යාපනය ගිනියම්…

 

මේ මාර්තුවයි. ජනාධිපති මහින්ද රාජ පක්ෂ නැවත බලයට පැමිණියා නම් මේ මාර්තුව ලංකාවේ දකුණු අන්තයට කෙළෙසක දැනෙනු ඇතිද? එහෙනම් අද දකුණ ගිනියම්ය. ඒ ජිනීවා නුවරින් එන සුළි සුළං රැුලි නිසාය. මෛත‍්‍රීපාල සිරිසේන නව ජනාධිපති ලෙස පත්වීම නිසා මාර්තුවේ එන්නට තිබුණු මානව හිමිකම් වාර්තාව සැප්තැම්බරයට කල් ගියේය. මේ පිළිබඳව ප‍්‍රකාශයක් කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ සිදුවී ඇති වෙනස නිසා වාර්තාව තවත් ශක්තිමත් කරගැනුමට අලූත් තොරතුරු මතුවීමේ ඉඩකඩක් පවතින බවයි. එයද සැලකිල්ලට ගනිමින් එළැඹෙන සැප්තැම්බරය දක්වා විමර්ශන වාර්තාව පමා කළ බව ඔහු කියා සිටියේය. පසුගිය පෙබරවාරි මුල් සතියේ මතුවූ මේ නව තත්ත්වය සමග උතුරු සහ නැගෙනහිර පළාත් විශේෂයෙන්ම යාපනය උණුසුම් වන්නට විය. එම උණුසුමේ උච්චතම අවස්ථාව සටහන් කරමින් පසුගිය 23 වැනි දින උතුරේ සහ නැගෙනහිර ප‍්‍රදේශ රැුසක උද්ඝෝෂණ මාලාවක් පැවැත්විණි. ඒ එකම දිනයේ එකම වේලාවේදීය.

මේක නෙවෙයි ප‍්‍රශ්නය

යාපනයේ උද්ඝෝෂණය පිළිබඳව රාවයට යාපනයේ තරුණයකු කතා කළේය. ඔහු වතීෂ් වරුණන්ය. ‘අද යාපනේ මිනිස්සුන්ට තියෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය මේක නෙවෙයි. අද තියෙන ප‍්‍රශ්න ගොඩාක් සංකීර්ණයි. අපිට අද වතුර ප‍්‍රශ්න තියෙනවා, ඉඩම් ප‍්‍රශ්න තියෙනවා. මේක එක ප‍්‍රශ්නයක් විතරයි. ටීඑන්ඒ එක මේ ප‍්‍රශ්නයට විතරයි බර දාන්නේ. යාපනයේ තරුණයෝ විදිහට අපි කැමතියි දකුණත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න. ටීඑන්ඒ එක මේ ප‍්‍රශ්නය සැරින් සැරේ මතුකරන්නේ දේශපාලන වාසි ගන්න. ඒත් අද යාපනයේ තරුණයෝ ගොඩාක් ටීඑන්ඒ ස්ථාවරයේ නැහැ. ඒත් අපිට වෙන දේශපාලන විකල්පයකුත් මේ වෙලාවේ නැහැ. ඒකයි ගැටලූව.
වතීෂ් වරුණන්ගේ අදහස එය වුවත් උද්ඝෝෂණයට සහභාගි වූවන් ප‍්‍රකාශ කරනුයේ තමන්ට දේශීය පරීක්ෂණයක් විශ්වාස නැති බවය. පසුගිය ජනාධිපති වරයා අතුරුදන් වූවන් ගැන සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ බවත් අදාළ නිලධාරීන් එහිදී හරිහැටි ක‍්‍රියා නොකළ බවත් වත්මන් ජනාධිපතිවරයාද අදාළ නිලධාරීන් වෙනස් නොකර ඒ කොමිසමම ඉදිරියට ගෙනියන්නේ නම් එයින් හැඟවෙන්නේ වර්තමාන රජයට සහ ජනාධිපතිවරයාට තමන්ගේ ප‍්‍රශ්නය ගැන නිසි අවබෝධයක් නොමැති බව ඔවුන් එක හඬින් කියා සිටිති. අතීතයේ සිටම නොයෙක් ජනාධිපතිවරුන් නොයෙක් ප‍්‍රශ්න අරබයා පත් කළ කොමිසම්වලත් ඒ ඒ ප‍්‍රශ්නවලට ඒ ඒ කොමිසම් මගින් කිසිදු සාධනීය පිළිතුරක් නොලැබුණු බව මතක් කරදෙන ඔවුන් තමන්ට දේශීය පරීක්ෂණ පිළිබඳව විශ්වාසයක් නොමැති බව අවධාරණය කර කියා සිටී.

රජයේ කතා

යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූවායැ’යි කියන මානව හිමිකම් කඩවීම් සහ අතුරුදන්කිරීම් පිළිබඳව කෙරෙන අන්තර්ජාතික විමර්ශන යකට තමන් කැමති නැති බව වර්තමාන රජයේ ස්ථාවරය බව බැලූ බැල්මට පෙනේ. වත්මන් රජය කියන්නේ ස්වාධීන දේශීය පරීක්ෂණ ක‍්‍රියාවලියකට තමන් කැපවී සිටින බවය. ස්වාධීන දේශීය පරීක්ෂණයකින් වින්දිත යන්ට යුක්තිය ඉටුකර දිය හැකියැ’යිද ඔවුන් පුන පුනා කියමින් සිටිති.

එහෙත් බැලූ බැල්මට පෙනෙන්නේ තවමත් වර්තමාන රජයද මේ ගැටලූව අරභයා වැනෙනසුලූ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවය. මුලතිව් ප‍්‍රදේශයේ පැවති අතුරුදන්වූවන්ගේ උද්ඝෝෂ ණයට සම්බන්ධ වූ උදයන් කුමර් කියා සිටින්නේ මේ ගැටලූවට තිබෙන එකම විසඳුම දේශීය පරීක්ෂණයක් පමණක් නම් එය අන්තර්ජාතික ප‍්‍රමිතියකට අනුකූලව අන්තර්ජාතික නිරීක්ෂක යන්ගේ නිරීක්ෂණයන් සහ මගපෙන්වීම් යටතේ සිදුකළ යුතු බවය. එම පරීක්ෂණ ක‍්‍රියාවලියෙ සාධනීය මෙන්ම විශ්වසනීය බව තම ජනතාවට ඒත්තු ගැන්වීමට වර්තමාන රජයට යුතුකමක් ඇතැ’යි පවසන ඔහු කියා සිටින්නේ වර්තමාන ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට උතුරු-නැගෙනහිර දෙමළ ජනයා විශේෂ කාර්යයන් කළ පසුබිම තුළ ජනපතිවරයාට දෙමළ ජනතාවගේ අභිලාෂයන් මගහැර යා නොහැකි බවය.

අතුරුදන්වූවන් සොයා ගැනීම අරභයා සහ පසුගිය යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූවායැ’යි කියන දරුණු ගණයේ මානුෂීය නීතීන් බිඳ වැටීම් පිළිබඳව සොයා අදාළ පුද්ගලයන්ට යුක්තිය ඉටුකරදීම සඳහා කෙරෙන උද්ඝෝෂණවල වැඩි වර්ධනයක් අදාළ ප‍්‍රදේශ තුළ මෙන්ම අන්තර්ජාතික තලයේද දක්නට ඇත. වර්තමාන රජය සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා මානව හිමිකම් අරබයා ශ‍්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා අන්තර්ජාතික තලයේදී සමනය කරගැනුමට උත්සාහ කරන අවධියක නැග එන මේ උණුසුම් විරෝධතාවන් එයට යම් බාධාවක් ජනිත කළ හැකිය. ඒ නිසා දෙමළ ජනතාව දිනාගනිමින් මෙම උණුසුම සමනය කරගැනුමට රජය කටයුතු කළ යුතුය.

ප‍්‍රශ්න ගොඩයි

අතුරුදන්වූවන් සහ මානව හිමිකම් ගැන මෙලෙස යාපනයේ සහ නැගෙනහිර උද්ඝෝෂණ දියත් වී තිබෙන පසුබිමක පසුගිය කාලයේ තවත් පුවතක් මැවුණි. එයින් කියැවුණේ ත‍්‍රිකුණාමලයේ රහසිගත කඳවුරක රැුඳවියන් විශාල පිරිසක් රඳවාගෙන සිටින බවය. එම කඳවුර ගෝඨාභය කඳවුරයැ’යි නම් කළ ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් පසුගිය 16 වැනි දින යාපනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මෙම කඳවුර පිළිබඳව තොරතුරු තමන් සතු බවය. අදාළ කඳවුර පිළිබඳව වර්තමාන රජය විමර්ශනයක් අරඹන්නේ නම් තමන් එයට අදාළ සාක්ෂි දෙන්නට සූදානම් බවද ඔහු ප‍්‍රකාශ කළේය. මෙම ගැටලූව සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුව තුළදීද මතු කළ අතර එහිදී අගමැති රනිල් වික‍්‍රමසිංහ කියා සිටියේ එවැනි කඳවුරක් ත‍්‍රිකුණාමලයේ නැති බව නාවික හමුදාපතිවරයා සනාථ කරන බවය. මෙවැනි ගැටලූ පැන නැගි විට මෙවැනි වාද විවාදවලින් ඔබ්බට ගොස් නිසි විමර්ශනයක් විනිවිද පෙනෙනසුලූ ලෙස පැවැත්වීමට රජය වහාම මැදහත්ව කටයුතු කළ යුතුය.
ත‍්‍රිකුණාමලයේ මෙම කඳවුර මෙන්ම මෙවැනි වර්ගයේ බොහෝ කඳවුරු ප‍්‍රමාණයක් දිවයින තුළ විසිර ඇතැ’යි යම් යම් මාධ්‍ය වාර්තා සමාජ මාධ්‍යයේද පළවන්නට වූ අතර මේ සියල්ල පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන තැනකට රජය මාරුවිය යුතුය.

මේ අතර 2008 සැප්තැම්බර් 11 වැනි දින අතුරුදන්වූවායැ’යි කියන ඇන්ටන් කැන්ස්ට‍්‍රන් බික්රාට් යන තරුණයා වැලිකඩ බන්ධනාගාරයේ සිරගත දිවියක් ගත කරන බවට දැනගන්නට ලැබී ඇතැ’යි මාධ්‍ය වාර්තා පළවේ. මේ පිළිබඳව ඔහුගේ මාපියන් හබයාස්කෝපුස් පෙත්සමක් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කළ විට පසුගිය 16 වැනි දින අදාළ පෙත්සම විභාගයට ගෙන ඇත. අදාළ පුද්ගලයා සමග සම්පූර්ණ වාර්තාවක් ඉතා ඉක්මනින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදී මහේස් ත‍්‍රාත්වරයා පොලිසියට දන්වා ඇත.

මෙවැනිම අයුරකින් පසුගිය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් උතුරේ බෙදාහරින ලද පත‍්‍රිකාවක තිබූ ඡුායාරූපයක් පිළිබඳවද ප‍්‍රශ්නයක් මතුවිය. එහිදී කියැවුණේ අදාළ ඡායාරූපයේ සිටි දමිළ පුද්ගලයා මීට කලකට ඉහත අතුරුදන් වූ පුද්ගලයකු බවය. කලින් කලට මතුව එන මෙවැනි සිද්ධීන් නිසා දකුණේ රහසිගත රැුඳවුම් කඳවුරු ඇතැ’යි මාධ්‍යයේ පළවෙන වාර්තා පිළිබඳව නැවත සිතා බලන්න සිදුව ඇත. හුදෙකලාවේ තැනින් තැන මතුව එන මෙවැනි සිදුවීම් පිළිබඳව ඉක්මනින් ප‍්‍රතික‍්‍රියා දක්වන තැනකට රජය මාරුවිය යුතුය. අදාළ සිදුවීම් පිළිබඳව පරීක්ෂා කර සත්‍ය වාර්තා කළ යුතුය. අතුරුදන්වූවන් පිළිබඳව සහ අතුරුදන් කරවීම්වලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව සමාජයට තොරතුරු පැමිණිය හැකි කවුළු රජය මැදිහත් වී විවෘත කළ යුතුය. වර්තමාන රජයත් අදාළ තොරතුරු තවදුරටත් සමාජයෙන් සඟවෙන්නේ නම් එය සිංහල-දෙමළ සහජීවනය පැත්තෙන් බරපතළය. මේ අතර හිටපු අමාත්‍යවරයෙක් වන කරුණා අම්මාන්ටද යුද අපරාධ චෝදනා එල්ල වී ඇත. රජය මෙවැනි සිදුවීම් පිළිබඳව වහාම පරීක්ෂා කර අධිකරණයට කරුණු වාර්තා කරමින් දෙමළ ජනතාවගේ සිත් දිනාගැනීමට කටයුතු කළ යුතුය.

පසුගිය රජය දෙමළ ජනතාවගෙන් බලහත් කාරයෙන් අත්පත් කරගෙන තිබූ ඉඩම්වලින් යම් ප‍්‍රතිශතයක් නැවත අදාළ හිමිකරුවන්ට ලබාදීමට කටයුතු කිරීම සිංහල-දෙමළ සංහිඳියාවක් ඇති කර ජාතික ප‍්‍රශ්නයට විසඳුම් දෙන්නට වර්තමාන ජනාධිපතිවරයා ගන්නා ලද උත්සාහයක් ලෙස අපට සිතිය හැකිය. ජාතික ගීය දෙමළෙන් ගැයීමට අවස්ථාව සැලසීමද එහිම දිගුවකි. ජනපතිවරයාට තව කළ හැකි දේ බොහෝය. යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූවායැ’යි කියන අපරාධවලට විනිවිද පෙනෙනසුලූ යාන්ත‍්‍රණයක් සහිත විමර්ශන ක‍්‍රියාවලියක් ඇතිකර වරදකරුවන්ට දඬුවම් පැමිණ විය යුතුය. එම ක‍්‍රියාවලිය දෙමළ ප‍්‍රජාවගේ විශ්වාසය තහවුරු කරන අයුරින් කළ යුතුය. දිගුකාලීන සාමයක් සඳහා දෙමළ සිත් තුළ පැසවන තුවාලයන්ට බෙහෙත් දැමිය යුතුය. ඒ තුවාල වූ සිත් සහිත මිනිසුන් වෙසෙන සමාජයක් කිසිදාක සංහිඳියාවකට නොපැමි ණෙන බැවිනි.