Borders & Lines – දෘෂ්‍ය කලාව කලාගාරයෙන් ඔබ්බට

තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුව විසින් සංවිධානය කරනු ලැබූ ප‍්‍රසාංගික කලා වැඩසටහන් ‘Borders & Lines’ නමින් මාර්තු මස 13 වෙනි දින සිට 16 වෙනි දින දක්වා කොළඹ-බොරැුල්ල නගරය කේන්ද්‍රකරගනිමින් පැවැත්විය. ප‍්‍රසාංගික කලාවට (Performing arts) අදාළ වැඩමුළු, සාකච්ඡුා, සම්මන්ත‍්‍රණ, ප‍්‍රදර්ශන, මහජන අවකාශයන්ගේ සිදුකළ ප‍්‍රසාංගික ඉදිරිපත් කිරීම් වලින් සමන්විත මෙම වැඩසටහන් පෙළ සඳහා ප‍්‍රසාංගික කලා කේෂත‍්‍රයේ දේශීය මෙන්ම ජාත්‍යන්තර ප‍්‍රවීණයන් සම්බන්ධවීම විශේෂත්වයකි. ශ‍්‍රී ලංකාවේ කලා කේෂත‍්‍රයට නවමු අත්දැකීමක් වූ මෙම වැඩසටහන සම්බන්ධයෙන් ප‍්‍රවීණ කලාශිල්පී ජගත් වීරසිංහ මහතා දැක්වූ අදහස් කිහිපයකි මේ.

දෘෂ්‍ය කලාවේදී විවිධ ඓති හාසික හේතූන් මත තමන්ගෙ ශරීරය ප‍්‍රකාශන මාධ්‍යයක් හැටියට භාවිතා කිරීමට පෙළඹුණා. 1960 දශකයේ පමණ මේ තත්වය ආරම්භ වෙනවා. චිත‍්‍රයක් නිර්මාණය කිරීමේදී අපි අවසානයේදී දකින්නෙ ඇඳපු චිත‍්‍රය වුණාට ඒ සම්බන්ධයෙන් අදාල ප‍්‍රසාංගික භාවයක් තිබෙනවා. ජැක්සන් පොලොක් කියන චිත‍්‍රශිල්පියා චිත‍්‍ර කැන්වසය බිම තබලා ඒකට හැම අතින්ම ඇතුල්වෙමින් චිත‍්‍රය ඇන්දා. ඒක රංගනයකට සමානයි. මෙහිදී චිත‍්‍ර ශිල්පියා තමන්ගෙ ශරීරය පිළිබඳ වූ ප‍්‍රකාශනය කලාව පිළිබඳ වූ ප‍්‍රකාශනයක් බවට පත් කරන්න උත්සාහ කළා. මෙහි තිබෙන විශේෂත්වය තමයි මේක මිලයට ගන්න බැහැ. විශාල දේශපාලන අදහසක් ඒක ඇතුළෙ තිබෙනවා. නූතන කලාවත් සමග විශාල වෙළඳපොළක් ගොඩනැගෙනවා. කලාගාර පාලකයො, කලා වෙළෙන්ඳො වැනි වර්ග සිටිනවා. මේ සියලූම දේවල් වලට එරෙහිව සිදුවන අරගලයක් ලෙස මේක හඳුන්වන්න පුළුවන්. මෙම භාවිතාව කලාකෘතියක් කියන දේ අර්චන වස්තුවක් ලෙස අයිතිකරගත හැකිය කියන අදහසටත් එරෙහිව වෙනවා. මොකද මෙය කාලය හරහා ගමන් කරන තත්වයක් නිසා. ප‍්‍රසාංගික කලාව අවසන් වුණාට පසුව කලා කෘතියක් අවසන් වෙනවා. වාර්තාකරණයක්, කලාකෘතියෙ සලකුණු ටිකක් පමණක් ඉතිරිවෙනවා. සාම්ප‍්‍රදායිකව දෘෂ්‍ය කලා සම්බන්ධයෙන් තිබුණු මතවලට සහ ආයතනවලට එරෙහිව යාමක් මේ තුළ තිබෙනවා. කලාව සම්බන්ධයෙන් තිබෙන සුළු ධනේශ්වර ආකල්පයන්ගෙන් කලාව ගලවාගැනීම මෙහිදී සිදුවෙනවා.

නාට්‍යයක නළුවො රඟපානවා. නමුත් ප‍්‍රසාංගික කලාව තුළ කලාකරුවා රඟපානවද කියලා ප‍්‍රශ්නයක් එනවා. නාට්‍යයක රංගනය කවුරුවත් සත්‍යයක් ලෙස පිළිගන්නෙ නැහැ. ඒ වගේම නාට්‍යයක තිබෙන මතවාද සම්බන්ධයෙන් එහි රඟපාන නළු නිළියන් වගකිවයුතු නැහැ. උදාහරණයක් විදිහට වර්තමාන රජයට පක්ෂපාති නාට්‍ය නිර්මාණයක් කරනවා. සමහරවිට ඒකෙ රජයට විරුද්ධ මතවාදයක් දරන නළුවෙක් රඟපාන්න පුළුවන්. නමුත් ඒක ප‍්‍රශ්නයක් නැහැ. නළුවා සහ රඟපාන දේ අතර දුරක් තිබෙනවා. ඒක අදහස්, සංකල්පීමය හෝ දාර්ශනික වෙන්න පුළුවන්. නමුත් ප‍්‍රසාංගික කලාව තුළ මෙම පරතරය නැතිවෙනවා. කලාකරුවා නිරූපණය කරන දේ සහ කලාකරුවා යන දෙකම එකක් හැටියට තමයි සලකන්නෙ. උදාහරණයක් විදිහට බන්දු මන්ම්පේරි විසින් රත්තරන් පාට ඇෙඟ් ගාගෙන බැරල් එකකුත් කරේ තියාගෙන ඇවිදිනවා. මෙතනදි කහපාට ආගමික් වර්ණයක් ලෙසත්, බැරල් එක යුද්ධයේ සංකේතයක් ලෙසත් භාවිතා වෙනවා. මෙතන තිබෙන්නෙ රංගනයක් නෙමෙයි.
ප‍්‍රසාංගික කලාව අවසන් වූ පසු කලාකරුවා කොහේද ඉන්නෙ කියන එක ප‍්‍රශ්නයක්. චිත‍්‍ර ඇඳලා අවසන් වූ පසුවත් මම චිත‍්‍ර ශිල්පියෙක්. නමුත් ප‍්‍රසාංගික කලාව අවසන් වූ පසු කලාකරුවා කියලා කෙනෙක් සිටිනවාද කියන දේ පිළිබඳව ගැටළුවක් තිබෙනවා. ප‍්‍රසාංගික කලාකරුවෙකුට ඉතිරි වෙන්නෙ තමන් කරපු නිර්මාණයක පින්තූරයක් පමණයි.

ප‍්‍රසාංගික ඉදිරිපත් කිරීමක් සිදුකරන්නෙ මිනිස් ශරීරයක් විසින්. මිනිස් ශරීරය කියලා කියන්නෙ ඓතිහාසිකවත්, දාර්ශනික වත් සංකීර්ණ නිර්මිතයක්. මනුස්සයා කියන කෙනා ඉතිහාසයේ එක් අවස්ථාවක පුද්ගලයෙක් බවට පත්වෙනවා. තමා පිළිබඳව ස්වයං තීරණයක් ගැනීමේ අයිතියක් තියෙන කෙනෙක් බවට පත්වෙනවා. එක් කාලයක එක් එක් දේවල් අපේ අනන්‍යතාවය කියලා සිතුවා. අප සිටින සමාජ දේශාපාලන, සංස්කෘතික පරිසරය විසින් වරින් වර අප මත අපි පිළිබඳව විවිධ අදහස් පටවනවා. අපි අපි මතම පටවන ලද විවිධාකාර ඇණවුම් මගින් අපි අපි පිළිබඳව හිතා ගන්නවා. ප‍්‍රසාංගික කලාකාරුවා ඉදිරිපත් කිරීමක් කරන විට න්‍යායාත්මක වශයෙනුත්, දාර්ශනික වශයෙනුත්, සම්බන්ධතා වශයෙනුත් ප‍්‍රශ්නයක් මතුවෙනවා. ප‍්‍රසාංගික කලාව තුළ Performative නමින් සංකල්පයක් තිබෙනවා. උදාහරණයක් වශයෙන් පල්ලිය විසින් ගැහැණියක් හා මිනිසෙක් එකතු කරලා ‘අද සිට ඔබ දෙදෙනා සැමියා සහ බිරිඳ’ කියලා කියනවා. එතනින් පසුව ඒ දෙදෙනා වෙනස් වෙනවා. මේකට අපි කියනවා Performative කියලා. අපේ ජීවිතයේ හැමදෙයක් ඇතුළෙම මේ Performative ලක්ෂණය තිබෙනවා. බන්දු මනම්පේරි රත්තරන් පාට ඇෙඟ් ගාගෙන ඇවිදින කොට සිදුවන්නේ මෙයමයි. එයා ඇවිදිනකොට අපි ඒක දිහා බලනවා. එයා එයාව නිර්මාණය කරනවා. අපි එයාට අනුව නිර්මාණය වෙනවා. එයා කරනවා, අපි බලනවා. දෙගොල්ලන්ම දෙගොල්ලන්ම නිර්මාණය කරනවා. බස් එකකට හාමුදුරුකෙනෙක් නැග්ගාම අනතුරුව කළ යුතු දේ අප දන්නවා. නමුත් ප‍්‍රසාංගික ඉදිරිපත් කිරීමකදි අපි මොකක්ද කරන්න ඕනෙ කියලා දන්නෙ නැහැ. මෙහිදී ගුප්ත ස්වභාවයක් ගනුලබනවා. මෙහිදී කලාකරුවා සහ නිර්මාණයේ සීමාව බොඳකරනවා.

තීර්ථ කලාකරුවන්ගේ එකතුව විසින් කලාගාරයේ තිබෙන ආධිපත්‍යය සහ ආරක්ෂාව අභියෝගයකට ලක්කරමින් බොරැුල්ල හන්දියට ගිහිල්ලා නිර්මාණ ඉදිරිපත් කරනවා. පළමුවෙන්ම මෙහිදී කලාගාරය විසින් ගොඩනගලා තිබුණ ඓතිහාසික ආරක්ෂාව, කලා රසිකයා වැනි ඓතිහාසික චරිත නැතිවෙලා යනවා. ඒ වෙනුවට අපට මහජනයා කියලා කොටසක් හමුවෙනවා. මහජනයාටත් වඩා එතනදි අපට හමුවෙන්නෙ crowd එකක් කියලා කියන්න පුළුවන්. ශරීරය පුරාම රත්තරන් පාට ගාගෙන බැරල් එකක් උස්සගෙන කෙනෙක් බොරැුල්ල හන්දියට ආවාම crowd ඇතිවෙනවා. crowd එකක් මුලින්ම නාදුනන අයගේ ස්පර්ශය සම්බන්ධයෙන් තියෙන බය අත්හරිනවා. crowd එකක් එකට ඉන්න කොට එකිනෙකා ස්පර්ශ වෙනවා. crowd බය නැති කරගත් පිරිසක් බිහිවෙනවා. crowd වලට විශාල විනාශයන් කිරීමට හැකිවෙන්නේ ඒ නිසායි. ප‍්‍රසාංගික කලාකරුවා කලාගාරයෙන් මිදිලා මහජන අවකාශයට පැමිණි පසු එම අවකාශය තුළ තේරුම්ගැනීමට නොහැකි කිසියම් ගුප්ත සලකුණක් ඉතිරි කරනවා. මේ තුළින් කලාත්මක අත්දැකීමක් බිහිවෙයි කියලා අපි හිතනවා. මේ හරහා සිදුවිය හැකි විවිධ දේවල් තිබෙනවා. පළමුවැනි දේ තමයි මේ කරන්නෙ මොකක්ද මේ කියන ප‍්‍රශ්නය. අනික තමයි මෙයා මේක කරන්නෙ මොකටද කියන ප‍්‍රශ්නය. මහජන අවකාශය තුළ පිළිගනු ලැබූ රටාවක් තිබෙනවා. හැමදාම බස් එකේ යනවා, වැඩට යනවා, කඬේ යනවා වගේ රටාවක් තිබෙනවා. මෙම රටාව, රිද්මය මහජන අවකාශයට ගොඩබසින කලාකරුවා විසින් කඩා දමනවා.
ලංකාවේ දෘෂ්‍ය කලාව තුළ කිසියම් ආකාරයක වාණිජකරණයක් තිබෙනවා. අද වෙනකොට සෑම දෙයක්ම සිදුවෙන්නෙ කලාගාරය සඳහා පමණයි. නමුත් කලාව කියන එක ඊට වඩා මූලික ශිෂ්ටාචාරමය ප‍්‍රශ්න මුදාහරින තැනක් ලෙස යොදාගත හැකියි. ප‍්‍රශ්න කිරීමට පෙළඹවීම කියලා කියන්නෙ සරලයි වගේ පෙනුනට ඉතාම වැදගත් ප‍්‍රශ්නයක්. සාම්ප‍්‍රදායික කලා අවකාශයක් නොවන තැනක කලා අවකාශයක් බිහිකරමින් මෙම ප‍්‍රශ්න ඉදිරිපත් කරනවා. පර්යේෂණාත්මක සහ කලා වෙළඳපොළ මගින් තීරණය නොකරන කලාවන් සමාජයකට අවශ්‍ය වෙනවා.

ප‍්‍රසාංගික ඉදිරිපත් කිරීමකදි ඒ තුළ නොගැලපෙන ස්වරූපයක් දක්නට ලැබෙනවා. මෙම නොගැලපෙන ස්වරූපය ගැලපෙන තත්වයට බවට පත්කරන්නේ මේ එන පිරිස විසින්. එතකොට ඒක සාමන්‍යකරණය වෙනවා. ඒ නිසාම නැවත මේක වෙනස් වෙන්න ගන්නවා. මේක කොච්චර වීඩියෝ කළත් අපිට අල්ලගන්න බැහැ.
crowd එකකට නිතරම අරමුණක් තිබෙනවා. එම අරමුණ අඳුරුම තැන ලෙස හඳුන්වනවා. crowd ගිහිල්ලා මිනිස්සුන්ගෙ ගෙවල් කුඩු කරනවා වගේ තැන් වලදි මේ තත්වය හොඳටම පැහැදිලි වෙනවා. 1983 දි මම මේ තත්වය දැකලා තිබෙනවා. ඒ වගේම පකිස්ථානයෙදි මේ ආකරයට හොඳට එළිය කරලා තිබෙන කඩසාප්පුවලට ගහනවා මම දැකලා තිබෙනවා. සංකල්පීයව මේ තත්වය බොහොම අඳුරුයි. මොකද එතනින් එහාට වෙන දේ පිළිබඳව හිතන්නෙ නැහැ. කවුරු හරි ගිහිල්ලා ඉතාම හිතුවක්කාරී දෙයක් මෙතන කරන්න පුළුවන්. නොගැලපෙන දෙයක් කරන්න පුළුවන්. නොගැලපීමම තමයි අරුත් සම්පාදනය සඳහා හේතුවෙන්නෙ. මේක තුළ කෙලවරක් නොමැති හැඟවුම්කරණයන්වලට crowd එක යොමු කරවනවා.