නියමිතව තිබූ දේ සිදුවුණි

බලාපොරොත්තු නොවූ එහෙත් සිදුවීමට නියමිතව තිබූ දේ සිදුවුණි. 11 වැනි ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ හිමි තැන ගැන තරගාවලිය ආරම්භයේ සිට ම අපට තිබුණේ කුකුසකි. ඒ තත්ත්වය තවත් දෙගුණ තෙගුණ කළේ සංචිතයේ බොහෝ දෙනෙක් ආබාධයන්ට ගොදුරු වීම ද නිසා ය. තරගාවලිය ආරම්භවීමට ප‍්‍රථමයෙන් ම ධම්මික ප‍්‍රසාද් ආබාධිතයෙක් වූවේ ය. ඊට පසු දිමුත් කරුණාරත්න, ජීවන් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් සහ රංගන හේරත් ආබාධයන්ට ගොදුරු වූවෝ ය. නායක ඇන්ජලෝ මැතිව්ස් ද ආබාධයකට ගොදුරු වූව ද ඔහුගේ තත්ත්වය එතරම් දරුණු වූවේ නැත.

කුමන තත්ත්වයක මත වූවත් මෙම තරගාවලියේ අප ලත් හදපාරවන පරාජයක් වී නම් ඒ, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන එක්දින පිටියෙන් සමුගැනීමයි. මහේලගේ නිහ`ඩ එහෙත් සටන්කාමී තියුණු බැල්මත් ඊට ම සරිලන සටන්කාමීත්වයත්, සංගාගේ තීක්ෂණ නිරීක්ෂණයන්ගෙන් යුතු සටන්කාමීත්වයත් අපට නැවත එක්දින පිටියේ දී දකින්නට නොහැකිය. එය අප රටේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට කාලයකට දැරිය නොහැකි පාඩුවක් වනවාට කිසිදු සැකයක් නැත. දැනටමත් මේ පාඩුවේ ඉ`ගි ලෝක කුසලාන තරගාවලියෙන් පෙන්වා දී අවසන් ය.

මහේල තරගාවලිය පුරා අසාර්ථක වූවද ඔහු කෙරෙහි තැබූ විශ්වාසය පරාජිත තරගයෙන් පසුවත් ඒ ආකාරයෙන් ම විණි. ඊට කිසිවෙක් දොසක් නගනු නොඇසිණි. ඒ අතින් බලන කල මහේල වාසනාවන්ත අවාසනාවන්තයෙකි. වාසනාවන්තයෙක් වන්නේ ඔහුට නොබිෙ`දන පේ‍්‍රක්ෂක පිරිසක් සිටීමය. අවාසනාව වන්නේ තමන්ගේ අවසන් තරගාවලියේ දී වඩා වැදගත් යමක් කරගත නොහැකි වීමය.

කිසිවක් ම පැවැසීමට ඉඩ නොතබාම සමුගත් සංගා විශිෂ්ටයෙකි. ඔහු ගැන එපමණක් ප‍්‍රමාණවත් ය. දැන් ප‍්‍රශ්නය තිබෙන්නේ මේ ස්ථාන දෙකට සුදුස්සෝ කවුරුන් ද යන්නය.

අපි ලිපිය ආරම්භයේ දී අපේ ආබාධිත ක‍්‍රීඩකයන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කළෙමු. ඔවුන් වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව විසින් ආදේශකයන් ද කෙරුණි. ඒ අනුව දුෂ්මන්ත චමීර, උපුල් තරංග, කුසල් ජනිත් පෙරේරා, තරි`දු කෞෂාල් සහ සීක්කුගේ ප‍්‍රසන්න ලෝක කුසලාන තරගාවලියට අලූතෙන් ම සහභාගිවෙමින් ද ඉන් නොනැවතී තරගාවලියේ තරගවලට ද සහභාගි වුණි.

ඔවුන්ගේ සාර්ථක අසාර්ථක බව මේ ලිපියට ඇ`දා නොගනිමි. එහෙත් ඔවුන් අතර අත්‍යවශ්‍යයෙන් ම පළමු කණ්ඩායමට නම් කළයුත්තෝ සිටි බැව් පමණක් සටහන් තබමි.

අප මඳක් කතාවෙන් පිට පනිමු.

පොල් සම්බෝලයක් හෝ හරි හැටි කොටා ගන්නට නොහැකි කාන්තාවන් පවා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම නම් කරන තත්ත්වයක් අප රටේ නිර්මාණය වී ඇත. ඒ ක‍්‍රිකට් ඒ තරමට ම අපගේ ජන ජීවිතවලට කි`දා බැස තිබෙන අයුරුය. මේ නිසා විවේචන බොහෝ ය. අදහස් බොහෝ ය. මේ එළිදැක්වෙන ඇතැම් තීරණ එකහෙළා බැහැර කළ නොහැකි තත්ත්වයේ ද වෙති.

ක‍්‍රිකට් මේ තරමට ම ජනප‍්‍රිය වී ඇත්තේ ද ඒ නිසා ය. කතා කිරීමට කොතෙකුත් මාතෘකාය. විවේචන බොහෝ ය. සංගක්කාරගේ අලංකාර පිතිහරඹයත්, ඕලාරික ආරම්භයක් ගෙන අතනොහරින සටනකට පිවිසෙන මහේල ගැනත්, ඩිල්ෂාන්ගේ ඩිල්ස්කූප් එක ගැනත්, නායකත්වයට ආශිර්වාදයක් වූ මැතිව්ස් ගැනත් කතා කරනවාටත් වඩා දේවල් ඔවුන් කතා කරති. තවත් කතා බොහෝ ය.

දැන් නැවතත් කතාවට පිවිසෙමු.

ලෝක කුසලාන තරගාවලියේ අනෙකුත් කණ්ඩායම් හා ගත් කල අපගේ කණ්ඩායම සහභාගි වූ අවසන් තරගය දක්වා ම සමන්විත වූයේ අත්හදා බලන තත්ත්වයේ ය. එහි ප‍්‍රතිඵලය වූයේ අන්ත පරාජයකට මුහුණදීමයි. එය කිසිසේත්ම සංගා තරගයෙන් අනතුරුව පැවැසූ පරිදි එම තරගයේ දී අපගේ කඩුලූ 7ක් දැවී යන්නේ ද`ග පන්දු යවන්නන්ට ය. එය තරම් ඛේදවාචකයක් තවත් වේද? ශ‍්‍රී ලංකාවේ තිබෙන සෑම තණතිල්ලක් ම සැකසෙන්නේ ද`ග පන්දු යවන්නන්ට උචිත පරිදි ය. ඒ බැව් අප පමණක් නොවේ සංචාරක ක‍්‍රීඩකයෝ ද දනිති. එහෙත් එහි ම පුහුණුවීම් කරන අපට ඊට මුහුණ දී ගත නොහැකිකමක් ද පවතී. පන්දු යවන්නන් සම්බන්ධයෙන් ද ඇත්තේ ඊට නොදෙවෙනි තත්ත්වයකි.

දැන් ඉතිං කළයුත්තක් නොමැත. කළයුතු එක ම දේ මේ තරගාවලියෙන් ලබා ගත් අත්දැකීම් ඉදිරියට ආයෝජනය කරගන්නේ කෙසේ ද යන්න තීරණය කිරීමය. සමහරවිට මේ තරගාවලියත් සමග හෝ තවත් වසර දෙකක් පමණ ගතවන විට කණ්්ඩායමේ පැහැදිලි වෙනස්වීම් රැුසක්ම සිදුවෙනු ඇත. වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් දැනටමත් තම තනතුරෙන් ඉවත්වීමේ කතාවක් පවතී. එසේ ම දැනට ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් ව සිටින රංගන හේරත්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර ඊළ`ග ලෝක කුසලාන තරගාවලිය තෙක් රැුඳී සිටීදැයි ඇත්තේ කුකුසකි. ඩිල්ෂාන් නම් පවසා ඇත්තේ ඊළ`ග ලෝක කුසලානය තෙක් තමන්ගේ සේවය කණ්ඩායමට ලබාදෙන බවකි.
මේ මොනවා කීවත් බෙදීමේ හැන්ද ඇත්තේ තේරීම් කමිටුවේ ය. මෙවර ලෝක කුසලාන සංචිතය සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව කප්පරක් දේ කීවත් ඔවුන්ගේ මතය ම පමණක් ක‍්‍රියාත්මක කෙරුණි. සහභාගි වූ අවසන් තරගයේදීත් තවදුරටත් ශ‍්‍රී ලංකා කණ්ඩායම අත්හදා බලන කණ්ඩායමක් බවට පත්කර ගන්නේ ඒ නිසා ය.
ඒ අනුව අපට නම් හැෙ`ගන්නේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ඇතු`ඵ කණ්ඩායම, එකක් කඩතො`ඵ හදාගන්නට ගොස් තවත් කඩතො`ඵ හදාගත් ඉ`දුරුවේ ආචාරියාගේ න්‍යාය ක‍්‍රියාත්මක කරන බවයි. මේ තත්ත්වය ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පමණක් නොව කනිෂ්ඨ ක‍්‍රිකට් කණ්ඩායම්වල ද දැකිය හැකි ය. අප තිත තැබිය යුත්තේ එතැනට ය.