මට මහළු වයසේ ‘බැරිද’ වෙණ ගායනා පෙර සේ

ප‍්‍රභාෂ්වර

මිනිසුන් වයසට යාමේදී ඔවුන්ගේ විවිධ ශාරීරික අවයවයන්හි හටගන්නා ක්ෂයවීම් ගැන, ඇමරිකාවේ ක්ලිව්ලන්ඞ් රෝහලේ වෘද්ධ චිකිත්සාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය රොනන් ෆැක්ටොරා සිය අදහස් දක්වන්නේ මේ ආකාරයටය. ‘පුද්ගලයකුගේ සමෙහි තිබෙන නම්‍යශීලි පටකවල අඩංගු ප්‍රෝටීන්, වයස අවුරුදු 18 සිට වාර්ෂිකව 01% කින් පමණ ක්ෂය වී යනවා. දුම්බීම, අයහපත් ආහාර පුරුදු හා සැඩ හිරු එළියට නිරාවරණය වීම, මේ තත්ත්වය තව තවත් උග‍්‍ර කරනවා. අපේ පෙනහළුවල ක‍්‍රියාකාරීත්වය වයස අවුරුදු 30 සිට වාර්ෂිකව 01% කින් පමණ පහත වැටීම සිදුවන අතර ව්‍යායාම නොකරමින් උදාසීන ලෙස කල් ගෙවන අය හා අදාළ මෙකී ක්ෂයවීම සීඝ‍්‍රයෙන් ඉහළ යන බව කිව යුතුයි. අස්ථිවල ශක්තියෙහි වාර්ෂික පිරිහීම 01%ක් ලෙසින් ආරම්භ වන්නේ වයස අවුරුදු 35 පිරීමත් සමගමය. මාංශ පේශීවල ශක්තිය පිරිහී, ශරීරයේ මේදය වැඩි වැඩියෙන් තැන්පත්වීම හා ඇස් පෙනීම දුර්වලවීම ඇරඹෙන්නේ වයස අවුරුදු හතළිහේදියි. වයස අවුරුදු 50 දි වකුගඩුවල ක‍්‍රියාකාරීත්වය අඩාල වන අතර නිතර නිතර පිරිසිදු ජලය පානය කළහොත් මේ තත්ත්වය සෑහෙන දුරකට පාලනය කරගත හැකිවෙනවා. ආහාරවල පෝෂ්‍යදායක කොටස් නියමානුකූලව අවශෝෂණය කරගැනීමේ හැකියාව බඩවැල්වලින් ඉවත්ව යාමට පටන්ගන්නේ වයස අවුරුදු හැටේදියි. කන් ඇසීම අඩුවන්නේත් මේ කාලවකවානුවෙයි. හෘද මාංශ ෙසෙල සංඛ්‍යාත්මකව පහත වැටී, හදවත් බිත්ති ඝනවීම වයස අවුරුදු 65 දී පමණ ආරම්භ වෙනවා. වයස අවුරුදු 70 දී මොළයේ ක‍්‍රියාකාරීත්වය හීන වෙන්නට පටන් ගන්නවා. කෙසේ වෙතත්, ශාරීරික හා මානසික සමබරතාව මැනවින් පවත්වාගෙන යන පුද්ගලයන්ට තමන්ගේ වයසට යාම පාලනය කරගත හැකියි’.

සමබරතාව සුරැකීම

අපේ චින්තන රටාවන්, අප ශරීර ක‍්‍රියාකාරීත්වය කෙරෙහි සුවිශාල බලපෑමක් සිදුකරන වග නවීන වෛද්‍ය පර්යේෂණ ඔස්සේ හෙළිදරව් කරගෙන තිබේ. විවේකී සුවයෙන් සිටින විට ඔබේ රුධිර පීඩනය පහත වැටේ. විශාදයෙන් මිදුනු විට ඔබ ශරීරයේ ප‍්‍රතිශක්ති කරණ පද්ධතිය හොඳින් ක‍්‍රියාත්මක වෙයි. ඔබේ හිසේ ඇම්ම හෝ කොන්දේ අමාරුව නිත්‍ය වශයෙන් සුවවන බව පවසා ඖෂධවේදියකු විසින්, කිසිදු කි‍්‍රයාකාරීත්වයක් නොමැති, උදාසීන පෙත්තක් ඔබට පිරිනැමුවොත් එය පානය කළ සැනින් අදාළ වේදනාව සමහන් වී යයි. වේදනාව තුරන්ව ගිය හේතුව, මානසික බලපෑමක් බව ඔබ නොදනී. මේ ආකාරයට මනසට ශරීරය සුවපත් කළහැකි නම්, සිරුර තිිරිහන් කිරීමේ හැකියාවද ඊට තිබිය යුතුය. අප හිතන පතන ආකාරය සාධනීය හා ධනාත්මක වනවිට, ශරීරයට ඇතුල්වන රෝග කාරකයන් හා විවිධ විෂබීජ සමග සටන් කිරීමට සැදී පැහැදී පිටින සුදු රුධිරානු ගහණය බෙහෙවින් ඉහළ යන වග ආමරිකාවේ හාවර්ඞ් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා මහාචාර්ය එලන් ලෑන්ගර් පවසයි. අධි රුධිර පීඩනයට තුඩු දෙන හෝර්මෝන නිපැයුම පහත වැටෙන්නේ ඔබ යහපත් මානසික සෞඛ්‍යයකින් පසුවන්නේ නම් පමණි. 1970 දශකයේ සිට මේ දක්වා, වයස්ගත වීම හා අදාළව විවිධ විද්‍යාත්මක පරීක්ෂණ සමුදායක් සිදුකරනු ලැබූ මහාචාර්ය එලන් ලැන්ගර්ගේ හඬට මෙතැන් සිට අපි සවන් යොමු කරමු. ‘වයසට යාමත් සමග බොහෝ දෙනෙක් සිතන්නේ වෛද්‍යවරයා සහ ඔසුසල වෙත යාම මෙන්ම ආරෝග්‍ය ශාලාවල දින ගණන් නතර වී සිටීම තම ජීවන කාල සටහනේ අනිවාර්ය අංගයක් වනු ඇති බවයි. සුභවාදීව සිතීම, යහපත් සමාජ සබඳතා ගොඩනඟා ගැනීම, දෛනිකව ව්‍යායාමවල හා භාවනාවේ නියැලීම, එළැඹ ඇති සිහියෙන් දිවි ගෙවීම යනාදිය හරහා දීර්ඝ ජීවනයක් ලබාගත හැකි බව මේ අය දන්නේ නැහැ. එක් දවසක් හෝ ආශ්වාස, ප‍්‍රාශ්වාසය ගැන සිහියෙන් සිටියොත්, කෝපය හා ද්වේශය උපදවන ජාන සෑහෙන දුරකට අකර්මණ්‍ය කළ හැකි බව දැන් විද්‍යාත්මකව ඔප්පු වී තිබෙනවා. තදින් කෝපවීම, වයසට යාම ඉක්මන් කරවනවා. ආතතිය හා විශාදය අඩුකරගැනීම මගින් මිනිස් සිරුරේ ෙසෙලවලට හානිකරන ප‍්‍රතික‍්‍රියාකාරක ඔක්සිජන් අනු මර්දනය කිරීමේ හැකියාව අපට ලැබෙනවා.
අප සිරුරේ ෙසෙලවල අඩංගු වර්ණ දේහයන් ආරක්ෂා කරනු ලබන සියුම් ආවරණය, ‘ටෙලොමියර්’ ලෙස හඳුන්වනු ලබනවා. පුද්ගලයකු වයසට යනවිට ටෙලොමියර්ද ක්ෂය වී යාම ස්වාභාවිකයි. එහෙත්, හොඳ සිහිකල්පනාවෙන් සහ මානසික ශක්තියෙන් හෙබි අයගේ ටෙලොමියර් ක්ෂය වීමේ ප‍්‍රතිශතය සීඝ‍්‍රයෙන් අඩුවන වග හාවර්ඞ් සරසවිය සිය විද්‍යාත්මක පර්යේෂණ හරහා මේ වනවිට ඔප්පු කර තිබෙනවා. මෙයින් පෙනී යන්නේ දීර්ඝ ජීවනය යනු ජාන විද්‍යාව විසින් පමණක්ම මිනිසා තිළිණ කරන උරුමයක් නොව, මිනිසාගේ සිතුම් පැතුම් අනුවද අත්පත් කරගත හැකි දෙයක් බවයි. මානසික සුවයෙන් දිවිගෙවන පුද්ගලයකු තුළ වයස අවුරුදු 70දී පවා තාරුණ්‍යයේ ජවය නොනැසී පවතින්නේ මේ හේතුව නිසයි.

1979 පර්යේෂණය

මනස නිසි විනයක් ඔස්සේ පුහුණු කිරීම මගින් වයසට යාම පාලනය කරග හැකි වග 1970 දශකය වනතුරුම බටහිර වෛද්‍ය විශේෂඥයෝ විශ්වාස නොකළහ. එලන් ලෑන්ගර් හාවර්ඞ් සරසවියේ ආචාර්ය මණ්ඩලයට බැඳුණු මුල් අවධියේ, එනම් 1979දී, මනෝ විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකිරීම සඳහා අවුරුදු 70 පසුවන පුරුෂයන් 8 දෙනෙක්, විශේෂ නියැදියක් ලෙස තෝරාගනු ලැබුවාය. නියැදියට අයත් පුද්ගලයන් දැඩි රෝගාබාධවලින් පීඩා නොවිඳි එහෙත් ඉතා නීරෝගීද නොවුනු මධ්‍යස්ථ තත්ත්වයක පසුවුණු අතර හැමදෙනාම පාහේ ඉක්මනින් වෙහෙසට පත්වන හා මන්දගාමී ගතිපැවතුම් වලින් යුක්ත අය වූහ. උදාසීන ගතිපැවතුම් වෙනුවට, ක‍්‍රියාශීලී හා කඩිසර චර්යාවන් මොවුන් තුළ වගාකිරීමේ අභිලාෂය ඇතිව ආචාර්ය එලන් ලෑන්ගර් මේ අයව නිව් හැම්ප්ෂයර්හි පිහිටි සෙත් භාවනා මධ්‍යස්ථානයක් වෙත යැව්වේ දින 05ක සුවිශේෂී භාවනා වැඩසටහනක නිරතවීම උදෙසාය. අටදෙනාට වෙන්කළ නේවාසිකාගරය සූදානම් කොට තිබුණේ 1959 යුගයට, එනම් මේ අයගේ මැදි වයසට ගැළපෙන පරිදිය. එහි තිබූ රූපවාහිනි යන්ත‍්‍රය මගින් විකාශය කරන ලද්දේ 50 දශකයේ වැඩසටහන් හා සිංදුය. 1959-1961 ඇමරිකානු ජනාධිපතිව සිටි ඬේවිඞ් අයිසන්හවර් ධවල මන්දිරයේ පැවති උත්සවයක් අමතා කරන ලද කතාවක්ද රූපවාහිනිය මගින් පෙන්වන ලද අතර බික් රෝඞ්මාස්ටර්, පොන්ටියැක් චීෆ්ටන් හා ක්‍රොස්ලි හොයිෂොට් වැනි පැරණි මෝටර් රථවල පෝස්ටර්ද නේවාසිකා ගාරයේ බිත්ති මත අලවා තිබුණි. මූණ බලන කණ්ණාඩි කිසිවක්් එහි නොතබන ලද්දේ මේ අට දෙනාට තම වත්මන් වයස ගැන සිතන්නට ඇති ඉඩකඩ අහුරාලමිනි. මොවුන්ගේ සහායට කිසිවකුද නේවාසිකාගාරය තුළ සිටියේ නැත. දෛනික ව්‍යායාමවල නියැලීම, හුස්ම ගැනීමේ ක‍්‍රියාකාරකම්වල හා සක්මන් භාවනාවේ යෙදීම, සෞම්‍ය සංගීතයට සවන් දීම මෙන්ම සැහැල්ලූ ආහාර වේල් ගැනීම යනාදිය මේ අට දෙනාගේ දින පහේ කාල සටහනට ඇතුළත් වී තිබුණි. දින පහ අතරතුරදී මෙන්ම පර්යේෂණය අවසානයේදී සහභාගිකයන් අට දෙනාගේ මානසික හා කායික ශක්ති මට්ටම් සියුම්ව විභාග කිරීම සඳහා යොග්‍යතා පරීක්ෂණ ගණනාවක් පවත්වන ලදී. මේවායේ අවසාන නිගමනය වූයේ වැඩසටහනේ අවසන් අදියර වනවිට 70 හැවිරිදි සහභාගිකයන් අටදෙනාම දශක දෙකකින් පමණ තිරිහන් වී ඇති බවයි. එනම් ඔවුන්ගේ මානසික මට්ටම හා ශාරීරික ක‍්‍රියාකාරීත්වය අවුරුදු 50 වයස් කාණ්ඩයේ පසුවන නීරෝගී පුද්ගලයන්ගේ තත්ත්වය දක්වා උසස් වී තිබුණි. මෙයින් අනාවරණය වූයේ හිත ඇත්නම් වසර ගණනාවකින් වූව තම සිරුර හා මනස තිරිහන් කරගැනීමේ හැකියාව කවරකුට වූවද තිබෙන බවයි.

ආතතිය පාලනය කිරීම

එදිනෙදා ජීවිතයේ ආතතිය හා පීඩනය ඉහළ යනවිට මිනිස් සිරුරේ වර්ණ දේහ සුරක්ෂිත කරන ‘ටෙලොමියර්’ ආවරණය සීඝ‍්‍රයෙන් කෙටි වී යන අතර එම තත්ත්වය ප‍්‍රතිශක්තිකරණය හීන කිරීමට, හෘද රෝග හා දියවැඩියාව ඇති කිරීමට ඍජුවම බලපායි. ආතතිය හා ටෙලොමියර් ක‍්‍රියාකාරීත්වය අතර ඇති සම්බන්ධතාව 2008 වසරේදී ප‍්‍රථම වරට සොයාගත්තේ එලිසබෙත් ජැක් සොස්ටැක් සහ කැරොල් ග‍්‍රයිඩර් යන පර්යේෂකයන් විසිනි. මේ සොයාගැනීම නිසා වෛද්‍ය විද්‍යාව පිළිබඳ වන 2009 වසරේ නොබෙල් ත්‍යාගය ඔවුන් තිදෙනාට හිමි විය. ආතතියක්, පීඩනයක් අප තුළ හටගන්නා විට අපගේ ස්නායු පද්ධතිය සිටින්නේ යම් බාහිර සතුරෙකු පැමිණ අපට ජීවිත තර්ජනයක් එල්ල කරන බවයි. එකෙනෙහි මොළය, ඒඩි‍්‍රනල් ග‍්‍රන්ථිය වෙත අනතුරු සංඥා නිකුත් කරයි. ඊට ප‍්‍රතිචාර දක්වන ඒඩි‍්‍රනල් ග‍්‍රන්ථිය, එපිනොෆුයින් හා කෝටිසෝල් යන හෝමෝන නිකුත් කරමින් සුදු රුධිරානු හා අනෙකුත් ප‍්‍රතිශක්තීන්, අනතුරකින් හටගනු ඇතැයි අපේක්ෂා කරන තුවාලවලින් අප ආරක්ෂා කරගැනීමේ සටනට නිසි පරිදි සූදානම් කරනු ලබයි. කාර්යාල ප‍්‍රධානියා, බිරිඳ, සැමියා, දරුවන් සමග ගැටුම් ඇතිකරගැනීම, ණයබර නිසා කණස්සල්ලට පත්වීම වැනි විවිධ ආතතීන් හේතුවෙන් ඉහත කී හෝමෝන නිතර නිතර හටගැනීම ශරීරයට ඉතා අහිතකරය. සිරුර සටනට සූදානම් කරන හෝමෝන දවසේ පැය 24 පුරාම නිකුත් වේ නම්, ඉක්මනින් වයසට යාම සහ ආයුෂ කෙටිවීම අනිවාර්යයෙන් සිදු වේ. ආතතියෙන් මිදුණු, සැහැල්ලූ මනසකින් යුතුව ජීවත්වීමට අප උගත යුත්තේ මේ නිසාය. කැලිෆෝනියා සරසවියේ මනෝවිද්‍යා මහාචාර්ය එලීසා එපෙල්, ආර්තවහරණයට ලක්වූ, සෞඛ්‍ය සම්පන්න මැදි වයසේ කාන්තාවන් 239 කගේ නියැදියක් යොදාගෙන , ආතතිය නිසා ඒ අයගේ ටෙලොමියර් ආවරණ ක්ෂය වන්නේ කෙසේදැයි සොයා බැලූවාය. දැඩි ආතතියෙන් පෙළෙන අයගේ ටෙලොමියර් ආවරණ, වසර මුලදී හා අගදී වෙන වෙනම පරීක්ෂා කළ විට පෙනීගියේ, ඒවා සීඝ‍්‍රයෙන් ගෙවී ගොස් ඇතිබවයි. මොළයේ ගෙඩි, පිළිකා වහා හෘද රොගවලට මුල් වන්නේ මානසික ආතතිය බැව් මහාචාර්ය එලීසා එපෙල් සිය 2014 වසරේ පර්යේෂණය හරහා තහවුරු කළාය. යෝග ව්‍යායාමවල හා භාවනාවේ නියැලීම මගින් අහිතකර හෝමෝන ජනනය පාලනය කළ හැකි බවත්, සිරුරේ ටෙලොමියර් ආවරණ ක්ෂය වීම වළක්වාගත හැකි බවත් අද වනවිට ඔප්පු වී හමාරය.

භාවනා බෝ වීම

විපස්සනා භාවනාවේ මෙන්ම යෝග ව්‍යායාමවල යෙදෙන ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින්නේ එම අධ්‍යාත්මික ඇවතුම් පැවතුම්වල සැබෑ වටිනාකම ප‍්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගැනීමට ඒ අය සමත්ව ඇති හෙයිනි. ඇමරිකාවේ විස්කොන්සින් සරසවියේ ස්නායු විද්‍යා මහාචාර්ය රිචඞ් ඬේවිඞ්සන්, 2013 වසරේදී පුද්ගලයන් 40ක නියැදියක් තෝරාගෙන භාවනාව හා අදාළ විශේෂ පර්යේෂණයක් සිදු කළේය. නියැදියේ 20කට පැය 08ක් තිස්සේ (සැහැල්ලූ සංගීතයට සවන් දීම, ස්වාභාවික පරිසරයේ සුන්දරත්වය විඳින්නට සැලැස්වීම වැනි* විවේකී සුවයෙන් පසුවීමට ඉඩ සලස්වන අතර අනෙක් 20 සක්මන් හා ආනාපාන සති භාවනාවේ පැය 08ක් පුරා නිමග්න කරන ලදී. පැය 08 අවසානයේදී දෙපාර් ශ්වයේම අත්වල, විශේෂ උපකරණයක් යොදවා කුඩා තුවාලයක් සිදු කරන ලද්දේ ආතතිය උපද්දන සයිටොකින් හෝමෝනය ජනනය වන ආකාරයටය. සාමාන්‍ය විවේක ගැනීමේ වැඩසටහනකට සහාභාගීවු විසිදෙනා තුළ කිසිදු කලබැගෑනියක් ඇති නොවුනි. පැය 08 ක් තුළ වූව විපස්සනා භාවනාවේ නියැලීමෙහි අනුහස එසේ වේ නම්, දිගුකාලීනව එහි නිරතවන අයෙකුට ඉන් මහත් ඵල හා මහත් ආනිසන්ස හිමිවීම පුදුමයක් නොවන වග ස්නායු විද්‍යා මහාචාර්ය රිචඞ් ඬේවිඞ්සන් අවධාරණය කරයි.

ශ‍්‍රී ලංකාවේ බුද්ධාගම රැුකගැනීම පිණීස වත්මනෙහි පෙරට පැමිණ සිටින්නේ සිල් රෙදි ඇඳගෙන දඩයමේ යන ගෙම්බන්පිල් හා සුළු ජාතිකයන්ව හපා කෑමට පනින අන්තවාදි බලූ සේනාවක් මිස, සැබෑ බුදුමඟ හඳුනාගත් පිරිස් නොවේ. පරිභෝජන වාදයෙන් හා ජීවන ආතතියෙන් මිදී, විපස්සනා භාවනාවේ නියැලෙමින් නිරාමිස ප‍්‍රීති සුව විඳින ප‍්‍රඥාවන්ත ඇමරිකානුවන් හා සැසඳීමේදී, බුද්ධාගමේ මුදුන්මල්කඩ ශ‍්‍රී ලංකාව යැයි පම්පෝරි ගසන සිංහල-බෞද්ධ බහුතරය දැන් ගමන් කරමින් සිටින්නේ අඳුරෙන් අඳුරටම නොවේද?

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;