ක‍්‍රීඩාවේ යහපාලනය සෙවීම

 

දින සියයේ යහපාලන සැලැස්මට ක‍්‍රිකට් ගසන්නට සිටි නවීන් දිසානායක අමාත්‍යවරයාගේ සිහිනයට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල ඇඟිල්ලෙන් ඇන අවසන්ය. ඒ අනුව නවීන් දිසානායක අමාත්‍යවරයාටද ක‍්‍රිකට් ඇමති ධුරයෙන් මිදී ක‍්‍රීඩා ඇමතිවරයා ලෙස ක‍්‍රියා කිරීමට අවදිවිය යුතු කාලය එළැඹ ඇත.

යහපාලන ආණ්ඩුවේ යහපාලන සැලැස්ම ගැන මෙලෝ මළදානයක අවබෝධයක් නැති ලෙස දින සියයක් වන ක‍්‍රීඩා අමාත්‍ය ධුරය සම්පූර්ණ ක‍්‍රිකට් ඇමති ධුරයක් බවට පෙරලූ නවීන් දිසානායක අමාත්‍යවරයා පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් ක‍්‍රිකට්වලට මුල්තැන දෙන බව ක‍්‍රීඩා ඇමති ලෙස පත් මුල්කතාවෙන්ම කියා පෑවේය. ඒ කතාව හරහා ඇමතිවරයාගේ ක‍්‍රීඩා දැනුම පිළිබඳ දිග පළලද සමාජ ගතවිය. අප මෙහිදී මුලින්ම වටහාගතයුත්තේ මහින්ද චින්තනයෙන් ලිහී පාලනය යහපාලනයකට මිනිසුන් පෙරලූ බවය. ඒ අනුව සැලැස්ම දින සිීය වනවිට එය තේරුම් ගැනීම යහපාලන අමාත්‍යවරුන්ගේ වගකීමකි. එහෙත් ක‍්‍රීඩා අමාත්‍ය ධුරය ලබන නවීන් දිසානායකට එය වටහා ගන්නට දින හැටක් ගෙවුණද නොහැකි වී ඇති බව පසුගිය කාලයේ වැඩ කටයුතු දෙස් දෙන්නේය. දින පනහක් පමණ ගෙවෙන තැන ක‍්‍රීඩා අමාත්‍යවරයාට තමන් මහින්දානන්ද අලූත් ගමගේගෙන් වෙනස් විය යුතුය යන වැටහීම ඇතිවීද යන්න අපි නොදනිමු.

සිව් වසරක නීතිපති උපදෙස වුව අවසානයේ කැරකෙනුයේ සුපුරුදු බයිලාව වන ක‍්‍රීඩා ඇමතිගේ කැමැත්ත මත ඇතැම් පිරිස්වලට බලය ලබාගත හැකිය යන කොන්දේසිය දියත්වීමය. ඒ අනුව තව දෙවසරක් ක‍්‍රීඩා ඇමතිගේ කැමැත්තට ක‍්‍රීඩා ඇමති කැමති පිරිසකට බලයෙහි රැුඳිය හැකිය. සැමදා සිදුවූ දේ නැවත සිදුවේ.
යහපාලන ක‍්‍රමවේදය යටතේ නීතිපති උපදේශය අකුරටම ක‍්‍රියාත්මක කරන්නට ක‍්‍රීඩා ඇමතිට හැකිය. ඒ තුළ තමන් කැමති පිරිස් බලයේ තබා ගත යුතු නොවේය. මේ සැම දස වසරකට එහා අයය. එසේ නම් මොවුන්ගේ පැටිකිරි මත නැවත බලයට ඒමට ඇමති අනුබල දෙන්නේ ඇයි?

මෙරට ක‍්‍රීඩාව දෙස බලන කල අප හැම අංශයකින්ම කඩා වැටිලාය. ඇතැම් ක‍්‍රීඩා මළ ක‍්‍රීඩා බවට පත්ව අවසන්ය. තනතුරු තණ්හාවෙන් ඒවා අත්නොහරින පිරිස අත්නොහැර මේ ගමන යා නොහැකිය. වසර ගණනාවක් මොවුන්ට කළ හැකි දේ නොහැකි දේ පෙන්වා අවසන්ය. එසේ නම් යහපාලනය තේරුම්ගතයුත්තේ ක‍්‍රීඩාවේ යහපාලනයකට නම් මේ පරිපාලන ව්‍යුහයන් අලූත් පිරිස් අතට යායුතු බවය.

ක‍්‍රිකට් ක‍්‍රීඩා කරනුයේ රටවල් අතළොස්සකි. එළැඹෙන ලෝක කුසලානයේදී එය රටවල් දහයකට සීමාවන්නට නියමිතය. එවන් වටාපිටාවක ක‍්‍රිකට් මත්තේම නහින්නට ක‍්‍රීඩා ඇමැත්තෙක් කුමකටද?

නවීන් දිසානායක අමාත්‍යවරයා පත්වීමෙන් පසු ක‍්‍රීඩාවේ අඩුපාඩු සොයා බලන්නට කමිටුවක් පත් කළේය. එයට යෝජනා චෝදනා එවන ලෙස දැන්වීය. ඇති පදම් යෝජනා චෝදනා ආ බවද ඇමතිම කීවේය. එසේ නම් ඒවා ගැන සොයා බලා ක‍්‍රියා කිරීමට මේ යාන්ත‍්‍රණයට පණදෙන්නේ කවදාද? ඇමති පැවසුවේ ඇතැමුන් ඊරිසියාවට කරුණු දක්වා ඇති බවය. ඊරිසියාවටද තරහටද යන්න වැදගත් නොවේ. වැදගත් වනුයේ ඉදිරිපත් කරන කරුණු සලකා බැලීමය. ක‍්‍රීඩාව ගැන ලියන්නැ’යි කී කල අමාත්‍යවරයාට ලියන්නේ නම් එහි පළමු කාරණය ක‍්‍රීඩා ඇමති කෙරෙහි වන විශ්වාසයය. පළුදු කර නොගත යුත්තේද එයය.

යහපාලනයත් සමග සිදුවන්නේ කුමක්ද යන්න ජනතාවට කුකුසක්ව පවතී. එය මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට තනිව මගහැරිය හැකි සැකයක් නොවේ. ඊට අගමැති ප‍්‍රමුඛ සෙසු ඇමතිවරුද ලබාදිය යුතු සහයෝගයකි. මහින්දානන්ද අලූත්ගමගේ ක‍්‍රීඩාව විකාරයක් බවට පෙරළුවේය. පියන්ගේ සිට අධ්‍යක්ෂ ජනරාල් දක්වා තමන්ගේ අය දාගත්තේය. අදත් ඒ පිරිසම ක‍්‍රීඩා අමාත්‍යාංශය හසුරවයි නම් ක‍්‍රීඩාවේ යහපාලනයකට යන්නේ කොහොමද? මේවාට දෙන්නම් වාලේ පිළිතුරු දෙමින් ඇමති සිටී. තමන්ට වැඩ කරන්නට නම් ඊට අවැසි පිරිසක් අවශ්‍යය. මහින්දානන්දගේ නැට්ටුවන් දමාගෙන තමන් බෙරේ ගැසුවාට නැටුම වෙනස් වේයැ’යි ඇමති නොසිතිිය යුතුය. යහපාලනය ද ජහ පාලනයක් වී ඇත්තේ එබැවිනි. එනම් පැරණි හොල්මන් රජ කිරීම නිසාය.

නිමල් ලෙව්කේ ප‍්‍රමුඛ ක‍්‍රීඩා සභාව රැස්වෙනවාද නැද්ද යන්න විමසීම වටී. එහි ඇතැම් සාමාජිකයන් සමග ක‍්‍රීඩාවේ දියුණුවක් තිිබිය හැකිද යන්න ප‍්‍රශ්නයකි. මේවා ජය නොගෙන යහපාලනයක් ක‍්‍රීඩාව තුළ උදාකරනුයේ කෙසේද යන්න ගැටලූසහගතය. නවීන් දිසානායක වැඩි කල් ක‍්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටීද යන්නත් ගැටලූසහගතය. මේ ගැටලූ ඉක්මනින්ම කාලය විසඳනවා ඇත.