අපි උදක් ම බලාපොරොත්තු වෙමු’ යි අමෙරිකානු නිවේදනයේ සඳහන් වන බව ද ඒ ලිපියේ අතුළත් ය.

ජාත්‍යන්තර වශයෙන් කි‍්‍රයාත්මක ප‍්‍රකට මූල්‍ය ආයතන වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සම්පූර්ණයෙන් ම අමෙරිකා එක්සත් ජනපදයේ ද ගජමිතුරු බටහිර රටවල සහ ජපානයේ ද මූලිකත්වයෙන් කි‍්‍රයාත්මක වෙයි. චීනය අරඹන්නට යන නව බැංකුව නිසා තමන්ට තිබෙන පිළිිගැනීම නැතිවනු ඇතැ’යි අමෙරිකාව කල්පනා කරනවා විය යුතු ය. අනෙක් අතට එම මූල්‍ය ආයතනවල කොන්දේසි වලට වඩා සැරෙන් අඩු ඒවාට වඩා අඩු පොලියට අලූත් බැංකුව ණය දෙන්නට පටන් ගතහොත් ධනපති රාජ්‍ය හවුලේ අධිරාජ්‍යයට පහර වදිනවා නිසැක ය.

ඇත්තටම නව බැංකුව පිහිටුවීමේ සිය අභිප‍්‍රාය විස්තර කරන අවස්ථාවල චීන මූල්‍ය විශෙෂඥයෝ ඒ කාරණය ඇතැම්විට ඍජුවමත් ඇතැම්විට වක‍්‍රකාරයෙනුත් ප‍්‍රකාශ කළෝ ය. එම ආයතනවල ප‍්‍රතිසංස්කරණ කටයුතුවල දී සහ පාලනයේ දී ඒවායේ කුසීත මන්දගාමී බව තමන් අපේක්‍ෂාභංගත්වයට පත්කරවනසුලූ බව 2013 ඔක්තෝබර් මාසයේ නව ආයතනය පිළිබඳ අදහස මුල්වරට හෙළිකරමින් චීන බලධාරීහු පැවසූහ. ‘2010 වසරේ නිකුත් වූ ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ වාර්තාවට අනුව 2010 සිට 2020 දක්වා ආසියාවේ ප‍්‍රතිසංස්කරණ හා සංවර්ධන කටයුතු සඳහා ඇඩො ටි‍්‍රලියන 8ක් අවශ්‍ය ය. බැංකු ආයතනය එය දුටුවත් බැංකුවට ඒ පිළිබඳ දැක්මක් නොමැත. ඔවුන්ගේ වාර්තාවල එබන්දක් සඳහන් නොවන්නේ එහෙයිනි.’

ඉන් වසරකට පසුව ‘ද ගාඩියන්’ පසුගිය ඔක්තෝබර් 27දා සිය කතුවැකියෙන් එම පත‍්‍රය චීනයේ අදහස සාධාරණීකරණය කළේ ය. තම දැක්ම වන්නේ මේ කාරණයේ දී අමෙරිකා එක්සත් ජනපදය චීනය සමග සහයෝගයෙන් කටයුතු කළයුතු බවයැ’යි එහි දැක්වේ. ‘ආසියාවේ ප‍්‍රාග්ධන හි`ගය සම්බන්ධයෙන් චීනය පියවර ගැනීම ගැන පුදුමවන්නට දෙයක් නැත.’

චීනයේ මුල් අදහස වූයේ ඇඩො බිලියන 50ක ප‍්‍රාග්ධනයක් තම රට විසින් යොදවනු ලැබ කර්තව්‍යය අරඹන්නට ය. පසුව ලෝකයේ වෙනත් රටවලට තවත් 50ක් ආයෝජනය කරන්නට අවස්ථාව ලබාදෙමින් එම ප‍්‍රමාණය දෙගුණ කරන ලදී. මීට අදාළ අවබෝධතා ගිවිසුම මුලින්ම අත්සන් තබන ලද්දේ ඉන්දියාව, ශී‍්‍ර ලංකාව, මැලේසියාව, තායිලන්තය සහ නේපාලයයි. ඉන්පසු පසු ආසියාවේ අනෙකුත් රටවලට ද ආරාධනා කරනු ලැබිණි. මේ වනවිට ආසියාවේ නොවන නවසීලන්තය ද, මැදපෙරදිග, ඕමානය, සෞදි අරාබිය, කුවේට්, සහ ජෝර්දානය ද යුරෝපයෙන් ඉතාලිය සහ මහා බි‍්‍රතාන්‍යය ද ඇතු`ඵ රටවල් රටවල් 27ක් ඊට කැමැත්ත පළ කොට තිබේ. ඒවායින් 21ක් පසුගිය ඔක්තෝබරය වනවිට සාමාජිකත්වය ලබා ගෙන ඇත. එළැඹෙන 31ට පෙර සාමාජිකත්වය ලබා නොගන්නා රටවලට ඉන්පසු සාමාජිකත්වයට ඇතුළත් කැර ගනු ලබන්නේ ආරම්භක සාමාජිකයන්ගේ කැමැත්ත අතොත් පමණි. බි‍්‍රතාන්‍යය සිටින්නේ දෙගෙඩියාවේ වන අතර දකුණු කොරියාව, ජපානය සහ ඕස්ටෙ‍්‍රලියාව ඊට සම්බන්ධවීමෙන් වැළැකී සිටිති. ප‍්‍රංශය සහ ජර්මනිය ද ඊට එක් වන්නට සිටිති’යි පසුගිය 17දා බීබීසීි වාර්තා කළේ ය.
අමෙරිකා එක්සත් ජනපදය තමන් ද එක් නොවෙමින්, සිය මිතුරන්ට ද එක් නොවන ලෙස උපදෙස් දෙන්නේ අලූත් බැංකුවේ පාලනය ගැන ද ජාත්‍යන්තර ප‍්‍රමිතිවලට එය කි‍්‍රයාත්මක වනු ඇත්ද යන කාරණා සම්බන්ධයෙන් තමන්ට සැකයක් ඇති බැවිනැයි පවසා ඇත.

ලෝක සමාජවාදීන්ගේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ චීන බැංකුව අරභයා අමෙරිකා එක්සත් ජනපදය සහ බි‍්‍රතාන්‍යය අතර විභේදනයක් හටගෙන ඇති බවයි. බි‍්‍රතාන්‍යය වුවමනාවට වඩා චීනයට සහාය දක්වන බව අඥාත ධවල මන්දිර ප‍්‍රකාශකයකු ‘ද ෆයිනෑන්ෂල් ටයිම්ස්’ වෙත පවසා ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ. අමෙරිකාවේ කි‍්‍රයාව බි‍්‍රතාන්‍යයට බැණ අ`ඩ ගැසීමක් බවත් එය විස්මයට කරුණක් බවත් බොහෝ මාධ්‍ය වාර්තා කොට තිබිණි.

‘ආසියාවට භ‍්‍රමණ කේන්ද්‍රය’ (pivot to Asia) නොහොත් ප‍්‍රධාන කේන්ද්‍රීය බලය වීමේ අපේක්ෂාවන් අමෙරිකාව සිටින බව ජනාධිපති ඔබාමා කලකට පෙර ප‍්‍රකාශයට පත් කළේ ය. මතුපිටින් සරල සේ පෙනුණ ද එහි අරුත වන්නේ කරත්තයක ගුළු ඇණය මෙන් අමෙරිකාව කි‍්‍රයාත්මක වනු ඇති බවයි. ගුළු ඇණය නොමැතිව කරත්තයට යා නොහැකි සේ ආසියාව ද අමෙරිකාව සමග ඇති සම්බන්ධය නොබිඳ පවත්වාගෙන යා යුතු වනු ඇත. ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව යන ආසියාවට බලපාන ප‍්‍රධාන මූල්‍යායතනවල මුල් පුටුවල කවුරුන් සිටියත් ඒවා කි‍්‍රයාත්මකවන්නේ අමෙරිකානු න්‍යාය පත‍්‍රයට ය යන්න රහසක් නොවේ. මේ අතරට අමෙරිකාවට පාලනය කළ නොහැකි මූල්‍යායතනයක් අවොත් එවිට ඔවුන්ගේ ඔද සුන් වී යනු ඇත. විරෝධයට සැබෑ හේතුව එයයි.

පසුගිය ඔක්තෝබරයේ ඉන්දුනීසියාවේදී ඕස් ටේ‍්‍රලියානු අගමැති ටෝනි අබොට් මුණ ගැසුණු අවස්ථාවේ අමෙරිකානු විදේශාමාත්‍ය ජෝන් කෙරී සහ මුදල් අමාත්‍ය ජැක් ලෙවි දුරකතන මගින් ජනාධිපති ඔබාමා සම්බන්ධ කොට අබොට්ගේ තීරණය වෙනස් කරන්නට පියවර ගත් හ. ඒ වනවිට ඇබොට් චීන බැංකුවේ ආයෝජනයට එක`ග ව සිටි නමුත් ප‍්‍රමිතිය පිළිබඳ ව අමෙරිකානුවන් ඉදිරිපත් කළ විරෝධය පිළිගෙන එය අත්සන් නොකරන බව නිවේදනය කළේ ය. එරට විදේශ ඇමතිනි ජූලියා ගිලාඞ් හේතුව පැහැදිලි කළේ ආරක්ෂක හේතු මත තම රට චීන ව්‍යාපෘතියේ ආයෝජනය නොකරන බවයි. යෝජිත බැංකුවේ ආධාරවලින් ඉදිරියේ ආසියාවේ රටවල ඉදි කෙරෙනු ඇති ගුවන්තොටුපොළ, වරාය වැනි යටිතල පහසුකම් මගින් චීනය සිය මිලිටරි බලය ආසියානු කලාපයේ පැතිරවීම එරට අරමුණ ලෙස හඳුනා ගෙන ඇත. දැනටමත් චීනය පැපුආ නිව්ගිනි රටේ එවැනි ව්‍යාපෘතියක් අරඹා ඇත.

‘චීනය විසින් අරමුදල් සපයනු ලබන ව්‍යාපෘති ගැන අමෙරිකාවේ ආකල්පය නිදර්ශනය කෙරෙන අවස්ථාවක් උපාය මාර්ගික වශයෙන් වැදගත් ශී‍්‍ර ලංකාවේ දී දැකිය හැකි ය. ”රෙජිමය වෙනස් කිරීමේ ජනවාරි කි‍්‍රයාන්විතය” නම් අමෙරිකානු වැඩසටහන නිසා බලයට පත් එක්සත් ජනපදයේ පිටුබලය සහිත සිරිසේන ආණ්ඩුව මේ වනවිට කොළඹ වරාය නගරය නම් චීන ව්‍යාපෘතිය අත්හිටුවා එය සමාලෝචනය කරමින් සිටියි.’