මහ බැංකු අධිපති විසින් වසර 30ක බැඳුම්කර නිකුත් කළ අන්දම

ආර්.එම්.බී. සේනානායක
පරිවර්තනය හේමන්ත රණවීර

වෙළෙඳපොළට දැනුම්දීමේදී තමා අතින් වරදක් වූ බව මහ බැංකු අධිපති පිළිගත්තේය. ලැබෙන තොරතුරු මත මෙහෙයවන මූල්‍ය වෙළෙඳපොළ තුළ අභ්‍යන්තර තොරතුරු පිටකිරීම, අභ්‍යන්තර තොරතුරු මත ගනුදෙනු කිරීම සැලකෙන්නේ සාපරාධී කටයුත්තක් ලෙසටය. එක්සත් ජනපදයේදී මේ වරදට හසුවූ රාජ් රාජරත්නම්ට සිරබත් කෑමට සිදුවිය. තවත් කීපදෙනකුටද එසේ වී ඇත. හිටපු කොටස් වෙළෙඳපොළ මණ්ඩල සභාපති තිලක් කරුණාරත්න කෙතරම් උත්සාහ ගත්තද ලංකාවේදී මෙවැනි වැරදිවලට දඬුවම් කෙරෙන්නේ නැත. වංචාකාරී ව්‍යාපාරිකයෝ මුක්තිය හේතුවෙන් ගැලවෙති. අභ්‍යන්තර තොරතුරු හොරෙන් ගැනීම සහ ඒ මත ගනුදෙනු කිරීම අපරාධයක් ලෙස සැලකෙන්නේ එයින් කෙනකු ලබන ලාභය අනෙක් අයට පාඩු ගෙනදෙන බැවිනි. ආර්ථිකඥයන් පෙන්වා දෙන ලෙසට මූල්‍ය වෙළෙඳපොළ ලාභ යනු බින්දුවේ සිට කරන ක‍්‍රීඩාවකි.

හිටපු බැංකු අධිපතිවරයකු වන ඒ.එස්. ජයවර්ධන ප‍්‍රාථමික ගැනුම්කරුවන් හඳුන්වා දුන්නේ භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් ගන්නා බැංකු ඒවා ජනතාවට නිකුත් කිරීමට උනන්දු නොවූ බැවිනි. බැංකු විසින් බිල්පත් හා බැඳුම්කර මුදල් අච්චු ගැසීමක් වන අතර ජනතාව ඒවා මිලට ගැනීම ඔවුන්ගේ සැබෑ ඉතිරි කිරීම් මතින් විය. මේ වෙළෙඳපොළ මහ බැංකුව ඇති කරන ලද්දක් වන අතර එයට උදව් කර පෝෂණය කළේද එය විසින්මය. මහ බැංකුව පොලී අනුපාතවලට අමතරව රජයට වුවමනා මුළු මුදල සපයා ගැනීම ගැන බැලූවේය. එය උනන්දු වූයේ තරගකාරී මිල ගැන පමණක් නම් එක ප‍්‍රාථමික ගැනුම්කරුවකුගේ හැකියාව වන රුපියල් මිලියන 500 කොටස් නිකුත් කිරීමට තිබුණි. ප‍්‍රාථමික ගැනුම්කරුවන් ඊට වඩා ගණනකට ලංසු තබා ඇතැ’යි කෙනෙකුට කීමට හැකිය. එහෙත් ඉහළ පොලී අනුපාතවලට දෙන මේ ලංසු බොහොමයක් ව්‍යාජ ඒවාය. මන්ද මහ බැංකුව ඒවා භාරගන්නේ ඔවුන්ගේ බැංකු ප‍්‍රකාශන පරීක්ෂා කිරීමෙන් පසු බැවින් ඒවා භාර ගනිතැ’යි ඔවුහු අපේක්ෂා නොකරති.
ටෙන්ඩරයක් යනු ඉලෙක්ට්‍රොනික ගනුදෙනු වලට පෙරදී පැවති ලෙසට විවෘත වූ ප‍්‍රසිද්ධ වෙන්දේසියක් නොවේ. ඉදිරිපත් කර ඇති ප‍්‍රමාණය කිසිම තනි ගැනුම්කරුවකුට ගතහැක්කක් නොවේ. මෙබඳු විශාල ප‍්‍රමාණ සඳහා ලංසු තැබීමේ හැකියාව ඇත්තේ බංකුවලට පමණක් වුවද බැඳුම්කර ජනතාව අතර බෙදීයනු දැකීමට මහ බැංකුව කැමතිය. මූල්‍ය ප‍්‍රතිපත්තියේ අරමුණ දෙවන වෙළෙඳපොළක් ඇති කිරීමට ජනතාවගේ ඉතිරි කිරීම් ලබාගැනීම වූ විට ප‍්‍රාථමික වෙළෙඳපොළ පවත්වා ගත හැකිය. ඒ අනුව මහ බැංකුවට අඩු මිල ලබාගත හැකි ප‍්‍රසිද්ධ වෙන්දේසියක් නොවේ. එයට අවශ්‍ය අඩු මිලට වැඩිම ප‍්‍රමාණය සපයා ගැනීමය. ඒ අනුව මහ බැංකුව වෙළෙඳපොළ යොමු කරන්නේ බැංකුව පිළිගත හැකියැ’යි සිතන මට්ටමේදී ලංසු තැබීමටය. බැංකුව මගපෙන්වන්නේ එයට පිළිගත හැකි පොලී අනුපාතවලට ඉල්ලූම් කිරීමටය. බැඳුම්කර මිල සකස්වන්නේ ගෙවීමට ඇති බැඳුම්කර වටිනාකමට බර තැබූ ප‍්‍රමාණය අනුවය.

ඒ අනුව බැඳුම්කර මිල තීරණයවන්නේ පවතින බැඳුම්කරවල මිල අනුවය. මෙම ක‍්‍රියාවලිය සිදුවන්නේ වඩාම තරගකාරී මිල ලබාගැනීම සඳහා පමණක්යැ’යි කිසිවකු වරදවා වටහාගන ඇත. වසර 30 බැඳුම්කර නිකුතුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන ප‍්‍රාථමික ගැනුම්කරුවන්ට තිබූ තොරතුරු මොනවාද? පෙබරවාරි 24 මූල්‍ය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය නිකුත් කිරීමට රැුස්වූ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ප‍්‍රකාශ කළේ මූල්‍ය ප‍්‍රතිපත්තියේ වෙනසක් නොවන බැවින් පොලී අනුපාත වෙනස් නොවන බවය. වසර 30 බැඳුම්කර නිකුත් කරන ලද්දේ ඊට ටිකකට පසුවය. මේ සඳහා දුන්නේ කෙටි දැනුම්දීමක් පමණි. බැඳුම්කර සඳහා ප‍්‍රාථමික ගැනුම්කරුවන් සිත්හි තබාගත යුතු පොලී අනුපාත සාමාන්‍යයෙන් මහ බැංකුවේ රාජ්‍ය ණය අංශය සඳහන් කරයි. ප‍්‍රාථමික ගැනුම්කරුවන් කියන්නේ මේ අවස්ථාවේදී මහ බැංකුව ලංසු තැබිය යුතු පොලී අනුපාත 9.35% සහ 9.75% අතර විය යුතු බව තමන්ට දුරකතනයෙන් දැනුම් දුන් බවය.

කමිටුව ප‍්‍රාථමික ගැනුම්කරුවෝ කීපදෙනකු ඉදිරිපත් කරන ලංසු පරීක්ෂා කළ යුතුය. පර්පෙට‍්‍රවල් ටෙ‍්‍රෂරිස් ලංසු කීපයක් ඉදිරිපත් කර තිබුණි. රුපියල් මිලියන 500, රුපියල් බිලියන 1, රුපියල් බිලියන 3ක ලෙසටය. ඒ ලංකා බැංකුව හරහාය. ඒවාට පොලී අනුපාත දක්වා තිබුණේ 11.25% සිට 12.50% දක්වාය. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තම අනුපාත 9.35% සිට 9.75% දක්වා සඳහන් කර තිබුණද මොවුහු ඉහළ පොලී මට්ටමකට ලංසු තැබූහ. තේරුම් ගත නොහැකි හේතුවක් මත මහ බැංකුව රුපියල් බිලියන 10ක බිල් 12.5% පොලී අනුපාතයට භාර ගත්තෝය. පර්පෙට‍්‍රවල් ටෙ‍්‍රෂරීස් ඉදිරිපත් කළ රුපියල් බිලියන 4.5 සියලූම ලංසු භාරගන්නා ලදි. සමහර ප‍්‍රාථමික ගැනුම්කරුවන් පවසන ලෙසට මහ බැංකුව රුපියල් බිලියන 4 දක්වා 12.5%ට අඩුවෙන් මිලට ගැනීමට හැකිව තිබුණි. බැංකුව එසේ නොකරන ලද්දේ මන්ද? බැංකුව රුපියල් බිලියන 6කට වැඩිපුර මුදල් ගෙවා ඇති අතර මින් බිලියන 4.5ක් පර්පෙච‍්‍රවල් ටෙ‍්‍රෂර්ස්ලාගේය. වැඩිදුර විස්තර නොමැතිව මෙයින් රජයට වූ පාඩුව ගණන් බැලිය නොහැක. දළ වශයෙන් බිලියන 6කට 2.5% ගණනේ බැලූවොත් වසරකට බිලියන 1.5ක පාඩුවකි. වසර 30කදී රුපියල් බිලියන 45ක පාඩුවකි.
මූල්‍ය ප‍්‍රතිපත්ති වෙනස් නොවන බවට පැවසූ රජය මෙම බැඳුම්කර නිකුතුවෙන් පසුව තම ස්ථාවරය වෙනස් කළේය. මාසයේ 3 දිනකට පමණක් වන තැන්පතුවලට 6.5%ක් ගෙවන අවස්ථාවේ මහ බැංකුවේ බැංකු තැන්පත් කරන මහ බැංකුවේ ස්ථාවර පහසුකම් සහිත බැංකුවලට 5% දඬුවම් අනුපාතයක් පැවතුණි. සමස්ත පොලී අනුපාත ක‍්‍රමය වෙනස් වන ලෙසට මහ බැංකුව මෙම දඬුවම් පොලී අනුපාතය ඉවත් කළේය. මේ අනුව භාණ්ඩාගාර බැඳුම්කර ද්විතීයික වෙළෙඳපොළේ ගනුදෙනු කෙරුණේ අඩු පොලී අනුපාතයටය. එනම් 9.35% සිට 9.75 අනුපාතවලටය. මහ බැංකු පුද්ගලික ස්ථාන ගතකිරීම ද කෙරුණේ මේ අනුපාතයටය. එහෙත් කෙටි කලකට පසුව ප‍්‍රාථමික වෙන්දේසිවලදී භාණ්ඩාගාර බිල්පත් පොලී 1%කින් වැඩි කිරීමට මහ බැංකුව ඉඩ දුන්නේය. මූල්‍ය මණ්ඩලය මූල්‍ය ප‍්‍රතිපත්තියේ වෙනසක් නොවන බව පවසමින් වෙළෙඳපොළ නොමග හැරියේ මේ ආකාරයෙනි.

බැඳුම්කර නිකුතුව රුපියල් බිලියනයකට වූ විට 9.56% අනුපාතයට නිකුත් කළ හැකිය. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව බිලියන 10 වෙනුවට බිලියන 1ක් ඉදිරිපත් කළේ වෙළෙඳපොළේ හැකියාව ඔවුන් දන්නා බැවිනි. ප‍්‍රාථමික ගැනුම්කරුවන්ගේ සංඛ්‍යාව අඩු අතර එක් කෙනෙකුට ඇත්තේ රුපියල් මිලියන 300ක ප‍්‍රාග්ධනයකි. බැඳුම්කරවලින් විශාල ප‍්‍රමාණයක් මිලට ගැනීමට මුදල් සොයාගත හැක්කේ බැංකු සහ බැංකු හා සම්බන්ධ ප‍්‍රාථමික ගැනුම්කරුවන්ට පමණි. එසේ නොමැති නම් සෑම කෙනෙක්ම ඉල්ලා සිටින්නේ නිකුතුවෙන් 10%ක පමණ ප‍්‍රමාණයකි. ඔවුන් වැඩි අනුපාතයකට ලංසු තබන්නේ තමන්ට ලැබේයැ’යි බලා පොරොත්තුවෙන් නොවේ. මන්ද ගෙවන දිනයේදී මුදල් ලැබීම් ගැන බැංකු ප‍්‍රකාශන පෙන්නුම් කළ යුතු බැවිනි.

මේ අවස්ථාවේදී පර්පෙට‍්‍රවල් ටෙ‍්‍රෂරීස් ඉල්ලූම් කළ මුළු එකතුව කොපමණද? එය අතීතයේදී ඔවුන් සාමාන්‍යයෙන් ඉල්ලන ප‍්‍රමාණයට වඩා වැඩිද? කමිටුව මේ කරුණු පරීක්ෂා කළ යුතුය. ලංකා බැංකුවද පර්පෙට‍්‍රවල් ටෙ‍්‍රෂරීස් වෙනුවෙන් රුපියල් බිලියන 3ක ලංසු ඉදිරිපත් කළේය. මෙයද පරීක්ෂාවට ලක් කළ යුතුය.
ලංසු තැබීම සිදුවන්නේ වෙළෙඳපොළ භාවිතාව සහ මහ බැංකුවේ පෙළඹවීම් මතය. භාණ්ඩාගාරයට සීමාරහිතව මුදල් අවශ්‍ය වන අතර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව එය හොඳින් දනී. එහෙත් ණය ලබාගන්නා එකම ක‍්‍රමය භාණ්ඩාගාර බැඳුම්කර නොවේ. සෑම බදාදාම පවත්වන කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි ද වේ. භාණ්ඩාගාරයේ අත්තිකාරම් ප‍්‍රතිපාදන ලබාගැනීමටද මහ බැංකුවට බලය තිබේ. අවශ්‍ය නම් ලංකා බැංකුවේ ඞී.එස්.ටී. ගිණුමද අයිරා ගැන්විය හැකිය. එසේ නම් අතිරේක මුදල් අවශ්‍ය වූ නිසායැ’යි පවසමින් බැඳුම්කර නිකුතුවේ ප‍්‍රමාණය වැඩි කිරීම අවශ්‍ය නැත. මේ නිකුතුවට පසුවද මහ බැංකුව 12.5%ට අඩු නිකුතු කර ඇත. 15.03.2015 දින වෙන්දේසියේදී වසර 7, වසර 10, වසර 20 වෙන්දේසිවලින් රුපියල් බිලියන 75ක් මීට වඩා අඩු පොලියට ලබාගැනීමට බැංකුවට හැකිවී ඇත. කමිටුව මේ සියල්ල සමාලෝචනය කළ යුතුය.

භාණ්ඩාගාරය සඳහා මුදල් සොයාගැනීමේදී එය අඩු පොලී අනුපාතයකින් පවත්වා ගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව දැනුවත් විය යුතුය. සමහර දියුණු රටවල රාජ්‍ය ණය පාලනය කිරීම මහ බැංකුවෙන් පිට ස්වාධීන සමාගම්වලට දී ඇත. මහ බැංකුව මෙම කාර්යයන් සමග මූල්‍ය ප‍්‍රතිපත්තිය තීරණය කිරීම නිසා ප‍්‍රතිවිරෝධතා ඇතිවිය හැකිය. දියුණු රටවල ජාතික පාරිතෝෂික අරමුදල පවා කළමනාකරණය කරනු ලබන්නේ මහ බැංකුවට පිටස්තරවය. ආර්ථික වර්ධනය තිරසාරව පවත්වා ගැනීම සඳහා පුද්ගලික අංශයේ ආයෝජන යෙදවීම රජය අපේක්ෂා කරන බැවින් පොලී අනුපාත අඩු මට්ටමේ පවත්වා ගැනීමට රජය කැමති බව ප‍්‍රාථමික වෙළෙඳපොළ ගනු දෙනුකරුවන් දනිති. කෙටි කාලයක් තුළ පොලී අනුපාත ඉහළ නැංවීමට මහ බැංකුව අකමැති බව ඒ ගනුදෙනුකරුවන් දනිති. අපේක්ෂා කරන්නේ පොලී අනුපාත ක‍්‍රමික වර්ධනයකි.

ප‍්‍රාථමික වෙළෙඳපොළ ගනුදෙනුකරුවන් මහ බැංකුව විසින් බිහිකරනු ලැබූවන්ය. මෙය නිසගයෙන් වර්ධනය වන වෙළෙඳපොළක් නොවේ. කලින් සිටි බැංකු අධිපති ප‍්‍රාථමික ගනුදෙනුකරුවන් ඉහළ නැංවුවේ මහ බැංකුවට භාණ්ඩාගාර සුරැුකුම් ජනතාව අතට පත්කරවීමේ උපකරණයක් ලෙසිනි. ඒ අනුව ප‍්‍රාථමික ගනුදෙනුකරුවන්ට අලාභ සිදුකර වෙළෙඳපොළට හානිකිරීමට මහ බැංකුව අපේක්ෂා නොකරයි. එහෙත් ප‍්‍රාථමික ගනුදෙනුකරුවන් පවසන්නේ අලූත් ක‍්‍රමය යටතේ ඔවුන්ට දිගටම පාඩු සිදුවෙමින් පවතින බවය.

බැඳුම්කරවල පොලී අනුපාත සහ බැඳුම්කර මිල අතර අනුක‍්‍රමික සම්බන්ධතාවක් තිබේ. අලූත් නිකුතුවල පොලී අනුපාත වැඩිවන විට වෙළෙඳපොළේ බැඳුම්කර මිල අඩුවේ. එහෙත් පෙර පැවති මිලවලට ගත් බැඳුම්කර ප‍්‍රාථමික ගැනුම්කරුවන් සතුව තිබේ. ඒවා ඔවුන් ජනතාවට අලෙවි කරති. ඒ අනුව පොලී අනුපාත අඩුව තිබෙන විටද බැඳුම්කර මිල වැඩිවිය හැකිය. අලූත් නිකුතුවලදී මහ බැංකුව පොලී අනුපාත වැඩිකරන විට ප‍්‍රාථමික ගනුදෙනු කරුවන්ට තමන් සතුව ඇති බැඳුම්කරවලින් පාඩු විඳීමට සිදුවේ. ඒ පාඩු කොපමණදැ’යි කමිටුව සොයා බැලිය යුතුය.

පොලිය සඳහා කල් පිරෙනතුරු තබාගන සිටින දිගුකාලීන බැඳුම්කර තබාගන සිටින ගැනුම් කරුවන්ට මෙම පාඩු දැනෙන්නේ නැත. ඔවුන් ඒවා තබාගන්නේ විකිණීමට නොවන බැවිනි. එහෙත් ද්විතීය වෙළෙඳපොළේ මිල වැටෙන විට ප‍්‍රාථමික ගැනුම්කරුවන්ට හා බ්‍රෝකර්වරුන්ට පාඩු සිදුවේ. ඔවුන් තම බැඳුම්කරවලින් කොටසක් විකුණා ඒවා අලූත් බැඳුම්කරවල ආයෝජන කරති. මහ බැංකුව විසින් තමන් පත් කරන ලද මේ තත්ත්වය මත නොසතුටට පත්වේ.

මාස්ටර් පර්පෙට‍්‍රවල් ඉන්වෙස්ට්මන්ට් තවත් ප‍්‍රාථමික ගනුදෙනුකරුවෙකි. ප‍්‍රාථමික ගැනුම්කරුවන් කටයුතු කරන්නේ මහ බැංකුව අනුපාත විශාල ලෙස වැඩි කිරීමට කැමති නොවන බව දැනගනය. අලූත් නිකුතුවට ලංසු තැබීමේදී ඔවුන් යොදාගන්නේ එම තොරතුරු දැනුමයි. එහෙත් ඔවුන් 11.25% සිට 12.50% දක්වා අනුපාතයට ලංසු තබා තිබේ. ඒවා භාරගනිතැ’යි ඔවුන් අපේක්ෂා කළේද? පර්පෙට‍්‍රවල් ටෙ‍්‍රෂරීස්ටද මේ සඳහා මුදල් සපයා ගැනීමට මුලින් ගත් ඒවා විකිණීමට සිදුවන්නට ඇත. පසුගිය සතියේ වසර 5-10 බැඳුම්කර පවතින මිලට විකිණෙන බවට ආරංචි පසුගිය සතියේ පැතිර තිබිණයැ’යි එක් රචකයෙක් පවසා ඇත. ‘ඒවා විකිණනු ලබන්නේ බැංකු අධිපතිගේ බෑණා වූ අර්ජුනගේ සමාගමෙන් බවද කියැවිණ. ඒ අනුව වසර 30 බැඳුම්කර සඳහා ඔහු 12.5% පොලියට ආයෝජන කර ඇත්තේ ඇතුළින් ලැබුණු තොරතුරක් අනුවය.’

බැඳුම්කර නිකුතුවෙන් පසුව පර්පෙට‍්‍රවල් ටෙ‍්‍රෂරීස් විකුණුම් කළේදැ’යි කමිටුව සොයා බැලිය යුතුය. ඔවුන්ගේ අඩු පොලී බැඳුම්කර සහ ඉදිරි වෙළෙඳපොළ පවා විකුණනු ලැබූ බව ග්‍රෙප්වයින් පවසයි. මෙය සැකයට තුඩු දෙන්නකි. කමිටුව මේ ගනුදෙනු සහ ලංකා බැංකුව ඔවුන් හා ඇති කරගත් එකඟතාව පරීක්ෂා කළ යුතුය. අනෙකුත් ප‍්‍රාථමික ගැනුම්කරුවන්ට අනුව පර්පෙට‍්‍රවල් ටෙ‍්‍රෂරීස් මේ එකම ගනුදෙනුවෙන් රුපියල් මිලියන 200ක් ලාභ ලබා තිබේ. මෙම වෙළෙඳපොළේ එක් ගනුදෙනුකරුවකුගේ ලාභය අනෙකුන්ගේ පාඩුවකි. කොටස් වෙළෙඳපොළේ තත්ත්වය එසේමයි. අභ්‍යන්තර තොරතුරු හෙළිකිරීම අපරාධයක් වන්නේ මේ අනුවය.
ප‍්‍රාථමික වෙළෙඳපොළ ගනුදෙනුකරුවන් පත් කරන්නේද බලපත‍්‍ර දෙන්නේද පරීක්ෂා කරන්නේද මහ බැංකුව විසිනි. ඇතුළතින් තොරතුරු දීමක් ඇත්නම් එය සෙවීම බලධාරීන්ගේ යුතුකමකි. මහ බැංකුව බැංකු නොවන ගනුදෙනුකරුවන්ගේ ධාරිතාව දත යුතුය. බැඳුම්කර ලබාදිය යුත්තේ ඒ අනුවය. දිගුකාලීන බැඳුම්කරවල පොලී අනුපාත මෙතරම් විශාල සංඛ්‍යාවකින් වැඩි කිරීම සිතාගත නොහැක්කකි.

මහ බැංකුවට කෙටි කාලීන පොලී අනුපාත මිස දිගුකාලීන අනුපාත පාලනය කළ නොහැකි බවට ආර්ථිකඥයෝ එකඟ වෙති. බැංකුව වෙළෙඳපොළට දී ඇත්තේ වැරදි සංඥාය. මහ බැංකුව වෙනස් ලෙසින් කරන ලද මේ ක‍්‍රියාව සමස්ත පොලී ව්‍යුහයන් කෙරෙහිත් පුද්ගලික අංශ ආයෝජනය කෙරෙහිත් බලපා ඇත. රජයටද මෙමගින් අනවශ්‍ය බරක් පැටවී ඇත.

වෙන්දේසි නිසි ලෙස කළේ නම් මහ බැංකුවට මීට අඩු අනුපාතයකට වසරේ අරමුදල් සපයා ගැනීමට හැකිවන අතර ඉදිරියේ බිල් අනුපාත වැඩිවීමද වළක්වා ගැනීමට තිබිණ. මින් සිදුවුණේ රජයට දිගුකාලීන මෙන්ම කෙටිකාලීන මුදල් සපයා ගැනීමට වැඩිපුර ගෙවීමට සිදුවීමය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;