ජාතික ආණ්ඩුව ජනාධිපතිවරණය පාවාදීමක්

සුමනසිරි ලියනගේ
පරිවර්තනය – හේමන්ත රණවීර

අන්තිමට සිනාසෙන්නා හොඳමට සිනාසෙයි’ ස්පිනෝසා වරෙක පැවසීය. ජනවාරි 8දා මහින්ද රාජපක්ෂ එළවා දැමීමට ඡුන්දය දුන් ජනතාව තමන්ගේ ජයග‍්‍රහණය ගැන උද්දාම වන්නට ඇත. එහෙත් විවිධාකාර දින 100 පසු වන්නටද පෙරම ඔවුන්ගෙන් බොහෝ දෙනකුට වෙනස් මායාවකැයි සිතෙනු ඇත. කැබිනට් ඇමතිවරු ගණන 44 වැඩි කරමින් අලූත් ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු දිව්රුම් දුන්හ. මේ සියල්ල එකතු කළ විට මහින්ද රජයේ ඇමතිවරුන්ගේ ගණනට කිට්ටු වනු ඇත. ශ‍්‍රීලනි පාක්ෂිකයන් 26 ඇමතිවරු ලෙස දිව්රුම් දුන් පසුව සංඛ්‍යාව 77 වී ඇතැයි ද අයිලන්ඞ් වාර්තා කරයි. මෛත‍්‍රී, රනිල් යුගයද, මහින්ද යුගයට වෙනස් නැත. යුද්ධයේ උච්චතම අවධියේවත් මේ රටේ ජාතික ආණ්ඩුවක් තිබුණේ නැත. සුනාමි ව්‍යසනය කාලයේද තිබුණේ නැත. එහෙනම් දැන් මොකටදැයි කෙනකුට ඇසිය හැකිය. ඊට පෙර කරුණු 2ක් මතුකළ යුතුය. ජනවාරි 8දා මෛත‍්‍රීපාලට ඡුන්දය දුන් බොහෝ දෙනා අද කළකිරී සිටිති. මෛත‍්‍රී රනිල් රජය පෙන්නුම් කර ඇත්තේ දේශපාලන නොහැකියාව ආර්ථික බෙලහීනතාව හා පරිපාලන අසමත්කමත්ය. ඒ අනුව මෛත‍්‍රීපාල මැතිවරණ වේදිකාවේ දුන් පොරොන්දු ඉටුකළ නොහැක. සිවිල් සමාජයේ ඉහළ සිටින වෘත්තිකයන් මෙම පාලනයට මහින්ද පාලනය වෙනස් වෙතැයි සිතුවත් එය එසේ නොවන බව දැන් පැහැදිලිය. මෙය හොඳින්ම පැහැදිලි වන්නේ පිහිට වූ ජාතික රජය කියාගන්න අය දෙස බැලූ විටය.

දෙවනුව මහින්ද ආණ්ඩුවේ ස්වභාවය හා තාක්ෂණය හා ආණ්ඩු කළ ස්වභාවය අවබෝධ කරගත යුතුය. වැදගත් ලක්ෂණ 2ක් පමණක් ඉදිරිපත් කරමි. මහින්ද රාජපක්ෂ ප‍්‍රිය කළේ බහුධ‍්‍රැව හෝ ද්විධ‍්‍රැව තත්ත්වයකට වඩා තනිධ‍්‍රැව පාලනයකටය. ඔහු විපක්ෂය කුඩුකර දැමුවේ නැත. ඔහු පැවසුවේ ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතු බවය. ඔහු විපක්ෂය කැරට් අලය මෙන්ම දණ්ඩද දිගු කළේය. විපක්ෂය දුර්වල කිරීමට ඔහු විපක්ෂ සාමාජිකයන් තම කැබිනට්ටුවට ගත්තේය. ඇතැම්විට විපක්ෂ නායකයා සමග කෝපි බිව්වේය. පැවති ද්විපක්ෂ ක‍්‍රමය ඔහුට කරදරයක් නොවීය. මේ පාලන ක‍්‍රමය නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති හා ගැළපුණේය.

මෛත‍්‍රීපාල අපේක්ෂකත්වය ආකර්ශනීය වීමට බල පෑ ප‍්‍රධාන කරුණු 3කි. 1. ආර්ථික දුෂ්කරතාවලින් මිදීම. 2.ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබාදීම. 3.යහපාලනය ඒවා වේ. මේ කරුණු 3 සමාජයේ විවිධ කොටස් තේරුම් ගත්තේ වෙනස් ආකාරයකට බව කිය යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ප‍්‍රජාතන්ත‍්‍රීකරණය යන්න උතුරේ අභ්‍යන්තර අවතැන් වූවන් තේරුම් ගත්තේ් දකුණේ සිවිල් සමාජවලට වෙනස් ආකාරයකටය. දින 100 හෝ දින 180 කැලැන්ඩරය සකස් කිරීමේදී නව ලිබරල් ආර්ථික රාමුව තුළ මේ කරුණු 3 සම්පූර්ණ කළ නොහැකිය. මෛත‍්‍රී, රනිල් පාලනයේ පන්ති දැක්ම විකල්ප ආර්ථික රාමුවක් ඇතිකිරීමට සමත් නොවීය. ඔවුන්ද රැුඳීමට යන්නේ පුද්ගලික අංශයෙන් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ගන්නා ණය මතය. මෙම ආණ්ඩුව රාජ්‍ය මූල්‍ය විනයක් නොපෙන්වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය ණය ලබා නොදීමට අනතුරු අඟවා ඇත.
ජාතික ආණ්ඩුව යැයි කියාගන්නා පාලනයද තමන් ගෙනියන්නේ කුමන ප‍්‍රතිපත්ති දැයි පෙන්නුම් කර ඇත. මහින්ද පාලනය විපක්ෂය දුර්වල කළ අතර මෛත‍්‍රීපාල, රනිල් පාලනය විපක්ෂය රජය පැත්තට ගෙන ඇත. ජනාධිපතිි හා අගමැති සුබ හා යස වැනිය. අගමැති හා විපක්්ෂ නායක දෙදෙනාම පත් කරන්නේ ජනාධිපති යැයි 19 සංශෝධනයට ඇතුළත් කිරීම කාලෝචිතය. ඇමති රාජිත සේනාරත්න අප දැනුවත් කරන ලෙසට ශ‍්‍රීලනිප හා එජාපය මහමැතිවරණයේදී එකිනෙකා තරඟ කර පසුව ජාතික රජයක් ඇතිකර ගනු ඇත. ඔවුන්ට ඕනෑ ලෙස ආණ්ඩු පක්ෂය හා විපක්ෂය සකස් කරගනු ඇත. මේ අනුව මොවුන්ද ඒක පාක්ෂික පාලනයක් සඳහා යනු ඇත.
මේ කියන ජාතික ආණ්ඩුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යහපාලනය හා දුප්පතුන්ට සහන ලැබේද? මෙය පසුගිය ආණ්ඩුවේ දේශපාලකයන් කළ හොරකම් වංචා සඟවා අලූතින් පත්වන එජාප පාලකයන්ට සොරකම් වංචා කිරීමට ඉඩ සැලැස්වීමකැයි ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති පවසන දේ ඉතා නිවැරදිය. ජනාධිපති පාලනයට වඩා කැබිනට් පාලන ක‍්‍රමය හොඳ යයි කියන්නේ එයින් ඒක පුද්ගල පාලනයට බහුවාදී වන බැවිනි. කණ්ඩායම් දේශපාලනයට නැති ස්වාධීන මන්ත‍්‍රීවරුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අවශ්‍යය. 1978 ව්‍යවස්ථාවෙන් ඒ හොඳ ලක්ෂණ ඉවත් කරන ලදී. ජේආර් ට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබූ අතර අනුප‍්‍රාප්තික ආර්. පේ‍්‍රමදාස එය ලබාගන්නේ ඇමති පදවි දීමෙනි. මෛත‍්‍රීපාල සිරිසේන රජය විපක්ෂය තම යටතට ගැනීමේ ව්‍යවස්ථාව පමණක් නොව ශ‍්‍රීලනිප ව්‍යවස්ථාවද යොදා ගනී. ජාතික ආණ්ඩුව මේ නව ලිබරල් පාලනයක් ඇතිකිරීමේ නිරුවත් වෑයමකි.

මේ ජාතික ආණ්ඩුව ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසුව ව්‍යාපාරික ප‍්‍රජාව සතුටට පත්විය. ඉන් ආර්ථිකයට වෙළඳපොළ මූලාශ‍්‍ර පණ ගැන්වෙනු ඇතැයි සිලෝන් ෆිනෑන්ස් ටුස් වාර්තා කරයි. අත්‍යවශ්‍ය විදේශ ආයෝජන ලබාගැනීමට හැකි දේශපාලන ස්ථාවරභාවයක් ඉන් ඇතිවෙන බවද පැවසේ.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;