උඹ කරපන් මට පස්සේ පෙන්නපං ගාමිණි කිව්වේ එහෙමයි – ජෝර්ජ් මනතුංග (ප‍්‍රවීණ ශබ්ද පරිපාලක)

බෙනිල් ශාන්ත
ඡායා – ලංකා මාගම්මන

ජෝර්ජ් මනතුංග දේශීය සිනමාවේ මුුල් යුගයේ සිට අද දක්වාම චිත‍්‍රපට ශබ්ද පරිපාලන විෂයෙහි නියුතුවෙයි. 76 හැවිරිදි ජෝර්ජ් වර්තමානයේ මීගමුව රෝයල් සිනමාහලේ කළමනාකරු ලෙසද කටයුතු කරයි.

 

ශබ්ද පරිපාලකයකු ලෙස ඔබේ ආරම්භය කොතැනද?

1958 දී. කොල්ලූපිටියේ තිබුණා එම්.එස්. පෙරේරාට අයිති (එම්.ජේ. පෙරේරා මහත්තයාගේ මල්ලි) ශබ්දාගාරයක්. මර්වින් රුද්‍රිගු ප‍්‍රධාන ශබ්ද පරිපාලක. මම ඔහුගේ සහායකයකු ලෙස සම්බන්ධ වුණා. එතකොට මගෙ වයස අවුරුදු දහඅටයි. ඒ කාලේ වෙළෙඳ ගී තැටි පටිගත කිරීමයි සිදු කළේ.
පසුව ලෙස්ටර්ගේ කෙටි චිත‍්‍රපට දෙකක් කළා. (මුහුදින් ගෙදරට සහ වර්ණ) ලෙස්ටර් ඇසුවා ඇයි චිත‍්‍රපටවල දෙබස් කැවීමේ කටයුතු සිදු කරන්නේ නැත්තේ කියලා. ඒ කාලේ අපට ඒ සඳහා අවශ්‍ය ශබ්ද කැවීමේ යන්ත‍්‍රයක් තිබුණෙ නැහැ.
පසුව 35පප ශබ්ද පටිගත කිරීමේ යන්ත‍්‍රයක් ගෙනාවා. මුලින්ම ගම් පෙරළිය (1963) චිත‍්‍රපටයේ දෙබස් කැවීමේ කටයුතු සිදුකළා. පසුව තවත් චිත‍්‍රපට කිහිපයක වැඩකළා. ලෙස්ටර්ගේ ‘රන්සළු’ සහ ‘දෙලොවක් අතර’ චිත‍්‍රපට ඒ අතර තිබුණා.
1965 දී කොල්ලූපිටියෙන් දළුගමට ශබ්දාගාරය රැුගෙන ආවා. එහිදී නාම පුවරුවේ සඳහන් වී තිබුණේ, ‘සිංහල චිත‍්‍රපට කර්මාන්ත ආයතනය, දළුගම, කැළණිය. ’සරසවි චිත‍්‍රාගාරය යනුවෙන්. මම එහිදී දිගටම වැඩකරගෙන ගියා. තරංගා, බිනරමලී, සත් සමුදුර හා වැලිකතර මම ඒ දවස්වල දෙබස් කැවූ මතකයේ රැුඳී තිබෙන චිත‍්‍රපට අතරින් කිහිපයක්.

ජෝර්ජ් මහත්තයාගේ ගම්පළාත කොහේද?

මහනුවර. ශාන්ත ජෝන් විද්‍යාලයට ගියේ. අවුරුදු දහ අටේදී කොළඹ ඇවිත් ශබ්ද පටිගත කිරීමේ කටයුතුවලට සම්බන්ධ වුණා. දැන් මගේ වයස 76 ක් වුණාට තවමත් චිත‍්‍රපටවල ශබ්ද පරිපාලන කටයුතු සිදු කරනවා. මෑතකදී රන්ජා සහ අජාසත්ත චිත‍්‍රපටවල ශබ්ද පරිපාලන කළා.

පාසල් යන කාලේ ඔබ විශේෂ හැකියාවන් දැක්වූ ක්ෂේත‍්‍ර මොනවාද?

පාසල් කාලෙදිම මෝටර් කාර්මික පැත්තට යොමු වුණා. මහනුවර ගැටඹේ ගරාජ් එකක් තිබුණා. ඒකෙ සුපවයිසර් මගේ බාප්පා. ඉතින් බාප්පගේ කීමට ඉස්කෝලේ ඇරිලා ඇවිත් හවස්වරුවෙ එතන වැඩ පුරුදු වුණා. එතැනදි මට මෝටර් කාර්මික ශිල්පය පිළිබඳව හොඳ දැනුමක් ලැබුණා.

පාසල් අධ්‍යාපනය අවසන් කරන්නේ කොතැනින්ද?

ඒ කාලේ තිබුණු ඉහළම විභාගය ජේ.එස්.ඊ. ඒ විභාගයෙන් මම අසමත්. තාත්තා මියගිය නිසා මගේ අධ්‍යාපනය එතැනින් නැවතුනා. තාත්තා මාතලේ කච්චේරියේ ‘ක්ලාක් කෙනෙක් හැටියට වැඩ කළේ. ඉතින් මම කුමක් හෝ රැුකියාවක් සොයමින් ඉඳලා අවුරුදු දහහතේදී ගරාජ් එකක වැඩට යනවා. දවසට රු. 4.50ක පඩියට. ඒ කාලේ හැටියට දවසේ වියදමට ඒ මුදල ප‍්‍රමාණවත්.

ඉතින් නුවර ඉඳලා කොළඹ ඇවිත් ශබ්ද පටිගත කිරීමේ කටයුතුවලට සම්බන්ධ වෙන්නේ, එයට විශේෂ කැමැත්තක් තිබුණ නිසාද?

නෑ. අහම්බෙන් සිදුවුණේ. කොළඹ පදිංචි මාමා කෙනෙක් අපේ ගෙදර ආ වෙලාවක මට රැුකියාවක් හොයාදෙන්න පොරොන්දු වුණා. ඒ අනුව මම ඔහු සමග කොළඹ ආවා. ඇවිත් කොල්ලූපිටියේ තිබුණු ශබ්දාගාරයේ ශබ්ද පරිපාලක වූ ඔහුගේ පුතාට මාව බාර දෙනවා. පුතා මර්වින් රුද්‍රිගු. පසුව ඔහුමයි මගේ ගුරුන්නාන්සේ වුණේ. එතැනින් මම ශබ්ද පරිපාලනය පිළිබඳ දැනුම ලබාගත්තා.

1973 දී ඔබ වැඩ කළ සරසවි චිත‍්‍රාගාරය රාජ්‍ය චිත‍්‍රපට සංස්ථාවට පවරා ගන්නවා. එහි පසුබිම පිළිබඳව කතතා කළොත්.

චිත‍්‍රාගාරය පිහිටි ඉඩමේ අයිතිකරු අපට විරුද්ධව නඩු පැවරුවා. සංස්කරණ, රසායනාගාර සහ ශබ්ද අංශය වශයෙන් අපි ඒ වනවිට කටයුතු කරමින් සිටියා.
දවසක් පිස්කල් නිලධාරීන් ඇවිත් අපිට වැඩ නවත්වන්න කිව්වා. ඒ වෙලාවේ ‘තරංඟා’ චිත‍්‍රපටියේ දෙබස් කවමින් සිටියේ. එතන රවීන්ද්‍ර රන්දෙනියත් හිටියා. මම දොරවල් වසා යතුරු අතට ගත්තා. ඔවුන් සීල් තිබ්බා. ඒ 1973 මැයි 19 වැනිදා. එදා ඉඳලා අපි විසි එක් දෙනෙක් වැඩ නැතිව සුමාන දෙකක් විතර පාරේ කොට්ටං ගහ යටට වෙලා කාලය ගෙව්වා.
ඒ අතරේ මම රාජ්‍ය චිත‍්‍රපට සංස්ථාවට ගිහින් ඞී.බී. නිහාල්සිංහ හමුවුණා. මම නිහාල් අයියාට පවතින තත්ත්වය කිව්වා. එතැන ඉන්න දක්ෂ කාර්මික ශිල්පීන්ගේ සේවය සංස්ථාවට ලබාගැනීමේ වැදගත්කම පැහැදිලි කළා. ‘මම මැඩම් හමුවෙලා (සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, එවකට අගමැතිනිය.) පසුව පිළිතුරක් දෙන්නම් යැයි ඔහු පොරොන්දු වුණා.
පසුව නිහාල්සිංහ මහතාට, සරසවි චිත‍්‍රාගාරය සංස්ථාවට පවරාගැනීමේ අවසරය මැතිනිය ලබා දී තිබුණා. ඒ අනුව 1973 ජූලි මාසයේදී දඵගම සරසවි චිත‍්‍රාගාරය රාජ්‍ය සංස්ථාවට පවරා ගන්නවා. පසුව 1973 වසරේදීම ප‍්‍රධාන ශබ්ද පරිපාලක මර්වින් රුද්‍රිගු ඉල්ලා අස්වුණා. එවිට නිහාල්සිංහ මහත්තයා මාව ප‍්‍රධාන ශබ්ද පරිපාලක හැටියට පත්කළා. මම ප‍්‍රධාන ශබ්ද පරිපාලක ලෙස කටයුතු කළ පළමු චිත‍්‍රපටය වසන්ත ඔබේසේකරගේ දියමන්ති.

එදා චිත‍්‍රපට සංස්ථාව තුළ ඔබේ සේවා කාලය තෘප්තිමත්ව ගත කළාද?

සංස්ථාවෙන් අපේ හැකියාවන් කිසිම ඇගයීමකට ලක්කළේ නැහැ. කලකිරීමෙන් මං ඉල්ලා අස්වෙනවා 1988 දී. එතකොට මගේ වයස අවුරුදු 48 යි.
ඒ කාලේ මම ‘පෙරළිකාරයෝ’ චිත‍්‍රපටයේ වැඩ කරමින් සිටියේ. තිලක් අතපත්තු මගෙන් ඇහුවා ‘ජෝර්ජ් අයියේ මං චිත‍්‍රාගාරයක් පටන් ගන්නවා එතනට එනවාද’ කියලා. මං ‘හා’ කිව්වා. ඉතින් තලවතුගොඩ ඔගණග චිත‍්‍රාගාරයට සම්බන්ධ වුණා 1988 දී.
සංස්ථාවේ මාත් එක්ක වැඩ කරමින් සිටි නිෂ්පාදකයන් තමන්ගේ චිත‍්‍රපට එකසිය ගණනක් එතනට රැුගෙන ආවා. මගෙන් සේවය ලබා ගන්න. මේ වනවිට මං චිත‍්‍රපට 500 කට අධික සංඛ්‍යාවක දෙබස් පරිපාලන කටයුතු සිදුකර තිබෙනවා.
1997 දී ඔගණග චිත‍්‍රාගාරයෙන් අයින් වුණා. එය වසා දැමුනු නිසා. පසුව පෞද්ගලිකව චිත‍්‍රපටවලට සම්බන්ධ වී වැඩ කළා. 2002 දී කඳාන ීඡුඵ චිත‍්‍රාගාරයට සම්බන්ධ වුණා. 2009 දී එය වැසුවා. එතැන් සිට අද දක්වා මම මීගමුව ‘රෝයල්’ සිනමාහලේ කළමනාකරු ලෙස සේවය කරනවා. එයට අමතරව චිත‍්‍රපටවල දෙබස් කැවීම් කටයුතු කරනවා.

සිනමාවේ ශබ්ද පරිපාලනයේදී සිදුවන ක‍්‍රියාවලිය කුමක්ද?

මුලින්ම ගීත පටිගත කරනවා. දෙවනුව චිත‍්‍රපටියේ දෙබස් පටිගත කිරීම සිදු කරනවා. පසුව සංස්කරණ මැදිරියේ දී දෙබස් රූප සමග මිශ‍්‍රකර, දර්ශනයෙන් දර්ශනයට පටිගත කරනවා. නැවත ශබ්දාගාරයේදී පසුබිම් සංගීතය පටිගත කරනවා. චිත‍්‍රපටය, දෙබස් පටය හා සංගීත පටය ලෙස කොටස් තුනකින් සකසා පසුව අධ්‍යක්ෂවරයාගේ අවශ්‍යතාව පරිදි දෙබස්, සංගීතය ඇතුළත් කරනවා. රීල් එකින් එක චිත‍්‍රපටයේ රීල් සියල්ලම එපරිදි සකස් කරන එක සංකීර්ණ ක‍්‍රියාවලියක්.

චිත‍්‍රපට දර්ශනයක ශබ්දය පටිගත කිරීමේදී අදාළ ශිල්පීන්ගේ හඬ හා අමතර ශබ්ද එකවර පටිගත කරනවාද?

ඒ කාලේ පටිගත කිරීමකදී , දර්ශනයට අයත් සියලූ දෙනා සහභාගී වී එකවර ශබ්ද පටිගත කළා. වර්තමානයේදී එක් එක් ශිල්පියාගේ කොටස් වෙන වෙනම පටිගත කර පසුව ‘මික්ස්’ කරනවා. ඒත් නියමිත පරිදි උසස් තත්ත්වයේ තිබෙන්නේ පෙර පැවති පටිගත කිරීමේ ක‍්‍රමයයි.
‘සිහසුන’ චිත‍්‍රපටයේ ශබ්ද පටිගත කිරීමේදී ලොකු පෙට්ටියක් වතුරට වැටෙන ශබ්දයක් අවශ්‍ය වුණා. එදා සෝමසිරි දෙහිපිටිය ලොකු යකඩ පෙට්ටියක් උස්සාගෙන හිටියා. අපි කියන වෙලාවට අත හැරියා, මගෙ කකුල උඩට. මගේ කකුලෙන් ලේ ගලනවා දැන් හොඳටම. කොච්චර අමාරු වුණත් නිසොල්මන්ව එම පටිගත කිරීම අවසන් වනතුරු හිටියා. එදා එහෙම කැපවීම් කළා බොහෝ දෙනා.

අතීතයේදී පැවති තත්ත්වයට සාපේක්ෂව වත්මන් සිනමා ක්ෂේත‍්‍රය පිළිබඳ ඔබේ හැඟීම කුමක්ද?

උපකරණ නම් දියුණුවෙලා තිබෙනවා. ඒත් ශිල්පීන් අතරේ එදා තිබුණ සහයෝගය අද නෑ. හැමදෙනාම වැඩ කරන්නේ මුදල්වලටම ප‍්‍රමුඛත්වයක් දීලා. අධ්‍යක්ෂවරු ශිල්පීන්ගෙන් වැඩ ගන්නේ කලබලෙන්. කාලය මුදලින් තක්සේරු කරනවා. ඉතින් හිතේ සතුටකින් වැඩ කරන්න ලැබෙන්නේ නැහැ. කනගාටුදායකයි.

ක්ෂේත‍්‍රයේ වැඩ කරද්දී අමතක නොවන සිදුවීමක් තිබෙනවාද?

අපි කොල්ලූපිටියේ ඉන්න කාලේ සිදුවීමක් අමතක වෙන්නේ නෑ. චිත‍්‍රපටියක ගීත පටිගත කිරීමකට අපි 19 දෙනෙක් වෑන් එකකින් නුවරඑළියෙ යන්න පිටත් වුණා ? 12ට. ඉතින් මාවනැල්ලේ වංගුවකදි වෑන් එක හරවන්නේ නැතුව කෙළින්ම ඉස්සරහට යනවා ජලාශයකට. මම හිටියේ ඉස්සරහා. රියදුරාට නින්ද ගිහින්. මම එක පාරටම කපල අරන් බ්රේක් පෑගුවා. ඒක ඉබේටම සිදුවුණා. මටත් නින්ද ගිහින් තිබුණා නම් අපේ ගමන එදා එතැනින් අවසන් වෙන්න තිබුණා. ඔය වගේ අනතුරුදායක දේ බොහෝමයකට මුහුණ දීලා තියෙනවා.

ඔබට රුක්මණී දේවී ගැන මතකය කොහොමද?

එයත් එක්ක වැඩ කරන්න පහසුයි. හරිම නිහතමානියි. උපරිම කැපවීම තිබුණා. කෝල් ෂීට් එක උදේ හයට දානවා. උදේ හයේ ඉඳලා එයාගෙ කොටස ලැබෙන තුරු හවස හය දක්වාම ඉවසීමෙන් ඉන්නවා. ඒ කාලේ අපේ රටේ ප‍්‍රධානතම සිනමා නිළිය වැඩ කළේ එහෙමයි.

එතකොට දෙනවක හාමිනේ?

දෙනවක හාමිනේ නෑ කමට මගෙ නැන්දා වෙනවා. එයත් ඒ වගේම තමයි. හරිම යහපත්. ඉවසීම තිබුණා. එදා හිටිය නළු-නිළියන් ක්ෂේත‍්‍රයේ මේ කටයුතුවල දුෂ්කරතාව සම්බන්ධව හොඳ අවබෝධයකින් වැඩ කළා. දැන් ඉන්න අයත් එක්ක ඒ වගේ වැඩ කරන්න බෑ. ඉවසීමක් නෑ. කලබලයි. තමන්ගේ කොටස කලින් කරලා ඉක්මනින් යන්නමයි හැමෝම දඟලන්නේ.

ගාමිණී ෆොන්සේකා එක්ක වැඩ කරන්න පහසුද?

එයාගේ චිත‍්‍රපට හැම එකකම වගේ (ගාමිණි අධ්‍යක්ෂණය කළ චිත‍්‍රපට) මම වැඩකළා. දෙබස්, පසුබිම් සංගීතය පටිගත කිරීමේ කටයුතු. එහිදී ‘ උඹ කරපන්. මට පස්සෙ පෙන්නපන්’ කියලා එයා යනවා. කොටි වලිගය චිත‍්‍රපටයේ ’කට් රීල් එක’ ඔහුට හොඳද කියලා බලන්න පෙන්නුවා. ’අන්තිම රීල් එක මට පෙන්නපන්’ කියලා කියනවා. අධ්‍යක්ෂ හැටියට ඔහු ළඟ හිටියේ නැහැ. මගෙ වැඩ ගැන හොඳ විශ්වාසයක් තිබුණා.

විජය කුමාරතුංගගෙ තත්ත්වය කොහොමද?

ඒ වගේ නළුවො දැන් නෑ. වැඩ කරන්න ආසයි. එවැනි අය ආයේ ඉපදෙන්නේ නෑ. හිතවත්කම වගේම අන් අයගේ වෙහෙස හොඳින් තේරුම් ගත්ත මහත්මයෙක්. ජෝ අබේවික‍්‍රම හා මාලනී ෆොන්සේකාත් මට මේ අවස්ථාවේ සිහිපත් වෙනවා.

වෘත්තියෙන් චිත‍්‍රපටිවල ප‍්‍රධාන ශබ්ද පරිපාලක ශිල්පියකු ලෙස දීර්ඝ කාලයක් විශිෂ්ට සේවාවක යෙදුණු ඔබ, පසුව සිනමාහලක කළමනාකරුවකු ලෙසට පත්වන්නේ කොහොමද?

ඒක එහෙම වෙන්නේ ජූඞ් මුත්තයියා මහතාගේ හිතවත්කම අනුව. 2009 දී ඔහුගේ කඳාන ීඡුඵ චිත‍්‍රාගාරය වැසුවා. ඉතින් ඒ වෙලාවෙ මම ඉවත් වෙන්න සූදානම් වුණාම, මීගමුව ‘රොයල්’ සිනමාහලේ කළමනාකරු තනතුර බාරගන්න කියලා ඉල්ලීමක් කළා. අදටත් පටිගත කිරීමේ කටයුතුවල බාහිරව යෙදුණත්, ස්ථීර රැුකියාවක් නැති නිසා සිනමාහලේ රැුකියාව බාරගත්තා. පිට වැඩ හැමදාම නෑනේ. ජීවත්වෙන්න ස්ථීර රැුකියාවක් අවශ්‍යයයි.
සිනමා ක්ෂේත‍්‍රයේ මම අවුරුදු පනස් ගණනක් සේවය කළා. ඒත් තාමත් පදිංචිය කුලී ගෙයක. හැම ආණ්ඩුවකින්ම ගෙයක් ඉල්ලලා තියෙනවා. ලැබිලා නැහැ. චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුව කාලේ යැවූ ලිපියකට පිළිතුරු ලැබුණා. ගෙවල් හදන සමාගමකට යොමු කර එහි වටිනාකමෙන් බාගයක් ගෙවන්න කිව්වා. එහිදී රුපියල් ලක්ෂ හතක් වූ එම මුදල ගෙවන්න මට හැකියාවක් තිබුුණෙ නැහැ. පසුගිය ආණ්ඩුව කාලෙ මාලිනී මන්ත‍්‍රී වුණාම ඉල්ලීමක් කළා. බලමුකෝ කිව්වා. ලැබුණේ නැහැ.

ඔබේ වයස අනුව, දිනපතා අතුරුගිරියේ සිට මීගමුව දක්වා වූ වෙහෙසකර ගමන සිදුවන්නේ කොහොමද?

මම හැමදාම පාන්දර හතරයි තිහට අවදිවෙනවා. හයයි තිහට ගෙදරින් පිටත් වී මීගමුවට යනවා උදේ දහයට. ආපසු ගෙදර එනකොට ? දහයයි. සතියකට දවසක් නිවාඩුවක් තියෙනවා. රැුකියාවක අවශ්‍යතාව නිසා අපහසුව විඳදරා ගන්නවා.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;